[අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [04] [ශ්‍රී ලංකාව]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [04] [ශ්‍රී ලංකාව]

    Cover-04.jpg

    පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

    චීනාගේ චිකාගෝ ගේම

    සියල්ල සැලැසුම් කර හමාරය. දස දෙනෙකුගෙන් යුත් පිරිස එක්ව දින ගණනාවක් තිස්සේ සාකච්ඡා කළ මහා කුමන්ත්‍රණයක ප්‍රතිඵල දැකීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණි. සියල්ලෝම සාවදානව අසා සිටිති. අවසන් සැලැසුම පිළිබඳව තමා වටා සිටි පිරිසට පැහැදිලි කරන්නේ ජාලත්ගේ සිරිසේන හෙවත් චීනා ය.


    ඉතා දුක්ඛිත ළමා වියක් ගත කළ චීනා ඔරුගොඩවත්ත පාරේ කුඩා ලෑලි නිවෙසක තම ජීවිතය අරඹන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතුවය. ස්ථිර ආදායම් මාර්ගයක් නොවුණත් එදිනෙදා හොඳින් හෝ නරකින් හරි හම්බකර ගන්නා මුදලකින් තම දිවිය සරිකර ගැනීමට චීනාට අපහසු නොවීය. ඔහු වටා මිත්‍ර සමාගමක් ගොඩනැගුණේ ඔහුගේ ගතිගුණවල ඇති ආකර්ෂණීය බව නිසා ය.


    එදිනෙදා කුලියක් මලියක් කර මුදලක් සොයාගෙන ගත කරන ජීවිතය චීනාට මෙන්ම ඔහුගේ මිත්‍ර සමාගමට ද එපා වී තිබුණි. කෙටි පහසු මාර්ගයකින් දිනෙකින් දෙකකින් පොහොසතුන් වීම ඔවුන්ගේ අපේක්ෂාව විය.

    ඇස්වාට්ටු හන්දිය හා ඒ අවට ප්‍රදේශයෙහි නම් දරා සිටි මැරයන් වූ කියුටෙක්ස් පියදාස, පිච්චුන ධර්මේ, සිරා ආදීන් ප්‍රමුඛ මැරකල්ලිය එකතුව සාකච්ඡා කරන්නේ ඉන් පසුවය. මැරයන් කොතෙකුත් සිටිය ද නායකත්වය නිතරගයෙන් චීනා ට ය. චීනා කෙරෙන් විද්‍යාමන වූ ඉතා සූක්ෂ්ම බුද්ධියත් ස්ථානෝචිත ප්‍රඥාවත් ඔහුගේ නායකත්වය කණ්ඩායම තුළ ප්‍රමුඛ කළේය. දේහධාරී කෙරුමන් තුන් හතර දෙනෙකු සමඟ හෝ මට්ටු වී ඔවුන් මෙල්ල කිරීමේ හැකියාවද කණ්ඩායම තුළ චීනාගේ නායකත්වය තවත් ශක්තිමත් කළේය.


    දිනය නියම විය. නියම දිනයේ නියම වේලාවට වැඩේ තිතට සිදුවිය යුතුය. නූලක ප්‍රමාදයක් හෝ සිදුනොවිය යුතු බව චීනා පිරිසට දැනුම් දුන්නේය. කණ්ඩායමේ දහ දෙනාට වෙන වෙනම පැවැරුණු රාජකාරි ප්‍රමාණයක් විය. තමාට පැවැරුණු කාරිය මැනවින් ඉටුකිරීමට සියල්ලෝම අධිෂ්ඨාන කර ගත්හ. ඔරුගොඩවත්ත පාරේ චීනාගේ නිවසෙහි සියලු සැලැසුම් සිදුවෙද්දී සැලැසුම්කරුවන්ට තේ සිගරැට් රැගෙන එමින් කටයුතු කළ ජයරත්න ද සැලැසුම අකුරට ක්‍රියාත්මක වී සාර්ථක ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටි තරුණයෙකි.


    සාමාන්‍ය දිනයක් ලෙස 1966 වසරේ නොවැම්බර් මස දාහතර වැනිදා උදාවිය. කොළඹ නගරයේ කටයුතු ද සාමාන්‍ය පරිදි ඉටුවෙමින් තිබුණි. එදින ලක් ඉතිහාසයේ එතෙක් වූ විශාලම මුදල් මංකොල්ලය ඉතිහාස ගතවන දිනය බැව් කිසිවෙකු දැන සිටියේ නැත. මුදල් මංකොල්ලකෑමේ සැලසුම සකස් කළ පිරිස ද එය නොදැන සිටියා නොඅනුමානය.


    සතොස ගබඩාවලින් එකතු වන මුදල් රැගත් රථය ආරක්ෂක නිලධාරින් කිහිපදෙනෙකුගේ ද ආරක්ෂාව මධ්‍යයේ කොළඹ නගරය කරා ධාවනය විය. රථය තුළ මුදල් රුපියල් ලක්ෂ නවයක් පමණ ඇති බව දැන සිටියේද රථයේ ගමන් කළ මුදල් භාරකරු පමණි. එදිනෙදා එකතුවන මුදල් කොළඹට රැගෙන විත් අදාළ අංශවල තැන්පත් කිරීම රථයේ ගමන් කළ කිසිවෙකුට නවමු අත්දැකිමක් නොවීය. ඒ ඔවුන්ගේ රාජකාරිය වන බැවිනි.


    රථය කෙමෙන් කෙමෙන් කැලණි පාලම ආසන්නයට ළංව තිබුණි. මුදල් රැගත් රථය තුළ ආරක්ෂක නිලධාරින් ද ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා සීරුවෙනි. රථය කැලණි පාලම මතට පැමිණියා පමණි.


    කොළඹ සිට ධාවනය වූ රථයක් එකවරම මුදල් රැගත් රථය හරස් කොට මග අවුරා නැවැතිනි. ඒ ක්ෂණයෙන්ම විදුලි වේගයෙන් ඇදී ආ තවත් රථයක් මුදල් රැගත් රථය අසලම නැවැතිණි. එම රථය නතර වීමටත් ප්‍රථම ඉන් පැන ගත්තේ පිස්තෝල හා ගිනි අවි රැගත් මංකොල්ලකරුවන් පිරිසකි.අහසට වෙඩි තබමින් මුදල් රැගත් රථය වට කළ මංකොල්ලකරුවෝ රථය තුළ සිටි ආරක්ෂක නිලධාරින් ඇතුළු සියලුදෙනාම තමන් යටතට ගත්හ. ඇසිපිය හෙළන පමාවෙන් රථය තුළ වූ සියලු මුදල් තමන් සතු කරගත් මංකොල්ලකරුවෝ සතොස රථයේ වු පිරිසට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට පැන ගියහ.


    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් මුදල් ප්‍රමාණයක් එකවර කොල්ල කෑ ප්‍රථම අවස්ථාව මෙය වූ බැවින් සිද්ධිය පිළිබඳ පුවත විදුලි වේගයෙන් පැතිර යන්නට විය. දවල් කාලයේදීම දෙනෝදාහක් දෙනා බලා සිටිය දීම ආරක්ෂක නිලධාරින් පිරිසට ද අභියෝග කළ මුදල් මංකොල්ලකරුවන් සුළුවෙන් තැකිය නොහැකි පිරිසක් බව පමණක් කා හටත් ප්‍රත්‍යක්ෂය. ආරක්ෂක අංශ කඩි ගුළක් සේ ඇවිස්සී තිබුණි. කොළඹ නගරය තුළ දීම සිදුකළ මහා මංකොල්ලය ආරක්ෂක අංශ අභියෝගයට ලක් කරමින් ඔවුන්ට දුන් අතුල් පහරක් සේ ඔවුන්ට තදින්ම දැනී තිබුණි.


    අපරාධය සිදුව පැය කිහිපයක් ගතවන්නටත් මත්තෙන් පෙර කථිකා කරගත් පරිදි මුදල් කොල්ලකරුවන් පිරිස අත බෙදී ගියේ ය. බැලූ බැල්මට සිද්ධිය හෙළි වීමට කිසිදු සාක්ෂියක් නොවූ බව සැලැසුම්කරුවන්ට හැඟී ගොස් තිබීම ඔවුන්ගේ ප්‍රීතිය තවත් තීව්‍ර කළේ ය.


