ඒකෝන්, සිරස, බුද්ධාගම හා පුන්නක්කු අනුභවය

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඒකෝන්, සිරස, බුද්ධාගම හා පුන්නක්කු අනුභවය

ඒකෝන්, සිරස, බුද්ධාගම හා ජනතා අධිකරණයේ පුන්නක්කු අනුභවය

6:49 AM // 2 comments // Sri Lanka Guardian // Category: // ලංකාවේ මිනිසුන් මේ දිනවල ඉතාමත් බුද්ධිමත්ය. ඒ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජය ගැනීමට පොරකන දේශපාලකයින් රොත්ත නැවත නැවතත් කෑ ගසමින් පවසන දෙයයි. මැතිවරණයෙන් පසුව රටෙන් බාගයක් බත් කන හරක් හෝ දේශද්‍රෝහීන් වීම වෙනම සංවාදයට ගත යුතු කරුණකි.

මෙම ලිපියේ අරමුණ ලංකා ජනතාවගේ බුද්ධිමත් භාවයට වඩා ඔවුන් කෙතරම් මෝඩ, උද්ධච්ච සහ පහසුවෙන් රැවටෙන සුළු ද යන්න ඔප්පු කර පෙන්වා දීමයි. ‍අමුතුවෙන් ඔප්පු කර දිය යුතු නැතත් පසුගිය දිනක ඒකෝන් නැමැති ඇමෙරිකානු රැප් ගායකයෙකුගේ ආගමනය වටා සිදුවුනු සිද්ධි මාලාව මේ සඳහා කදිම සෙනාරියකි. අප මෙහිදී සැලකිල්ලට ගන්නේ එම සිද්ධීන් වලට වඩා ඒවා කෙතෙක් දුරට සමාජය මගින් අනුමත වූයේද යන කාරණාවයි.

අපට මුලින්ම ලංකාව හා ඒකෝන් එකට ඇසෙන්නේ ඔහුගේ සංදර්ශනයක් පැවැත්වීමට යන බව පැතිර ගිය දූෂමාන ආරංචියකිනි. ඒකෝන්ගේ ගීත කිහිපයක් අසා ඇති අපට අංක හතරක මුදලක් ගෙවා සංදර්ශනයකට යාමට තරම් ඇම්මක් නැති වූවත් එය සැබවින්ම අලුත් ආරංචියක් වන්නේ බටහිර රැප් සංගීත ලොව තුල ඔහු දැනට සිටින තරම් තත්වයක ගායකයෙකු හෝ වෙනත් කලාකරුවෙකු සංදර්ශනයක් සඳහා අප රටට පැමිණ නොමැති බැවිනි. එලෙස පැමිණ ඇති බොහෝ අය එක්කෝ රේටින්ග් තුල පහලට ගොස් තව දුරටත් ක්‍රියාකාරීව කර්මාන්තයේ නොයෙදෙන්නන්ය. නැතිනම් එලෙස හඳුනාගැනීමකට ලක්ව නොමැති වූවන් ය.

මාස දෙක තුනකට පසු Facebook තුල ඒකෝන් බුදු දහමට නිගරු කලේ යැයි මතයක් ප්‍රචාරණය වේ. වීඩියෝ වේ හැටියට එසේ නොවී යැයි කිව නොහැක. නමුත් ලංකාව තුල බුදු දහමට ඇති තත්වය පිළිබඳ දන්නා අපට ඒකෝන්ගේ මෙම වීඩියෝව කජ්ජක්දැයි සිතුණි. බුද්ධ පුත්‍රයින් යැයි කියාගන්නා බොහෝ අය සම්බන්ධ වී ඇති අපරාධ ඒකෝන් මෙම වීඩියෝවෙන් කරන අපහාසයට වඩා දස ගුණයකින් බලවත්ය. ඒවායින් බුද්ධාගමට ඇති වෙන බලපෑම මෙම වීඩියෝවෙන් ඇති වෙන බලපෑමට වඩා ‍බොහෝ බව අමුතුවෙන් කිව යුතු නැත.

තත්වය වඩාත් දරුණු අතට හැරෙන්නේ සිරස මාධ්‍ය ජාලයේ ආයතනයකට මැරයින් පිරිසක් (පත්තර වල දෙපිරිසක් අතර ගැටුමක් යැයි පුන පුනා පැවසුවත් පැමිණියේ මැරයින් ද නැද්ද යන්න දන්නෝ දනිති) පැමිණ ගල් ගසා ‍සේවකයින්ටද තුවාල කිරීමෙන්ය. ඔවුන්ට අනුව ඒකෝන් ලංකාවට ගෙන්වන්නේ සිරසය. වෙනදා කල පරිදිම ඔවුන් කරන්නේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමය.

මෙලෙස මාධ්‍ය ආයතනයකට පහර දීමට සම්බන්ධ වන්නේ රටේ පොදු ජනතාව යැයි කිව නොහැක. කැළණි ඩිපෝවේ බස් රථයක් පැමිණ සිරසට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට වඩා ඔවුන්ට බඩ වියත රැක ගැනීමට වෙහෙස වීමට සිදුව ඇත. සිරසට පහර දීම යන සිද්ධිය එතරම් නොවැදගත් වන්නේ අවිනීත දේශපාලකයෙකු හා සිරස අතර තිබෙන විරසකය ඉතා ප්‍රසිද්ධ නිසාය. නමුත් මෙම සිද්ධිය ඇත්ත දැන දැනත් එය බොහෝ දෙනා අනුමත කරමින් ආතල් ගැනීම අවධානය යොමු කල යුතු කරුණකි.

අප කතා බහ කල කිහිප දෙනෙකුට අනුව සිරසට පහර දීම අනිවාර්යයෙන් කල යුතු කාරණයකි. එය රටේ ප්‍රධාන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. තවත් අයෙකුට අනුව සිරසට “ගහන්න නොව උල තැබිය” යුතුය. එය ලංකාව දොලොස්වැනි සියවසට නැවත ගමන් කිරීමේ තවත් අදියරක් විය හැක. තවත් පණ්ඩිතයෙක් ප්‍රකාශ කරන්නේ සිරසට මාස තුනකට වරක් අනිවාර්යයෙන් ගැසිය යුතු බවයි. තවත් අයෙකුට අනුව බොහෝ ප්‍රශ්න වලට මුල සිරසය. කවුරු කලත් සිරසට ගැසීම ඉතාමත් යහපත් කාරණයක්ය. ඒකෝන්ට හා සිරස මාධ්‍ය ජාලයට පලු යන්න බනිමින් සිංහල භාෂාවෙන් හතර වටේ ඊමේල් යැවෙමින් පවතී. ගූගල් සමූහ තුල හිසරදයක් වන තරමටම මෙය පැතිර ගිය අතර ස්පෑම් කිරීමේ අවිනීත කලාවේ යෙදීමෙන් මෙයට සහභාගී වුයේ චීවරධාරීන්, සිසුන් ආදී වූ සමාජයේ ගමනට වැදගත් විය යුතු පිරිස්ය. මොවුන්ට අනුව අප එක්කෝ බෞද්ධයින් විය යුතුය. නැතිනම් ඒකෝන්ගේ ගීත ඇසිය යුතුය. සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ඊමේල් ෆෝවඩ් කරන පිරිස් අතර මෙම මතය පහසුවෙන් පැතිරිය හැක.

මෙම පොදු මතය ඉදිරියේ සිනාසිය හැකි සියළු තැන් වලින් සිනාසීම හැර අපට කල හැකි වෙනත් දෙයක් නොවීය. මෙම මතය පලකල බොහෝ අය විශ්ව විද්‍යාල සිසුන් වීම මෙහි හාස්‍ය හා බැරෑරුම් බව තව තවත් වැඩි කරයි. සරසවි සිසුන් කලෙක ඉතාමත් ප්‍රගතිශීලී අදහස් දරන්නන් වුවත් නැවත වරක් ගලේ උලා තියුණු කරගත යුතු තරමටම ඔවුන්ගේ චින්තන ශක්තිය මොට වී ගොසිනි. නැතිනම් රටේ ප්‍රශ්න වලට විසඳුම් ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ගල්මුල් වලින් පහර දීම වැනි පහත් ක්‍රියා අනුමත නොකරනු ඇත. මාධ්‍ය ආයතන වලින් රටේ ප්‍රශ්න ඇති කරන බව නිවැරදිය. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාම ජාතිවාදය ජනතාව අතර වැපිරීමට රජයේ මාධ්‍ය ආයතන කටයුතු කල හැටි අපට අමතක නැත. පෞද්ගලික ජනමාධ්‍ය තුලද විශාල ඝට්ඨනයක් පැවති අතර මාධ්‍ය මගින් ඉටු විය යුතු දේ වෙනුවට සමාජ‍යේ අයහපත වෙනුවෙන් ඍජුව හෝ වක්‍රව ඔවුන් දායක වූ බව නිවැරදිය. නමුත් මෙගා නාට්‍ය, සුපිරි තරු රැල්ල, හා ටකරං සංගීතය සමාජය පුරා පැතිරවීම ආදී වූ ඍණාත්මක ක්‍රියා තනිකරම සිරසට හෝ මහරාජාට බැර කල නොහැක. අද වන විට මෙගා නාට්‍ය විකාශය නොකරන නාලිකාවක් නැති තරම්ය. සුපිරි තරු බිහි කිරීමට දඟලන්නේ නැති නාලිකාවක් නැත. නංගිලාට මල්ලිලාට බණ්ඩාරවෙල සුගත් අයියාගේ සිට උඩපුස්සැල්ලාවේ ජානකී අක්කා දක්වා ඩෙඩිකේට් කිරීමට ගීත දර්ශක ලබා නොදෙන නාලිකාවක් නැත. ඇතැම් නාලිකා ජනතාව ප්‍රකෝප කරන දර්ශන විකාශය කරන විට අනිත් නාලිකා දිගින් දිගටම ජාතිවාදය වැපිරීය.එසේ නම් මාධ්‍ය මගින් සමාජ ගැටළු ඇති කරන මුත් එම ගැටළු සඳහා ඇඟිලි දිගු කල යුත්තේ සමස්ථ ලාංකික මාධ්‍ය කර්මාන්තයටම බව පැහැදිලිය.


 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අද වන විට අපක්ෂපාතී මාධ්‍යයක් නොමැත. ඇත්තේ කුමන හෝ වාසියක් තකා පක්ෂග්‍රාහීව තොරතුරු ලබා දෙන වෙළඳ ආයතනය. මෙය හුදෙක් ලාභ ලබන ආයතන ලෙස පක්ෂග්‍රාහී වීමට වඩා එපිට ගොස් ඇති තත්වයකි. නමුත් මෙම තත්වයට පිළිතුරු සෙවීම ගල් ගසා ගොඩනැගිලි විනාශ කිරීමෙන් සොයා ගත නොහැක. පක්ෂග්‍රාහීත්වය ලාභදායී වන තාක් මාධ්‍ය භාවිතය නිසි මාර්ගයට යොමු නොවනු ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන පැරණි කියමන වැදගත් වන්නේ මෙවැනි තත්වයක් තුලයි. අපගේ අවබෝධය (perception) කෙරෙහි විශාල බලපෑමක් කල හැකි මාධ්‍ය තුලින් ලබා දෙන තොරතුරු අප කොතෙක් දුරට විශ්වාස කරනවාද යන්න නැවත වරක සලකා බැලිය යුතුය. අන්තර්ජාලය වැනි විකල්ප තොරතුරු මූලාශ්‍ර ඉතාමත් අඩු මුදලට ලබා ගත හැකි කාලයක රූපවාහිනී, පත්තර වැනි සාම්ප්‍රදායික ඒකාකාරී මාධ්‍ය වල තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය විමසා බැලීම ඉතාමත් පහසුවෙන් කල හැකි දෙයකි. ජනතාව බුද්ධිමත් නම් ඉල්ලීම් අනුව සැපයීම ලබාදීමට එවිට මාධ්‍ය කටයුතු කරනු ඇත.

සමාජ ගැටළු ගල් ගසා විසඳීමට යන්නේ ගෝත්‍රික සමාජ තුලය. තලෙයිබාන් පාලන කාලය තුල ඇෆ්ගනිස්ථානය පසුබිම් කරගත් කතාවක් වන The Kite Runner චිත්‍රපටිය තුල පහත දසුන් පෙල දක්නට ලැබේ. හොර සැමියෙක් ඇසුරු කිරීමේ වරදට එම හොර සැමියා හා ගැහැණිය සෙනඟ පිරී ඇති පිට්ටණියක් මැදට තලෙයිබාන් රැකවලුන් විසින් ඇදගෙන පැමිණේ. ප්‍රාදේශීය නායකයෙකු පැමිණ වරද කියවා මෙය අල්ලාහ් ගේ කැමැත්ත බව ජනතාවට පුන පුනා පවසා යයි. තලෙයිබාන් රැකවලුන් අතිනතට ගල් කැබලි ලැබෙන අතර අයෙකු පැමිණ පලමු ගල් කැටය ගැහැණි‍යගේ හිස පිටුපසට දමා ගසයි. අනෙකුත් රැකවලුන්ගේ ගල් පහරවල් මැද මිය යන ගැහැණිය පසුව කැබ් රථයක් පිටුපසට දමා ගැනෙන අතර රැස්ව එය උදාසීනව බලා සිටින ජනතාව “අල්ලාහු අක්බර්”(දෙවියන් ශ්‍රේෂ්ඨය) යනුවෙන් මතුරා විසිර යයි. මෙම පලමු ගල් කැටය එල්ල කරන පුද්ගලයා බාලක අපයෝජකයෙකු වන අතර එය ප්‍රසිද්ධ කරුණක් ද වන්නේය.

සිරසට පහර දීම අප දකින්නේ ඉහත දසුන් පෙලට සමාකාරයකිනි. මාධ්‍ය ආයතනයක් ලෙස සිරස විසින් මෙරට සමාජයට අයහපතක් සිදු කර ඇති මුත් ඒ සඳහා පිළීතුරු ලැබෙන්නේ ලැබිය යුතු ආකාරයට නොව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකිනි. ඉතාමත් දූෂිත මිනිසුන් රැලක් පැමිණ ආයතනයට ගල් ප්‍රහාර එල්ල කරන අතර රැස්ව සිටින ජනතාව එය අනුමත කර නිහඬව සිටී. ඔවුන්ගේ සිතීමට අනුව සිරසට ගල්මුල් එල්ල කිරීමෙන් එයින් ඇති කෙරෙන ගැටළු විස‍ඳෙන්නේය.

ඒකෝන්ගේ ලංකා ගමනය සැලසුම් කරන සංචාරක අමාත්‍යාංශයට බොරළු කැබැල්ලක්වත් විසිවූ බවට ආරංචියක් නොමැත. සංදර්ශනය සඳහා අනුග්‍රයහ දක්වන අනෙකුත් සමාගම් (ඩයලොග් ටෙලිකොම් ආදී) වලට මෙවැනි විරෝධයක් එල්ල වූයේ නැත. සිදු වූයේ සිරස මෙම සියළු සිදුවිමේ බිල්ල (scape goat) බවට පත් වීමයි. සිරසට ප්‍රහාර එල්ල කිරීම දේශපාලකයාගේ අපේක්ෂාව විය. එය මෙම කාලය තුල සිදු කලාට පසු ජනතාවට පැවසෙන ඕනෑම දෙයක් විශ්වාස කරන බව ඔහු දනී. එනපොට නරකට හැරී තිබෙන බව දකින රජයේ පාර්ශවය ඔවුන්ගේ අත සෝදා ගන්නේ තමන් ඒකෝන් මෙරටට ගෙන්වීමට සුදුසු දැයි පරීක්ෂණ පවත්වමින් සිටි බව පවසමින්ය. තමන්ගේ අවනඩුව කීමට සිරසට නඩුකාරයෙක් නොමැත. සිටින නඩුකාරයාට පුන්නක්කු පොවා ඇත.

සත්‍ය තත්වය මෙම පවතින ඒකෝන් විරෝධය තුලවත්, සිරසට ගල් ගැසීම තුලවත් දක්නට නොමැත. බුදුදහමට හෝ වෙනත් ආගමකට නිගා ‍වන පරිදි වීඩියෝ නිර්මාණය වන්නේ ඒකෝන්ගේ නමේ “ඒ” යන්නවත් ලංකාවට පැමිණීමට පෙරය. Power of Banghara යන ගීතය සඳහා වීඩියෝව නිර්මාණය වන්නේ ලංකාව තුල වන අතර දාගැබක් ඉදිරිපිට හඳුන් කූරුද පත්තු කරගෙන එයට පිටුපා සීක් ජාතිකයෙකු ලෙසින් පෙනෙන පුද්ගලයෙකු ගීත ගායනා කිරීම එහි හොඳින් පෙනෙන්නට තිබේ.

සංචාරක අමාත්‍යාංශයෙන්ම නිකුත් කෙරෙන පහත පින්තූරයේ විදේශික කාන්තාවකගේ නිරුවත් පිට මත පච්චයක් ලෙසින් නිරූපිත බුදු රුව දකින්නට හැකිය. තලෙයිබාන් වරු ඇෆ්ගනිස්ථානයේ ඉපැරණී බාමියන් බුදු පිළිම විනාශ කරන විට ලංකා රජයට සිදුකල හැකි වූ ඉටි ගෙඩියක් නැත.

බුදුදහමට ලංකාව තුලදිම නිග්‍රහ වන ආකාරය පිළිබඳ කිසිවෙකුටත් කුමන ආකාරයේ හෝ විරෝධයක් එල්ල කල නොහැක. චීවරධාරීන් දිනෙන් දින බුදු දහම යැයි පවසමින් මිත්‍යා මත පතුරවමින් සිටී. මතට තිත තැබූවත් රජ ගෙදර තුලදී එය වලංගු නැති බව පවසන්නේ බුද්ධ පුත්‍රයෙකු යැයි කියා ගන්නා චක්‍රවර්තී කෙනෙකි. කලක් දොළුකන්දේ රජ කල චීවරධාරියෙකු පිරිත් පැන් බිඳක් මගින් වැවක් ශුද්ධ කල හැකි බව ප්‍රචාරය කලේය. තවත් කාලයක් බුදු දහමට අනුවම එලොවින් ආ ජීවකලා ලෙඩ සුව කිරීමට වෙර දැරූහ. පන්සල් තුල සිදුවන අපචාර ක්‍රියා ප්‍රසිද්ධ රහස් බවට පත්ව ඇත. කවිබණ, ආරණ්‍ය සේනාසන අඩුවක් නැති රටේ රාත්‍රී සමාජ ශාලා වලින් ද අඩුවක් නැත. පසුගිය කාලයකදී චීවරධාරීන්ම පිරිසක් බුදු පිළිමයකට පිටුපා පින්තූර ගැනීම පිළිබඳ කතා බහක් ඇති විණි.

දැන් රටේ ප්‍රධානතම මාතෘකාව බවට ඒකෝන්ගේ මෙම නිග්‍රහය පත්වී ඇතත් අපගේ විරෝධය මගින් බුදු දහම බේරා ගත නොහැකි බවත්, මාධ්‍ය ආයතනවලට ගල් ගසා එහි සේවකයින්ට තුවාල කිරීම වැනි ප්‍රාථමික ගෝත්‍රික ක්‍රියා මගින් රට ගොඩ ගැනීමට නොහැකි බවත් ජනතා අධිකරණය අවබෝධ කර ගත යුතුය. පසුගිය කාලය තුල සිදු වූ සිදුවීම් වලින් වැඩිපුරම වාසි ලබා ගත් පිරිස ලෙස ඒකෝන්, සිරසට විරුද්ධ බලවේග හා මර්ධනකාරී ප්‍රතිපත්ති දැක්විය හැක. ඒකෝන් පිළිබඳ මින් පෙර අසාවත් නැති අය පත්තර තුලින් ඔහු ගැන කියවති. ඔහුට සල්ලි නොගෙවා ලබා ගත හැකි වූ මේ ප්‍රචාරය ගැන අවබෝධ වූවොත් මීළඟ වීඩියෝවේ ජේසු හෝ මොහම්මද් නබි තුමා සිටීමේ සම්භාවිතාවක් ඇත. සිරසට තවත් වරක් ප්‍රහාර එල්ල කිරීමේ නොතිත් ආසාවෙන් පෙළුණු අය දැන් ඒ ආසාව ඉෂ්ඨ කර ගෙන ඇත. එපමණක් නොව ඔවුන් දැන් ජාතියේ වීරයින් ද වී ඇත. මාධ්‍ය පීඩාකාරී ලෙස මර්ධනය කිරීම තව දුරටත් ජනතාව විසින් අනුමත කරන බව මර්ධනකාරී බලවේග තහවුරු කර ගෙන ඇත.

ජාතියට හෝ ආගමට අනතුරක් ඇති බව පවසනතාක් කල් පුන්නක්කු බුදින ජනතා අධිකරණය විසින් කිසිදු සොයා බැලීමකින් තොරව ඕනෑම ජඩ වැඩක් අනුමත කරන බව පාලකයෝ දනිති. මින් පෙරද ක්‍රියාවට නැංවූයේ එම තියරියයි. මින් පසුව ද ක්‍රියාවට නංවනු ඇත්තේ එයමය. නමුත් එවිට ඔබ ගල් ගසන පාර්ශවයේ සිටියහොත් ජාමේ බේරාගත හැක. ගල් මුල් වලට ලක් වන්නේ ඔබ නම් ඔබට ඒකෝන්ගේම පිහිටය.
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අන්කල්....දැන් මේ....නිවුස් දාන අලුත් සයිට්...එක නම් ගිහින් බලන්න ඕනේ.. ඔක්කොම එකෙන්නේ බොලේ.........:lol:

    තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#

    ආගම දං ගෙඩියක් වී ජාතිය බහු රූ කෝලමක් වෙයි!

    බුදු බණ

    ඒ විගඩම් නඩුව අවසානයේ..................

    ඒකෝන්, සිරස, බුද්ධාගම හා පුන්නක්කු අනුභවය

    slgsin blogspot එකකින්නේ..........හපො.........අන්කල් බංකොලොත් වෙලා තියෙන තරම............:lol:

    මේවත් Lankaenews වගේම තමා..............
    :lol:
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    Ane ane wena site wala eva amu amuwe dana hati.ATHULA HORA!!!!:P
    facebookstealt.jpg
     

    RaguXt

    Member
    Jun 5, 2007
    146
    8
    0
    CMB
    dude i'm against the whole violence thing too.. but do not deny the fact that sirasa had no part in bringing AKON down to SL.. MTV was playing adds non stop and yes FM too.. :P so please don't defend as sirasa is part of MBC.. and in the advertisement it clearly stated that MTV and MBC were the media sponsors.. sponsoring basically mean helping , so sirasa cant really say that they weren't involved in anything, since sirasa is a subsidiary of MBC.. LOL and since you watch the whole situation in a green point of view, there are may be something's your not seeing may be..