විශාදය 3 - ශරීරයට බලපෑම
මම විශාදය කලින් පෝස්ට් දෙකෙන් කතා කලා විශදයට බලපාන මූලික කරුනුත්, ඊට එරෙහිව මනස පුහුනු කරන ආකාරයත් ගැන.
විශාදය කලින් පෝස්ට් එක බලපු නැති අය මෙතනින් බලන්න..
#psychiatry dd
අද මම කතා කරන්න හිතුවේ විශාදයේ ශාරීරික බලපෑම.
විශාදය කියන්නේ මානසික රෝගී තත්වයක් බව අපි කවුරුත් දන්නා දෙයක්.නමුත් මෙහි මානසික වගෙම, කායික බලපෑම් ද තියෙන්වා...
1. මධ්‍යය ස්නායු පද්ධතිය.
විශේශයෙන් වයසක පුද්ගලයින්ගේ විශාදය නිසා මතකය අඩු වීම, යම්කිසි දෙයකදී ප්‍රතික්‍රියා කාලය වගෙ දේ අඩු වෙන්න පුලුවන්. නමුත් මෙය ගොඩාක් වෙලාවට මග හැරෙන රෝග ලක්ශනයක් මොකද වයසක අයගේ මෙය සාමන්‍යය දෙයක්.
විශාදයේ රෝග ලක්ශන ටිකක් ගමු---
1. අධික ශෝකය, කම්පාව.
2. තමන් වරදකාරයෙක් යයි යන හැගීම.
3. හිස්බව හා බලාපොරොත්තු රහිත බව.
නමුත් බොහෝ විට මේ හැගීම් විශාදය සහිත පුද්ගලයාට කියාගන්නට තෙරෙන්නේ නැහැ. තේරෙන්නෙත් නෑ... ඒ වෙනුවට මේ හැගීම් පිටතට එන්නේ කායික ක්‍රියාවක් හරහා. හොදම උදාහරනය තමයි ඇඩීම. විශාදය තියෙන අයගෙ ලක්ශනයක් නම් හේතුවක් නැතුව එකපාරටම අඩනවා. ඒ මේ හැගීම් පිට කරන විදිහ. නැත්නම් තරහා යනවා... දැන් එහෙම ඇඩෙන, තරහ යන හැමෝම හිතන්න එප තමුන්ට විශාදය කියලා.. ඒකට තව ලක්ශන ගොඩාක් එකතු වෙන්න ඔනේ..
විශාදය ඇති පුද්ගලයාට සෑමවිටම වෙහෙසයි, නින්ද යන්නේ නෑ. ඒ වගෙම නුරුස්සන ගතිය, තරහව, කිසි දේකට අශාවක්, සතුටක් නැතිකම, ඒ වගෙම සාමන්‍යය බෙහෙත් වලින් සුව නොවන හිසරදය, ඇග පත වේදනාව.
තවද සාමන්‍යය දෛනික වැඩ කටයුතු කරගෙන යාමට නොහැකියාව, මතකය අඩු වීම, සිත එකග කරගැනීමට නොහැකියාව, තීරන ගැනීමේ නොහැකියාව.
විශාදයෙන් පෙලෙන සමහරුන් මධ්‍යසාර, මත්ද්‍රව්‍යය වලට පවා ඇබ්බැහි වෙනවා (ඇබ්බැහිවීම් ගැන "විශාදය" ලිපි පෙලෙන් පසු "ඇබ්බැහිවීම් සහ මනෝවිද්‍යාව" යන මාතෘකාව යටතේ කතා කරනවා.)
ඒ වගෙම භයානකම දේ තමයි සාමන්‍යය පුද්ගලයෙක්ට වඩා සියදිවි හානි කරගැනීමේ හැකියාව 25ස් ගුනයකින් පමන වැඩි වෙනවා..
ඉහතින් කතා කල සියලුම ලක්ශන ඇතිවන්නෙ විශාදයෙන් මධ්‍යය ස්නායු මද්ධතියට ඇති බලපෑම නිසායි.
2. ආහාර ජීර්න පද්ධතිය.