    පසුදා සියලුම ජාතික පුවත්පත්වල සිරස්තලය සරසා තිබුණේ මංකොල්ලය පිළිබඳ පුවතිනි. රොයිටර් පුවත් සේවය මගින් ප්‍රකාශ කළේ චිකාගෝ සැලැසුම්වලටත් වඩා සූක්ෂම අයුරින් ශ්‍රී ලංකාවේදී මෙම මංකොල්ල සිද්ධිය සංවිධානය වී තිබූ බවයි. දේශීය හා විදේශීය ජනමාධ්‍යයන්හි මහත් ආන්දෝලාත්මක ප්‍රවෘත්තිය බවට මංකොල්ලය පිළිබඳ පුවත පත්ව තිබුණි. කිසිදා තමන් නොපැතූ නොසිතූ ආකාරයේ අභියෝගකරුවෙකු සිටින බව ආරක්ෂක අංශවලට හැඟී ගොස් තිබීම පරීක්ෂණ කඩිනම් කිරීමටද හේතුවිය. හැකි සෑම මාර්ගයක් භාවිතා කරමින් ම සිද්ධිය පිළිබඳ හෝඩුවාව සොයා ගැනීමට ඔවුහු වෙහෙසුණහ.


    සිද්ධිය සිදුවී දින කිහිපයක් ගතවිය. හිටි හැටියේම ආරක්ෂක අංශවලට නව බලාපොරොත්තු ඇති කරවමින් සිද්ධිය පිළිබඳ නිරවුල්ම සාක්ෂිකරුවා පැමිණියේය. පොලිසිය වෙත ගිය ඔහු සිද්ධියෙහි මහමොළකරුවන් පිළිබඳව මෙන්ම සිද්ධිය සැලැසුම් වූ අන්දම ඇතුළුව අතිශය රහස්‍ය තොරතුරු රාශියක් හෙළි කරන්නට විය. මෙය ආරක්ෂක අංශවල දැඩි අවධානයට ද හැකි ඉක්මනින් මංකොල්ලකරුවන් නීතිය හමුවට පැමිණ විය හැකිය යන අධිෂ්ඨාන ස්ථාපිත කිරීමට සමත්විය.

    ඔත්තුකරුවා වෙනකෙක් නොව මංකොල්ලය සැලැසුම් කරන මොහොතේ ඔවුන්ට සිගරැට් බුලත්විට හා තේ ආදිය සැපයූ ජයරත්න ය. ජයරත්න ඔත්තුකරුවකු බවට පත්වූයේ මංකොල්ල සිද්ධියෙන් පසු ඔහු අපේක්ෂා කළ මුදල ඔහුට නොලැබී යාම නිසාය.

    චීනා හෙවත් සිරිසේන චරිතය පොලිස් පොත්වල සේම රටක් හෙල්ලූ මංකොල්ලකරුවකු ලෙස ලක් ඉතිහාසයේ ලියැවෙන්නේ මේ සිද්ධියෙන් පසුය. සිද්ධිය පිළිබඳව ප්‍රධාන සැකකරුවන්නේ සිරිසේනය. ඉතා සූක්ෂ්ම පොලිස් පරීක්ෂණ හා මෙහෙය වීම් හමුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනාම නීතිය හමුවට පැමිණවීමට ආරක්ෂක අංශවලට හැකිවිය.


    හැට, හැත්තෑව දශකයන්හි රටක් කළඹා මවිතයට පත්කළ චීනා චරිතය බිහිවන්නේ දවසකින් දෙකකින් නොවේ. පිටිසර ගමක දුප්පත් පවුලක උපන් චීනා කොළඹ අංක එකේ මංකොල්ලකරු බවට පත්වන්නේ චීනාගේ වරදින්ම දැයි විමසා බැලිය යුතුය.


    මාතර ඇරැක්ක ප්‍රදේශයේ දී ජන්ම ලාභය ලැබූ සිරිසේනට සිටියේ එකම සොහොයුරෙකු පමණි. සිරිසේන මව් කුසෙහි වන කාලයේදීම ඔහුට තම පියා අහිමිව යන්නේ සාහසිකයෙකුගෙන් එල්ල වූ පිහි පහරක් නිසාවෙනි.


    පිය සෙනෙහස අහිමි දරුවකු ලෙස මෙලොව එළිය දකින සිරිසේනට මෙන්ම වැඩිමහල් සහෝදරයාට හා මවටත් අනේක වද වේදනා විඳීමට සිදුවන්නේ පිය පාර්ශ්වයේ නෑදෑ පිරිසගෙනි. සියල්ල ඉවසා ගත නොහී තැන මව සිරිසේන හා වැඩිමල් සොහොයුරු නිවසේ තනිකර දමා සිය ගම් බිම් බලා ගියාය. මෙතැන් පටන් දරුවන්ගේ එකම පිළිසරණකට සිටින්නේ දරුවන්ගේ ආත්තම්මාය.


    ඇයට ඔවුන් බරක් නොවීය. ඇයට හැකි උපරිමයෙන් දරු දෙදෙනා රැක බලා ගැනීමට ඇය නොගත් උත්සාහයක් නැත. දෙමාපිය රැකවරණය බිඳී ගිය සිරිසේනලාට කිසිදු නෑදෑයෙකුගේ මිහිරි වදනක් හෝ නොලැබෙන්නට ඇත. ගම්වාසීන් අතර ද සමච්චලයට ලක්වෙමින් හැදී වැඩුණු සිරිසේන දොළොස් වියට පා තබත්ම එකම සරණ වූ ආත්තම්මාද ඔහුට අහිමි විය.


    ඉන්පසු සිරිසේනට හා සොහොයුරාට ස්ථිර වාසස්ථානයක් නොවූ අතර ඥාතීන්ගේ නිවෙස්වල විවිධ බැලමෙහෙවර කරමින් තාඩනයට පීඩනයට ලක්වෙමින් දිවි ගෙවීමට සිදුවූහ. මේ සියලු දේ ඉවසා දරාගත නොහී සිරිසේනගේ සොහොයුරා නිවසින් පැන යයි. නිවසෙහි තනිවන කුඩා සිරිසේනට විඳීමට සිදුවන දුක් ගැහැටද එන්න එන්නම වැඩි විය. ඔහු තීරණයක් ගත්තේය. ඒ තමන් ඉතිරි කරගත් කාසි කිහිපය රැගෙන කොළඹ පැමිණීමය. සිරිසේනගේ ජීවිතය පෙරැළියට පත්වන්නේ ඉන් පසුවය.


    කොළඹ පැමිණි සිරිසේන නොදන්නා දේශයක තනිවූවෙකු ලෙසත් ඉබාගාතේ ඇවිද යන්නට විය. නෑදෑයෙක් හිතවතෙක් නොවූ සිරිසේනගේ පිහිට ට වූයේ ඔහු සේම වීදිවල සැරිසැරූ කොලු රෑනය. හරි හැටි කෑමක් බීමක් නොමැතිව අව් වැසිවලට ගොදුරුවෙමින් කඩපිල් ගානේ රාත්‍රිය ගත කරන සිරිසේන හිටි හැටියේ පොලිස් අත්අඩංගුවට පත්වේ. ඒ තවත් කොලු පිරිසක් ද සමඟය.


    මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ කොලු පිරිසෙන් බොහෝ දෙනෙකු දෙමාපියන් පැමිණ ඇප ගෙවා රැගෙන ගිය මුත් සිරිසේන බාරකරුවකු නොවූයෙන් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව බාරයට පත් විය. ළමා කඳවුරකදී ගත කළ වසර තුනක කාලය තුළදී ඔහු මෝටර් රථ කාර්මික පුහුණුවක් මනාව ලබා ගත්තේය. වයස අවුරුදු දහසය සම්පූර්ණවත්ම පුහුණුව ලද මෝටර් රථ කාර්මිකයෙක් ලෙස කඳවුරෙන් පිටවුණ ද ඔහුට රැකියාවක් දීමට කිසිවෙකු ඉදිරිපත් නොවූයේ ඔහු කාත් කවුරුත් නැති අනාථයෙක් වූ නිසාය.


    ‘උඹලා වගේ අනාථ වෙච්ච බාල අපරාධකාරයින්ට දෙන්න රස්සා මෙහේ නෑ....’


    කියමින් ඔහු එළවා ගන්නේ එක් ස්ථානයකින් දෙකකින් නොවේ. සිරිසේනගේ සමාජ වෛරී හැඟීම් උද්දීපනය වන්නේ මෙතැන් සිටය.

    ඔහු දක්ෂ ලෙස ජිම්නාස්ටික් ක්‍රීඩාවද ප්‍රගුණ කළ ක්‍රීඩකයෙකු ද විය. ඒ නිසාම ඔහුගේ කාය ශක්තිය අතින් ද සම වයසේ අනෙක් අයට වඩා ප්‍රබල විය. කළ හැකි අන් කිසිත් නොවූ තැන සිරිසේන තරුණයා කොළඹ ඇස්වාට්ටුව හන්දියේ පලතුරු වෙළෙඳ පොළකම වාසස්ථානය කර ගනී. වෙළෙඳුන්ට උදව් කරමින් සහයෝගයෙන් කටයුතු කළ සිරිසේන කෙරෙහි වෙළෙඳ ප්‍රජාව බැඳුණේ හෘදයාංගමවය. ඉඳහිට කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැමිණ වෙළෙඳුන් පීඩනයට ලක් කරන නගරයේ චණ්ඩීන් හා සිරිසේන ගැටුණේ දෙවරක් නොසිතාය. තමා උගත් ශිල්පය ද තම කාය ශක්තිය ද උපයෝගී කර ගනිමින් ගැටුම්කාරීන් මෙල්ල කිරීමට සිරිසේනට හැකිවිය. මොහු තමන් යටතට ගත නොහැකි ජවසම්පන්න තරුණයෙකු බව තේරුම් ගත් නගරයේ කෙරුමෝ ද සිරිසේන වටා රොක් වුහ.


    එසේ ඔහු වටා ගොඩනැගෙන මිත්‍ර සමාගමක් හා එක්ව කළ එක් කුමන්ත්‍රණයක් වූයේ ලක්ෂ නමයේ කොල්ලයය.


    සිරගත කළ ද සිරිසේනගේ චිත්ත ශක්තිය සිඳ බිඳ දැමීමට කිසිවෙකුටත් නොහැකි විය. යදමින් දෑත් සිර කළද හදවතේ හැඟීම් යටපත් කළ නොහැකිවිය. ඔහු සිරෙන් පැන්නේ වරක් දෙවරක් නොවේ; පස් වරක් ම පැන්නේය . ඒ සෑම අවස්ථාවකදීම සිරිසේනගේ ප්‍රකාශය වූයේ තමන්ට තම මව බැලීමට අවශ්‍ය වූ විට කෙසේ හෝ ඒ අවශ්‍යතාව ඉටුකර ගන්නා බවයි.


    කෙතරම් දඩම්බරයකු වූවද ඔහු හීලෑ කරගත හැකි එක් චරිතයක් වූයේය. ඒ අම්මාය. අනෙක් චරිතය ඔහුගේ සිත පැහැර ගත් පෙම්වතිය වූ සුමිත්‍රා පද්මිනීය.


    සිරිසේන හෙවත් චීනාට එල්ල වී තිබූ චෝදනා යටතේ ඔහු තිස් නව වසරකට හිරේට නියම වූවෙකු විය. මවගේ හා පෙම්වතියගේ එකම ඉල්ලීම වූයේ හොඳ කල්ක්‍රියාවෙන් කාලයක් හිරගෙදර තුළ ගතකරන ලෙසයි. එසේ කල් ගෙවීම පොදු සමාවක් ලබා ගැනීමට හේතුවන බවටද ඔවුන් තුළ දැඩි විශ්වාසයක් විය.


    සිර ගෙදර තනි වූව ද චීනා තම ජීවිතයට යමක් සිරගෙදර දී එක්කර ගැනීමට උත්සුක විය. ඒ සිරගෙදර වූ ටේලර් පාටියට සම්බන්ධ වී ඇඳුම් මැසීමේ කලාව ප්‍රගුණ කිරීමය. කෙටි කලකින් එහි ප්‍රවීණයෙකු වූ චීනාගේ අපේක්ෂාව වූයේ සිරෙන් නිදහස ලැබූ දිනයෙක ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් කරගෙන යමින් කල් ගෙවීමය.


    චීනා තැන නොතැන නොබලා අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට තරම් එඩිතර සිතැත්තෙකි. බන්ධනාගාරය තුළ දී සිදුවන ඕනෑම අකටයුතුකමකදී ඇස් කන් පියා නොසිට සෘජුවම නිර්භයව මතය ප්‍රකාශ කිරීම චීනාගේ සිරිතය. ඔහු වටා පිරිස නිර්මාණය වීමටද ඔහුගේ මෙම ලක්ෂණය බලපෑවේය. සිරගෙදරට චීනා නායකයෙක් ඔහුගේ සමහර ක්‍රියාකාරකම් නවතාලීමට බන්ධනාගාර නිලධාරින්ටද නොහැකි වූ අවස්ථා බොහෝය.


    සතියකට වරක් ඔහු බන්ධනාගාරය තුළ පවත්වාගෙන ගිය බූරුපිටිය අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරිහූ කොතරම් තැත් දැරුවද නොහැකිවිය. ඔහු එතරම් සූක්ෂමය.


    ඔහුගේ සිර කුටිය එක්තරා අන්දමේ කුඩා පුස්තකාලයක් වැනිය. විවිධ දර්ශනවාදයන්හි, පර්යේෂණ ආදී විවිධ මාතෘකා ඔස්සේ ලියැවුණු ග්‍රන්ථ රාශියක් ඔහුගේ පරිශීලනයට විය. යම් දැනුම් මට්ටමක නිලධාරියෙකු හෝ සිරකරුවකු හෝ මුණගැසුණු විට ඔවුන් හා සාකච්ඡා කළේ වල්පල් නොවේ. මුසාවදන් ද නොවේ. ද්වන්ධාත්මක භෞතිකවාදය, සිග්මන් ප්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක මත ආදී වූ ගැඹුරු සාකච්ඡාවලට යාමට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය.


    ඕනෑම දෙයක් ක්ෂණිකව වටහා ගැනීමේ සියුම් බුද්ධියක් චීනා සතුවිය. එසේම අකටයුතු නිලධාරින් ගේ මුහුණටම කිව යුතු දේ කීමට තරම් චීනා නිර්භය ය. අවශ්‍ය තැන ඔවුන් උපහාසයට ලක් කිරීමට චීනා පසුබට නොවීය. බන්ධනාගාර නිලධාරින් පවා චීනා සමඟ ගැටුම් ඇති කර නොගැනීමට උත්සාහ දැරූයේ ඔහු තුළින් ප්‍රමුඛ වූ යහපත් ගතිගුණයන්ම නිසාවෙනි.


    බන්ධනාගාරගතව සිටි කාලසීමාව තුළදී පවා ඔහු තම ක්‍රීඩාවට සමු නොදුන්නේය. ඉඩ ලද හැමවිටෙකම මානසික සහනය ළඟා කර ගැනීම සඳහා චීනා ජිම්නාස්ටික් පුහුණුවේ යෙදිණි. ඊට කැමැත්තක් දැක්වු සිරකරුවන් පිරිසක්ද ඔහු වටා එක්ව ක්‍රීඩාව ඉගෙන ගත්තේය.


    එසේම බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අනුමැතිය ඇතිව බන්ධනාගාරය තුළදී සේම ඉන්පිටත ස්ථාන කිහිපයකදීම තම දක්ෂතා සේම තමා වටා සිටි කරාතේ ශිල්පය, චීනාඩි ශිල්පය ප්‍රගුණ කළෝ සහභාගී කරගෙන සන්දර්ශන මාලාවක් සංවිධානය කිරීමට ද චීනා සමත්විය. ඉන් ලද සියලු ආධාර මුදල් බන්ධනාගාර සුබසාධක සංගමයට පිරිනැමීමට ඔහු කටයුතු කළේය.


    එවකට බන්ධනාගාර කොමසාරිස් ධුරය දැරූ දෙල්ගොඩ මහතා චීනාගේ ගති පැවැතුම් පිළිබඳව පැහැදීමකින් සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර තිස් නමයකට හිරේට නියම වී සිටි චීනාට පොදු සමාව යටතේ නිදහස ලබාදීමට කටයුතු කරන ලෙස එවකට ජනාධිපතිධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතා වෙත ඉල්ලීමක් කළේය. එහි ප්‍රතිඵලය වූයේ 1981 දී චීනාට සිරෙන් නිදහස ලබා පිටවීමට අවස්ථාව හිමිවීමයි.


    සිරෙන් නිදහස ලබන චීනා පළමුව කළේ තමා වෙනුවෙන් දිවි කැප කර සිටි තම පෙම්වතිය වූ පද්මිනී සමඟ එක් වහළක් යටට වීමය. ඔහුගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ විය. ඔවුන්ගේ දිවිය තවත් ආලෝකවත් වෙමින් කිරිඳිවැල ප්‍රදේශයෙන් නව නිවසක් හා ඉඩමක් ඔවුන්ට හිමිවූයේ එවකට අගමැතිවරයාට පින් සිදුවන්නටය.


    මේ ප්‍රදානයත් සමඟම නව නිවසෙහි පදිංචිව මැහුම් ව්‍යාපාරය කරගෙන යාමට හැකියාව ලැබීම නව යුවළ ලැබූ භාග්‍යයක් විය.


    ජීවිතයේ අඳුරු යුගය අවසන් කරමින් නව අරුණැල්ලක් සිරිසේනගේ කැදැල්ලට වැටුණද ඔවුන්ට එය විඳීමට ඉඩ ලැබුණේ කෙටි කලක් පමණී.


    සිරිසේන මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වූයේය. ඔහුගේ එම පුරුද්ද ඔහුගේ ජීවිතය අවසන් කරනු ඇතැයි ඔහු කිසිදිනෙක නොසිතන්නට ඇත. දිනක් හොඳ හැටි මතින් සප්පායම් වී පාර දිගේ නිවස බලා යමින් සිටි සිරිසේන පොලිස් නිලධාරින් දෙදෙනෙකු දැක ගැනීමට ලැබුණි. මෙතෙක් කලක් සිරිසේනගේ හිතේ තැන්පත් වී තිබූ වෛරී සිතිවිලි දෝරේ ගලා යන්නට විය. නිලධාරින් හට පරුෂ වචනයෙන් බැණ වදිමින් ආරම්භ වූ ගැටුම නොසිතූ ලෙස දුර දිග ගියේය. චීනාගේ හැටි හොඳින්ම දත් නිලධාරින් දෙපළ ද තරමක් සළිත වූවාට සැක නැත.


    සිරිසේන බීමතින් මනස විකෘති වී සිටි බැවින් ඔහු කියන කරන දේ පිළිබඳ අවබෝධයක් ඔහුට ද නොවන්නට ඇත. බහින්බස් වන අතරතුර හිටි හැටියේම තම ඉනේ මෙතෙක් වේලා සඟවාගෙන සිටි පිස්තෝලයක් ඇද පොලිස් නිලධාරින් වෙත එල්ල කිරීමට චීනා පසුබට නොවීය. චීනා ගැන හොඳ සැලකිල්ලෙන් සිටි නිලධාරින් දෙපළ වහා ක්‍රියාත්මක විය. චීනා සමඟ පොර බදමින් ඔහු අත වු පිස්තෝලය උදුරා ගැනීම සඳහා වෙර දැරීය. මේ ගැටුම අතරතුර පොලිස් නිලධාරින් අතවූ බැටන් පොලු ප්‍රහාරයන් සිරිසේනගේ තැන නොතැන බලා පියඹා ගියේය.


    ගැටුම සමථයකට පත්වත් ම චීනා සිහිසුන්ව බිම ඇද වැටී සිටියේය. ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ ද චීනාගේ දිවි බේරා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. හිසට එල්ල වු බරපතල ප්‍රහාරයන් දෙකක් පිළිබඳව මරණ පරීක්ෂණය අවසානයේ හදිසි මරණ පරීක්ෂක තීරණය කළේය.


    තම ආත්ම ආරක්ෂාව පතා සිදුකළ පහරදීමක් බවට නීතිය ඉදිරියේ සනාථ කර ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.


    සිරිසේනට “චීනා”යන නම ලැබීමට දායක වූ චීනෙකුගේ මෙන් මදක් වැසුණු දෑස සඳහට ම වැසී ගියේ ඒ අයුරිනි. සුන්දර ළමා වියක් අහිමිව සමාජයේ අකාරුණිකත්වය විඳි චීනාගේ චරිතය සමාජයට පාඩම් රැසක් කියා දී අකාලයේ ම මිලින වී ගියේය.


    [FONT=&quot]නිමි.[/FONT]
    [FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.[/FONT]

    [FONT=&quot]
    signt.gif
    [/FONT]

    [FONT=&quot] .................................................. ......................................[/FONT]
    [FONT=&quot] ...::: පෙර ලියූ ලිපි එකතුව :::...[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot] [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්][/FONT]
    [FONT=&quot] මරන්න එපා අපි යාඥා කරමු[/FONT]
    [FONT=&quot] http://www.elakiri.com/forum/showthread.php?t=1440278[/FONT]

    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] මුලු පවුලම නැතිකරන්න මට ඕන වුණා[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440303[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [03] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] කම්බියෙන් හෙළි වූ මවගේ ඝාතනය[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440344[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]

    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    හසිත දිල්රුවන්
    [email protected]
    2012-06-07
    .................................................. .................................................. .......................


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්..

    pissu @$@$k thx post karata
    :lol::lol: උඹටත් ස්තුතියි මචං ප්‍රතිචාරයක් දැම්මට..

    ubanam maara buwek ban... rep +
    මම ගොඩක් ලිපි ලිව්වා බං අමාරුවෙන් තොරතුරු හොයලා පරණ පත්තර වලින් එහෙම.. ඒත් කවුරුවත් කියවන්නෙ නැති නිසා වැඩේ නවත්තන්න හදන්නෙ.. අපරාධෙ මචං මගේ මහන්සිය.. වැඩත් පාඩු කරගෙන කරන්නෙ.. තේරුමක් නෑ.:no:

    කාලවර්ණ දේහධාරී මරදන්කඩවල යකඩයා.
    [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව]
    නුවරඑළියේ ගිය දෝණිට මේ මොකද වුණේ ?
    යන්න එපා.. මාත් එනවා..
    ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..
    ..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..
    ..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..
    [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [03] [ශ්‍රී ලංකාව]
    [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්]

    ඔය තියෙන්නෙ මේ ටිකේ ලියපුවා.. තවත් ඇති.. ත්‍රඩ් යටින් ලින්කුව දාලා ඇති.. කැමති නම් කියවලා බම්ප් එකක් දාලා පලයන්.. කරදරයක් නැත්නම්..
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න

    Uba meka gaththe mokak hari paththarekin ne bun? Mama meka kalin kiyola thiyenawa wage mathakai
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න

    Uba meka gaththe mokak hari paththarekin ne bun? Mama meka kalin kiyola thiyenawa wage mathakai
    ඔව් අනිවාර්යෙන්ම මචං.. මේ තොරතුරු ගත්තෙ පුවත්පත් එකතුවකින්.. මම ඒවා හොයලා අරගෙන ටයිම් කරලා එළකිරියට දැම්මා.. මගේ ළග ස්කෑනර් එකක් නෑ.. අමාරුවෙන් ටයිප් කරලා දැම්මෙ.. ලින්ක් එක දාන්න කියලා දැම්මෙ මචෝ මගේ මහන්සිය නිසා.. කෙනෙක්ට කොපි කරන්න ලෙසියි.. ඒත් මම ඒක ලිව්වෙ ගොඩක් මහන්සිවෙලා ඒකයි.. සාධාරණයක් තියෙන්න එපැයි.. හසිත දිල්රුවන් කියන්නෙ අපරාධ පරීක්ෂණ ගැන ගොඩක් ලිපි ලියන පුද්ගලයෙක්.. සමහර විට එයා ගැන අහලත් ඇති.. මේක එයා ලියපු ලිපියක්.. එයාගෙ ලිපි බොහොම පැහැදිලියි.. :yes:
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඔව් අනිවාර්යෙන්ම මචං.. මේ තොරතුරු ගත්තෙ පුවත්පත් එකතුවකින්.. මම ඒවා හොයලා අරගෙන ටයිම් කරලා එළකිරියට දැම්මා.. මගේ ළග ස්කෑනර් එකක් නෑ.. අමාරුවෙන් ටයිප් කරලා දැම්මෙ.. ලින්ක් එක දාන්න කියලා දැම්මෙ මචෝ මගේ මහන්සිය නිසා.. කෙනෙක්ට කොපි කරන්න ලෙසියි.. ඒත් මම ඒක ලිව්වෙ ගොඩක් මහන්සිවෙලා ඒකයි.. සාධාරණයක් තියෙන්න එපැයි.. හසිත දිල්රුවන් කියන්නෙ අපරාධ පරීක්ෂණ ගැන ගොඩක් ලිපි ලියන පුද්ගලයෙක්.. සමහර විට එයා ගැන අහලත් ඇති.. මේක එයා ලියපු ලිපියක්.. එයාගෙ ලිපි බොහොම පැහැදිලියි.. :yes:

    Thread eke wachanayk dhekak edit karala me thread eke link eka dapan machan! etha kota kawuru copy kalath link ekakuth yanawa ne