2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම

    පහුගිය ටිකේ මරනතර්ජන හිටන් එල්ල උනා බයික් ත්‍රෙඩ් එකක් දාපිය කියලා.. කොහෙද ඉතින් වෙලාවක්.. හොන්ඩා, සුසුකි සුපර් බයික් ගැනත් කලින් කියපු එකේ ඔන්න අද උස්සන් ආවා යමහා එකක්.. යමහා කිව්වට නිකන්ම නිකන් යමහා නෙමේ සුරිම යමහා බඩ්ඩක්..2012හේ YFZ - R1 එක

    12_splash_r1_01_withVideo_9TTHCYF.jpg


    අනේ ඉතින් මරා රජතුමාටයි පුත් කුමාරවරුන්ටයි රජ පව්ලටයි පින්සිද්ද වෙන්න අපිට දැන් ඉන්දියන් බයික් එකක්වත් ගන්න බැරි කරලනේ තියෙන්නේ.. තරහකට නෙමේ, වැටිලා තුවාලවෙයි කියලා.. ඉතින් මොන R1 ද? විස්තර ටිකක් වත් හොයලා බලලා ආතල් එකක් ගම්මු

    12_splash_r1_02_withVideo_DCVJFB3.jpg


    මුලින්ම මෝල ගැන කිව්වොත් මේකේ එන්නේ 998cc දාරිතාවක් තියෙන ද්‍රව සිසිලන සිව් පහර DHOC වෑල් 16ක එන්ජිමක්.. ඒවගෙම ඉන්ටේක් වෑල් ටයිටේනියම් වලින් නිශ්පාදිතයි
    78.0mm X 52.2mmක බෝර් එකකුත් 12.7:1ක සම්පීඩන අනුපාතෙකුත් මේ මෝල සතුයි
    ඉන්දන සැපයුම ගැන කිව්වොත් මේක YCC-T සහ YCC-I යුතු ෆුවල් ඉන්ජෙශන් පදදතියක් හරහා ක්‍රියාත්මක වෙනවා.. දැන් උබට කියන්න පුලුවන් මචන් මොන බූරුවටද බැරි මෙහෙම බොර් එකයි කම්ප්‍රෙශන් රේශියෝ එකයි සයිට් එකකින් මෙතෙන්ට බාලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා.. ඇත්ත ඒක නිසා තමයි මම ඊලගට කියන්න යන්නේ මොනවද මේ අලුතෙන් කියපු වචන කෑලි, ඉංග්‍රීසි අකුරු කෑලි කියලා
    ඉස්සෙල්ලම බලමුකෝ මොකක්ද DHOC මේ කියන්නේ කියලා. මට මතක විදිහට හොන්ඩා CBR එක ගැන කියනකොටත් මම ඕක කිව්වද මන්දා.. ඔය DHOC කියන්නේ මචන් DUAL OVER HEAD CAM කියන එකයි. ඒ කියන්නේ SHOC එන්ජිමේ අනිත් පැත්ත. (s= single ) ඒ තනි ඕවර් හෙඩ් කෑම් ඇන්ජිමේ අනිත් එක. මේ ක්‍රම දෙකේම හුගාක් වාසි තියෙනවා, මේන්ටෙනන්ස් පහසුව ඒ වගේම පුශ් රොඩ් ඉවත් කිරීමේ පහසුව, ස්මූත් එකේ මෝල දිවීම වගේ කතන්දර. සාමාන්නයෙන් මචන් ඕවර් හෙඩ් කෑම් ඇන්ජින් දුවන්නේ රබර් ටයිමින් බෙල්ට් එකක් එක්ක..
    එතකොට මොන හුයන්නද YCC-T & YCC-I injection system කියන්නේ.. ඕක යමහම ඔබපු එකක් මයෙහිතේ මෙන්න මේ වීඩියෝ එකෙන් ඒ ගැන බලන්න පුලුවන්


    ඒ වගෙම TCI ඉග්නීශියන් පද්දතියක් .. ඒ කිව්වේ ට්‍රාන්ස්සිස්ටර් මගින් පාලනය වන ඉග්නීශියන් සිස්ටම් එකකුත් යොදාගෙන තියෙනවා..ඒවගෙම ගියර් හයක (with w/multiplate slipper clutch) ගියර් පෙට්ටියකුත් තියෙනවලු

