ජීවිතය වෙනස් වේවි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවිතය වෙනස් වේවි

    එක්තරා ප්‍රදේශයක මඩ වලක ගෙම්බෙකු ජීවත් වුනා. "මඩ වලක ඉන්න උබ මහ කාලකන්නි ගෙම්බෙක්" කියා මේ මඩ වල ලගින් යන මිනිසුන් ගෙම්බට අවමන් කලා. මේ කිසිවකින් නොසැලුනු මේ ගෙම්බා තමුන්ගේ එදිනෙදා වැඩ ටික හරියටම කරගෙන ගියා. මේ විදිහට කාලයක් ගත වුනා.

    එක් දිනක් උදෑසන අවදි වී බලන විට, ගෙම්බට හිතා ගන්නවත් බැරි දෙයක් සිදු වී තිබුනා.

    ඒ මඩ වලේ නෙළුම් මලක් පිපි තිබුනා. "මගේ ලිපිනය වෙනස් කලා! මම දැන් ඉන්නේ මඩ වලක නෙමෙයි විලක" කියා ගෙම්බා කාටත් පෙනෙන විදිහට දැන්වීමක් සවි කලා.

    පසු සටහන
    ඔබේ ජීවිතය මේ අවස්ථාවේ කුමන ස්වරුපයක තිබුනත්, ඔබ දැන් ගතකරන ජීවිතය පිලිබදව මිනිසුන් ඔබට කෙතරම් නින්දා අපහස කලත්, ඒ කිසිවකින් නොසැලී ඔබව සාර්ථක කිරීමට ඉවහල් වන තමුන්ගේ එදිනෙදා වැඩ ටික හරියටම කරගෙන යන්න. ඔබගේ ජීවිතය නොසිතූ අවස්ථාවක ඔබවත් කිසිවිටක නොසිතූ විදිහකට වෙනස් වේවි.

    මගේ කලින් පෝස්ට්ස්:

    උපදෙස් ටිකක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24620093

    ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24596910

    Upwork ගොඩදාගමු!
    http://www.elakiri.com/forum/showthread.php?p=24601982

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1861765

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
    http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

    ගොඩ යමු (3) BPO සහ KPO
    http://www.elakiri.com/forum/showthread.php?p=24350810

    මාකටින් උදවු
    http://www.elakiri.com/forum/showthread.php?t=1893636

    චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1893966

    චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
    http://www.elakiri.com/forum/showthread.php?p=24371362
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    සමහර ප්‍රශ්න කාළය විසදනවා තමයි. :cool: ඒ කාළය උදා වෙනකල් අපි අපේ වැඩ සාමාන්‍ය විදිහට කරගන යන්න ඕනේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,914
    1
    28,129
    113
    සම්පූර්ණ ඇත්ත කතාව . අපේ ජීවිත වල අපල කාලය කියන්නෙ පෙර අකුසල් පලදෙන කාලෙකට . හැබැයි අපි ගොඩදෙනෙක් (මමද ඇතුලුව) අපේ අපල කාල ගෙවන්නෙ තව ආත්ම භව වලට අකුසල් රැස්වෙන විදියට කේන්ති ගිහින් දෙමව්පියනගෙ හිත් රිදවල, එක්කො හිතේ වේදනාවට බීමට ඇබ්බැහි වෙලා.

    ඒ නිසා අපේ අපල කාලවලදී කරන්න ඔනෙ දේ තමයි පිනට දහමට යොමුවෙලා තමන්ගෙ වැඩ සාමාන්‍ය විදියට කරගෙන යන එක. අපිට ඊට පස්සෙ ජීවිතේ හරියනවා.
     
    • Like
    Reactions: ehseres

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සම්පූර්ණ ඇත්ත කතාව . අපේ ජීවිත වල අපල කාලය කියන්නෙ පෙර අකුසල් පලදෙන කාලෙකට . හැබැයි අපි ගොඩදෙනෙක් (මමද ඇතුලුව) අපේ අපල කාල ගෙවන්නෙ තව ආත්ම භව වලට අකුසල් රැස්වෙන විදියට කේන්ති ගිහින් දෙමව්පියනගෙ හිත් රිදවල, එක්කො හිතේ වේදනාවට බීමට ඇබ්බැහි වෙලා.

    ඒ නිසා අපේ අපල කාලවලදී කරන්න ඔනෙ දේ තමයි පිනට දහමට යොමුවෙලා තමන්ගෙ වැඩ සාමාන්‍ය විදියට කරගෙන යන එක. අපිට ඊට පස්සෙ ජීවිතේ හරියනවා.

    අත්දැකීමෙන් ඇත්ත කියලා කියනවා සහෝ ඔයාගේ කථාව
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,914
    1
    28,129
    113
    අත්දැකීමෙන් ඇත්ත කියලා කියනවා සහෝ ඔයාගේ කථාව

    මගේ ජීවිත අත්දැකීමත් ඕකම තමයි සහෝදරයා. මගේ ජීවිතේ කාලකන්නිම කාලය
    වෙච්ච 2006 - 2013 අතර මම දෙමව්පියන්ගෙ හිත රිදවෙන විදියට හැසිරුනු එක ගැන මම තාමත් කියාගන්න බැරි තරම් පසුතැවෙනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගේ ජීවිත අත්දැකීමත් ඕකම තමයි සහෝදරයා. මගේ ජීවිතේ කාලකන්නිම කාලය
    වෙච්ච 2006 - 2013 අතර මම දෙමව්පියන්ගෙ හිත රිදවෙන විදියට හැසිරුනු එක ගැන මම තාමත් කියාගන්න බැරි තරම් පසුතැවෙනවා.

    Gedarin Salli horakn krla kudu ghuwada?
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    සම්පූර්ණ ඇත්ත කතාව . අපේ ජීවිත වල අපල කාලය කියන්නෙ පෙර අකුසල් පලදෙන කාලෙකට . හැබැයි අපි ගොඩදෙනෙක් (මමද ඇතුලුව) අපේ අපල කාල ගෙවන්නෙ තව ආත්ම භව වලට අකුසල් රැස්වෙන විදියට කේන්ති ගිහින් දෙමව්පියනගෙ හිත් රිදවල, එක්කො හිතේ වේදනාවට බීමට ඇබ්බැහි වෙලා.

    ඒ නිසා අපේ අපල කාලවලදී කරන්න ඔනෙ දේ තමයි පිනට දහමට යොමුවෙලා තමන්ගෙ වැඩ සාමාන්‍ය විදියට කරගෙන යන එක. අපිට ඊට පස්සෙ ජීවිතේ හරියනවා.

    Meka nm aththa thamai bro