මීවනපලානේ හිමි කාමය වරදවා හැසිරී අසුවීලු

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මීවනපලානේ හිමි කාමය වරදවා හැසිරී අසුවීලු

මීවනපලානේ පචෝරිස් හිමි ස්වකීය ධර්මයට අනුව කාමය වරදවා හැසිරී අසුවීම



ඉහත දැක්වෙන වීඩියෝවේ මීවනපලානේ පචෝරිස් හිමි මෙසේ පවසා ඇති අයුරු දකින්න පුළුවන්:

"දැන් මේ ඇඟිලි පහක් තියෙනවානේ. ඇඟිලි පහෙන් එකක් හරි වැරදුනොත් බැහැ. ඒ නිසා පහම උපකාර කරගන්න ඕනෑ අපිට යමක් අල්ලන්න. ඒ වගේ තමා මේ සිල් පද පහක්ම දුන්නේ මොකද? ඔය පහම එකක් කැඩෙන නිසා කැඩෙනවා. නැත්නම් එකක් කැඩුනොත් පහම වැටෙනවා. ඉතින් ඒක නිසා හොදට තේරුම් ගන්න ඕනෑ ඔය සිල් පද ඒකක් හරි කැඩෙනවා නම් කොයික හරි සිල් පද පහම වැටෙනවා. හරියට සංවරත්වයේ ඉන්නවා නම් ඉන්ද්‍රීය සංවරත්වයේ ඉන්නවා නම් සිල් පද පහම වැටෙනවා."

වැඩි විස්තර: මීවනපලානේ පචෝරිස් හිමි පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි සාවද්‍ය කරුණක් දෙසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

පචෝරිස් හිමිගේ ඒ බූරු ධර්මයට අනුව මුසාවක් කිව්වොත් කාමය වරදවා හැසිරීමකුත් වෙන්ඩ ඕනෑ.

දැන් මේ වීඩියෝව බලමු:



එම වීඩියෝවේ විනාඩි 30න් පමණ ඉදිරියට මීවනපලානේ පචෝරිස් හිමි පහත දැක්වෙන මුසා දෙසීමේ යෙදෙන අයුරු දකින්න පුළුවන්:

"මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘතග්ජන මිනිස්සු පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමිවරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට."

වැඩි විස්තර: මීවනපලානේ පචෝරිස් හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම
http://www.elakiri.com/forum/showthread.php?t=1805721

ඉතින් පළමු වීඩියෝවේ පංච ශික්ෂාපද අරභයා පවසා තිබූ "එකක් කැඩුනොත් පහම වැටෙනවා" යන බූරු ධර්මයට අනුව දෙවන වීඩියෝවෙන් මීවනපලානේ පචෝරිස් හිමි කාමය වරදවා හැසිරෙන ආකාරය ද දැක්වේ යැයි කියන්න පුළුවන්.

ඕන්න ඔහොමයි මීවනපලානේ පචෝරිස් හිමි ස්වකීය ධර්මයට අනුව කාමය වරදවා හැසිරී අසුවෙන්නේ.

Skylark
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    43,336
    1
    57,387
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්කෙනෙක් බුද්ධ ධර්මය තේරුම් අරන් ඉන්න විදිහට නෙවෙයි තව කෙනෙක් තේරුම් ගන්නෙ. හැමෝම හිතන්නෙ තමන් හරි කියල.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘථග්ජන මිනිස්සු, පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමි වරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට.

    https://www.youtube.com/watch?v=-f1BCNbTgYs
    ගිහි ජීවිතේදී නොයෙක් විදිහට කල් ගතකරපු මහානාම ශාක්‍ය රජු වගේ පුද්ගලයින් විසින් "නොයෙක් විදිහට වාසය කරන අප කුමන අයුරකින් වාසය කළ යුතුද?" යනුවෙන් බුදු රජාණන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර විදිහට තමයි බුදු රජාණන්වහන්සේ දේවතා අනුස්සතිය ඇතුලු අනුස්සති හයක් දේශනා කළේ. එහිදී මහානාම ශාක්‍යයා අහන්නේ නිවන් අවබෝධ කරගන්නේ කෙසේද කියල නෙවෙයි. එමනිසා ගිහි ජීවිතයේ ඉන්න කුල පුත්‍රයෙක් හටත් වැඩීමට සුදුසුවන අනුස්සති හයක් බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා.

    වහන්ස, නානා විහරණයෙන් වසන එ අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වේ දැයි.

    මහානාමයෙනි, මැනැව, මැනැව, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ ‘වහන්ස, නානාවිහරණයෙන් වසන අප විසින් කවර නම් විහරණයෙකින් විසිය යුතු වේ දැ’යි පුළුවුස්නවු නම්, මහනාමයෙකි, තෙල කරුණ කුලපුත් වන තොපට නිසි වේ මැ ය.

    ...

    තවද මහානාමයෙනි, තෙපි “චාතුර්‍මහාරාජික දෙවියෝ ඇත, තාවතිංස දෙවියෝ ඇත, යාමදෙවියෝ දෙවියෝ ඇත, නිර්‍මාණරති දෙවියෝ ඇත, පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත, බ්‍ර‍හ්මකායික දෙවියෝ ඇත, ඉන් මතුයෙහිදු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍ර‍ද්ධායෙකින් සමන්වාගත එ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍ර‍ද්ධායෙක් විද්‍යාමාන ය. යම් බඳු ශීලයෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු සිල් විද්‍යාමාන ය. යම් බඳු ශ්‍රැතයෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රැතයෙක් විද්‍යාමාන ය. යම් බඳු ත්‍යාගයෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ත්‍යාගයෙක් විද්‍යාමාන ය. යම්බඳු ප්‍ර‍ඥායෙකින් සමන්වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන ය”යි දේවතාවන් අනුස්මරණය කරන්නාව යි.

    මහානාමයෙනි, යම්කලෙක අරීසවු තමන්ගේ ඒ දේවතාවන්ගේ ද ශ්‍ර‍ද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍ර‍ඥා හා සිහි කෙරේ නම් එකල්හි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො මැ වේ, ද්වේෂයෙන් මැඩුණු සිත් නො මැ වේ, මෝහයෙන් මැඩුණු සිත් නො මැ වේ. එ සමයෙහි ඔහුගේ සිත දෙවියන් ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජු සිත් ඇති අරීසවු අර්ථවේදය ලබනේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේ ය. ප්‍ර‍මුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමනස් ඇතියහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුඛ ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍ර‍ජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද දුක් සහිත ප්‍ර‍ජායෙහි නිදුක් ව වෙසේ යයි ද ධර්‍මස්‍රොතයට පැමිණියේ දේවතානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබෙ යි.

    මහානාම සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/581?s=10301
    නැවත නන්දිය සූත්‍රයේද වෙනස් අයුරකින් දේවතානුස්සතිය ගැන සඳහන් වෙනවා.

    තවද නන්දියෙනි, තෙපි යම් ඒ දේවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම අන්‍යතර මනොමය කයකට එළඹියාහු නම් ඔවුහු තමන් කරණී නො ම දක්නා හ. කෘතයාගේ හෝ නැවත කිරීමක් නො දක්නාහයි දේවතාවන් සිහි කරව.

    නන්දියෙනි,යම් පරිදි අසමයවිමුක්ත (=ඛීණාසව) මහණෙක් තමන් කරණී වේවයි කෘතයාගේ නැවත කිරීමක් වේවයි නො දක්නේ ද, නන්‍දියෙනි, එපරිද්දෙන් ම යම් ඒ දෙවතා කෙනෙක් කබලිඞ්කාරාහාරභක්ෂක දෙවියන්ගේ සහවාසය ඉක්ම පියා අන්‍යතර මනොමය කායකට එළඹියාහු නම් එ දේවතාවෝ තමන් කරණී හෝ කෘතයාගේ නැවත කිරීමත් හෝ නො දක්නා හ. නන්‍දියෙනි, මෙසේ ම තොප විසින් දේවතාවන් ඇරබ අධ්‍යාත්මයෙහි සිහි එළැවිය යුතු. නන්දියෙනි, මෙ එකොළොස් දහමින් සමන්වාගත අරීසවු ලමු අකුසල් දහම් හරණේ ම ය. උපාදාන විසින් නො ගන්නේ ම ය.

    නන්දිය සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/581?s=10303
    නමුත් බුදු රජාණන්වහන්සේ ද්‌වයතානුපස්‌සනා සූත්‍රය දේශනා කරන්නේ භික්ෂූ සංඝයාට නිවන උදෙසාමයි. ඒ අයුරින්ම දේශනාව අවසානයේදී ස්වාමීන්වහන්සේලා සැට නමක් පමණ අරහත්වයට පත් වෙනවා.

    මහණෙනි, අනවද්‍ය වූ ආර්‍ය්‍යවූ නිර්යාණයට හිතවැ වැටෙන (අර්හත්‍ව සඞ්ඛ්‍යාත) සම්බොධිය එළවනසුලු යම් (සප්තත්‍රිංශද්බෝධිපාක්ෂික නොහොත් පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත) ධර්ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ සම්බෝධියට පමුණුවනසුලු එ ධර්මය අසනු තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්දැ’යි (කුමට තෙපි ඒ දහම් අසවු දැ යි) මහණෙනි, මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, ඔහු මෙසේ (ප්‍ර‍ත්ත්‍යුත්තරමුඛයෙන්) කියැයුතු වන්නාහ: (ලෞකික-ලෝකෝත්තර විසින්) ද්විවිධ කොට දක්වනලද ධර්මයන්ගේ ම යථාභූත (අවිපරීත) ඥානය සඳහා”යි.

    ...

    භාග්‍යවතුන් වහන්සේ මෙ ද්වයතානුපස්සනා සූත්‍ර‍ය වදාළ සේක. සතුටු සිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ: වැලි මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙණ ආස්‍ර‍වයන්ගෙන් මිදුනාහ යි.

