වාහන ක්ලච් 2

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ටික දවසකට පස්සේ ඔන්න අපහු පාඩම පටන් ගන්න යන්නේ. මම කලින් ඒවගෙන් කිව්වේ වාහන ක්ලච් එක ගැන. අද මම කියන්න යන්නෙත් ක්ලච් එකක් ගැන තමයි. ක්ලච් එකක් කිව්වට මේකට සිංහලෙන් කිව්වොත් "ව්‍යවර්තන පරිවර්තකය" කියල තමයි කියන්න වෙන්නේ. එහෙමත් නැත්නම් Torque Converter කියල කියමු. මේකෙත් ප්‍රධාන අරමුණ එන්ජිමෙන් ලැබෙන බලය ගියර් පද්දතියට ලබාදීම තමයි. හැබැයි මේ ක්‍රමය භාවිතා වෙන්නේ ස්වයංක්‍රිය ගියර් පද්දති (automatic transmission) සහිත වාහන වල තමයි.
    ඔක්කොටම කලින් සාමාන්‍ය ක්ලච් එක ගැන පොඩි දැනුමක් තියෙන්න ඕන මේක තේරුම් ගන්න. ඒ නිසා මගේ කලින් පාඩම බලන්න.
    අපි බලමු මොකද ඇත්තටම ඔටෝ වාහනේකට මෙහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ කියල....
    automatic ගියර් පද්දතියක ක්‍රියාකාරිත්වය මම ඉදිරි පාඩම් වලින් පැහැදිලි කරන්නම්. හැමෝම වහේ ඔටෝ වාහන වල ගිහින් ඇති නේ? එහෙනම් ඒ අය දන්නවා ඒකෙ මැනුවල් වාහනයක වගේ ක්ලච් පැඩල් එකක් නෑ කියල. එතකොට හිතන්න අපි බ්‍රේක් කරලා වාහනේ නවත්තනකොට එන්ජිමෙන් එන බලය කොහොමද ගියර් පද්දතියෙන් කපා හරින්නේ කියල? මම දන්නා ගොඩක් අය ඉන්නවා ඒ අය හිතන් ඉන්නේ ඉබේම ක්ලච් එකක් වැඩ කරනවා ඇති කියල. ඇත්තෙන්ම එහෙම වෙන්නේ නැහැ. මෙතැනදී වෙන්නේ Torque Converter එකක් මගින් බලය අපතේ හරින එක. :confused:

    තේරුනේ නෑ නේ? ඔහොම යනකොට තේරෙයි....
    ඔන්න ඔය පහලින් තියනවා torque converter එකක ප්‍රධාන කොටස්.
    y5y.gif
    1. impeller/ pump
    2. turbine
    3. stator

    බැලු බැල්මට නම් සරලයි. හැබැයි වැඩේ නම් හෙනම advance. මෙන්න මේකේ arrangement එක.

    0ds9.gif

    පටලව ගන්න එපා මේ පින්තුර දෙකේ pump එකයි turbine එකයි දෙපැත්ත මාරු වෙලා තියන්නේ.

    දැන් පටාන් ගමු වැඩේ...

    මේකේ pump එක සම්බන්ධ වෙන්නේ එන්ජිමට තමයි. turbine එක ගියර් පද්දතියට සම්භන්ද වෙනවා. stator එක අචලව තියනවා. කොහාටවත් සම්භන්දයක් නැහැ. ඕනෑම මොහොතක ඒක නිස්චලයි.
    එන්ජිමෙන් එන බලය එක දිගටම pump එක කරකවනවා. ඒක කරකැවෙන එක නතර වෙන්නේ අපි එන්ජිම නතර කලොත් පමණයි. මේකේ pump එක සහ turbine එක අතර කිසිම සම්භන්දයක් නැහැ. (නැහැ කියන්නේ mechanical link එකක් නැහැ.) එතකොට කොහොමද ව්‍යවර්තනය ගියර් පද්දතියට ලබා දෙන්නේ? අන්න වැදගත් ප්‍රශ්නයක්. මේ පද්දතියම තියන්නේ ගියර් ඔයිල් (ඔටෝ ඔයිල්) තුල ගිලිලා.:shocked::shocked:
    අන්න ඒ කියර් ඔයිල් වලට මෙහි pump එකෙන් බලය ලබා දෙනවා. ඔයිල් ඒ බලය turbine එක හරහා ගියර් පද්දතියට ලබා දෙන එක තමයි කරන්නේ.:shocked::shocked::shocked:
    හත්තිලව්වේ එතකොට මේ ඔටෝ ඔයිල් වලින්ද මේ තරම් වාහනයක් තල්ලු කරන්නේ? ඔවුනේ, පුදුමයි නේ? කොහොමද එතකොට මේක වෙන්නේ?... මෙන්න මෙහෙමයි, හිතන්න ඔය ඔටෝ ඔයිල් කියන්නේ අපි තේ හදනකොට කෝප්පෙකට දාල තියන වතුර කියල....pump එක කියන්නේ හැන්දක් කියල හිතන්න..:confused::confused: අපි තේ හදනකොට ඔය හැන්ද දාල එක පැත්තකට කරකවනකොට වතුර ටික රවුමට නිකම් දිය සුලියක් වගේ කරකැවෙනවා දැකල තියනවද? මෙතනත් වෙන්නේ ඒ ටිකම තමයි. මෙන්න මෙහෙම දියසුලියක් වගේ කරකැවෙන ඔයිල් වල ව්‍යවර්තනය නිසා ටර්බයින් එක කරකැවෙනවා. එමගින් තමයි වහනය ඉදිරියට යන්නේ. (ගියර් එක D,2,1 තියනවා නම්)
    එටකොට දැන් pump එකෙයි turbine එකෙයි ප්‍රයෝජනය තේරෙනවනේ? දැන් මේ මොකක්ද stator එක අස්සේ රිංගගෙන කරන්නේ? මේකේ තියන වැදගත්ම කොටසක් තමයි stator එක කියන්නේ. මේ ඔයිල් pump එකෙන් එක පැත්තකට කරකැවිල turbine එක කරකවනවා. හැබැයි turbine එකෙන් එලියට එන ඔයිල් කරකවෙන්නේ සම්පුර්ණයෙන්ම pump එකෙන් කරකැවෙන පැත්තට ප්‍රතිවිරුද්ද අතට. ඒ නිසා මේකේ ක්‍රියා කාරිත්වය සම්පුර්ණයෙන්ම අඩාල වෙනවා. අන්න ඒ එන ඔයිල් පාර හරි අතට කර කවන්න තමයි stator එක තියන්නේ.
    වැඩේ තේරෙන්න ඇති නේ? මේක විස්තර කරන්න සෑහෙන්න අමාරුයි. ඔය වීඩියෝ 2-3 ක් බැලුවම හරියටම තේරෙයි.

    දැන් බලමු මේකේ හොඳ නරක,

    ඕනෑම දේක දෙපැත්තක් තියනවා හරියට කාසියක වගේ..
    මේකේ තියන වාසි තමයි
    1. වාහනය නවත්තල තිබිල යන්න පටන් ගන්නකොට වැඩි ව්‍යවර්තනයක් රෝද වලට ලැබීම. (කලින්ම කිව්වා වගේ pump එක නවතින්නේ නැහැ. නමුත් බ්‍රේක් කරලා වාහනේ නවත්තුවම turbine එක නවතිනවා. ද්‍රවයක් මගින් බලය ගෙනයන නිසා මේක කරන්න පුළුවන්. යන්න පටන්ගන්නවත් එක්කම ටර්බයින් එකට ලැබෙන බලය එකපාරටම ලැබෙනවා.)
    2. වාහනය ක්ලච් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
    අවාසි
    1. pump එකේ වේගෙන්ම turbine එක කවදාවත් කරකවෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පුර්ණ බලය රෝද වලට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඔටෝ වාහන වල තෙල් පිච්චෙනවා වැඩියි කියන්නේ. හැබැයි ඉතින් මැනුවල් එකක් අනවශ්‍ය විදියට ගියර් මාරු කරත් ඔටෝ වලට වඩා තෙල් පිච්චෙනවා.
    2. ත්වරණය සාපේක්ෂව අඩුයි. හේතුව තේරෙනවා නේ? ඔටෝ වල ගියර් නිසා නෙවෙයි acceleration එක අඩු. මෙන්න මේක නිසා.
    අවසානෙට කියන්න ඕන වැදගත්ම දේ තමයි නිෂ්පාදකයා අනුමත කරන විදියට තමන්ගේ ඔටෝ වාහනේ ඔටෝ ඔයිල් මාරු කරන්න. මොකද මේ ඔයිල්වල දුස්රාවිතාව (viscosity) එක අඩු උන ගමන් ගියර් මාරු කරන පරිඝනකයට හිතාගන්න බැරි වෙනවා වාහනේ මොන ගියර් එකේද ගෙනියන්න ඕන කියල. මොකද එන්ජිමෙන් ලැබෙන feedback එක gear box එකෙන් ලැබෙන එකට වඩා පරස්පර වෙච්ච ගමන් පරිඝනකය කොයිල් වෙනවා. සමහර අයට දැනිල ඇති වාහනේ එකම වේගයෙන් යන ගමන් එක පාරට අඩු ගියර් වලට මාරු වෙලා එන්ජිම රේස් වෙනවා. අන්න ඒ කියන්නේ ඔයිල් මාරු කරන කාලේ හොඳටම පහු වෙලා කියන එක.

    අදට ඇති...ප්‍රශ්න එහෙම තියනවා නම් අහන්න. වැරදි තියනවා නම් පෙන්නන්න. කියෙව්වේ නැත්නම් කලින් පාඩම් කියවන්න. යනගමන් බම්ප් එකක් දාගෙන යන්න...:D:D:D

    වාහන බ්‍රේක්
    වාහන බ්‍රේක් 2
    වාහන ටයර්/රෝද
    වාහන ක්ලච්
    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු
    මොනවද මේ වාහන පර්මිට්?
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේකට හොදම උදාහරනයක් තියෙනවා, හිතන්න ටේබල් ෆෑන දෙකක් තියෙනවා මූනට මූන හරවලා, හැබැයි එක ෆෑන් එකටයි බලය දීල තියෙන්නේ, දැන් එක ඕන් කරපුවම එකේ , පෙති කැරකැවෙන කොට ඉස්සරින් තියෙන නිකන් තියෙන ෆෑන් එකේත් පෙති කැරකෙන්වා නේද? ඕක තමයි ඕටෝ ගියර් බොක්ස් එක :yes::yes::yes: :)
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේකට හොදම උදාහරනයක් තියෙනවා, හිතන්න ටේබල් ෆෑන දෙකක් තියෙනවා මූනට මූන හරවලා, හැබැයි එක ෆෑන් එකටයි බලය දීල තියෙන්නේ, දැන් එක ඕන් කරපුවම එකේ , පෙති කැරකැවෙන කොට ඉස්සරින් තියෙන නිකන් තියෙන ෆෑන් එකේත් පෙති කැරකෙන්වා නේද? ඕක තමයි ඕටෝ ගියර් බොක්ස් එක :yes::yes::yes: :)

    හොඳ උදාහරණයක්..:D