ලේ තිත්තයා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )

    ඉතා දිප්තිමත් රතු වර්ණයකින් යුතු මාළුවකු නිසා ම ලේ තිත්තයා යැයි සිංහල බසින් හඳුන්වන මේ සත්ත්වයා පෙතියා තිත්තයා Puntius titteya නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්යි. චෙරි ගෙඩියේ පැහැයට සමාන රතු පැහැයක් ගැනීම හේතුවෙන් මේ මාළුවා චෙරි බාප් Cherry barp ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
    ශ්‍රී ලංකාවට ආවේණික ලේ තිත්තයා වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති බැවින් රතු දත්තපොතට ඇතුලත් කළ සත්ත්ව විශේෂයකි.
    1929 වර්ෂයේ දී සත්ත්ව විද්‍යාඥ පී.ඊ.පී. දැරණියගල මහතා විසින් මේ සත්ත්වයා ලෝකයට හදුන්වා දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. සෙමෙන් ගලායන ඉතා පිරිසිදු ජලය හා කොළරොඩුවලින් යුතු පත්ලක් සහිත ඇලමාර්ග මොවුන්ගේ වාසස්ථාන වී තිබේ. ප්‍රධාන ගංඟාවන්ට එකතුවන ඇල මාර්ගයන්හි දැකිය හැකිය. ඉතා සංවේදී සත්ත්වයෙකි. ජලයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා මොවුන්ට හානිකර වන බව පරිසරවේදීන් කියයි.
    ලේ තිත්තයාගේ වර්ණ ප්‍රබේද දෙකක් දක්නට ලැබෙයි. ඉතා දීප්තිමත් රතුවර්ණයෙන් යුතු ප්‍රබේදයක් හා මධ්‍ය රේඛාව හරහා දිගටි ඉරක් සහිත ප්‍රබේදයක් ඇත. පිරිමි මත්ස්‍යයා වඩාත් රත් පැහැයෙන් යුතු අතර ගැහැනු මත්ස්‍යයා වඩාත් දුඹුරු පැහැයට හුරුය.
    කැලණි ගංඟා නිම්නයේ සිට නිල්වලා ගංඟා නිම්නය දක්වා ගංඟා නිම්නයන්හි දක්නට ලැබෙයි. අභිජනන සමයේ දී පිරිමි මාළුවාගේ රත් පැහැය වඩාත් දීප්තිමත්වේ. ගැහැනු මත්ස්‍යයා ඇළ දොළ පත්ලේ කොළ රොඩු අතර සිය බිත්තර විසුරුවා හරියි.
    විසිතුරු මත්ස්‍ය අපනයනයේ දී චෙරි බාෆ් ලෙස හඳුන්වමින් ලේ තිත්තයන් බහුලව අපනයනය කිරීම හේතුවෙන් මොවුන් ස්වභාවික පරිසරයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇත. වනාන්තර විනාශයත් තේ වගාව, මැණික් ගැරීම හා කෘෂි රසායනික භාවිතය හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශවිම පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.



    Puntius_titteya_G_01.jpg


    titteya4.jpg


    CherryBarb1.jpg


    CherryBarb2.jpg


    IMG_4138EP.jpg


    Puntius-titteya-female.jpg


    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

    :lankadeepa
     
    Last edited:

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ade mun ape ge issaraha pokune innawa.

    ඉරිහඳයා , උඩහඳයා , ලේ තිත්තයා thundenama innawa :D

    Good Post
     
    • Like
    Reactions: djjaya