විශාදය - බලපාන ප්‍රධානතම කරුනු 6
යමෙක්ට දුක, තනිකම දැනීම සාමාන්‍යය දෙයක්. දිනකින් දෙකකින් එය මග හැරී යාවි. නමුත් යම්කිසි හෙතුවක් නිසා එම තත්වය දිගින් දිගටම තමුන්ගේ එදිනෙදා කටයුතු වලට බාධා කරනවානම්, නැතිනම් තමන්ටත් තමන් වටා සිටිනා අයටත් බාධා කරනවානම්, රිදවනවානම් එය විශාදය තත්වයක පෙරනිමිත්තක් විය හැක.
විශාදය තත්වයක් ඇතිවූ විට එය කුමක් නිසා ඇති වුනාද යන්න තේරුම්ගැනීමට අමාරුයි. මොකද සමහරවිට මෙය එක් හෙතුවක් නිසා නොවේ, විවිධ හේතු කිහිපයක එකතුවක් නිසා වෙන්න පුලුවන්. තමන් අතීත්යෙ මුහුන දුන් සිදුවීම්, වර්තමානයෙ මුහුන දෙන සිදුවීම්, නැතිනම් ඔබගේ ජාන පවා මෙයට හේතු විය හැකියි.
අපි මුලින්ම බලමු අද සමාජයේ මූලිකවම විශාදයට හේතු වන කරුනු 6 ක්... බලන්න ඔබටත් මේ ප්‍රශ්න තියනවද කියල..මෙතන නොකියවුන දෙයක් තියන්වනම් එකත් කොමෙන්ට් කරන්න.
1. නිදන්ගත (දිගුකාලීන ) මානසික ආතතිය.
මානසික ආතතිය සෑම දෙනාටම, ඕනෑම අවස්තාවක තියෙන්න පුලුවන්, කෙටිකාලීනව. මෙය සමහර අවස්තා වලදී වාසි සහගත වෙන්නත් පුලුවන් (සමහර අය කියනව අහල ඇතිනෙ "Stress නැතිනම් මට පාඩම් කරන්න බෑ, stress එන්න ඕන" කියල වගෙ දේවල් )
නමුත් මානසික ආතතිය දිගුකාලීනව තිබීම නම් හානිකරයි. මානසික ආතතිය විවිද හේතු නිසා එන්න පුලුවන්, අපි නොහිතන කුඩාම හේතුවක් නිසා උනත්.. එහෙනම් ඔබගේ විශාද තත්වයට හේතුව මානසික ආතතිය විය හැකියි.
අපි බලමු මානසික ආතතිය කොහොමද විශාදයට බලපාන්නේ කියලා විද්‍යාත්මකව.
මානසික ආතතිය ඇති විට අපගේ ආතතියට බලපාන හෝමෝනය (stress hormone) වන කෝටිසෝල් (Cortisol) [අධිවෘක්ක ග්‍රන්තියෙ නිපදවේ] මට්ටමේ වැඩි වීමක් සිදු වෙනවා. එමගින් තමුන්ගේ හැසිරීම, මනෝභාවයන් පාලනයට වගේම ආහාර රුචිය, නින්ද, ලිංගික හැගීම්,ශක්තිය වැනි ක්‍රියාවන්ටද යම්කිසි ආකාරයකින් උපකාරී වන, සෙරටොනින් (Serotonin) ඩොපමින් (Dopamin) වැනි රසායනික ද්‍රව්‍යය වල අඩු වීමක් සිදුවෙනවා. මෙය විශාදය තත්වයකට මුල පුරනවා
2. ණය.
මුදල් යනු අද සමාජයේ වැදගත්ම දෙයක් බවට සැකයක් නැහැ. නමුත් මුදල් අඩු කමට වඩා විශාදයට බලපන්නේ ණය වීමයි. පරීක්ශන මගින් පෙන්වන ආකාරයට ණය බර 10% කින් වැඩි වන විට විශාදය තත්වය 14% වනවා. විශේෂයෙන්ම වයස අවු. 50 වැඩි අයගේ බහුලයි.
3. පෙනුම (දුර්වල ශරීරය/ රූපය )
අද සමාජයේ විශාල වශයෙන් පිලිගන්නා දෙයක්, කාන්තවන් පමනක් නොව පිරිමින් පවා. සෑමවිටම තමන් වෙනත් අයෙකු සමග තමුන් ගේ පෙනුම සසදනවා, විශේශයෙන් රූපවහිනියේ, පත්තර, අන්තර්ජාලයේ දක්නට ලැබෙන රංගන ශිල්පීන්, ශිල්පිනියන් සමගයි. තමන්ගේ පෙනුම පිලිබදව සෘනාත්මක හැගීමක් ඇත්තන් බොහෝ විට විශාදය තත්වයකට මුහුන දේ. කාන්තාවන් මේ නිසා දිවි නසා ගැනීමට පව පෙලඹුනු අවස්තාද තිබෙනවා. දිවි නසා ගැනීම විශාදයේ අවසානම අදියරයි.
4. දික්කසාද/ අසාර්ථක සබදතා.
දික්කසාදය මනසික ආතතියට විශාල වශයෙන් බලපාන්නක්. අසාර්ථක සබදතා නිසා මනසික ආතතිය ඇතිවන්නෙ තමන් අනෙක මත යැපෙන මට්ටමට පත්වූ විටයි, අනෙකා නැතිව බැරි විට, එ කෙනා සමග ඇති සබදතාව අසාර්ථක වුවද කෙසේ හෝ සම්භන්දය රැක ගැනීමට තැත් කිරීමෙන් මානසික ආත්තිය හ විශාදය ඇති විය හැක.
5. වයස්ගත වීම.
වයස්ගත වීම සැමටම පොදු වුවත් අපෙ මනස එය පිලිගන්නා විදිහ එක් එක් අයට වෙනස්. වයස්ගත වන විට, ලෙඩ වීම, රූපය වැහැරීම, තමන්ගේ වැඩ කර ගැනීමෙ අපහසුව නිසා ඒ ගැන දිගින් දිගටම දුක්වීම විශාදයට මුල් වෙනවා.
6. ලගින්ම සිටි අයෙකුගේ මරණයක්.
ශෝකය නිසා විශාදය ඇතිවීම විශෙෂයෙන් කතා කලයුතු දෙයක් නොවේ.
අපි ඉහතින් කතා කල විශාදයට හේතු වන කරුනු 6න් එකක් හෝ ඔබ සියලු දෙනාම ජීවිතයේ යම්කිසි මොහොතක මුහුන දෙනව, එනම් මේ හේතු අපිට වලක්වන්න බැහැ. නමුත් එමගින් සිදුවන හානි වලක්වාගත හැකියි.
ඉතින් අපි එවා වලක්වාගන්න විදිය ගැනත් මම මෙයට ලැබෙන ප්‍රතිචාර අනුව කතා කරන්නම් මගෙ ඊලග ත්‍රෙඩ් එකෙන්. (Next thread - විශාදය 2 - මානසික විසදුම් 6 ක් )
හොදනම් රෙප් එකක් දීල යන්න.
ස්තූතියි... සුබ දවසක්
source - examinedexistence.com
විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6

My Previous threads
Last edited: