German ජර්මන් භාෂාව සිංහලෙන් (6)
Learn German With Chaani
--------------අලුතෙන් භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ ඒ තරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් අවශ්‍ය අවම කැපකිරීම වත් සිදුකරනවා නම් භාෂාවක් ඉගෙනගැනීම මහත් අසීරු කටයුත්තක් නෙමෙයි. අඩුම තරමින් දිනකට මිනිත්තු 30 වත් මේ වෙනුවෙන් කැපකරන්න. ඒ වගේම තමයි එදිනෙදා ඉගෙනගන්නා කිසිවක් අමතකව යන්න නොදියයුතුයි. ඒ නිසා පසුගිය පාඩම් නැවත නැවත අධ්‍යනය කරමින් සිහිපත් කරන්න.
German ජර්මන් භාෂාව සිංහලෙන් (1)
German ජර්මන් භාෂාව සිංහලෙන් (2)
German ජර්මන් භාෂාව සිංහලෙන් (3)
German ජර්මන් භාෂාව සිංහලෙන් (4)
German ජර්මන් භාෂාව සිංහලෙන් (5)
google translation tool යනු ජර්මන් වචන උච්චාරණය හැදෑරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් online උපාංගයක්. මෙමඟින් ඔබට ඕනෑම භාෂා දෙකක් අතර සරළ පරිවර්තනයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා (සැ.යු. මෙම පරිවර්තන සෑම විටම නිවැරදි නොවිය හැකි බැවින් අදාළ පාඩම් පෙළ සැලකිල්ලෙන් අධ්‍යනය කිරීම වැදගත්). එහි ඇති අමතර වාසිය වන්නේ වචන උච්චාරණය වන ආකාරය සවන්දීම මඟින් අවබෝධ කරගැනීම ට අවස්ථාවක් සැලසීමයි. google web browser එකේ German to Sinhala යනුවෙන් search කිරීමෙන් මෙම උපාංගයට පහසුවෙන් පිවිසිය හැකියි. ඉන් පසු වම් පැත්තේ ජර්මන් කොටසට අයත් අවකාශයට පාඩම් මාලාවේ ජර්මන් වචන හෝ වැකි copy-paste කරන්න. සරළ සිංහල පරිවර්තනයක් ලැබෙනු ඇති. එහි speaker සලකුණ මත click කිරීමෙන් අදාළ වචන හෝ වැකි උච්චාරණය වන ආකාරයට සවන්දීමට හැකියි.
දැන් අපි අලුත් පාඩම පටන් ගනිමු. ඉංග්‍රීසි භාෂාවේ එන I, can, have සහ must යෙදුම් ජර්මන් භාෂාවේ දීද ඒ හා සමානාකාරයෙන් යෙදෙයි. පහත දැක්වෙන වාක්‍යයන් හොඳින් අධ්‍යනය කරමින් මතකයේ රඳවාගන්න.
> Ich = මම (eng. I)
> Ich kann = මට හැකියි. (eng: I can)
> Ich kann nicht. = මට නොහැකියි. (eng: I cannot)
> Ich habe = මට තිබෙයි. (eng: I have)
> Ich bin = මම වෙමි. (eng: I am)
> Ich muss = මම කළයුතු වෙමි. (eng: I must)
1. Ich kann singen. = මට ගැයීමට හැකියි. (eng: I can sing)
2. Ich kann nicht singen. = මට ගැයීමට නොහැකියි. (eng: I cannot sing)
3. Ich kann schwimmen. = මට පිහිනීමට හැකියි. (eng: I can swim)
4. Ich kann nicht schwimmen. = මට පිහිනීමට නොහැකියි. (eng: I cannot swim)
5. Ich kann surfen. = මට හිම මත ලිස්සා යාහැකියි. (eng: I can surf)
6. Ich kann nicht surfen. = මට හිම මත ලිස්සා යාහැකියි. (eng: I cannot surf)
ඉදිරි පාඩමකින් නැවත හමුවෙමු.
*-*-*- Frohes neues Jahr -*-*-*
Learn German With Chaani
--------------

.................................

Last edited: