සිංහාසනාවරණය

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    සිංහාසනාවරණය


    මෙවිට රජ්ජුරුවෝ ඌරුවංශයා විචාරන්නාහු”තොප කීවා සැබැව ආචාරීනි,ඉදින් අපි ඇම කුමක් කරමෝදැයි” ඇසූහ.
    ඉක්බිත්තෙන් ඌරුවංශයා එක් උපායෙක් සිතාපියා රජ්ජුරුවන්ට ඉතා රහසිගතවැ කීවාහුය.එය මෙසේ යයි දතයුතුය.


    “වන්නාටය මහරජ,එක් උපායෙක් ඇත.මේ හා සමාන අනෙක් උපායෙක් නැත්තේය.මුඹ වහන්සේ හා මා පමණක් දන්නා පරිද්දෙන් එක් ක්‍රීඩාවක් සංවිධානය කරන්නෙමු.එය වනාහි සිංහාසනාවරණය නමි.මෙහිදී කවරක් සිදුවන්නේද යත් මුඹ වහන්සේ රජ ශ්‍රීය වැළැඳුවා ඇතැ.දැන් ඉදින් හිසෙහි නර කෙසක්ද පහළවූහ.ඝන කාලවර්ණ උඩු රවුලද දැන් දැන් ඉදෙන්නේල.මහත්වූ රාජ සම්පත් කෙරෙහි මුඹ වහන්සේ කළකිරුණෝල.වනගතවැ තවුස්දම් රැකපියන්නට කාලය එළැඹ ඇතැ.ඉදින් රජශ්‍රීය අනුභවකොටැපියන්නට රිසි කෙනෙකුන් මහජන ප්‍රසාදය පෙන්වාපීනම් ඌ තුමූ සිංහාසනාරූඪ කොටැපියා මුඹ වහන්සේ විශ්‍රාම සුවයට පත්වන සේකැයි අණබෙරයක් ලවාපියයුතුය.එවිට සෙන්පෝකයා රාජශ්‍රීය විඳගැනීමේ ලෝභයෙන් මුඹ වහන්සේ හමුවට පැමිණෙන්නේය.එකල්හි මම් අසූකෙළක් ඇමැති මඬුල්ලද සමඟ පසල් දනව්වට වැදී”සෙන්පෝකයා වනාහි රාජ ද්‍රෝහියෙක,ගුණමකුවෙක,වරක් රජ්ජුරුවන් දුන් මහානුභාවසම්පන්න අතිපාලක නිලයද දමාපියා පැලෑහ,මූ අතිශය අසංවේදී,කිසිදු පළපුරුද්දක් නැති සොර කොල්ලෙක.මූ වනාහි කරපය මස්වා දඟගෙයි ලාපීම යුක්තය.අප ඇමට ඉදින් වෙන රජක් කුමටැ,මුඹ වහන්සේම චිරාත්කාලයක් අප ඇම ගසාකමින් වුව සංවේදීවැ රට පාලනය කරත්වායි” මහත් කොටැ සෝලි කරවමි.


    මෙවිට මුඹ වහන්සේ වහා වහා තෙල සෙන්පෝකයා කරපය මස්වාපියා රටවැසියා අමතා මෙසේ ප්‍රකාශකටයුතුය.


    “මාගේ අමන රටවැසියනි,මා හට විශ්‍රාම සුව විඳින්නටැ වුව තොපි ඇම අවසර නොදෙන්නාහුය.මාගේ සංවේදී පාලනයමැ ඉල්ලාපියා පසල්දනව්වෙහි සෝලියක්ද අටගෙන ඇතැ.ඉදින් රටවැසියාගේ අභිප්‍රාය නොතැකීම අයුක්තිසහගතයැ.එබැවින් සිංහාසනාවරණය අවලංගු කොටැපියා මම්මැ රට කරවමි.ඉදින් මෙසේ තිබියදී අද උදාසනක්සේම සෙන්පෝක නැමැත්තෙක් මා මරාපියා සිංහාසනාරූඪ වන්නට තැත්කළාහු අපගේ පරීක්ෂ්‍යාකාරීභාවය හමුවේ උන්ගේ තැත ව්‍යර්ථකොටැපියන ලදී.ඉතාමැ මෘදු ලෙස උන්ගේ කරපය මස්වාපියා සුරක්ෂිතවැ තබා ඇත.ඉදින් මාගේ සතුරා වුවද උන්ට කුරා කුහුඹුවකුගෙන් වත් හානියක් නොවනායුරින් ඌ තුමූ සත්මහල් ප්‍රාසාදයෙක මතු මාලෙහි තැන්පත්කොටැ ඇත්තාහයි”රටවැසියා මුළාකොටැපීම නම් යහපතැයි කීහ.


    Thanks a lot for original writer. :) :)



    Original :- http://palaamalla.wordpress.com/2010/02/23/සිංහාසනාවරණය/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    සෙන්පෝක Revolution


    කල් යල් බලාපියා ඌරුවංශයාගේ නියමය පරිද්දෙන් රජ්ජුරුවෝ සිංහාසනාවරණයට දින නියම කැරවූහ.ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආතතිනන්ද නම් මහළු පුරුෂයෙකුට පවරන ලදහ.


    මෙහිදී කිසිවෙකුත් නොසිතූ විරූ දෙයක් සිදුවිය.එනම් සංසාරගතවැ ජන්මාන්තර වෛරයෙන් පෙළෙන්නාවූ වේදේහයාද,ඝණ්ඨාර භාරකාර සෞම්‍යවඞ්ශිකයාද සෙන්පෝකයාට සහාය පිණිසැ පැමිණියේල.


    එය කෙසේ සිදුවීදයත් වේදේහයාද,සෞම්‍යවඞ්ශිකයාද ඒඒ තන්හි සිය පිරිස් රැස්කරවාපියා මෙසේ අණබෙරලැවූ යයි දතයුතුය.
    “ශරීරයේ අධෝභාගයේ වුවැ මංචාඩියක පමණ වුවැ ඉස්මොළ පිහිටියාවූ මහජනතාව වෙත බුද්ධිගෝචරවය,තෙල සිංහාසනාවරණයෙකැයි තොපි ඇම මුළාකොටැපියා ස්වකීය බඩගෝස්තරවාදී ඨානාන්තරය රැකගන්නට රජතෙමේ මානබලයි.ඉදින් ඒ වළකාපියනු පිණිස තොපි ඇම පරික්ෂ්‍යාකාරීවුව මනාය.අප ඇමගේ මහජන ප්‍රසාදය ලැබපියා උක්තවූ බඩගෝස්තරවාදයෙන් තොපි ඇම ගලවාගනු පිණිස හංස ධජය පෙරැටුකොටැගෙන මහසෙනෙවි සෙන්පෝක තෙමේ පැමිණෙන්නාහ.හුදෙක් උන්හට නතුවව.ඌ තුමූ සිංහාසනාරූඪ වූ ඇසිල්ලෙන් තොපි ඇම සමෘද්ධ කොටැපියනු නියතය.”


    මේ අසා මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ප්‍රමුඛ අසූ කෙළක් ඇමැති මඬුල්ල අත්ලෙන් අත්ල ගසා සෙනෙන්නාහු මෙසේ පරිච්ඡින්න කොටැපීය.


    “කොළ මුග්ධ රටවැසියනි,තෙල වේදේහයාත්,සෞම්‍යවඞ්ශිකයාත් ජන්මාන්තරවැ වෛරයෙන් පෙළෙන්නාහ.ඉදින් කිසිකලෙකත් උන් දෙපළ අතර සමඟි සංධියක් ඇතිවිය නොඇක්ක.තොපි මුළානොවව.රජ්ජුරුවෝ වනාහි අතිශය සංවේදි පළපුරුදු එකෙක.උන් වනාහි පාරම්පරකවැ සතළිස්දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු යුවරජකම් කොටැ ඇත්තාහ.සතළිස්දහසක් හවුරුදු රජකම් කොටැ ඇත්තාහ.උන්ගේ පළපුරුද්දැ මහතැ.හුදෙක් මහරජ්ජුරුවන්ටම නතුවව.ඌ තුමූ තොපි ඇම ගසාකාපියනමුත් එය සංවේදීවමැ කරන්නාහ.


    මේ සියල්ල අසාපියා මහාජනයා චඤ්චල සිත් ඇත්තාහු.රජ්ජුරුවන්ගේ කවටබස් මරුත්තු නොකොටැ සෙන්පෝකයා පිරිවරාගත්තාහුය.


    රජ්ජුරුවෝ මේ බව පාරම්පරික ශබ්දයෙන් දැනපියා මහත් භීතියට පත්වන්නාහු “කොළ දැන් දැන් සෙන්පෝකයාගේ මහජන ප්‍රසාදය වැඩෙන්නේය.තෙල ඌරුවංශයා මා මේ මරඋගුලට අසුකොටැපීය.මෙවිට මා නැතැ.වහ වහා ඌරුවංශයාම කැඳවාපියා කළමනා දන්නෙම්වේදැයි”සිතූහ.


    ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ඌරුවංශයා කැඳවා විචාරන්නාහු”ආචාරීනි මුඹගේ උපාය වනාහි දැන් දැන් සාධනය නොවනැ අයුරුය.සෙන්පෝකයා මහාජන ප්‍රසාදය වඩාගෙනැ ඇතැ.මෙවිට අප ඇම කුමක් කරමෝදැයි”ඇසූහ.


    මෙවිට ඌරුවංශයා කියන්නාහු”මහරජ තවද ඇම්මුන මැනව.දැන් ඉදින් අප විසින් මණ්ත්‍රණයකොටැපියන ලද අයුරින් රට වැස්සා වඤ්චාකොටැපීම දුෂ්කරය.‍මුඹ වහන්සේගේ බටු මලණු තැන්පත් භක්ෂිශීලයා හා මා හා එක්වැ එක් උපායෙක් සිතාපියන ලදී.මේ හා සමාන අනෙක් උපායෙක් නැතැ.මේ වනාහි ජිල්මාට් නම් උපක්‍රමයෙකැ”යි රජ්ජුරුවෝ අස්වසාපීහ.


    Thanks a lot for original writer. :) :)


    Original :- http://palaamalla.wordpress.com/2010/03/02/සෙන්පෝක-revolution/


    සිංහාසනාවරණය :- http://www.elakiri.com/forum/showthread.php?t=512244