නව පරපුරේ මාස්ටර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නව පරපුරේ මාස්ටර්

    z_p13-new2.jpg

    අපේ රටේ සංගීතයේ බොහෝ දෙනෙක් මාස්ටර් යනුවෙන් හදුන්වන්නේ අමරදේවයන් හා ප්‍රේමසිරි කේමදාසයන් යන දැවැන්තයින්වයි. බොහෝ විට 1990 දශකයේ මැද බාගයෙ න් පසුව, නවකයන් අතින් බිහිවූ සංගීත නිර්මාණ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ප්‍රසන්සනාත්මකව නොවෙයි. නමුත් ප්‍රසන්සනාත්මකව කථාකළ යුතු තැන් තියනවා නම් ඒ තැන් ගැන කතා කළ යුතුමය. අද අපි ඒ වගේ ප්‍රසංසනාත්මක නිර්මාණ කරුවෙක් ගැන ටිකක් කතා කරමු.
    මේ තරුණ නිර්මාණ කරුවා තමයි ''දිනේෂ් සුබසිංහ'' මට නම් දිනේෂ්ගේ සංගීත කණ්ඩයක්, ගිතයක් අහපු ගමන් දැනගන්න පුලුවන් මේක නම් දිනේෂ් හදපු එකක් කියලා.
    220px-Dinesh_Subasinghe_copy.JPG

    මොකද ඒ තරම්ම හොද අනන්‍යතාවයක් දිනේෂ් ගොඩනගාගෙන තියනවා. දිනේෂ්ව දන්නෙ නැති අය මේ වෙනකොට හිතනවා ඇතිනේ කව්ද මේ දිනේෂ් කියලා. ඔයාලට මුලින්ම මෙහෙම කියන්නම්... මතකද මීට කාලෙකට කලින් ජකප්‍රිය වුනු මේ ටෙලිනාට්‍ය ගීතය.

    මේකෙන්ම හිතා ගන්න පුලුවන් නේද දිනේෂ් ගේ තනු මොනතරම් හිත් ඇදගන්නා සුලුද ගියලා. දිනේෂ් කියන්නේ A.R. රහමන්ගේ පළවෙනි ලාංකික ශිෂ්‍යා. ඒ වගේම ඔහු කේමදාසයන්ගේ වාද්‍ය වෘන්දයේ ඔපෙරා සහ සංධ්වනි වාදකයෙකු ලෙස තමන්ගේ දායකත්වය ලබාදීපු කෙනෙක්. දිනේෂ් කියන්නේ ලංකාව තුළ විතරක් තමන්ගේ නිර්මාණ කරපු කළා කරුවෙක් නෙවයි. ඔහු ජාතියන්තර වශයෙන්ද තමන්ගේ නිර්මාණ පතුරුවා හැරල තියනවා. දිනේෂ් තමන්ගේ නිර්මාණ හැකියාව පෙන්නල තියන්නේ ගීත නිර්මාණය කිරීමෙන් විතරක් නෙවෙයි. ඔහු විසින් රාවණ නාද, Feel my heart, සිහින වසන්තයක් සහ කරුණා නදී වගේ සංගීත ඇල්බම් නිර්මාණය කරල තියනවා. හැබැයි ඉතිං මේ තරම් හොද නිර්මාණ මිනිස්සුන්ගේ අතරට ගියා මදි කියන එක තමයි මගේ නම් හැගීම. ඒ විතරක් නෙවෙයි දිනේෂ් ටෙලිනාට්‍ය රාශියකට පසුබිම් නාද නිර්මාණය කරල තියනවා. ඔයාලට මතක නම් කාලෙකට කලින් ජාතික රූපවාහිනියේ ගිය ශර්ලොක් හෝම්ස් කථා මාලාව ඒකේ මියුසික් ඒකේ තිබුන වෙනස ගැන පොඩ්ඩක් හිතල බලන්න.

    ඒ වගේම දැනට විකාෂණය වෙන ටෙලිනාට්‍ය වලත් දිනේෂ් සංගීත අධ්‍යක්ෂණය කරපුව අහන්න පුලුවන්. ඒත් ටොමා දැන් ටෙලිනාට්‍ය බලන්නේ නැති නිසා ඒ වගේ සංගීත නාද ටෙලි නාට්‍යකින් අහන්න වෙන්නේ අඩුවෙන්.

    ඔහුගේ සංගීත නිර්මාණ කීපයක් රසවිදල ඉමු.

    සිහිනය දිගේ එන්න

    සංසාර පුරුද්දද මේ

    මට මුලින්ම දිනේෂ්ගේ සංගීතය ගැන කැමැත්තක් ඇති වුනේ ඔහු ඩී ආර් සී මෙම්බර්ස් කියලා බෑන්ඩ් එකක් හදාගෙන හිටපු කාලේ. (ඩී ආර් සී මෙම්බර්ස් 2002 සිට 2009 දක්වා)

    මේ ආදරයද ගීතය

    ඔහුගේ නිර්මාන ගොඩක තියන වයලින් වාදනය විශිෂ්ටයි කිව්වොත් මම නිවැරදී
    z_p-11-Ravana-2.jpg

    ඔහු රාවණ හත්ත වයමින්

    රාවනා හත්ත යනු රාමායණය සදහන් පරිදි රාවණා රජු විසින් භාවිතා කරන ලදැයි සැළකෙන හා රාවනා රජු විසින්ම නිර්මාණය කර ගත් සංගිත භාණ්ඩයකි. එය වයලීනය බිහිවීමට පෙර බිහිවූ සංගීත භාන්ඩයක් ලෙස දැක්විය හැකිය. මේ අනුව දිනේෂ් ගේ සංගීත ගවේෂනයේ පුලුල් පරාසය අපට අවබෝධ කර ගන්න පුලුවන්.

    මේකත් බලන්නකෝ.. :)

    දිනේෂ් ගේ ලස්සන මියුසික් ට්‍රැක් ගොඩක් මෙතනින් අහන්න පුලුවන් :) ඇත්තටම මේ ට්‍රැක් අහපුවම ඔහුගේ සංගීත හැකියාව ගැන කොයිතරම් සතුටු වෙන්න පුලුවන්ද.
    http://www.reverbnation.com/dondineshsubasinghe/songs

    මම මීට කලින් සංගීතය ගැන දාපු ත්‍රෙඩ් කිපයක්
    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴

    ෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴

    සිංහලයින් ගැන කියැවෙන ගී

    70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)

    සෝනු නිගම් කියන මේ සිංදුව දැක්කද

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දිනේෂ් කියන්නේ දක්ෂයෙක් මචන්.. ඒ ගැන තර්කයක් නැහැ.. එත් වර්තමානයේ දිනේෂ්ලා වගේ වටිනා දක්ෂ මිනිස්සු යට යට යවල බාල සංගීත කොටස් මාද්‍ය වලින් උලුප්පල මිනිස්සුන්ට බලෙන් අස්සල ජනප්‍රිය රැල්ලක් වෙනම නිර්මාණය කරගෙන යන හින්ද අපිට වටිනා මිනිස්සුන්ගේ සංගීත නිර්මාණ ඇහෙන එක අඩුයි කියල මම හිතනවා. සංගීතය කියන විෂය ඉතින් මහා සාගරේ වගේ .. එකේ දිග පළල මෙච්චරයි කියල කියන්න කාටවත් බැහැ .. එත් වර්තමානයේ සගීතය කියන දේ ඇහෙන දකින දෙයක් වෙලා.. අපේ මිනිස්සුන්ට දැන් සංගීතය කියන දේ කනට ඇහෙන්නේ නැතිම තරම්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම වැඩිය දන්නේ නෑ මෙයා ගැන නම්.. ඒත් හොඳ හැකියාවක් තියෙන කෙනෙක් කියලා නම් පේනවා.. එ වුනාට ඉතිං ටී.වී වල මේ වගේ අයට තැනක් නැහැනේ... ලහිරුලා වගේ අය තමයි ඒවට ගෙන්නන්නේ... සංගීතෙටත් වැඩක් නෑ.. රටටත් වැඩක් නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිනේෂ් කියන්නේ දක්ෂයෙක් මචන්.. ඒ ගැන තර්කයක් නැහැ.. එත් වර්තමානයේ දිනේෂ්ලා වගේ වටිනා දක්ෂ මිනිස්සු යට යට යවල බාල සංගීත කොටස් මාද්‍ය වලින් උලුප්පල මිනිස්සුන්ට බලෙන් අස්සල ජනප්‍රිය රැල්ලක් වෙනම නිර්මාණය කරගෙන යන හින්ද අපිට වටිනා මිනිස්සුන්ගේ සංගීත නිර්මාණ ඇහෙන එක අඩුයි කියල මම හිතනවා. සංගීතය කියන විෂය ඉතින් මහා සාගරේ වගේ .. එකේ දිග පළල මෙච්චරයි කියල කියන්න කාටවත් බැහැ .. එත් වර්තමානයේ සගීතය කියන දේ ඇහෙන දකින දෙයක් වෙලා.. අපේ මිනිස්සුන්ට දැන් සංගීතය කියන දේ කනට ඇහෙන්නේ නැතිම තරම්..
    මේක ගැන නම් කියල වැඩක් නෑ.......
    දැන් එෆ් එම් චැනල් වලට සිංදු දාන්න පැකේජස් තියනව නේ...වැඩියෙන් සල්ලි දෙන එකා ගේ සිංදු තමා යන්නේ......ඕන බඩ මාලුවක් සල්ලි වලට දායි!!!!

