චන්ද්‍රිකාගේ නොබිඳි වාර්තාව

Magadhanandha Kanthabahu

Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    https://www.elakiri.com/threads/පළමු-මහ-මැතිවරණය.1938920/

    https://www.elakiri.com/threads/පණස්-හයේ-පෙරළිය.1938923/

    https://www.elakiri.com/threads/1970-සමගි-පෙරමුණ-ප්රගතිශීලී-ආණ්ඩුව.1938925/

    https://www.elakiri.com/threads/අධර්මිෂ්ඨ-වූ-“ධර්මිෂ්ඨ-පාලනය”-හා-විධායක-ජනාධිපති-ක්රමය.1938927/





    1994 අගෝස්තු 16 වැනිදා පැවැති 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයේ 17 වසරක පාලනය නිමා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් දේශපාලන පෙරමුණක් නිර්මාණය කළා. ඒ සුපුරුදු පරිදි ලංකා සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු වාමාංශික පක්ෂ ද ඇතුළත් වූ “පොදුජන එක්සත් පෙරමුණ”යි. මෙම මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ 225ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් 105 ක්, එනම් 48.94% ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිද්දි එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 94 ක්, එනම් 44.04% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. තෙවැනි තැන දිනාගත් යාපනයේ ස්වාධීන කණ්ඩායම මන්ත්‍රීධූර 9ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මන්ත්‍රීධූර 7ක් ද දිනා ගත්තේ පිළිවෙළින් 0.14% හා 1.80% ඡන්ද ප්‍රතිශත ලබා ගනිමිනුයි.



    මෙම මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන බහුතරය වන ආසන 113ක බලය ජයග්‍රාහී පොදුජන එක්සත් පෙරමුණට හිමි නොවුණ නිසා එය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහායද ඇතිව ආණ්ඩුව පිහිටුවීමට පියවර ගත්තා. සුළු ජාතික පක්ෂ සහය නොමැතිව රජයක් පිහිටුවීමට නොහැකි බව මේ සමඟ මතයක් ලෙස ගොඩ නැගෙන්නට පටන් ගත්තා. පසු කලෙක තුන්වෙනි බලවේගය ලෙස ඉදිරි ගමනක් සනිටුහන් කළ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත් වී 1.13% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන එක් පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත්තා.



    ශ්‍රී ලංකාවේ එකොළොස්‌වන අගමැතිවරිය ලෙස පත්වී තෙමසක්‌ ඇතුළත චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගට ජනාධිපති ධුරයට තරඟ කිරීමට සිදුවුණා. මේ අතර 1994 ඔක්‌තෝබර් 24 වන දින එක්‌සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‌ෂක ගාමිණී දිසානායක මහතාගේ මැතිවරණ රැස්‌වීමකට කොළඹ තොටළඟදි බෝම්බ ප්‍රහාරයක්‌ එල්ලවීමෙන් ගාමිණි දිසානායක මහතා ඇතුළු පිරිසක්‌ මරණයට පත්වූ අතර ජනාධිපති තෝරා ගැනීමේ පනත අනුව විකල්ප අපේක්‌ෂකයකු ලෙස වජිරා ශ්‍රීමනී දිසානායක ඇතුළත් වුණා. ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙවැනි සිදුවීමක්‌ මෙතෙක්‌ වාර්තා වී නැහැ.



    මෙම ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිවරණ දිස්‌ත්‍රික්‌ක “පොදුජන එක්සත් පෙරමුණ” යට‌තේ තරඟ කරමින් ආසන මට්‌ටමේ ප්‍රතිඵලවලින් බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගනය හැර අනෙක්‌ සියලුම ආසන ජයග්‍රහණය කොට වාර්තාවක්‌ තැබුවා. ඒ අනුව ආසන 196 න් 195 ක්‌ම ජයගැනීමට ඇය සමත් වුණා.



    පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් සහ එජාපයේ විධායක ජනාධිපතිවරයෙක් යටතේ 1994 වසරේ නොවැම්බර් 09 දා පැවැති ජනාධිපතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය කළේ ජනතා විමුක්ති පෙරමුණ හා වෙනම තරඟ නොකරන බවට වූ නිතරඟ ගිවිසුමකට එක්වීම සමගයි.



    මෙතෙක් ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ වල ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයා 60% ක ජන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට සමත් වූ එකම ජනාධිපතිවරණය වූයේ 1994 වසරේ පැවති මෙකී ජනාධිපතිවරණයයි. එහිදී ජයග්‍රාහි අපේක්ෂිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ගනිමින් ජයග්‍රහණය කළා. ඒ හේතුවෙන් 1994 වසරේ පැවති ජනාධිපතිවරණයේ ජන්ද ප්‍රතිඵල වාර්තාගත ප්‍රතිඵලයක් ලෙස අද දක්වා නොබිදී පවතිනවා. මේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වූයේ 35.91% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.



    වාර්තාගත ජයග්‍රහණයක් ලැබූවද චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලය තුළ රට සැලකිය යුතු ජයග්‍රහණ අත්පත් කොට ගත්තේ නැහැ. ඇගේ පාලන කාලය තුළ ඇය එවකට පැවති ජනවාර්ගික ගැටලුව නිරාකරණය කිරීමට ගත් අත්සහයන් සාර්ථක වූයේ නැහැ. පළමුව සාකච්ඡා මාර්ගයෙන්ද, දෙවනුව යුධවාදී උත්සාහයකින්ද කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කළා. වරක් ඇයව කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට තැත් කරන ලදුව ඇයගේ දකුණු ඇස සම්පුර්ණයෙන්ම අන්ධභාවයට පත්වුණා.



    2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරයේ සිටින අතරතුරදී විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වෙමිනුයි. 2002 පෙබරවාරි මාසයේදී වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදින් සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කිරීමෙන් පසු 2004 අ‍ප්‍රේල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරය ඇතිව ඇය මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවා. සුනාමි විපතෙන් අනතුරුව ලැබුණු විදේශාධාර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කොටි ත්‍රස්තවාදින් සමග බෙදා ගැනිමට රජය එකග විම නිසා ජනතා විමුක්ති පෙරමුණ රජයට දැක්වු සහය ඉවත්කර ගත්තේ කුමාරතුංග පාලනය 2005 නොවැම්බර් මස අවසන් කරමිනුයි.
     
    • Like
    Reactions: Lokka Baba

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    ඔය ප්‍රතිශතය වගේම

    ලංකාවේ කෙටිම කාලෙකට අගමැති වෙච්ච වාර්තාවත් චන්ද්‍රිකාගෙම තමා..
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ඒවගේද මහින්ද රාජපක්ෂට 2/3 ගන්න බැරිවෙච්ච එක (2010) ජනාධිපතිවරණේදි? රටේ අවුරුදු 30 ක සිවිල් යුද්ධය ඉවර කරපු නායකයාට 2/3 ක් ගන්න බැරිඋනාම ඒක ලෝක පුදුමයක්නේ?
     
    • Like
    Reactions: DjAtrocity