බඩ ටිකක් වැඩි වගේ නේද

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,436
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    බඩ ටිකක් වැඩි වගේ නේද

    ඔන්න මචන්ලා අදත් මම ගේනවා අලුත් ත්‍රෙඩ් එකක්.හැබැයි මේකේ තියෙන දේ නම් අලුත් දෙයක් නෙමෙයි ගොඩක් අය දන්න දෙයක්.අද කාලේ ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම.මටත් ඒ කරදරය තියෙනවා.ඉතින් මම හෙව්වා සරලව කරන්න පුළුවන් දෙයක් ගැන.එතකොට මට හම්බුනා Honey Lemon Ginger Tea එක ගැන විස්තර.එකේදී නමේ හැටියටම හදාගන්න පාවිච්චි කරන්නේ මී පැණි , දෙහි , ඉගුරු කියන අමු ද්‍රව්‍ය ටික.මමත් මේක පාවිච්චි කරන්න අරන් තාම දවසයි.මේකේ ප්‍රතිපලයක් තියෙනවද නැද්ද කියල ඉතින් බලාගන්න වෙන්නේ පාවිච්චි කරලා ටික කාලයක් ගියාට පස්සේ තමයි.

    හරි අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියල.මේ වැඩේට අපිට ඕන කරනවා පහත ද්‍රව්‍ය.

    මී පැණි.
    දෙහි හෝ ලෙමන්.
    ඉගුරු.
    මද රස්නේ තියෙන වතුර.
    දෙහි , ඉගුරු කපාගන්න පිහියක්.
    ජෝගුවක් .
    මිශ්‍රණය කලවම් කරන්න හැන්දක්.

    හරි අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියල.


    • මුලින්ම අපිට සිද්ද වෙනවා දෙහි ගෙඩිය කුඩා තීරු වලට කපාගන්න.
    • ඉගුරු කබල්ලත් පොතු සුද්ද කරලා කුඩා තීරු වලට කපාගන්න.
    • ඉගුරු කැබලි සහ දෙහි කැබලි මීපැණි හැදී දෙකක් සමග ජෝගුවට දමාගන්න .
    • මද රස්නෙන් තියෙන වතුර එක ජෝගුවට දමාගෙන හැන්දකින් මිශ්‍රණය කලවම් කරගන්න.

    වැඩේ මෙච්චරයි කරන්න තියෙන්නේ.දැන් ඉතින් මේ මිශ්‍රණය නිවෙන්න තියල උදේටයි , හවසටයි කෑමට පයකට පමණ පෙර කෝප්පයක් ගානේ බොන්න තියෙන්නේ.

    මේකේ විස්තරය හැටියට කියල තියෙන්නේ,


    • ඉගුරු මගින් අපේ අහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.
    • දෙහි මගින් අනවශ්‍ය මේදය ඉවත් කරනවා.
    • මී පැණි මගිනුත් අනවශ්‍ය මේදය ඉවත් කිරීම සහ , අහාර ජීර්ණ පද්දතිය කරමවත්ව පවත්වාගෙන යනවා.

    මේ පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් මේක හදාගන්න හැටි.




    ඉතින් බලමු මේක පාවිච්චි කරලා කොහොම වෙයිද කියල.



    [FONT=&quot]මගේ කලින් ත්‍රෙඩ්[/FONT]

    Java Keylogger
    හොරෙන් රින්ගමු
    Message Encrypt/Decrypt
    Bluetooth Boombox (DIY)
    Arduino Wireless Communication 01
    Arduino Wireless Communication 02
    Arduino Shift Registers
    Wireless Home Automation System
    Arduino PIR Sensors
    RGB Acrylic Table Deco (DYI)
    [FONT=&quot]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]

    [FONT=&quot]මගේ බ්ලොග් එකට.[/FONT]


    [FONT=&quot]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.


    [/FONT]
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ යුරාජ් බඩාටම දාපු ත්‍රෙඩ් එකක්. එල. :cool:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ නම් හොදයි මචං.
    මේකේ තියන කිසිදෙයක් අගුන නැති නිසා අව්ලක් නෑ.
    නමුත් මී පැණි උණු වතුරට දාන්න එපා කියලා වෙදකමේ කියනවා මම අහලා තියනවා. ඒ නිසා උණු වතුර වෙනුවට නිවුනු වතුර යොදාගන්නව නම් හොදයි කියන එකයි අදහස.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    වැඩේ නම් හොදයි මචං.
    මේකේ තියන කිසිදෙයක් අගුන නැති නිසා අව්ලක් නෑ.
    නමුත් මී පැණි උණු වතුරට දාන්න එපා කියලා වෙදකමේ කියනවා මම අහලා තියනවා. ඒ නිසා උණු වතුර වෙනුවට නිවුනු වතුර යොදාගන්නව නම් හොදයි කියන එකයි අදහස.

    මෙතැනදී ගන්නේ නටන ජලය නෙමෙයි බන් , මද රස්නෙන් තියෙන වතුර , ඒ කියන්නේ පොඩ්ඩක් රස්නෙන් තියෙන්න ඕනේ , ඇර කිසිම අමුද්‍රව්‍යක ගුණ නොනැසෙන තරමේ රස්නයක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙතැනදී ගන්නේ නටන ජලය නෙමෙයි බන් , මද රස්නෙන් තියෙන වතුර , ඒ කියන්නේ පොඩ්ඩක් රස්නෙන් තියෙන්න ඕනේ , ඇර කිසිම අමුද්‍රව්‍යක ගුණ නොනැසෙන තරමේ රස්නයක්.

    එල එල
    රස්නය තියන කිසිම ඖෂධයක් එක්ක මි පැණි මිශ්‍ර කරන්න එපා කියලා කියනවා. රස්නේ තියන දෙයක් එක්ක මිස්‍ර කරාම මී පැණි වල ගුණ නැසෙනවා වගේම මී පැනි මද විසක් බවට පත්වෙනවා කියලත් කියනවනේ. ඒ ගැන අහලා තියන නිසයි කිව්වේ.

    දැන් හොයාගත්තු මෙන්න මේ ආටිකල් එකේ http://archives.dinamina.lk/arogya/art.asp?id=2015/07/08/apg08_1
    මෙහෙම තියනවා.

    මී පැණි විෂයි

    මී පැණි සමඟ උණු වතුර මිශ්‍ර වූවහොත් මී පැණිවල ගුණ විනාශ වී යයි. එසේම විෂ ගති තත්තවයක් ද ඇතිවිය හැකියි. ඖෂධ මිශ්‍ර කිරීමේදී ඒවා හොඳින් නිවුණු පසු මී පැණි සමඟ මිශ්‍ර කිරීම සුදුසුයි.

     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    පට්ට මචන්.වැදගත් ත්‍රෙඩ් එකක්. මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා.
    රේප්++