බැසට්~හවුන්ඩ්-Basset Hound

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැසට්~හවුන්ඩ්-Basset Hound

    bassethoundsf1.jpg


    වැඩිපුර අපේ රටේ ෆේමස් නැති , අපේ රටේ ටික දෙනෙක් ගාව ඉන්න ඒත් ලෝකේ ගොඩක් රටවල් වල ගොඩක් ෆේමස් බ්‍රීඩ් එකක් වන බැසට් හවුන්ඩ් ගැනයි අද මේ ත්‍රේඩ් එක දාන්නේ මම.
    ගෙදර පොඩි ලමයි ඉන්නවා නම් , ගෙදර වෙනත් බල්ලෝ , වෙනත් සත්තු ඉන්නවානම් බැසට් හවුන්ඩ් කියන්නේ ගෙදරකට හුරතලේට හදන්න හොද බ්‍රීඩ් එකක් මොකද කිව්වොත් මෙයාලා ආසයි පොඩි ලමයි එක්ක සෙල්ලම් කරන්න , වෙන බල්ලෝ එක්ක සෙල්ලම් කරන්න , වෙන සත්තු එක්ක යාලු වෙලා දග වැඩ කරන්න.
    ආරක්ශාව කියන දේ නම් බැසට් හවුන්ඩ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් මොකද කිව්වොත් අදුරන් නැති අය එක්ක උනත් මෙයාලා ඉක්මණටම යාලු වෙලා හුරතල් වෙන්න ආස බ්‍රීඩ් එකක් නිසා.
    බැසට් හවුන්ඩ් අයගේ නහයට මොනාහරි තදින් ඉවක් දැනුනොත් මෙයාලා ඒ ඉව පස්සේ ඉව අල්ල අල්ල යන්න පටන් ගන්නවා කොච්චර අසීරු දෙයක් උනත් ඒ ඉව පස්සේ යන එක.
    ඒ නිසා බැසට් හවුන්ඩ් කෙනෙක්ව හදනවානම් ගොඩක් සැලකිල්ලෙන් ඉන්න ඕන මෙයාලා කොහෙද යන්නේ කියලා බලාගෙන.
    මොන කරදරේක වැටුනත් මෙයාලට ඕන නහයට දැනිච්ච ඉව හොයාගෙන යන්නමයි.
    ඒ ඉව හොයන් යනකම් මෙයාලට සැනසිල්ලක් නැති තරම්.
    බැසට් හවුන්ඩ් අයටම තමයි සමහරු හශ් පපි ඩෝග් ( Hush Puppy dog ) කියලා කතා කරන්නෙත්.

    lemon-basset-hound_971b72cb10c24432.jpg


    මේ අයගේ පොඩි කාලේ පැත්තට ඔලුව දාලා එමු අපි දැන්.
    කොහොමද අහින්සක හුරතල් පාට පොඩි බැසට් හවුන්ඩ් පැටියෙක්ගේ?
    :love::love:
    හුරතල් , අහින්සක උනාට මේ අය පොඩි කාලේ ඉදන්ම ටිකක් පණ්ඩිත බ්‍රීඩ් එකක්.

    බැසට් හවුන්ඩ් කියන්නේ පොඩි පැටියා කාලේ ඉදන්ම ගොඩක් හොදට බලාගන්න ඕන බ්‍රීඩ් එකක් මොකද කිව්වොත් හිතට දැනෙන ඉවක් හම්බුනොත් ඒ ඉව පස්සෙන් පොඩි කාලේ ඉදන්ම එලවන් යන නිසා අනිසි කරදර වල පැටලෙන්න තියන සම්භාවිතාව වැඩියි මේ අයව.
    ගෙදර කාත් එක්කහරි හැම වෙලාවේම ඉන්න ආසයි මේ අය පොඩි කාලේ ඉදන්ම.
    තනියෙන් ඉන්න ආස බ්‍රීඩ් එකක් නෙවෙයි බැසට් හවුන්ඩ් කියන්නේ පැටියා කාලේ ඉදන්ම.
    තනිකමක් දැනුනොත් ගොඩක් සද්දෙට මෙයාලා උඩු බුරනවා පොඩි දවස් වල ඉදලම.
    ගෙදර අය එක්ක හුරතල් වෙවි , කාලය ගත කරන්න තියනවා නම් ආයේ වෙන මුකුත් ඕන නෑ බැසට් හවුන්ඩ් පැටියෙක්ට.
    ඉක්මනට හිත දිනා ගන්න දන්නවා බැසට් හවුන්ඩ් පැටව් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ.

