නුවරඑළියේ ගිය දෝණිට මේ මොකද වුණේ ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවරඑළියේ ගිය දෝණිට මේ මොකද වුණේ ?

    Cover-05.jpg

    පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.


    නුවරඑළියේ ගිය දෝණිට මොකද මේ වුණේ ?

    මම වැලිමඩ ඉන්නේ. හෙට උදෙන්ම වැලිමඩට එන්න...”


    අමරදාස විසි එක් වැනිදා සවස දෝණිට කතා කොට කීවේය. පසුදා දහවල් වැලිමඩ යන්නට දෝණි ඇඳ පැළඳ ගත්තාය.

    “අද ඔය ගමන නොයනවානම් හොඳයි. මගේ පුතේ....” දෝණිගේ අම්මා පැවැසුවාය.

    “වෙනදාටත් මම යනවනේ අම්මේ. බයවෙන්න එපා දවස් තුනකින් එන්නම්. තාත්තාගේ දානෙත් ළඟයිනේ. ඒකටත් සල්ලි ටිකක් ඕනේනේ. ඒකත් මම ඉල්ලාගෙන එන්නම්.”

    ඩෙනිම් කලිසමකින් හා ඊටම ගැළපෙන ටී ෂර්ටයකින් හැඩ වැඩ වූ දෝණි තවත් ඇඳුම් කීපයක් ගමන් මල්ලේ ඔබා ගත්තේ අමරදාස සමඟ තෙදිනක් වැලිමඩ ඉන්නට ඕනෑ නිසයි. ඇඳුම් බෑගය ද කරේ දමා ගත් දෝණි අම්මාගේ දෙපා වැඳ නළලත සිප ගත්තේ වෙනදාටත් වඩා සෙනෙහසින්දෝයි අම්මාට හිතුණි.

    “එක අතකට මොකට මම බය වෙන්නද? දෝණි මේ යන්නේ එයාගේ කසාද මහත්තයා ළඟටනේ.”

    අම්මා හිත සැහැල්ලු කර ගත්තාය. මවගේ තුරුළෙන් මිදුණු ‘දෝණි’ කිරිල්ලියක මෙන් සැනින් පියාඹා යන හැටි දයාවතී මව ලෑලි නිවසේ උළුවස්ස යටට වී බලා සිටියාය. දෝණි ගියා ගියාම ය. නැවත ආවේ නැත. දයාවතීගේ හිත අතීතයට ගියේ ඈටත් නොදැනීමය.

    කරුණාමුනිගේ දයාවතී පනස් හත් හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ මව් කෙනෙකි. සැමියා මියගොස් මාස කිහිපයකි. දරුවෝ තිදෙනාම විවාහ වී දරු මල්ලන් ලැබ සිටියේ ය. මද්දුමි දියණියකි. ආදරේ වැඩිකමට හැමෝම ඇය ඇමතුවේ දෝණි නමිනි. ඒත් සැබෑ නම ශිරානිය.

    ශිරානි කිව්වම නොදන්නවා වුණාට ‘දෝණි’ කිව්වම නොදන්නා කෙනෙක් නැත. දුගී බව උපතින්ම රැගෙන ආවත් ‘දෝණි’ ඒ පැලේ දිදුළන පහන වූවාය. ඇහැට කණට පෙනෙන්නට සිටි ‘දෝණි’ ගැන කරුණාවතී අම්මා ආඩම්බර වූවාය.


    “දුප්පත් වුණත් මට ලස්සන දුවෙක් ඉන්නවා. ඇය සතුටු වූවාය. පයාගල මහගම්මැද්දේ පාසලේ නව වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් දෝණි ඉගෙනීමට ආසාවක් දැක්වූවාය. අනංග බැල්මෙන් බේරෙන්නට අපොහොසත් වූ දෝණි පයාගල තරුණයකු සමඟ දීග ගියේ යොවුන් වියට පා තබද්දීමය. ‘දෝණි’ අලුත් ජීවිතයක් ඇරැඹුවේය. පුතෙකු ද ලැබුවාය. පයාගල පොලිසිය හා ගැටුමක් ඇති කරගෙන ඔහු මියයනවිට දරුවා බහ තෝරන වියේ පසු වූයේය. ජීවිතයේ අගක් මුලක් සිතා ගන්නට නොහැකි වූ ‘දෝණි’ තම පුතුද සැමියාගේ මවගේ බාරයේ තබා නැවතත් පයාගල මවගේ සෙවණට පැමිණියේ ජීවිතයේ සියලු අපේක්ෂාවන් අහිමිවය.