    ඒ කාලේ ගුවන් විදුලියේ ඒකාධිකාරය තියන කාලේ ගීතයක් යම් මණ්ඩලයකින් අනුමත වෙන්න ඕන. ඒ මාණ්ඩලයේ පුටු අරා සිටියේ ක්ෂෙත්‍රෙය් ප්‍රවීන, ප්‍රාමාණිකයො. යම් මට්ටමක ගුනාත්මක ගීත තමා ආවේ. එහෙම නොවන ඕලාරික ගීත වලට තැන නැති නිසා ගයක/ගායිකාවො ඒ වගේ ගීත වලින් බැහැර වුණා. නමුත් දැන් ඒ වගේ යම් ආයතනික පදනමක් ඇති කලොත් වර්තමාන පරම්පරාව කෑ ගහන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ, නිදහස නෑ, භාෂණයේ නිදහස නෑ...බ්ලා..බ්ලා..බ්ලා.....:dull:

    ඒ කියන්නේ කොටින් ම කියනව නම් හරසුන් ඕන දෙයක් සමාජ ගත කරන්න නිදහස තියෙන්න ඕන කියල....ඒක වල් බූරු නිදහසක් සහ එහෙම කරපු සමාජ අද වෙන කොට වැටිල තියන ආගාධය ගැන කියන්න ඕන නෑ.....

    දැන් තියන ක්‍රමවේදය අනුව ඕන එකෙුට ඕනම අලුගුත්තේරු නිර්මාණයක් කරල සල්ලි දීල මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්සන්න පුළුවන්. ඒහෙම වෙන කොට අහන උන්ගේ අහිමි වෙන ප්‍රජාතන්ත්‍රවාදෙද මොකක්ද හුයන්න ගැන කතා වෙන්න කවුරුත් නෑ.....:growl:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු !!:dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    හැබැයි මේකයි සහෝ ඔය කයන කතව ඇත්ත උනත් සංගීතයේ ද්දක්ෂ්යෙක්ව යට ගහන්න බැහැ කවදාහරි ඒවා උඩට මතුවෙන්ව. බාල සංගීත කොටස් කොච්චර උල්ලුපල මාද්‍ය මගින් මොන කරන්න හැදුවත් සංගීතය හොයාගෙන ගිහින් රසවිදින පිරිසක් ඉන්නව. අනිවාර්යෙන් ඒ පිරිස අතර උසස ගුණාත්මක නිර්මාණ කියනදේ පැතිරෙනවා.

    අද ලනකාවේ සංගීතයේ විනාශයට හේතුව නම් රුප රචනා කියලයි මම හිතන්නේ. එකෙන් වෙන්නේ නව නිරමාණ කරුවන් හොද දේවල් වලට වඩා හරසුන් දේවල් කරන්න පෙළබිම
     
    • Like
    Reactions: Mr.Tom

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Media promotes what's profitable..you can't blame them..everybody's gotta make a living.

    But good music is there and if you are into it you can always find it and enjoy it.

    in a way, it's a good thing Good music do not get vast mainstream attention so the good music can stay good.
     
    true this..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Media promotes what's profitable..you can't blame them..everybody's gotta make a living.

    But good music is there and if you are into it you can always find it and enjoy it.

    in a way, it's a good thing Good music do not get vast mainstream attention so the good music can stay good.
    yeah, but nowadays ppl don't have time to enjoy music leisurely as you & me dude. (with a weed to be precise!) therefore what come from FMs going to stay it seems.
    we are music seekers & enjoys. but not all the ppl can be you & me.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිනේෂ් කියන්නේ දක්ෂයෙක් මචන්.. ඒ ගැන තර්කයක් නැහැ.. එත් වර්තමානයේ දිනේෂ්ලා වගේ වටිනා දක්ෂ මිනිස්සු යට යට යවල බාල සංගීත කොටස් මාද්‍ය වලින් උලුප්පල මිනිස්සුන්ට බලෙන් අස්සල ජනප්‍රිය රැල්ලක් වෙනම නිර්මාණය කරගෙන යන හින්ද අපිට වටිනා මිනිස්සුන්ගේ සංගීත නිර්මාණ ඇහෙන එක අඩුයි කියල මම හිතනවා. සංගීතය කියන විෂය ඉතින් මහා සාගරේ වගේ .. එකේ දිග පළල මෙච්චරයි කියල කියන්න කාටවත් බැහැ .. එත් වර්තමානයේ සගීතය කියන දේ ඇහෙන දකින දෙයක් වෙලා.. අපේ මිනිස්සුන්ට දැන් සංගීතය කියන දේ කනට ඇහෙන්නේ නැතිම තරම්..

    මේක ගැන නම් කියල වැඩක් නෑ.......
    දැන් එෆ් එම් චැනල් වලට සිංදු දාන්න පැකේජස් තියනව නේ...වැඩියෙන් සල්ලි දෙන එකා ගේ සිංදු තමා යන්නේ......ඕන බඩ මාලුවක් සල්ලි වලට දායි!!!!

    ඒ කාලේ ගුවන් විදුලියේ ඒකාධිකාරය තියන කාලේ ගීතයක් යම් මණ්ඩලයකින් අනුමත වෙන්න ඕන. ඒ මාණ්ඩලයේ පුටු අරා සිටියේ ක්ෂෙත්‍රෙය් ප්‍රවීන, ප්‍රාමාණිකයො. යම් මට්ටමක ගුනාත්මක ගීත තමා ආවේ. එහෙම නොවන ඕලාරික ගීත වලට තැන නැති නිසා ගයක/ගායිකාවො ඒ වගේ ගීත වලින් බැහැර වුණා. නමුත් දැන් ඒ වගේ යම් ආයතනික පදනමක් ඇති කලොත් වර්තමාන පරම්පරාව කෑ ගහන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ, නිදහස නෑ, භාෂණයේ නිදහස නෑ...බ්ලා..බ්ලා..බ්ලා.....:dull:

    ඒ කියන්නේ කොටින් ම කියනව නම් හරසුන් ඕන දෙයක් සමාජ ගත කරන්න නිදහස තියෙන්න ඕන කියල....ඒක වල් බූරු නිදහසක් සහ එහෙම කරපු සමාජ අද වෙන කොට වැටිල තියන ආගාධය ගැන කියන්න ඕන නෑ.....

    දැන් තියන ක්‍රමවේදය අනුව ඕන එකෙුට ඕනම අලුගුත්තේරු නිර්මාණයක් කරල සල්ලි දීල මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්සන්න පුළුවන්. ඒහෙම වෙන කොට අහන උන්ගේ අහිමි වෙන ප්‍රජාතන්ත්‍රවාදෙද මොකක්ද හුයන්න ගැන කතා වෙන්න කවුරුත් නෑ.....:growl:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු !!:dull::dull:

    අලුතිං සිංදුවක් හරි මියුසික් ට්‍රැක් එකක් කරලා, සීඩී එකක රයිට් කරගෙන එෆ්එම් චැනල් ගානේ රස්තියාදු වෙන හොද තත්වයේ සංගීත නිර්මානය කරන කොල්ලො ගැන මට අත්දැකීම් තියනවා. මම නම් සංගීත නිර්මාණය ගැන අබමල්රේනුවක් වත් දන්නෙ නෑ. මම රසවින්දකයෙක් විතරයි. ඒත් හොද සංගීත නිර්මාපකයන්ට තැනක් නෑ කියන එක නම් දන්නවා. තැන දෙන්නේ සල්ලි වලට විතරයි. සල්ලි තියනව නම් ඕනි ජරාවක් එෆ්එම් වල දාගන්න පුලුවන්. හැබැයි ඒ ජරාවල් වලට පැවැත්මක් නම් නෑ තමයි.
    ඒ වගේම තමයි අපේ රටේ ලේඛකයින්ට, චිත්‍ර ශිල්පීන්ට කිසිම ඇගයීමක් නෑ. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැබැයි මේකයි සහෝ ඔය කයන කතව ඇත්ත උනත් සංගීතයේ ද්දක්ෂ්යෙක්ව යට ගහන්න බැහැ කවදාහරි ඒවා උඩට මතුවෙන්ව. බාල සංගීත කොටස් කොච්චර උල්ලුපල මාද්‍ය මගින් මොන කරන්න හැදුවත් සංගීතය හොයාගෙන ගිහින් රසවිදින පිරිසක් ඉන්නව. අනිවාර්යෙන් ඒ පිරිස අතර උසස ගුණාත්මක නිර්මාණ කියනදේ පැතිරෙනවා.

    අද ලනකාවේ සංගීතයේ විනාශයට හේතුව නම් රුප රචනා කියලයි මම හිතන්නේ. එකෙන් වෙන්නේ නව නිරමාණ කරුවන් හොද දේවල් වලට වඩා හරසුන් දේවල් කරන්න පෙළබිම

    :yes: රූප රචනා කියන්නෙ නම් සංගීතය විනාශ කරන්න ආපු දෙයක් තමයි. ඒවගෙන් වෙන්නේ රසවින්දකයාව යම් අච්චුවකට දාලා කපල ගන්න එක.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah, but nowadays ppl don't have time to enjoy music leisurely as you & me dude. (with a weed to be precise!) therefore what come from FMs going to stay it seems.
    we are music seekers & enjoys. but not all the ppl can be you & me.

    that is true..only music (that I like) i get to listen is with my phone on my way to work :)

    bar ekakata gihin hondata beela victor ge milton ge wage sinduwak kegahala kiyala bar eka wahuwata passe pareth kiyaddi thiyana fun eka <3
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අලුතිං සිංදුවක් හරි මියුසික් ට්‍රැක් එකක් කරලා, සීඩී එකක රයිට් කරගෙන එෆ්එම් චැනල් ගානේ රස්තියාදු වෙන හොද තත්වයේ සංගීත නිර්මානය කරන කොල්ලො ගැන මට අත්දැකීම් තියනවා. මම නම් සංගීත නිර්මාණය ගැන අබමල්රේනුවක් වත් දන්නෙ නෑ. මම රසවින්දකයෙක් විතරයි. ඒත් හොද සංගීත නිර්මාපකයන්ට තැනක් නෑ කියන එක නම් දන්නවා. තැන දෙන්නේ සල්ලි වලට විතරයි. සල්ලි තියනව නම් ඕනි ජරාවක් එෆ්එම් වල දාගන්න පුලුවන්. හැබැයි ඒ ජරාවල් වලට පැවැත්මක් නම් නෑ තමයි.
    ඒ වගේම තමයි අපේ රටේ ලේඛකයින්ට, චිත්‍ර ශිල්පීන්ට කිසිම ඇගයීමක් නෑ. :(

    FM don't focus on discovering good artists machan, good artists usually stay independent..it's the price they pay for the liberty they take when they make music the way they want it..

    If you are owned by record labels then your music output is compromised..this is the way of the world..

    We are lucky as teeth croc here has pointed out, I feel sorry for people who has no internet access, our elders have forgotten the great songs of their times, I can't even imagine being unable to listen to music I love :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: රූප රචනා කියන්නෙ නම් සංගීතය විනාශ කරන්න ආපු දෙයක් තමයි. ඒවගෙන් වෙන්නේ රසවින්දකයාව යම් අච්චුවකට දාලා කපල ගන්න එක.

    රුප රසය ශබ්ද රසය ඉක්මවා යාමෙන් ලාංකීය සංගීතය ඉක්මන් ගමනේ වල පල්ලට ඇදෙමින් සිටී...:(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: රූප රචනා කියන්නෙ නම් සංගීතය විනාශ කරන්න ආපු දෙයක් තමයි. ඒවගෙන් වෙන්නේ රසවින්දකයාව යම් අච්චුවකට දාලා කපල ගන්න එක.

    අනිත් එක දැන් ගොඩක් රූප රචනාවලින් එච්චර හොඳ ආදර්ශ නෙමෙයි දෙන්නේ..සමහරවෙලාවට සිංදුවේ අර්ථයට වඩා හාත්පසින්ම වෙනස් රූපරචනාව..දිනේශ් කියන්නේ ඇත්තටම දක්ශයෙක්..දක්ශයට තැනක් නැති රටක ඉපදිච්ච එක එයාගේ අවාසනාව..
     
    • Like
    Reactions: Mr.Tom