    පොඩි කාලේදි ගොඩක් පණ්ඩිත වැඩ කරන්න හදනවා මේ අය.
    ඒ නිසා මෙයාලව පොඩි කාලේ ඉදන්ම හරියට දේවල් කියලා දීලා හදන්න වෙනවා.
    අපේ රටේදි KASL රෙජිස්ටර් කරපු බැසට් හවුන්ඩ් පැටියෙක්ව රු.55000.00 – රු.70000.00 අතර ගාණකට ගන්න පුලුවන්.
    බැසට් හවුන්ඩ් එකෙක්ව හොයාගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා මොකද කිව්වොත් අපේ රටේදි මෙයාලා සුලභ බ්‍රීඩ් එකක් නොවන නිසා.

    time-kHxE--621x414@LiveMint.jpg


    අතීතේ සීන් කෝන් ටික බලලා එමු .
    හරි නෑ නේ නැත්තම්.
    :yes:

    බැසට් හවුන්ඩ් අය මේ ලෝකෙට එන්නේ ප්‍රංශයෙන්.
    මෙයාලව අතීතයේ හැදුවේ ප්‍රංශයේ රදළ පැළැන්තියේ අය හුරතලේට.
    ප්‍රංශ විප්ලවයෙන් පස්සේ මේ අයව ගොඩක් දෙනා හදන්න ගත්තේ දඩයම් කටයුතු වලට.
    ගොඩක් වෙලාවට මෙයාලව යොදා ගත්තේ හාවෝ දඩයම් කරන්න.
    මෙයාලා කොට නිසා හාවෝ දඩයම් කරන්න ලේසි උනා බැසට් හවුන්ඩ් බල්ලන්ට.
    බැසට් හවුන්ඩ් අයව හැදුනේ මොන බ්‍රීඩ්ස් එකතු වෙලාද කියලා නම් හරියටම කවුරුවත් දන්නේ නෑ ඒත් බොහො දෙනා විශ්වාස කරන්නේ බැසට් හවුන්ඩ් අය පැවත එන්නේ සෙන් හියුබර්ට් හවුන්ඩ් ( St. Hubert Hound ) අයගෙන් කියලා තමයි විශ්වාස කරන්නේ.
    සෙන් හියුබර්ට් අයම තමයි වර්තමානයේ ලෝකයේ සිටින බ්ලඩ් හවුන්ඩ් ( Bloodhound ) කියන බ්‍රීඩ් එකටත් අඩිතාලම දැම්මේ.

    ප්‍රංශ භාශාවෙන් බැසට් කියන්නේ උස නැති කියන අර්ථයයි.
    හවුන්ඩ් කියන්නේ දඩයම් බල්ලා කියන එකයි.
    බැසට් හවුන්ඩ් කියන්නේ උස නැති දඩයම් බල්ලා අර්ථයයි.


    සෙන් හියුබර්ට් හවුන්ඩ්
    St. Hubert Hound
    la_Venerie_1585_02.jpg


    බ්ලඩ් හවුන්ඩ්
    Bloodhound

    Bloodhound-2.jpg


    මෙයාලගේ විස්තර තවදුරටත් බලමු අපි මොනාද මොනාද තියෙන්නේ කියලා.
    මෙයාලාගේ පාටවල් ගාණක්ම තියනවා.
    මෙන්න මේවා තමා ඒ පාටවල්.

