වීසා නැති සංචාරකයෝ -12 (ලොවිච්චියා)
එකිනෙකාට වෙනස් වූ වර්ණයෙන් ගෙල පිල් කළඹක් සහිත අපූරු පක්ෂි විශේෂයක් ලෙස ලොවිච්චියා හැඳින්වේ. පිරිමි සතුන්ගේ ගෙල වටා ඇති පිල් ගොමුව ලොවිච්චියක් වැනි වීම හේතුවෙන් ඔවුන්ට මේ නම ලැබී ඇත. ඉංග්‍රීසි බසින් රෆ් Ruff ලෙස හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාත්මකව වර්ගීකරණය කර ඇත්තේ ෆිලොමැචස් පුග්නැක්ස් Philomachus pugnax නමිනි.
බ්‍රිතාන්‍යයේ සිට සයිබීරියාව දක්වා නැගෙනහිර දෙසට උතුරුදිග සෞම්‍ය කලාපයේ සිටින ලොවිච්චියා ශීත සෘතුවේ දී ආහාර හිගවීත් සමග අප්‍රිකාව, දකුණු ආසියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු ඇමෙරිකා වේ ඇතැම් ප්‍රදේශවලට පියාසර කරයි.
ලොවිච්චියාගේ ගැහැනු සතුන්ට වඩා පිරිමි සතුන් විශාලත්වයෙන් යුතුය. ගැහැනු සතකු සෙන්ටි මීටර 20 ත් 25ත් අතර ප්‍රමාණයකින් වැඩෙන විට පිරිමි සතකු විශාලත්වයෙන් සෙන්ටි මීටර 25ත් 32ත් පමණ වෙයි. පැටවුන් බිහිකරන සමය ආසන්න වීමත් සමග ගැහැණු සතා හා පිරිමි සතා ඉතා පැහැදිලිව දැකිය හැකි ලිංගික ද්විරූපතාවක් පෙන්නුම් කරයි. අභිජනනයට සූදානම් වීමත් සමග පිරිමි සතාගේ හිස දෙපස වර්ණවත් සවන් පිල් ගොමුවක් හා ගෙන වටා ලොවිච්චියක් වැනි පිල් ගොමුව වර්ධනය වේ. එකම ආසන්නයේ සිටින පිරිමි සතුන් දෙදෙනකුගේ මේ පිල් කළඹ සමාන වර්ණයක් ගන්නේ ඉතා කලාතුරකිනි. එකිනෙකාගේ වෙනස් වර්ණ ගනී.
තම සහකාරිය තෝරාගැනීමට පිරිමි ලොවිච්චියෝ එළිමහන් ස්ථානයකට රැස්ව රංගනයේ යෙදෙති. ගැහැනු සත්තු මේ රංග භූමියේ දී තම සිත්ගන්නා සහකරු තෝරා ගනිති. ඔවුන්ගේ සංසර්ගය සිදුවන්නේ ද මේ රංග භූමියේ දී මය. පර්යේෂකයන් පවසන්නේ මෙවැනි රංග භූමියක මැද සිටින පිරිමි සතුන්ට එක් සහකාරියකට වඩා වැඩි ගණනක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවන බවයි. එමෙන් ම ගැහැනු සතුන් ද එකම රංග භූමියේ ස්ථාන කිහිපයකට හෝ රංග භූමි කිහිපයකට හෝ ගොස් තම සහකරු සොයා ගන්නා බව තහවුරු වී ඇත.
රත්පා සිලිබිල්ලා නමැති පක්ෂියාට බොහෝ සෙයින් සමාන රූපයක් සහිත ලොවිච්චියාගේ කකුල්වල පැහැය කහ වීමත්, පිට කයේ ස්වභාවය හා හොටය මුල රතු පැහැ නොවීමත් හේතුවෙන් රත් පා සිලිබිල්ලාගෙන් වෙන්කැර හඳුනාගත හැකිය.
බිම කැදැල්ලක් තනා වරකට දුඹුරු තිත් සහිත කොළ පැහැති බිත්තර 4ක් 5ක් දමයි.
ශ්‍රී ලංකාවේ පහතරට වියලි කලාපයේ මිරිදිය වගුරු, කුඹුරු කලපු ආශ්රිතයට පැමිණෙන මොවුන් මඩතුලට හොටයෙන් ඇණ සතුන් සොයමින් ද විටින් විට පිහිණමින් ද සතුන් අල්ලා ගිල දමයි.
වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)
වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)
වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)
වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)
වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)
වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)
වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)
වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)
වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා)
වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා)
වීසා නැති සංචාරකයෝ -11 (දම් පිළිහුඩුවා)
:lankadeepa