    “අවුරුදු දහ හතේදී ‘දෝණි’ බැන්දේ. අවුරුදු දහ හතක් කියන්නේ හයක් හතරක් තේරෙන වයසක් ද? අපේ කීමත් අහන්නේ නැතිව තමයි දෝණි ඔය මඟුල කර ගත්තේ.”

    දෝණිගේ අම්මා අතීතය සිහිපත් කරයි. අවුරුදු විසි එකක් වන විට ‘දෝණි’ කණවැන්දුමියක් වී සිටියාය. යම්තමින් එදා වේල සොයා ගනිමින් දයාවතී මව ‘දෝණි’ ගේ දුක සැප බැලුවාය. සැමියාගේ වියෝවෙන් ඇතිවූ දුක නිවෙමින් හිඳි මොහොතක අමරදාස දෝණිට මුණ ගැසෙන්නේ අලුත්ගම නගරයේදී ය. අමරදාස නගරයේ සුපිරි වෙළෙඳසලක කළමණාකරුවෙකි. ‘දෝණි’ ඒ වෙළෙඳසලට ගොඩවූයේ බඩු ගන්නටය. එසේ දැන හඳුනාගත් අමරදාස ‘දෝණි’ට නිතර කතා කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ ඉතාම කෙටිකලකින් ‘දෝණි’ අමරදාසගේ පෙම්වතිය වීම ය. විසිපස් වියැති ‘දෝණි’ හතළිස් හතර හැවිරිදි අමරදාස සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වූයේ ඔහු විවාහක තිදරු පියෙකු බව ද දැනගෙන වීම විමතියකි.

    “මේ සම්බන්ධය දැන ගත්තම අපි දුවට බැන්නා. අවවාද කළා. ඒත් අමරදාස දුවට එයාගෙන් අයින් වෙන්න දුන්නේ නැහැ. අමරදාස දුවට කියලා තිබුණේ එයාගේ බිරියට පිළිකාවක්. අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. ඒ හින්දා දරුවෝ තුන්දෙනා බලාගෙන ඉන්න එන්න කියලා. ඒත් එහෙම ලෙඩක් ඒ නෝනාට තිබ්බේ නෑ. දෝණි කොච්චර විරුද්ධ වුණත් අමරදාස දෝණි මත්තෙම හිටියා. දෝණිට වෙන ජීවිතයක් ගැන හිතන්න ඉඩක් තිබ්බේ නැහැ. ඒ ගැන දෝණි හිටියේ දුකෙන්....”

    මීට වසර කිහිපයකට පෙර අමරදාස බලෙන්ම වාගේ දෝණිව රැගෙන ගම්පහ පදිංචියට ගිය හැටි දයාවතී මවට තවමත් මතකයි.

    ‘දෝණි’ත් එක්ක අපිත් ගියා. මාස හයක් විතර අපි දෝණිත් එක්ක හිටියා. දෙන්නා සතුටෙන් ඉන්නවාට වඩා අපි දැක්කේ රණ්ඩු වෙන එක. නිතරම පුතා දුවත් එක්ක රණ්ඩු වෙනවා. පුතා දුවට ගහනවා. මේවා බලාගෙන ඉන්න බැරි තැන අපි ඒ ගෙදරින් ආවා. ටික කාලෙකට පස්සේ දුවත් අපේ ළඟට ආවා.”

    කොතරම් දෙදෙනා ගහ බැන ගත්තත් ඒවා තිබුණේ මොහොතකට පමණි. සියලු අමනාපකම් මොහොතින් අමතක වීම දෙදෙනාගේම හැටිය. අමරදාසට ‘දෝණි’ නැතිව බැරිය. ‘දෝණි’ට ද අමරදාස නැතිව ම බැරිවිය. දෝණිට ඕන කරන්නේ මොනවාද ඒ සියල්ල අමරදාස අඩුවක් නැතිව කර දුන්නේය.

    “අමරදාස යමක් කමක් තිබ්බ කෙනෙක්. බාර්, ඉඩකඩම් එහෙම තිබුණා. කාර් තිබුණා. ගම වැලිමඩ වුණාට පවුලත් එක්ක පදිංචි වෙලා හිටියේ කඩවත පැත්තේ. ඒ පවුල වගේම දෝණි ගැනත් හොඳට සොයා බැලුවා. කෑමෙන් බීමෙන් කිසිදෙයක් අඩුවක් කළේ නැහැ. ඉල්ලන්නේ මොනවාද හැමදේම අරන් දුන්නා. යන්න ඕනේ කොහේද හැම තැනකටම එක්ක ගියා. සමහර වෙලාවට අපිවත් එක්කගෙන යනවා. දෝණිට පුදුම ආදරයක් වෙලාවකට තිබුණේ...” බොරු කියන්නේ මොකටද අපේ පවුලම නඩත්තු කළේ අමරදාස තමයි.”

    අමරදාස දෝණිට කෙතරම් ආදරය කළත් ඒ ආදරය සමඟ තිබුණේ සැකයකි. දයාවති මව පැවැසුවේ අමරදාස ‘දෝණි’ ව නිතර සැක කළ බවයි. බොහෝවිට ඒ වෙනත් පෙම් පළහිලව්වක් ගැන ය. සමහර විට ඒ ‘දෝණි’ අමරදාසට වඩා වසර දහ නවයක් ළාබාල වූ නිසා විය හැකි ය.
    1980 ඉපදුණු ‘දෝණි’ට අවුරුදු 31 කි. අමරදාසට හතලිස් නවයකි.
    “මේ දෙන්නා අතරේ විශාල වයස් පරතරයක් තිබුණා. දෝණි තනියම ගමනක් ගියොත් අමරදාසට සැකයි. එදාට ඉතින් රණ්ඩු තමයි. අමරදාසට පුදුම සැකයක් දෝණි ගැන තිබුණේ. අමරදාස කොච්චර ගහ බැන්නත් දෝණිගේ තිබුණේ පුදුම ආදරයක්. මේ ළඟදී දවසක් දෝණිව සැක කරලා රණ්ඩු කරලා ටී.වී. එක කුඩු කරලා දැම්මා. අමරදාසට හරියට කේන්ති යනවා.

    ”දයාවතී මව පැත්තකට විසි කොට ඇති රූපවාහිනි යන්ත්‍රය අපට පෙන්නුවාය. කැඩුණු රූප පෙට්ටිය තිබූ තැනට යාබදව තිබුණේ රත් පැහැති අපූරු රෝස පැළයකි. තද රත් පැහැ රෝස මලක් ද පිපී තිබුණි.
    “එක සැරයක් දුව වැලිමඩ ගිය වෙලාවක මේ රෝස පැළේ ගෙනාවේ. මේ මල් පැළේ දුව රැක බලා ගත්තේ හරිම ආසාවෙන්. අද ඒ පැළේ ලස්සන බලන්න මගේ දුව නැහැ.”

    පයාගල ගෝමරන්කන්ද පෙදෙසින් ස්ථිර නිවාසයක් මිලට ගෙන දුන්නේ අමරදාසය. අමරදාස ඒ නිවසේද රාත්‍රිය දෙක ගත කළේ ය. කඩවත නිවසේ ද සිටියේය. ඉඳ හිට වැලිමඩ උපන් ගමට දෝණි රැගෙන ගොස් දින තුන හතර හෝටල්වල රැඳී සිටියේය. පසුගිය විසි එක් වැනිදා වැලිමඩට ගිය අමරදාසව දෝණිව කැඳවා ගන්නට සිතක් උපන්නේය. කිව් සැනින් දෝණි එන බව අමරදාස දැන සිටියේය. පසුගිය විසි දෙවැනි දා දහවල ‘දෝණි’ වැලිමඩට යන්නේ එලෙස ලද ඇරියුමකිනි.

    දෙදෙනා වැලිමඩ දී හමුවී ඇත. සුපිරි හෝටලයක නවාතැන් ගෙන ද ඇත. එහෙත් ඒ දින කිහිපය අමරදාසත් දෝණිත් ගෙවූ හැටි දන්නේ දෙදෙනාම පමණි.

    “විසි පස් වැනිදා දුව ළඟ ගෙදරක ඉන්න මගේ අයියගේ දුවට කෝල් කරලා කියලා තියෙනවා; මට කන්න රුපියල් 1000 ක් දෙන්න කියලා. පහුවැනිදා එන බවත් කියලා තියෙනවා. ඒ කෝල් එක ඇවිත් තිබුණේ හවස 3.45 ට විතර. ඊට පස්සේ අපිට දුව ගැන දැන ගන්න ලැබුණේ පයාගල පොලිසියෙන්.

    ”පයාගල පොලිසියෙන් දයාවතී මවට දැන ගන්නට ලැබුණු ආරංචිය කිසිම මවකට දැරිය හැක්කක් නොවෙයි. ඒ තරමටම ඒ ආරංචිය නපුරුය.”

    ‘දෝණි’ නුවරඑළිය හෝටලයක් ඇතුළේ බෙල්ල කපලා මරා දාලා.
    ඒ වචන ඇයට ඇසුණේ සිහිනයක් ලෙසිනි. ඇයට සිහියත් නැතිවිය. මද්දුමිගේ ජීවිතය අකාලයේ අහිමිවී ගිය බව ඇයට තවමත් සිහිනයක් මෙනි.

    ‘දෝණි’ මට කතා කරනවා ඇහෙනවා. මේ ගෙයි එහා මෙහා ඇවිදිනවා වගේ පෙනෙනවා. අනේ වෙච්ච දෙයක්. ඇයි මගේ කෙල්ලට මෙහෙම දෙයක් කළේ. අපේ පවුලේ හැමදේම හොයා බලලා කළේ මගේ දෝණි. ‘දෝණි’ මේ ගෙදර තාත්තා වගේ. හරියට පිරිමියෙක් වගෙයි. මගේ කෙල්ලත් එක්ක තරහක් තිබුණා නම් අතක් පයක් කඩලා හරි ඉතුරු කරන්න තිබුණනේ. ඇයි මගේ රත්තරං කෙල්ලව මට නැති කළේ..
    දයාවතී ඇයට සිටි එකම ශක්තිය අහිමි වීමේ දුක දරා ගත නොහැකි ව තවමත් වැළපෙයි. දෝණිට එතරම් ආදරය කළ අමරදාස අතින් දියණියට මෙවන් විපතක් වේ යැයි ඇය කවදාවත් සිතුවේ නැත. ආදරේ කරපු හිතකින් මෙතරම් අපරාධයක් කළ හැකි ද?

    ‘දුවගෙයි අමරදාසගෙයි සම්බන්ධෙට අවුරුදු හයකට වැඩියි. පහුගිය අවුරුද්දේ අමරදාස නිත්‍යානුකූලව දෝණිව කසාද බැන්දා. අපට කිව්වේ පළමු කසාදෙන් ‘ඩිවෝස්’ වුණා කියලා. දෙන්නා අතර කොයිතරම් ආරවුල් තිබුණත් ගහ බැණ ගත්තේ ඒවා බත ඉදෙනකම් විතරයි. ඒත් මේ මෑතක ඉඳලා අමරදාස දුවට හරියට කරදර කළා. පුංචි වැඩකටවත් ‘දෝණි’ එළියට ගියොත් බෑණට සැකයි. ඉතිං රණ්ඩු කර ගන්නවා. පහුගිය කාලේ බෑණා නිතරම තරහෙන් හිටියේ. ‘දෝණි’ මොනවා කිව්වත් තරහ යනවා. අන්තිම අන්තිම වෙනකොට අමරදාස දෝණිගේ වියදම් සල්ලි දෙන්නත් අදි මදි කළා. මේ ප්‍රශ්නේ නිසා දෙන්නා අතර නිතරම අඩදබර ආරවුල් ඇතිවුණා.”

    කෙසේ හෝ වේවා මැයි මස 22 වැනිදා ‘දෝණි’ නිවසින් පිටව ගියේ කිරිල්ලියක බඳු ය. වැලිමඩ දී මුණ ගැහුණු අමරදාස සමඟ දෝණි නුවරඑළියට ගොස් ඇත. නුවරඑළියේ තුරඟ තරග පිටිය අබියස ඇති සුන්දර හෝටලයක මොවුහු නවාතැන් ගත්තේ දින කිහිපයක් ගත කරන්නටය. දෙමහල් හෝටලයේ ඉහළ මාලයේ සුව පහසු කාමරයක ඔවුහු ළැඟුම් ගත්හ.