    ගැස්සිල්ල පැද්දිල්ල


    ඉදිරිපස සම්පූර්නයෙන් සීරුමාරු කල හැකි ඉන්වර්ටඩ් ෆෝර්ක් යුගලයකුත් පිටිපස්සට 4 ආකාරයකට සීරුමාරු කල හැකි w/piggyback තනි ශොක් එකකුත් යොදාගෙන තියෙනවා

    බ්‍රේක් ගෑන කිව්වොත් ඉස්සරහා කැලිපරේ පිස්ටන් හයකින් යුතුයි, මිලිමීටර 310ක ඩිස්ක් දෙකක් තමා හිර කොරලා දෙන්නේ.. පිටිපස්සනම් මිලි මිටර 220සේ ඩිස්ක් එකක් තනි පිස්ටන් එකේ කැලිපරයකින් හිරකරල තමා නවත්තලා දෙන්නේ

    Yamaha-R1-static-1.jpg


    new-2012-yamaha-yzf-r1-blue-white-stand.jpg


    ටයර් -
    Front 120/70ZR17
    Rear 190/55ZR17

    ගැලුම් 4.8ක ටැන්කියක් තියෙන මෙයාගේ තෙල් වැඩකිරිල්ල ගැනනම් කියන්නේ ගැලුමට සැතපුම් 33යි කියලයි

    yamaha_r1_2012_2.jpg

    new-2012-yamaha-yzf-r1-raven.jpg

    ඔන්න පොඩි පොඩි තව විස්තර ටිකකුත් දැම්මා

    Primary Reduction Ratio 65/43 (1.512)
    Secondary Reduction Ratio 47/17 (2.765)
    Gear Ratio - 1st Gear 38/15 (2.533)
    Gear Ratio - 2nd Gear 33/16 (2.063)
    Gear Ratio - 3rd Gear 37/21 (1.762)
    Gear Ratio - 4th Gear 35/23 (1.522)
    Gear Ratio - 5th Gear 30/22 (1.364)
    Gear Ratio - 6th Gear 33/26 (1.269)



    රෙපක් එහෙම දීලා බම්ප් පාරක් එහෙම දාලා යනවනම් සතුටුයි ඔන්න

    තෙරුවන් සරනයි!!!


    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533
     
    Last edited:

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    machan,me wage ewa dala ape asawal wedi karala danna epa ban.punchi punchi ewa dapanko.FZ,Hornet,Bendit wage ewa.udenma oluwe amaruwat heduna.
    B
    U
    M
    P
    .
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan,me wage ewa dala ape asawal wedi karala danna epa ban.punchi punchi ewa dapanko.FZ,Hornet,Bendit wage ewa.udenma oluwe amaruwat heduna.
    B
    U
    M
    P
    .

    හා හා මරා මාමා කියලා තියෙන්නේ උබලා CT 100 එකක්වත් ගන්න එපා කියලා..නිකන් හීන මවන්න එපා.. අනේ අපේ පුත් කුමාරවරුවත් අපිට බලන්න මේකක් ගෙනාවොත්....
     
    • Like
    Reactions: kterulz

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    gay unp bastards, unp අඳෝනාව, unp අපතයෝ

    මොකෙක්ද මෝඩ්යෙක් ටැග් තුනක් දාලා.. මෝඩයා කිව්වේ අදාල නැති තැන අදාල නැති දෙයක් දාපු නිසා..
    උබ හිතන්නේ මම UNP කියලද? මට ඔය බඩේ බැදගත්ත දේශපාලනයක් නෑ බන්
    UNP අපතයෝ කිව්ව කතාවනම් හරි.. කොහොමත් මරාගේ රාජාන්ඩුවෙයි විපක්ශේ UNP එකෙයි දෙලොවටම නැති JVP එකෙයි ඉන්නේ අපතයොයි කාලකන්නියි තමා. ඒ නිසයි අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ


    ගනිකාවොයි, ක්‍රීඩ්කයොයි, පවුල් පිටින් හොරුයි, මංකොල්ල කාරයොයි, චන්ඩියි,එදා ඉදලම උන්න පාර්ලිමේන්තුව අපේ එක තමයි... ලෝකේ ලොකුම ඇමති මන්ඩලේ උනාට ඕකේ ඒලෙවල් පාස් 10%ක් වත් ඉන්නවද?? මාර ආඩම්බරයි!! උබත් උන්ට හොදට කඩේ පලයන්.. ලන්කාවේ දේශපාලනේ කරන උනුත් මෝඩයෝ උන්ට කඩේ යන උනුත් මෝඩයෝ..
     
    Last edited:
    • Like
    Reactions: linkinpark_lk