    ද්‌වයතානුපස්‌සනා සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/610?s=21157
    බුදු රජාණන්වහන්සේගේ දස අනුස්සති පිළිබඳ දේශනාව ඇත්තේ අංගුත්තර නිකායේ එකක නිපාතයේ එක ධම්ම පාළියේ. එම දස අනුස්සතියත් සංඝයා වහන්සේට නිවන පිණිසම දේශනා කර වදාරණ ලද්දක්.

    මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරොධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධිය පිණිස නිර්වාණය පිණිස පවත්නේ ය.

    ...

    මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ එකාන්ත නිර්වෙදය පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: ධර්‍මානුස්මෘතිය යි. ... සඬ්ඝානුස්මෘතිය යි. ... ශීලානුස්මෘතිය යි. ... ත්‍යාගානුස්මෘතිය යි. ... දෙවතානුස්මෘතිය යි. ... ආනාපානස්මෘතිය යි. ... මරණානුස්මෘතිය යි. ... කායගතස්මෘතිය යි. ... උපශාමානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.

    අංගුත්තර නිකාය > එකක නිපාත > එක ධම්ම පාළි
    http://www.thripitakaya.org/tipitakaya/Index/175?s=21817
    මෙහි දේවතානුස්සති කියන වචනය පමණක් මිසක් මහානාම සූත්‍රයේ හෝ නන්දිය සූත්‍රයේ වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් ගැන විස්තරයක් දේශනා කොට ඒ අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දේශනා කර නැහැ.

    මහානාම සහ නන්දිය සූත්‍රයන් නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති බවත්,
    ද්වයතානුපස්සනා සූත්‍ර‍ය සහ එක ධම්ම පාළියේ දේශනාවන් අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති බවත් පැහැදිලියි.

    මහානාම සහ නන්දිය සූත්‍රවල වගේ චාතුම්මහාරාජික, තව්තිසා... මනෝමය කායික දෙවියන් අනුව සිහිය පිහිටුවන්න කියා බුදු රජාණන්වහන්සේ දස අනුස්සති දේශනාවේ පැහැදිලි කර නැති වුනත්,
    1950 ගණන් වල සකස් කළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේත්,
    එම ත්‍රිපිටකය සැකසීමට ඇතැම් අවස්ථාවල ගුරු කරගන්නට ඇති විශුද්ධිමාර්ගය කියන මධ්‍යකාලීනව විසූ බුද්ධඝෝෂ හිමි ලියපු පොතේත් කිසිම පදනමක් නැතිව දස අනුස්සතියට දේවතා අනුස්සතියක් ඇතුලත් කර තිබෙනවා.

    පළමු ධර්ම සංගායනාවේ එක අරමුණක් වුනේ එකම අරමුණක් කරා යන ධර්ම කොටස් එකම මාතෘකාවක් යටතට ගැනීම.


    බුදුරදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියෙ මල් එක මලසුනක සැලුවා සේ ඒ ඒ සත්ත්වයින් උදෙසා දෙසාලූ හෙයින්, දැන් මම ධර්ම සංගායනාවක් කරවනු කැමැති වෙමි. යනුවෙන්, ධර්මය විසිර පැවැති බැවින් ඒකරාශි කිරීමේ අරමුණින් මහා කාශ්‍යප මාහිමියන් විසින් ධර්ම සංගායනාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි.

    බුද්ධාගමේ ඉතිහාසය - විකිපීඩියා
    https://si.wikipedia.org/wiki/බුද්ධාගමේ_ඉතිහාසය
    නිවන් අවබෝධය පමණක්ම නොසොයන කුල පුත්‍රයන් උදෙසා දේශනා කර ඇති ධර්මයත්, අතිශයින්ම නිවන් අවබෝධය පිණිස සංඝයා වහන්සේ උදෙසා දේශනා කර ඇති ධර්මයත් එකම මාතෘකාවක් යටතට ගෙන ඇති 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයත්, විශුද්ධිමාර්ගයත් පළමු ධර්ම සංගායනාවේ අරමුණු ඉෂ්ට කරන්නේ නැති බව පැහැදිලියි. හැබැයි දස අනුස්සති දේශනාවේ සැබවින්ම තිබිය යුතු ද්වතා අනුස්සතිය මුලට කොම්බුවක් යොදා එය දේවතා අනුස්සතියක් කර නොගත්තානම් මේ අවුල ඇතිවන්නේ නැහැ.

    මේ අනුව මීවනපලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව පෙන්වා දෙන ද්වතා අනුස්සතිය ඇතුලත් දස අනුස්සති දේශනාව පරම සත්‍යයක්ම වෙනවා. උන්වහන්සේගේ සියලුම පරම සත්‍ය දේශනාවන් නිවන් පිණිසම පවතින බව නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා.

    2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට හෝ ඒ සකස් කළ ස්වාමීන්වහන්සේලා ගැනද නුවණෑත්තෝ විමසා බලා වටහාගනීවා, නිකරුණේ ගර්හා නොකරත්වා.
    bump