    ආදරයේ මිහිරියාව ඕනෑවටත් වඩා විදිමින් ම අමරදාස දෝණි කැටුව නුවරඑළිය ටවුමට ගියේ තම ආදරවන්තිය කවදත් ලස්සනට අඳින්නට දක්වන රුචිකත්වය තේරුම් ගත් නිසයි. ‘දෝණි’ වඩාත් ම ආසා කරන ‘ඩෙනිම්’ කලිසමක් ගත්තා ය. ඊට ගැළපෙන ටී - ෂර්ට් එක තෝරා දුන්නේ දෝණිගේ ආදරවන්තයාය. තවත් අඩුම කුඩුම බොහෝමයක් අමරදාස ‘දෝණි’ ට රැගෙන දුන්නේ ය.

    ‘මට මන්නා පිහියක් අරන් දෙන්න’

    දෝණි කීවාය.

    ‘ඒ මොකට ද?’

    අමරදාස ඇසුවේය.

    ‘තාත්තාගේ තුන් මාසේ දානේ ළඟයි. දානේට...”

    කාරණාව තේරුම් ගත් අමරදාස දෝණිට මන්නා පිහියක් ද රැගෙන දුන්නේ ය. දෝණිට හොරා අමරදාස තවත් දෙයක් ගත්තේ ය. ඒ වහ කුප්පි දෙකකි. සියල්ල රැගත් දොණිත් අමරදාසත් ආදරයෙන් තුරුලු වී ත්‍රිවිලර්යකින් නවාතැන් ගත් හෝටලයට ගියේ කිසිඳු වෙනසක් නොමැතිවයි. දෝණිට හොරාම අමරදාස වස කුප්පි දෙක හෝටලයේ නාන කාමරයේ ‘කොමඩ්’ එක පිටුපස තිබ්බේ කාටත් නොපෙනෙන්නට ය. ඔවුහු රාත්‍රි කෑම වේල කාමරයටම ගෙන්නා ගත්හ.

    විසි හතර වැනිදා රාත්‍රිය කෙසේ කොහොම ගෙවුණේ ද යන්න දන්නේ දෝණිත් අමරදාසත් ම පමණි. පසුදාට පහන් විය. අමරදාස පාන්දරින් ම අවදිව හෝටලයෙන් පිටව ගියේ හෝටල් කාමරයේ සහය කොලුවාට නෝනා කාමරයේ ඉන්නා බවත් ඉල්ලූ විට තේ ලබා දෙන ලෙසත් පවසමිනි.

    ‘මම සල්ලි ටිකක් කාඩ් එකෙන් ගන්න ටවුමට ගිහිල්ලා එන්නම්’
    අමරදාස කිසිදු වෙනසක් නොපෙන්වා ගියේ ය. උදෑසන හත අට පසුවීය. එහෙත් ‘දෝණි’ අවධි වූයේ හෝ තේ ඉල්ලුවේ නැත. උදෑසන 9.30 ට පමණ අමරදාස කියූ වෙලාවට ත්‍රිවිලර් රියැදුරා පැමිණියේ ඇවිදින්න ගෙනයන්නටය. හෝටල් කාමරයට ගොස් සහයක කොලුවා දොරට තට්ටු කළේ ය. එහෙත් ඇතුළතින් කිසිදු ශබ්දයක් නොවීය. හෝටලේ කළමණාකරු පොලිසියේ සහය පැතුවේ ඉන් අනතුරුවය.

    නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ හෝටලයේ සේවකයන් හෝටල් කාමරයේ දොර විවෘත කළ සැනින් කාමරයෙන් වහනය වූයේ සැර ගඳකි. කාමරය සෝදිසි කර බලන විට තරුණියක් නිදා සිටි සයනයේ ම ගෙල වෙන් කොට මරා දමා තිබෙනු දක්නට ලැබිණි. ඒ සමඟම හිස් වස බෝතල් දෙකක් ද පොලිස් නිලධාරින්ට හමු විය. අමරදාස හෝටලයෙන් පිට වී ඇත්තේ වස කුප්පි දෙක පානය කිරීමෙන් අනතුරුවය.

    ඒ මොහොතේ ම පොලිසිය අවට පොලිසි දැනුවත් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙසින් වස පානය කළ වියපත් පුද්ගලයෙකු නානු ඔය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසියට සැලවීමත් සමඟ ත්‍රිවිලර් රියැදුරා සමඟ ගොස් ඒ දෝණි සමඟ හෝටලයේ නවාතැන් ගෙන සිටි අමරදාස බව හඳුනා ගත්තේ ය. ඒ වන විට අමරදාස කතා කළ හැකි තත්ත්වයක නොසිටි බව නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති කීර්ති රණවීර මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්. එම්. කරුණාරත්න මහත්වරු පැවැසූහ.