විශාදය ඇති පුද්ගලයෙකුගේ අහාර රුචියද වෙනස් වෙනවා.
සමහර විට අදික බඩගින්න නිසා අදිකව ආහාර ගැනීමෙන් (Obesity) තරබාරු වෙනවා. ඒ හරහා වෙන වෙන රෝග වැලදිය හැකියි. (දියවැඩියාව වැනි.)
සමහරවිට ආහාර රුචිය සම්පූර්නයෙන් නැතිවී, ආහාර ගැනීමට ඇති ආශාව නැති විය හැකියි.
ජීරන පද්ධතිය සම්බන්ද රෝග ලක්ශන කීපයක් නම්.
1. බඩේ කැක්කුම.
2. මලබද්දය.
3. මන්දපෝශනය.
මේ සදහා 100% ඖශධ සාර්තක වන්නේ නැහැ, නියමිත ආහාර රටාව හුරු විය යුතුයි.
3. හෘත් වාහිනී පද්ධතිය.
මම කලින් පෝස්ට් එකකත් කිව්වා විශාදය හා ආත්තියෙදී ආතතිය සම්බන්ද හෝමෝන නිපදවෙනවා කියලා.(Stress Hormone). එම හෝමෝන මගින් අපගේ රුධිර නාල සංකෝචනය කරනවා, එවිට අපගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. එවිට රුධිර පීඩනය වැඩිවී, හෘදයේ ගැස්ම ඉහල යන්වා, එනම් හෘදය මගින් වැඩි ශක්තියක් වැය කරනවා. මෙය කාලයක් පැවතීමෙන් හෘදයාබාධයක් හෝ ආඝාතය තත්වයක් ඇතිවෙන්න පුලුවන්.
4. ප්‍රතිශක්තීකරණ පද්ධතිය.
විශාදය මගින් අපගේ ප්‍රතිශක්තීකරණයට බලපාන සෛල දුර්වල කිරීමක් සිදු කරනවා.
ඒ වගෙම මෙමගින් ඔස්ටියොආතරයිටිස්, ඇදුම රෝගද ඇති කරනවා.
මේවා ගැන දීර්ගව ගැඹුරට අපිට කතා කරන්න පුලුවන්, නමුත් මම මෙය මෙතනින් නවත්තනවා, පහලින් පොඩි රූපයක් දාන්නම් දැනගැනීමේ පහසුවට.
ඊට කලින් මම පොඩි අමතර දෙකුත් එකතු කරන්නම්.. මම මගේ පලමු පෝස්ට් එකේ කතා කල විශාදයේ මූලිකම හේතු ගැන.
ඒ වගෙම අපි වැඩිය කවුරුත් නොහිතන හේතුත් තියනව.. ඒ ටිකක් ගැන කතා කරන්නම්..
1. දුම් පානය -
ඔබට මතක ඇති මම මුල්ම පෝස්ට් එකේ කත කලා විශාදයට බලපාන රසායනික දෙකක් ගැන, සෙරොටොනින් (serotonin) සහ ඩොපමින් (Dopamin).මේවා අඩුවීමෙන් විශාදය ඇතිවෙන්න පුලුවන් කියල මම කිව්ව. අපි දන්නවා දුම්වැටි වල තිබෙන ප්‍රදාන සංඝටකයක් තමයි "නිකොටීන් (Nicotine)" කියන්නේ.. මේ නිකොටීන් මගින් මම ඉහත කිව්ව සෙරොටොනින් (serotonin) සහ ඩොපමින් (Dopamin) අසීමිත ලෙස වැඩි කරන්වා, ඒවා වැඩි උනාම අපේ තිබෙන සියලෞ දුක් අමතක වෙන්ව, දුක් අමතක වෙන්වාට වඩ වෙන්නේ, ඉතා ඉහල සතුටක් ඇති වෙන එකයි, නමුත් අපිට හිතෙන්නේ දුක අමතක උන කියලයි..
සතුට වැඩිවෙනවානම් කොහොමද විශාදය ඇති වන්නේ???
දුම්වැටිය පානය කරන තුරු නිකොටීන් බලපැම තියෙන්ව, ඉවර උන ගමන් නැවතත් සෙරොටොනින් (serotonin) සහ ඩොපමින් (Dopamin) සාමන්‍යය මට්ටමට පැමිනෙනවා, අයෙ සතුට අඩු වෙලා යනවා, ඉතින් අපි අර සතුටට ආස නිසා අයෙත් දුම් පානය කරනවා, ඔන්න ඔහොමයි දුම්පානයට ඇබ්බැහි වෙන්නේ.
දැන් මෙහෙම ටික කාලයක් යනකොට අපෙ මොලය ඉහල , සෙරොටොනින් (serotonin) සහ ඩොපමින් (Dopamin) මට්ටම් වලට හුරු වෙනවා, දැන් මොලය සාමාන්‍යය සෙරොටොනින් (serotonin) සහ ඩොපමින් (Dopamin) මට්ටම් ලෙස අදුරගන්නේ එ ඉහල මට්ටමයි, එවිට දුම් පානයෙන් පසුව එන සාමාන්‍යය මට්ටම අදුරගන්නේ පහල මට්ටමක් ලෙසයි. මේ විදිහටයි දුම්පානයෙන් විශාදය ඇතිවන්නේ.
2. තයිරොයිඩ් ග්‍රන්තියේ රෝග.
මන්දතයිරොයිඩතාව (Hypothyroidism) යනු තයිරොයිඩ් හොමෝන නිපදවීම අඩු උන විට ඇතිවන තත්වයකි, තයිරොයිඩ් හොමෝන මගින් සෙරොටොනින් මට්ටම පාලනයක් සිදු කරන්ව, තයිරොයිඩ් හොමෝන අඩු වන විට සෙරොටොනින් ප්‍රමානයද අඩු වෙන්ව,
මෙම තත්වය දිගු කාලීනව පැවතුනහොත් විශාදය ඇති විය හැකියි.
නමුත් මෙහිදී ඇතිවන විශාද තත්වය මන්දතයිරොයිඩතාව (Hypothyroidism) පාලනය කිරීම මගින් සුව කල හැක.
3. නින්ද නැතිකම.
විශාදයෙන් නින්දට හානි වෙනවා වගෙම තමයි, හොද නින්දක් නැතිවිටද විශාදය ඇති විය හැකියි.
නින්ද අඩුවෙන් ලැබෙන විට, මොලයේ සෛල වලට ලැබෙන විවේකය අඩු වෙන්වා, එවිට සෛල ක්‍රියාකාරිත්වය අඩාල වෙන්වා.. මෙමගින් විශාදය ඇතුලු විවිද රෝග ඇතිවිය හැකියි.
4. අධ්ක Facebook භාවිතය.
මේකනම් මම මගේ කලින් ත්‍රෙඩ් එකක අහපු ප්‍රශ්නෙකට පිලිතුරක් විදිහට ලබ දුන්න, ඒකම මෙතන පේස්ට් කරන්නම්
මෑතකදී හදුන්වා දුන්නා Facebook Depression කියල එකක්. Facebook පමනක් නෙවේ මෙය සෑම Internet addict (අන්තර්ජාලයට ඇබ්බැහි වූ) කෙනෙක්ටම බලපාන දෙයක්
මෙහිදී වෙන්නේ අන්තර්ජාලයට ඇබ්බැහි වූ පුද්ගලයා සාමන්‍යය මනුශ්‍යය ආශ්‍රයෙන් බැහැර වෙන්වා. හුරුව නැතිවෙන්වා. ඔහුට මිනිසුන් ගැවසෙන තැන් වල ඉන්න කොට මානසික ආතතියක් එනවා.
ඒ වගේම තමයි ඒ පුද්ගලය බාහිර පරිසරය ගැන ඇති කරගන්නා දර්ශනය නැත්නම් මතය වෙනස්.. එය සත්‍යය මතයක් නොවේ, තමන් අන්තර්ජාලයෙන් ලබාගන්නා දෙවල් අනුව ඇතිකරගන්නා මතයක්, එ කියන්නේ ඔහු ජීවත් වන්නේ මවාගත් ලෝකයක් තුල. සත්‍යය ලොකයෙ සිදුවන දේවල් ඔහුට තෙරෙන්නෙ නැහැ, දරගන්න බැහැ, එයින් ඔහු මානසිකව විදවනවා.
මේවගේම තමන් FB හා අනෙකුත් Social media ඇතිකරගෙන තිබෙන ජනප්‍රියත්වය, පෞරුශය ඇත්ත ජීවිතයේ නොලැබෙන විට, FB තමන් දරන මත ඇත්ත ජීවිතයේ හමුවන්නන් පිලිනොගන්නා විට ඒ දරාගන්නට මේ පුද්ගලයාට අපහසුයි..
ඉතින් අවසානයේ නවතින්නෙ මානසිකව විදවීමකින්..
සැ.යු : නමුත් මෙය දෛනුකව උනත් පොඩි වෙලාවක් FB ගියා කියලා ඇති වෙන දෙයක් නෙවේ... ඕනවට වඩා ඒ මත්තෙම ජීවත් වෙන අයට තමයි මේක වෙන්නෙ...
5. ආසාවෙන් නරඹපු TV series එකක් හෝ Movie එකක් අවසන් වීම..
හරිම බොලදයි වගෙ, නමුත් මෙක සිදුවෙල තියෙන්වා, අර FB එකෙ වගෙම තමයි, සමාන්‍යය ලොකයෙන් බැහැර වෙලා මේවාට සමවැදීමක් වෙන්වා. එවිට මේව අවසන් උනාම විශදයට පවා යන්න පුලුවන්..
වසර කීපයකට පෙර 2009 දී විකශය වූ AVATAR යන චිත්‍රපටය බැලූ අය සැලකිය යුතු ප්‍රමානයක් මේ තත්වයට මුහුන දීලා තිබුනා. ඒ වගෙ තව Movie series එකක් තමයි HarryPotter.
6. තම ආහාරයට මාලු අඩුවෙන් එක් කර ගැනීම.
මාලු වල තියෙන ඔමෙගා - 3 (විශේශයෙන් සැමන් වැනි ) අඩුවීම මගින් විශාදය ඇතිවෙන්න පුලුවන්..
7. උපත් පාලන පෙති.
උපත් පාලන පෙති දීර්ග කාලීනව භාවිතා කරන කාන්තාවන්ද විශාදයට මුහුන දෙනවා යැයි සොයගෙන තියෙන්වා, නමුත් තවම නිශ්චිත හේතුවක් නම් සොයගෙන නැහැ.
8. මේවාට අමතරව තවත් හේතු කිහිපයක් නම්..
> සමහර ඖෂද.
> දුර්වල සහෝදර බැදීම්.
> ජීවත්වන පරිසරය.
> කාළගුණ විපර්යාස.
එහෙනම් මෙතනින් මම අද පෝස්ට් එක නවත්වන්නම්.
මගේ ඊලග ත්‍රෙඩ් එකෙන් විශාදයට ලබදෙන ඖෂද කෙතරම් දුරට සාර්තකද යන්න කතාකරන්නට හිතුවා, මොකද මට PM වගයක් ආවා බෙහෙත් ගත්තාට කමක් නැද්ද, දැන් කාලයක් තිස්සේ ගන්නවා අඩුවක් නැ කියල, පිලිතුරක් ලැබෙයි ඊලග ත්‍රෙඩ් එකෙන්..
( My next Thread - විශාදය 4 - විෂාදනාශක කෙතරම් දුරට සාර්තකද? )
හොදනම් රෙප් එකක් දීල යන්න.
ස්තූතියි... සුබ දවසක්
විශාදය 2 - මානසික විසදුම් 6 ක්.
විශාදය 1 - බලපාන ප්‍රධානතම කරුනු 6.
ව්‍යායාම තුලින් මානසික සුවය.....
EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))
Mental Illnesses - Don't GiveUP... Be strong.
මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).
10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.
STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම.

Pic courtesy - healthline.com
My Previous threads