Part 4 සෙන්පෝක කථාවස්තුව

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Part 4 සෙන්පෝක කථාවස්තුව

    සෙන්පෝක කථාවස්තුව-4 කොටස


    ……ඉදින් ඌරුවංශයා කියන්නක් සැබැව නම් මා දිවි නැත්තේය.සෙන්පෝකයා වනාහි මෙවිචරකට බලසම්පන්නයහයි මාගේ අසූ කෙළක් මුග්ධ ඇමැති මණ්ඩලයද නොදක්නා ලදහ.එසේ කළැ මතු වන්නා වූ භය ඌරුවංශයා විසින් දක්නා ලදහ.මූගේ නුවණැ මහතැ.ඉදින් මූම මාගේ ආචාරීන් කොටගනිමියි රජ්ජුරුවෝ සිතා“ මෙසේ එවමැනව ආචාරීනි.තොපි වනාහි මාගේ ගැලැවුමකාරයාණෝල.යුද්ධෝපායය දන්නෝත් මුඹමය.රටවැසියා නම්මාගන්නායුරු දන්නෝත් මුඹමය.ඉදින් මෙවිට කුමක් කරමෝදැයි“මහත්කොටැ වැලැපී කෙළතොළු ඌරුවංශයාගේ පය පාමුළ වැඳවැටුණාහ.


    මෙවිට ඌරුවංශයා සිතන්නාහු‘‘වන්නාටය,දැන් ඉදින් මට කම්කරන්නාවූ මා විසින්මැ උපායය සාධනය කොටැ සෙන්පෝකයා මරවාපියමි,මේ අඳබාල රජාට කළමනාද පසුව දන්නෙම් වේදැයි“සිතා රජ්ජුරුවෝ අස්වසන්නාහු“මහරජ නොබව මැනැව.සෙන්පෝකයාට කියටි දන්නෙම් වේදැයි“උරුළෑ හඬ නඟාපීහ.


    රජ්ජුරුවෝ මහත්කොටැ සැනැසුම් සුසුම් හෙළා ළය මඬළ සැහැල්ලු කොටැගෙන ඌරුවංශයා විචාරන්නාහු‘‘ආචාරීනි,ඉදින් කටයුතු උපායය මාර්ග තෙපිම නිළ කොට මනා නොවේදැයි“ ඇසූහ.


    මහරජ එක් උපායෙක් ඇත.මේ හා සමාන අනෙක් උපායෙක් නැත්තේය.දැන්මම සෙන්පෝකයාගේ කරපය මස්වාලීම යුක්ත නොවෙයි.එකල්හි මහජනයාද මුඹවහන්සේටැ එදිරිවැ සෝලි කෙරෙන්නට ගනු ඇත.පළමුකොටැ ‘අතිපාලක‘ නම් තනතුරක් ඇතිකොටැපියා එය සෙනෙවිරත් ධූරයටත් වඩා බලසම්පන්නයහ,වඩා අගනේ යැයි කියා පුළුගන්වා සෙන්පෝකයාට දෙවාපීම යහපති.අතිපාලක වනාහි කෙසේ නම් ඨානාන්තරයක්ද යත් ඊට ඇඟැ වසන්නාවූ කෝඳුරුවකු වුව පළවාපියන බලයක් නැත්තේය.නියමාකාර වේතනයක්ද නැත්තේය.එසේ වුව මේ වනාහි මෙතෙක් බලසම්පන්නයහයි රටැ පතළකොටැ යුත්තේය.


    අප රට වැසියා වනාහි ඉතාම මුග්ධයහ.දෙපෝයක් ඇවෑමෙන් කිරුබාහරයා මරාපියන ලද්දේ කවරෙකු දැයි උන් නොහඟිනාහ.මෙවිට සෙන්පෝකයා සතු ජනබලයද ක්ෂීණ වන්නාහ.එකල්හි සුදුසු උපායෙක් යොදාපියා සෙන්පෝකයා මරවාපීම යහපතැයි“ රජ්ජුරුවෝ ගිවිස්සූහ…..


    Thanks a lot for original writer. :) :)


    Original :- http://palaamalla.wordpress.com/2010/02/16/සෙන්පෝක-කථාවස්තුව-4-කොටස/


    Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

    Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

    Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

    Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

    Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

    Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

    Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

    Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එලකිරියවුන්හට ග්‍රහණය සැක සහිත තරම්වූ
    අතිශය නිර්මාණශීලී රචනාවෙකි.
    සහෘදය, නුඹට පින්.

    :)
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මොනවා හරි හොද දෙයක් දැම්මහම, බලන්න කවුරුවත් නෑ.......!! :no::no::(:(
    :):)
    නිර්මානය ලස්සනයි..
    ඔයා දිගටම ලියන්න බලන්න අපි ඉන්නවා


    rep+
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    හික් හික් හික්..........එල එල තාම සෙන්පෝකයා ගේ ජනාධිපතිවරණ පරාජයත් හිරබාරයට ගන්නා තැනත් තාම නෑ නේද