    දින තුනකින් නිවසට එන පොරොන්දුව මත නුවරඑළියේ ගිය ‘දෝණි’ නැවැත පයාගල නිවසට පැමිණියේ මිනී පෙට්ටියකින් වීම දයාවතී මවටත් සහෝදරයන්ටත් වටහා ගත නොහැකි වූහ. අද ‘දෝණි’ නිවස ඉදිරියේ ඇති සොහොන් පිටියේ පියා අසලින් ම නිදනු දකින මව මැරි මැරී උපදින්නීය. දොණිගේ වියෝවෙන් වැළපෙන අය අතර පුංචි ම පුංචි දැරියක ද වෙයි. ඇය සංජීවනී දියණියයි. වයස අවුරුදු තුනකට වඩා නැත. දෝණිගේ සහෝ

    දරයා ගේ දියණිය වුවත් මේ දියණිය දෝණි ඇමැතුවේ ‘දෝණි අම්මා’ නමිනි. දෝණි අම්මාගේ වියෝවෙන් සංජීවනී දියණිය සාංකාවෙන් පෙළෙයි. දෝණි ගේ ඡායාරූපයක් තුරුළු කර ගත් වනම ඇය දෝණි අම්මා එන පෙර මඟ බලා සිටී. ‘දෝණි අම්මා’ ආයේ කිසිම දිනෙක නොඑන බව මේ දියණියට කවදා නම් වැටහෙනු ඇද්ද?


    කෙසේ නමුත් දෝණිගේ මෙම අවාසනාවන්ත මරණය කියවා අමතක කොට දැමිය යුතු තවත් එක් මරණයක් නොවේ. මේ මරණය තරුණ දියණියන් ඇති මව්වරුන්ටත් පියවරුන්ටත් තරුණියන්ටත් සිතට ගත යුතු වැදගත් පණිවුඩයක් ඉතුරු කොට ඇත.

    ඒ තමාගේ දියණිය තෝරා ගන්නා සහකරුවා ගැන මව්වරු පියවරු හොඳින් සොයා බලා තීරණය ගත යුතු බවය. තමාගේ වයසට ගැළපෙන සහකරුවෙකු තෝරා ගැනීම සෑම තරුණියක් ම සිතට ගත යුතු ය.
    වත් පොහොසත් මිල මුදල් තිබූ පමණින් ම ඔහු ජීවිතයට සම්බන්ධ කර ගන්නවාද යන්න තරුණියන් සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතු ය. ජීවිත කාලයක්... මැරෙන තුරාවට තෝරා ගන්නා සහකරුවා ගැන වරක් දෙවරක් නොව දහ පාරක් සිතා තීරණ ගත්තත් කම් නැත. දෝණිට වැරැදුණේ එතැනය. හැඟීම්වලට මිල මුදලට වහල් වී ගත් වැරැදි තීන්දුවක් හිතුවක්කාර තීන්දුවක් නිසාවෙන් තරුණ වියේ දී ම ජීවිතයෙන් සමුගන්නට දෝණිට සිදුවිය. මෙය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි.

    සැකකරුගේ නම සත්‍යය නොවේ.


    [FONT=&quot]නිමි.[/FONT]
    [FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.[/FONT]

    [FONT=&quot]
    signt.gif
    [/FONT]

    [FONT=&quot] .................................................. ......................................[/FONT]
    [FONT=&quot] ...::: පෙර ලියූ ලිපි එකතුව :::...[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot] [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්][/FONT]
    [FONT=&quot] මරන්න එපා අපි යාඥා කරමු[/FONT]
    [FONT=&quot] http://www.elakiri.com/forum/showthread.php?t=1440278[/FONT]

    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] මුලු පවුලම නැතිකරන්න මට ඕන වුණා[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440303[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [03] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] කම්බියෙන් හෙළි වූ මවගේ ඝාතනය[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440344[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot][අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [04] [ශ්‍රී ලංකාව][/FONT]
    [FONT=&quot] චීනාගේ චිකාගෝ ගේම[/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1440353[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]


    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    මනෝලි සුබසිංහ
    ඡායාරූප – මධුසංක සමරකෝන්
    [email protected]
    2012-06-09
    .................................................. .................................................. .......................