සබ්මැරීන දඩයම-හඳුන්වාදීම
පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවා වගේ යනුවෙන් කියමනක් ඔබ අසා ඇති.සිතන්න ඔබ එවැනි පිදුරු ගොඩවල් දහස් ගණනක් තුල එක් ඉදිකටුවක් සොයන්නේ යැයි කියා.ඔබට ඉදිකටුව හසුවන සැම විටම එය ඔබෙන් පලායන්නේ නම් හෝ ඔබේ ඇගිලිවල ඇනෙන්නේ නම් ? දැන් ඉදිකටුව ,සබ්මැරීනයක් යැයිද පිදුරු ගොඩවල් මහා සාගරය යැයිද උපකල්පනය කරන්න.ඔබේ මහා සාගරයේ සබ්මැරීනයක් සොයා යෑම යනු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමය නමින් හඳුන්වයි.මෙය නාවික සංග්‍රාම වල අතිශය අභියෝගාත්මක සහ භයානකම අධියරයකි.මෙහෙදී ඔබට භාවිතා කරන්නට වෙන්නේ ඔබේ දෘෂ්ඨිය නොව ශ්‍රවණ හැකියාවයි.
සබ්මැරීන් සොයාගැනීමෙන් පසුව ඒවා සංග්‍රාම සඳහා යොදාගැනීම බරපතල ලෙස නොසලකා හැර තිබිණි.නමුත් සබ්මැරීනය සංග්‍රාම සඳහා විප්ලවකාරී ලෙස යොදාගැනීම ගෞරවය හිමිවන්නේ ජර්මානුවන්ටය.ඒ ඔවුන් නිර්මාණය කල යූ-බෝට්ස් නම් සබ්මැරීන පළමු සහ දෙවන ලෝක යුද සමයන්හි යොදාගැනීම ඔස්සේය.එහිදී ජර්මන් හමුදා සබ්මැරීන සිය ගණනක් යොදාගෙන නාවික සහ වෙළඳ නෞකා හඹා ගොස් ප්‍රහාර එල්ල කරන ලදි.එම සිද්ධීන් නිසා සබ්මැරීන සොයා වැනසීමේ ක්‍රමවේදයන් වේගයෙන් සංවර්ධනය විය.ඉන්පසු ගෙවී ගිය සෑම දශකයක් පසාම සබ්මැරීනවල වේගය,නිහඬබව සහ මාරකත්වය දියුණුවිය.සබ්මැරීනවලට එරෙහි උපාය උපක්‍රමවලද සීඝ්‍ර වෙනසක් සිදුවූයේ න්‍යෂ්ඨික සබ්මැරීන පැමිණීමත් සමගයි.
න්‍යෂ්ඨික සබ්මැරීන යනු දියයට සංග්‍රාමවල විප්ලවයයි.ඇමෙරිකා එක්සත් ජනපදය,රුසියාව ආදී ප්‍රබල රටවල් සතුව තිබෙන දියුණුතම න්‍යෂ්ඨික සබ්මැරීනවලට ඉන්ධන නොමැතිව මාස ගණනක් වුවද සාගර පතුලේ සිටිය හැකිය.ඒවා සම්ප්‍රදායික ඩීසල් සබ්මැරීනවලට වඩා වේගවත්ය.තවද ඒවාට ඩීසල් සබ්මැරීන ගමන් කරන ගැඹුර මෙන් දෙගුණයක් ගැඹුරට කිමිදීමට හැකිය.මෙම හේතු නිසා න්‍යෂ්ඨික සබ්මැරීනවලට එරෙහිව උපාය මාර්ග සැලසුම් කිරීම අසීරු වී තිබේ.
මුල් කාලීන සබ්මැරීනවලට ඒවාහි බැටරි ආරෝපණය කරගැනීමට දින කිහිපයකට වරක් ජලය මතුපිටට පැමිණීමට සිදුවූ නිසා සතුරන්ට අනාවරණය වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගන්නා ලදි.නමුත් දැන් සබ්මැරීනවලට දීර්ඝ කාලයක් සාගර පතුලේ සැඟවී සිටීමට පුලුවනි.ඔවුන්ගේ වේගයද වැඩිවී තිබෙන නිසා පෙරට වඩා දියුණු අවි දැන් අවශ්‍ය වී තිබේ.
සබ්මැරීන විනාශ කිරීමට යොදාගන්න ප්‍රාථමික අවි වන්නේ ඩෙප්ත් චාර්ජස්(Depth charges) සහ ටෝර්පිඩෝය.ඩෙප්ත් චාර්ජස් යනු දැන් ක්‍රමයෙන් අභාවයට යන අවියකි.නමුත් ටෝර්පිඩෝ භාවිතය ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් තිබේ.මුල් කාලීන ටෝර්ෆිඩෝ සතුව ඉලක්කය සොයායෑමේ හැකියාවක් නොතිබුණි.නමුත් නූතන ටෝර්පිඩෝ සතුව ඉලක්කය සොයා යෑමේ හැකියාව තිබේ.
Depth charges යනු අධිබලැති පුපුරණද්‍රව්‍ය අඩංගු බෝම්බයකි.සතුරු සබ්මැරීනයක් අනාවරණ වූ විට එම බෝම්බයක් අදාල ස්ථානයට විසිකරනු ලබයි.එය ජලයට යටට ගමන් කර යම් ගැඹුරකදී පිපිරී යන සේ නිර්මාණය කර තිබේ.
සබ්මැරීන සොයාගැනීමට භාවිතා කරන ප්‍රාථමික සංවේදකය වන්නේ සෝනාර්ය.එහිදී ශබ්ද තරංග යොදාගෙන ජලය තුල තිබෙන වස්තූන් හඳුනා ගනියි.පසුගිය දශක ගණනාවක් තිස්සේ සෝනාර් තාක්ෂණයද සෑහෙන දියුණුවක් අත් කරගෙන තිබේ.
Source:defencyclopedia.com
-HarshaLulzSec-

German U-Boats

USS Nautilus - ලොව පළමු න්‍යෂ්ඨික සබ්මැරීනය
න්‍යෂ්ඨික සබ්මැරීන යනු දියයට සංග්‍රාමවල විප්ලවයයි.ඇමෙරිකා එක්සත් ජනපදය,රුසියාව ආදී ප්‍රබල රටවල් සතුව තිබෙන දියුණුතම න්‍යෂ්ඨික සබ්මැරීනවලට ඉන්ධන නොමැතිව මාස ගණනක් වුවද සාගර පතුලේ සිටිය හැකිය.ඒවා සම්ප්‍රදායික ඩීසල් සබ්මැරීනවලට වඩා වේගවත්ය.තවද ඒවාට ඩීසල් සබ්මැරීන ගමන් කරන ගැඹුර මෙන් දෙගුණයක් ගැඹුරට කිමිදීමට හැකිය.මෙම හේතු නිසා න්‍යෂ්ඨික සබ්මැරීනවලට එරෙහිව උපාය මාර්ග සැලසුම් කිරීම අසීරු වී තිබේ.
ඩොල්ෆින් ක්ලාස් ඩීසල් සබ්මැරීන - ඊශ්‍රායල මේවාහි දියුණු කල සංස්කරණ භාවිතා කරයි
මුල් කාලීන සබ්මැරීනවලට ඒවාහි බැටරි ආරෝපණය කරගැනීමට දින කිහිපයකට වරක් ජලය මතුපිටට පැමිණීමට සිදුවූ නිසා සතුරන්ට අනාවරණය වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගන්නා ලදි.නමුත් දැන් සබ්මැරීනවලට දීර්ඝ කාලයක් සාගර පතුලේ සැඟවී සිටීමට පුලුවනි.ඔවුන්ගේ වේගයද වැඩිවී තිබෙන නිසා පෙරට වඩා දියුණු අවි දැන් අවශ්‍ය වී තිබේ.
Depth charges
ටෝර්පිඩෝ
සබ්මැරීන විනාශ කිරීමට යොදාගන්න ප්‍රාථමික අවි වන්නේ ඩෙප්ත් චාර්ජස්(Depth charges) සහ ටෝර්පිඩෝය.ඩෙප්ත් චාර්ජස් යනු දැන් ක්‍රමයෙන් අභාවයට යන අවියකි.නමුත් ටෝර්පිඩෝ භාවිතය ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් තිබේ.මුල් කාලීන ටෝර්ෆිඩෝ සතුව ඉලක්කය සොයායෑමේ හැකියාවක් නොතිබුණි.නමුත් නූතන ටෝර්පිඩෝ සතුව ඉලක්කය සොයා යෑමේ හැකියාව තිබේ.
Depth charges යනු අධිබලැති පුපුරණද්‍රව්‍ය අඩංගු බෝම්බයකි.සතුරු සබ්මැරීනයක් අනාවරණ වූ විට එම බෝම්බයක් අදාල ස්ථානයට විසිකරනු ලබයි.එය ජලයට යටට ගමන් කර යම් ගැඹුරකදී පිපිරී යන සේ නිර්මාණය කර තිබේ.
සබ්මැරීන සොයාගැනීමට භාවිතා කරන ප්‍රාථමික සංවේදකය වන්නේ සෝනාර්ය.එහිදී ශබ්ද තරංග යොදාගෙන ජලය තුල තිබෙන වස්තූන් හඳුනා ගනියි.පසුගිය දශක ගණනාවක් තිස්සේ සෝනාර් තාක්ෂණයද සෑහෙන දියුණුවක් අත් කරගෙන තිබේ.
සබ්මැරීන දඩයම ලිපියේ හඳුන්වාදීම මෙලෙස නිමා කරමි.මෙම ලිපියේ තවත් කොටසකින් හමුවෙමු.
දෙවන කොටසින් හමුවෙමු
සබ්මැරීන සම්බන්ධ වෙනත් ලිපි
සබ්මැරීන සම්බන්ධ වෙනත් ලිපි
පළමු ලෝක යුද්ධයේ ජර්මන් සබ්මැරීනයක්
සබ්මැරීන සොයා යන දඩයක්කරුවා
රුසියානු කළු කුහර
විශාලතම සබ්මැරීන හමුදා
Source:defencyclopedia.com
-HarshaLulzSec-
Last edited: