සෙන්පෝක RELOADED
මෙසේ සැලැකියයුතු කාලයෙක් අතිපාලක නිලය හොබවමින් කුසීතවැ වෙසෙන්නාවූ සෙන්පෝකයා එක් අලුයමෙක උදාසනක් සේමැ පිබිදී පෙරදිග බලන්නාහු;කොළ,මම් විසින් කිරුබාහරයා සාධාපියා සාර මාසයක් ඉක්ම ගියේය.දැන් රට වැස්සාට භය වන්නට මෙවිචරකට යැයි කාරණයකුදු නැත්තාහ.ඉදින් උන් සමෘද්ධව වෙසෙනු වියයුතුයැ.දැන් වනාහි මාහා උරෙනුර ගැටී සටන් කොටැ අවසඟවුණාවූ සෙනෙවි කොල්ලන්ට ප්‍රසාද දීපියන්නට කාලයයැයි සිතා ඉස් සෝධා නාපියා මනාකොටැ මාහැඟි වස්ත්‍රයෙන් සැරැසී අතිපාලක භවනෙහි නැඟෙනහිර දොරටුවෙන් නික්මී රජවාසළ බලා පිටත්වූහ.
වාසළ මහ දොරටුව අභියසදී එක් දොරටුපාල කොල්ලෙක් සෙන්පෝකයා විචාරන්නාහු”තොපි කවරෙක්දැයි” තරවැ සෙන්පෝකයා අත ග්‍රහණය කොටැපීය.
මෙවිට සෙන්පෝකයා කිපී පෙරළා බණන්නාහු”එම්බල සොර කොල්ල,මම් වනාහි සෙන්පෝක නමි.තොපි ඇම භයගැන්වූවාවූ කිරුබාහරයා සාධාපියන ලද්දේ මම් විසිනැ.මම් වනාහි දැන් මහා බලසම්පන්න අතිපාලක වෙමැ.ඉදින් තොපි එවක් නොදන්නාහු නම් පෙරළා මහරජ්ජුරුවන් අසාපියවයි” කීවාහුමය.
මෙවිට දොරටුපාලයා මහත්කොටැ අත්පිඬි ගසා සෙනෙන්නාහු”කොළ මුසා නොදොඩා සිටුව.කිරුබාහරයා මරාපියන ලද්දේ අපගේ පස්වාන්දහසකට බුදුවන මහරජාණෝය.තොපි වනාහි සොරදෙටුවෙක.අපිදු මේ රටැ වසන්නමෝ ඉදින් කිසිවිටෙකත් සෙන්පෝකයකු හෝ අතිපාලකයකු ගැන නොඇසූ විරූයැයි”සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙනැ දමාපීහ.
මෙවිට සෙන්පෝකයා දණ්ඩෙන් පහරලද ආශිර්විෂයක්හු පරිද්දෙන් කිපුණාහු”බලව තොපටත් තොපගේ ගුණමකු රජාටත් කියටි දනිමියි”මහත් කොටැ සෝලි කොටැපියා පැළෑහ.
මේ වග දනන් තුඬ තුඬද පතළවිය.මෙවිට ඌරුවංශයා සිතන්නාහු”වන්නාටය,දැන් වනාහි සෙන්පෝකයා මරාපියන්නට කළැයි”සිතා රජ්ජුරුවන්ට සමීපවැ මෙසේ බෙණෙන්නාහුය.
“මහරජ දැන් දැන් මා කීවා සිතට නැඟෙන සේක්දැ,තෙල සෙන්පෝකයා වනාහි රාජද්‍රෝහියෙකැයි මම් පැවසූ දෑ දැන් දැන් සැබෑ වන්නට යන්නේල.මුඹ වහන්සේ කෙරෙහි අසාධාරණවැ කිපුණාවූ දුෂ්ඨ සෙන්පෝකයා උදක්ම ගොස් වේදේහයාද සමුවීයැයි ආරඤ්චි කටයුතුය.දැන් ඉදින් ඌ මරාපියන්නට කළැයි”කීවාහුය.
Thanks a lot for original writer.
Original :- http://palaamalla.wordpress.com/2010/02/22/සෙන්පෝක-reloaded/
Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862
Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864
Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865
Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869
Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870
Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873
Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875
Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
Last edited:




