ඒකා අධිපති හොරු සමඟ හෙළුවෙන්?
“ඉදින් මඳකුදු පමා නොවෙව.වහ වහා එ උපායය අප හට හෙළි කිරීම යුක්තය.තගේ උපායයන් වනාහි මේ තාක් අප ඇම සඤ්චාරය කරවා ඇත්තේ මරඋගුලකටැ යන මාවතෙකැයි මා අට දැන් දැන් පෙනෙන්නේය.ඉදින් මෙවර තගේ උපායය සාධනය නොවුවහොත් මම්මැ උපායය සාධනය කොටැපියා තාත් සෙන්පෝකයාත් දෙන්නමෝ කරපය මස්වාපියන්නෙම් වේදැයි”රජ්ජුරුවෝ උදහස්වැ පැවසූහ.
මෙවිට ඌරුවංශයා වහ වහා රජ්ජුරුවන් අස්වසන්නේ”නොබව මැනව මහරජ ජිල්මාට් වනාහි එක් උපක්‍රමයක් නොවේ.ෂඩ්විධ ආකාර උපායය සංකීර්ණයෙකි.අපි ඇම එය ක්‍රියාවට නංවන්නමෝ ඉදින් එකෙක් නැත්නම් අනෙකෙක් ක්‍රියාත්මකවැ සෙන්පෝකයා අපගේ ග්‍රහණයට නතුවනු ඒකාන්තය”යි කීහ.
ජිල්මාට් යනු මෙසේ වූ ක්‍රියා පටිපාටියෙකැයි දතයුතුය.
01.සෙන්පෝකයාට තම ජනප්‍රසාදය වඩාගන්නට නොදී උන් අණබෙර ගසනා තැන්වලම රජ්ජුරුවන්ගේ ගුණ වැනෙන අයුරින් මහත්කොටැ අණබෙර ලැවීම.
02.එකිනෙකට පරස්පර වූ විවිධ චෝදනා එක්සියයක් සෙන්පෝකට එරෙහිව ක්‍රියාත්මක කොටැ ඌ තුමූ අන්දමන්ද කොටැපීම.
03.”සෙන්පෝකයා වනාහි උතුරුකුරු දිවයිනෙහි රටවැසියෙකැ.උන්ට මේ රට පාලනය දුන්නාහු නම් උන් මේ රට ද උතුරුකුරු දිවයිනටමැ නතුකොටැපියන්නාහයි” ඒ ඒ තන්හි සෝලි කරවීම.
04.මෙයාතර සිංහාසනාවරණය දින උදාසනක්සේම භක්ෂිශීලයා රහසින්මැ ආතතිනන්දයාගේ කුටියට වැදී පොලු මුගුරු පෑලා ඌ තුමූ අප්‍රමාණ මරණභයට පත්කොටැපියා”කොළ නිවට මහල්ල,ඉදින් සෙන්පෝකයාට නම් ඉතකම් කරන්නට නොසිතව.තොපි හුදෙක් රජ්ජුරුවන්ටම නතුවව.සෙන්පෝකයාගේ ජනප්‍රසාදය මෙතෙකැයි පෙනී පෙනීමැ ගොලුවකු සේ මුවින් නොබැණම සිටුව.ඉදින් සෙන්පෝකයාට පක්ෂග්‍රාහීවූවාහු නම් තා මෙතැනම මරාපියමියි”තර්ජනය කොටැපීම.
05.අපට අසලවූ “මර විණ ශෛලව”නම් සොරදෙටුවා ඇතුළු පිරිසට නොඑක් මච්ඡ මාංස හා රා ආදී කන බොන දෑ දෙවා වේදේහයාගේත් සෞම්‍යවංශිකයාගේත් පිරිස් රැස්වන්නා වූ තැන් බලාපියා උන් ඇම කුපිත කරවා තෙළ ද්‍රෝහින් මරාපියවයි කියා උන් මුදාහැරීම.
06.ඉදින් මේ එකකුත් සාධනය නොවන්නේ නම් ,අශීලාචාර චර්යාව කරණකොටැගෙන සෙන්පෝකයා විසින් පශ්චාත්භාගයට පයින්ගසා පන්නා දමනලද,දැන් අප මහරජ්ජුරුවන්ටම කම් කරන්නාවූ මානවඩ්ඪක නම් උපසෙනෙවි කොල්ලා ලවා සෙන්පෝකයා ගළග්‍රහයෙන් ගෙන්වීම.
යනාදී වශයෙනි.
මෙසේ සෙන්පෝකයාට මරඋගුල අටවාපියන්නාත් හා සමඟම මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ද,ඌරුවංශයාද,අසූ කෙළක් මුග්ධ අමති මණ්ඩලයද මහත් ගර්වයෙන් හැඳසිටි දේශප්‍රේමය නමැති සළුව ගිළිහී උන් ඇමගේ සෙළුව පෙනෙන්නට පටන්ගත්හයි දතයුතුය.
Original :- http://palaamalla.wordpress.com/2010/03/06/ඒකා-අධිපති-හොරු-සමඟ-හෙළුව/
Thanks a lot for original writer....!!
For More :-

Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862
Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864
Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865
Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869
Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870
Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873
Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875
Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877

Ona ekek ona deyak karagathawe..