    Brown & White
    BassetHound_profil.jpg

    Red & White
    basset-hound.jpg

    Lemon & White
    bassethound_echelbarger.jpg

    Tri-Color
    IMG_1114.jpg

    Black & White
    90

    Black & Brown
    6dd17280b4ff2bdbae63f135d8cec3d7.jpg

    බැසට් හවුන්ඩ් අයට තියෙන්නේ ශෝර්ට් ෆර් එකක්.
    ඒ නිසා ගොඩක් ලොකුවට ෆර් එක ගැන හිතන්න ඕන නෑ.
    මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් උනත් සීතල , රස්නේ කියන කාලගුණ තත්ව දෙකටම ඔරොත්තු දීමේ හැකියාවක් බැසට් හවුන්ඩ් අයට තියනවා.
    ඒ නිසා සීතල පැත්තක , රස්නේ පැත්තක කියලා වෙනසක් නැතුව මෙයාලව අපේ රටේ හදන්න පුලුවන්.
    ජිවිතේ පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට මෙයාව අනුමත කරන්න බෑ මොකද කිව්වොත් මෙයාලාගේ හිතුවක්කාරකම නිසා මෙයාලව ට්‍රේන් කරන්න අමාරු වෙනවා.
    කොච්චර කියලා දුන්නත් පිට පනින්න බලන නිසා මෙයාලව ට්‍රේන් කරද්දි අපිට හොද ඉවසීමක් තියෙන්න ඕන.
    එහෙම නැත්තම් ට්‍රේන් කරන්න වෙන්නේ නෑ.
    එක්සර්සයිස් කියන දේ නම් ගොඩක් ලොකුවට ඕන නෑ මෙයාලට ඒත් එක්සර්සයිස් කියන දේ හැමදාම දෙන්න ඕන එසේ නොවුනහොත් ඕනවට වඩා මෙයාලව මහත් වෙන්න බලන නිසා.


    බල්ලෝ හදලා අත්දැකීම් තියන කෙනෙක්ට , ගෙදර පොඩි අය ඉන්නවානම් , වෙනත් බල්ලෝ , වෙනත් සත්තු ගෙදර ඉන්නවානම් බැසට් හවුන්ඩ් කියන්නේ හුරතලේට හදන්න පුලුවන් ගොඩක් හොද බ්‍රීඩ් එකක් දවසම උනත් සෙල්ලමින් කාලය ගත කරන්න කැමති අයට.
    කිරියේ සාමාජිකයෙක් බැසට් හවුන්ඩ් ගැන දාන්න කිව්ව නිසා දැම්මේ.
    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    එහෙනම් ජය වේවා.
    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
    ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
    මෙන්න ඒ අය වෙනුවෙන්.



    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    Siberian~හස්කි

    http://www.elakiri.com/forum/showthread.php?t=1752550

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    රොට්වයලර්~Rottweiler

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩොබමන්~Doberman

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    http://www.elakiri.com/forum/showthread.php?t=1753706

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    http://www.elakiri.com/forum/showthread.php?t=1754176

    රිඩ්ජ්බැක්~Ridgeback

    http://www.elakiri.com/forum/showthread.php?t=1754396

    පොමරේනියන්~Pomeranian

    http://www.elakiri.com/forum/showthread.php?t=1755102

    ග්‍රේට්~ඩේන්_Great Dane

    http://www.elakiri.com/forum/showthread.php?t=1756192

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1756877

    බෝඩර්~කොලි_Border Collie

    http://www.elakiri.com/forum/showthr...4#post20566374

    ඩැක්ස්හන්ඩ්~Dachshund

    http://www.elakiri.com/forum/showthread.php?t=1758735

    ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1759730

    කොමොන්ඩෝර්~Komondor

    http://www.elakiri.com/forum/showthread.php?t=1765266

    අකිටා~Akita

    http://www.elakiri.com/forum/showthread.php?t=1772565

    බල්ලෝ~හදමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1755472

    German Shepherd~මම

    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    බල්ලන්ගේ~ලෝම

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    බල්ලට~බෙහෙත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1750772

    හපන~බල්ලෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751116


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,479
    16,274
    113
    කාලෙකින් බව්වෙක් :D වෙනදා වගේම හොද පොස්ට් එකක්. :yes: thanks.
    You must spread some Reputation around before giving it to akilar25 again.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලෙකින් බව්වෝ ගැන ත්‍රෙඩ් එකක්. :)
    එල එල මචං. මේ කියනකන් මේ බ්‍රීඩ් එක ගැන දැනගන හිටියෙ නෑ.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුන් දැක්කම සිරසේ ගිය කාටුන් එකක් මතක් උනා. අර තාත්තයි පුතයි:P:P
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අඩෝ මොඩ්ල් එක දැකල තිබ්බට නම දන්නේ අද නෙව...:lol::lol:
    ටොම් & ජෙරී එකේ ආතල් බුලට් 2කක් හිටිය වගේ මතකි මේ ජාතියේ:rolleyes::rolleyes:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    tv 1n arehe mehe dakala thibbata adamai nama dana gatthe :D

    ade munge kan wala loku balapanko. bima gawenda onna menna :confused: