බුදු බණ

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බුදු බණ

8:27 AM // 0 comments // Sri Lanka Guardian // Category: //
ඊයේ පෝය දා ය. සැදැහැත් උපාසකයෙක් ලෙස කාලෙකට පසු සිල් සමාදන් වූ මට අගනා බණක් අසන්නට එයින් අවස්ථාවක් ද ලැබිණි.

පුංචි වුවත් නොසළකා හැරිය යුතු නැති සතරක් ගැන බුදු බණේ සදහන් වන බව මා දැනගත්තේ එහිදී ය.

පළමුවැන්න ගින්දර ය. පුංචි වුවත් නොසළකා හැරියොත් එයින් නගරයක්ම දවා අලු බවට පත් වන්නට වැඩි වෙලාවක් ගත නොවේ.

දෙවැන්න නයි පැටියා ය. පුංචි වුනත් මිනිහෙක් මරන්නට විස ඌ සතුව තිබේ.

තෙවැන්න පුංචි සාමනේර හාමුදුරුවන් ය. පුංචි වුනත් ලොකු පෝරිසාදයෙකු වුව මෙල්ල කරත හැකි ධර්මයක් ද ඥානයක්ද පුංචි හාමුදුරුවන් ලග තියෙන්නට පුලුවන. ඇත්තටම චණ්ඩාශෝක ධර්මාශෝක කළේ එවැනි පුංචි සාමනේර නමකි.

සිව්වැන්න රජ කුමරු ය. ඒ ගැන දැන ගන්නට මේ දවස්වල ලංකාවේ පත්තර වල මුල් පිටු බැලුවහම ඇති ය. ආණ්ඩුවේ පත්තරම වුවමනා නැත. බණ දහම් දන්නා උදවිය ඉන්නා අනිත් පත්තර වුව ද කියන්නේ ඒ කතාව ම ය.

බණ කියා අවසන් ය.

බණ ඇසූ කවුරුත් අපටත් පින් අනුමෝදන් කළොත් හොද ය. තව කොපමණ කාලයක් මේ ජීවිතය අප වෙත රැදේ දැයි කියන්නට බැරි ය. කොහොමටත් ජිවිතය තණ අග පිණි බිදු වැනි ය.

ඒකෝන් ද ඇකෝන් ද කියන එකාටත් සිරසටත් හැර ඉතිරි සකල ලෝක වාසී සත්ත්වයින්ටම නිවන් සැප ලැබේවා!
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අන්කල්....දැන් මේ....නිවුස් දාන අලුත් සයිට්...එක නම් ගිහින් බලන්න ඕනේ.. ඔක්කොම එකෙන්නේ බොලේ.........:lol:

    තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#

    ආගම දං ගෙඩියක් වී ජාතිය බහු රූ කෝලමක් වෙයි!

    බුදු බණ

    ඒ විගඩම් නඩුව අවසානයේ..................

    slgsin blogspot එකකින්නේ..........හපො.........අන්කල් බංකොලොත් වෙලා තියෙන තරම............:lol:

    මේවත් Lankaenews වගේම තමා..............
    :lol: