ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )
වැඩිය වැල් බයිලා ඕනේ නැහැනේ...
කලින් සතියේ මම පොරොන්දු උනා නේ ස්වභාවික උපත් පාලන ක්‍රම ගැන කට්ටියව දැනුවත් කරන්නම් කියලා....
කලින් සතියේ කියලා දුන්නනේ කට්ටියට කොහොමද කාන්තාවකගේ ඔසප් චක්‍රය කියන එක සිදුවෙන පසුබිම...
වටහා ගැනීමට අපහසුවක් තිබ්බා නම් සමාවඅයදිනවා...
ඒත් ඒක කියවලා තේරුම් ගත්තානම් ඒක ගොඩාක් වැදගත්...
ඒත් ඒක නොතේරුනත් ගනන් ගන්න එපා...
අද කියන්න යන ක්‍රම ටික පුලුවන් උපරිම සරලව කියලා දෙන්න ට්‍රයි කරන්නම්...
එහෙනම් සුපුරුදු තාලෙට පහලට කියවන් පලයල්ලා.....
ස්වභාවික උපත් පාලන ක්‍රම ගත්තාම ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියනවා...
1. ඔසප් චක්‍රයට අදාලව පාලනය කිරීම.
2. සංසර්ගය අතර මගදි ආපසු ගැනිමේ ක්‍රමය.
3. ඔසප් චක්‍ර අක්රමික කාල පරිච්ඡෙද භාවිතය.
ඔන්න ඔය ක්‍රම 3 තමයි ප්‍රධාන ක්‍රම 3... අද ඉතින් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔය ක්‍රම 3 ගැන තමයි.. එහෙම නම් මුල ඉඳන්ම පටන් ගමුකෝ..
1. ඔසප් චක්‍රයට අදාලව පාලනය කිරීම.
මේ හරුපේ ගැන කියනවා නම් කාන්තාවකගේ ඔසප් චක්‍රය සිද්ද වෙන්නේ දවස් 28 කට සැරයක්නේ කට්ටිය ඒක ගැන දන්නවානේ...
ඉතින් ඔය දවස් 28 න් ඔසප් වීම. ඒ කිව්වේ සරලව කියනවා නම් යෝනි මාර්ගය හරහා රුධිරය කාන්දු වීම පටන් ගන්න දවස පළවෙනි දවස කියලා සැලකුවොත්; දවස් 5ක් විතර යනකන් ඔය කාන්දු වීම සිද්ද වෙනවා....
ඔය චක්‍රයේ 14 වෙනි දවස වට පිටාවේ තමයි ඩිම්භ කෝෂ වලින් ඩිම්භ මෝචනය වෙලා ඩිම්භයක් පිට වෙන්නේ සංසේචනයක් සිදුකිරීමේ බලා පොරොත්තුවෙන්....
ඉතින් ඔය දවස් 28 චක්‍රයේ ඇතුලේදී ලිංගිකව එකතු වීමක් උනොත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනකාල පරිච්ඡේදක්
වගේම ගැබ් ගැනීමේ අවධානමක් නැති කාල පරිච්ඡේදයක්
කියලා එකකුත් තියනවා...
මේ ක්‍රමයේදී කරන්නේ අන්න ඒ අවධානමක් නොමැති කාල පරිච්ඡේදයක් බලලා ලිංගිකව ඒකතු වීමක් සිදු කිරීමයි...
මේ ක්‍රමය ගත්තාම කරන්න පුලුවන් ක්‍රම කීපයක්ම තියනවා..
A.පාදස්ථ දේහ උෂ්ණත්ව මිතික ක්‍රමය.
B.දින දර්ශන භාවිත කිරීමේ ක්‍රමය.
C.ගැබ් ගෙල අභ්‍යයන්තර බිත්ති පිරික්සුම් ක්‍රමය.
D.ඉහත ක්‍රම 3හි සමස්ථ එකතුව භාවිත කිරීම.
A.පාදස්ථ දේහ උෂ්ණත්ව මිතික ක්‍රමය.
කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන කියපු කලින් ත්‍රෙඩ් එකේදී මම දැම්මානේ ඩිම්භ මෝචනය; ඒ කිව්වේ ඩිම්භය පිටවීමත් සමඟ සෑදෙන පීත දේහය කියලා එකකින් ප්‍රොජෙස්ටරෝන් කියලා හෝමෝනයක් නිකුත් වීම නිසාත්
; ඒ හෝමෝනය තාප ජනක හෝමෝනයක් නිසා ඒ කාල පරිච්ඡේදය තුල දේහ උෂ්ණත්වය වැඩි වීමක් සිද්ද වෙනවයි කියලත්... 
මෙන්න මේ උෂ්ණත්වය වැඩිවීමේ වාසිය තමයි අපි මෙතනදී ගන්නේ..
මෙහෙමයි මේක කරන්න ඕනේ..,
ඒතකොට දෙන්නා දෙමහල්ලො අතර තවත් ආදරය, සෙනෙහස වැඩි වෙනවා එකට සෙට් වෙලා අයේ O/L කාලේ ඇඳපු ප්‍රස්තාර අඳිද්දි..
තේරුම් ගන්න පහසු වෙන්න මෙන්න යටින් එබුවා ප්‍රස්ථාරයක්....

1 - ආරක්ෂිත අවධානමක් නොමැති කාලපරිච්ඡේදය.
2 - ඔසප් චර්ක්රයේ දින ගණන
3 - ඔසප් වීම (රුධිර වහනය)
මේකේදි කරන්න ඕනේ උෂ්ණත්වමානයේ කියවීම ප්‍රස්ථාර ගත කරලා බලන්න ඕනේ උෂ්ණත්වය එක වරම ඉහළ ගිය පළවෙනි දවස මොකක්ද කියලා...
( උඩ රූපය බලනවානම් තේරුම් ගැනීම පිණිස 15 වෙනි දවසේ) ඒ දවසට කලියෙන් දවස් 6 ක් යනකන් උෂ්ණත්වය පාදස්ථ මට්ටමේ තියෙන්නේ ඕනේ..
(උඩ රූපයේ 9 ඉඳන් 14 වෙනි දවස දක්වා බලන්නකෝ)
ඔහොම උෂ්ණත්වය එකපාරම වැඩි උනු පළවෙනි දවසේ ඉඳලා දවස් 3ක් අයින් කලාම එන 4 වෙනි දවසේඉඳන්
( ඒ කිව්වේ උඩ රූපයේ 15,16,17 යන දවස් 3 අත ඇරියම එන 18 වෙනි දවසේ ඉඳන්) ඊලඟ ඔසප් වීම වෙනකන් ලිංගිකව එකතු වෙලා ඇතුලේ ගියා තියා මොකක් උනත් අවධානමක් නැහැයි කියලා තමයි සළකන්නේ..
( උඩ රූපයේ 18 ඉඳන් 28 වෙනි දවස වෙනකන් අවුලක් නෑ. කුනු ගඳ ඉවසන්න පුලුවන්නම් 1- 5 දක්වා දවසුත් අවුලක් නෑ
)
B.දින දර්ශන භාවිත කිරීමේ ක්‍රමය.
මේ ක්‍රමය ටිකක් බැරෑරුම් ක්‍රමයක්..
මේකට ඕනේ තමුන්ගේ ප්රියම්භිකාවගේ කලින් මාස 6ක ඔසප් වීම් ඇති උනු කාල පරාසයන්...
ඒ කිව්වේ පලවෙනි මාසේ ඔසප් උනේ කලින් මාසේ හැදිච්ච දවසේ ඉඳන් ආයේ දවස් කීයකට පස්සෙද, දෙවනි මාසේ ආවේ පළවෙනි මාසේ ඔසප් වෙච්ච දවසේ ඉඳන් දවස් කීයකට පස්සේද කියලා එක ලඟ මාස 6 ක කාල පරතර ඕනේ...
ඊට පස්සේ ගැබ් ගන්න පුලුවන් කාලේ පහත විදිහට ගණනය කරගන්න පුලුවන්.. මේකෙදි මතක තියාගන්න ඕනේ දෙයක් තියනවා.
කාන්තාවකගේ ඔසප් වීම දවස් 28 ක පරතරයෙන්ම සිදුවෙන්නේ නැහැයි කියන එක..
ඒ කිව්වේ ඔසප් චක්‍රයක් පටන් අරගෙන ආයේ ඔසප් වීම දවස් 28 ක් කියලා සාමන්‍යයෙන් කිව්වට..
කලින් මාසේ ඔසප් වෙලා දවස් 21 ක් වගේ කෙටි කාලෙකින් ( ඒ කිව්වේ ආයේ හැදෙන්න අපේක්ෂිත දවසට දවස් 7 කට කලියෙන්) හෝ දවස් 35 ක් දක්වා දීර්ඝ කාලෙකින් ( ඒ කිව්වේ ආයේ හැදෙන්න අපේක්ෂිත දවසට දවස් 7 ක් පහුවෙලා) ඔසප් වීම සිදු වෙන්න පුලුවන්..
එහෙනම් ගැබ් ගැනීම් කාලය පහත විදිහට ගණනය කරන්න පුලුවන්...
I. ඔය මාස 6 යේ ඔසප් ඇතිවෙච්ච චක්‍ර 6න් කෙටිම දවස් ගණනින් යුක්ත චක්‍රය අරගෙන ඒ දවස් ගණනින් 18 ක් අඩු කලාම එන දවස ගන්න ඕනේ.. ඕකතමයි ගැබ් ගැනීමේ අවධානම් කාලපරිච්ඡේදයේ ආරම්හක දවස.
II. ඔය මාස 6 යේ ඔසප් ඇතිවෙච්ච චක්‍ර 6 න් දීර්ඝම දවස් ගණනින් යුක්ත චක්‍රය අරගෙන ඒ දවස් ගණනින් 10 ක් අඩු කලාම එන දවස ගන්න ඕනේ.. ඕකතමයි ගැබ් ගැනීමේ අවධානම් කාලපරිච්ඡේදයේ අවසාන දවස.
එහෙනම් ඔය ආරම්භක දවසයි අවසාන දවසයි අත ඇරලා අනික් දවස් ටික අවධානමින් තොරයි කියලා සළකන්න පුලුවන්..
කිව්ව එක තේරුනේ නැද්ද..??
මෙන්න මොන්ටි සොරි මට්ටමෙන් උදාහරණයක් එක්ක පැහැදිලි කිරීමක්..
උදාහරණය: හිතන්න කාන්තාවකගේ ඔසප් චක්‍රයේ පහුගිය මාස 6 තිස්සේ ඔසප් උනේ මෙහෙම කාල පරතරයන්ගේන් කියලා;
1 මාසය - දවස් 28 න්
2 මාසය - දවස් 32 න්
3 මාසය - දවස් 26 න්
4 මාසය - දවස් 28 න්
5 මාසය - දවස් 30 න්
6 මාසය - දවස් 28 න්
එහෙම නම් ඔය චක්‍ර 6න් අඩුම දවස් ගණනක් තියෙන චක්‍රය තමයි දවස් 26. ඕකෙන් අඩු කරනවා 18 ක්.. ඒතකොට 26 - 18 = 8.. ඒ කිව්වේ ඔසප් චක්‍රයේ 8 වෙනි දවස.. ඕක තමයි ගැබ් ගැනීමක් පටන් ගන්න පුලුවන් පළවෙනි දවස...
ඔය චක්‍ර 6න් වැඩිම දවස් ගණනක් තියෙන චක්‍රය තමයි දවස් 32.
ඕකෙන් අඩු කරනවා 10 ක්.. ඒතකොට 32 - 10 = 22...ඒ කිව්වේ ඔසප් චක්‍රයේ 22 වෙනි දවස.. ඕක තමයි ගැබ් ගැනීමක් පටන් ගන්න පුලුවන්අවසාන දවස...
එහෙනම් ඔසප් චක්‍රයේ 8 වෙනි දවසේ ඉඳන් 22 වෙනි දවස වෙනකන් වැඩ අල්ලනවානම් ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීම ඇඟට ගුනයි කියලයි කියන්න ඕනේ..
දැන් බය වෙන්න එපා එතකොට ඔය අහවල් එක කොරන්න දවසක් නැහැනේ කියලා...
අයියණ්ඩිය බය නොවන්න... බොහෝවෙලාවට ඔය චක්‍ර 6 ම දවස් 28 වගේ තමයි ගොඩකගේ වෙන්නේ.
වෙලාවට තමයි උඩ වගේ ලොකු වෙනස් කම් වෙන්නේ.. එතකොට 28 - 18 =10 සහ 28 - 10 = 18 කියන්; ඒ කිව්වේ 10 වෙනි දවසේ ඉඳලා 18 වෙනි දවස වගේ වෙනකන් තමයි කරොත් බඩු බනිස් වෙන්නේ...

C.ගැබ් ගෙල අභ්‍යයන්තර බිත්ති පිරික්සුම් ක්‍රමය.
මේකෙදි යෝනි මාර්ගයෙන් ඇතුලට පොඩ්ඩක් ඇඟිල්ල දාලා චෙක් කොරන්න වෙනවා...
ගැබ් ගෙල වටා තියෙන ශ්ලේෂ්මල පටක වල ස්වභාවය තමයි මෙතනදි චෙක් කොරන්නේ..
ගැබ් ගෙල කියන එක තියෙන්නේ යෝනි මාර්ගයේ මුල් සෙන්ටිමීටර් කීපය පහු උනාට පස්සේ ඇඟිල්ලට අහුවෙන කොටස...
මේ කොටසේ බිත්ති වල ස්වභාවය ඔසප් චක්‍රය සමඟ වෙනස් වෙනවා.. කලින් ත්‍රෙඩ් එකේදී මම කිව්වනේ ඔසප් චක්‍රයට සියුනිකාමය අවදියයි (දවස් 28 චක්‍රයේ මුල් දවස් 14 ) ලුටීය අවදියයි ( දවස් 28 චක්‍රයේ අවසාන දවස් 14 ) කියලා කොටස් දෙකකට බෙදනවා කියලා..
එහෙනම් ඔය කිව්ව මුල් දවස් 14 ඇතුලත ගැබ්ගෙල බිත්තිය ඝනකමින් අඩු, තෙත , සෙවලමය නානු වගේ ඇලෙන ස්වභාවයක් ගන්නවා..
ඒ ශුක්‍රාණු ගමන් කිරීමට භාෂ්මික මාධ්‍යයක් සපයන්න හිතාගෙන..
එහෙම වෙන්නේ ඊස්ට්රාඩිඕල් කියන කලින් ත්‍රෙඩ් එකේ කිව්ව හෝමෝනය නිසා...
ඊලඟට එන දවස් 14 ඇතුලේ ගැබ්ගෙල බිත්ති ඝනකමින් වැඩි,වියළි ස්වභාවයක් ගන්නවා..
ඒ කිව්වේ මුල් දවස් 14 තියෙන තෙත, සෙවල නානු ගතිය නැහැ... ඒක වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනයේ
බලපෑම නිසයි..
එහෙනම් මේ ක්රමයෙදී කරන්න ඕනේ ඔය කිව්ව තෙත සෙවල නානු ගතිය
මුලින්ම නැති වෙච්ච දවස මතක තියාගෙන ඊට පස්සේ දවස් 4ක් යනකන් ඔය කිව්ව අහවල් වැඩේ සිවිල් පිට නොකිරීම තමයි... 
දවස් 4 පැන්නට පස්සේ ඕන පු@#ක් පනම් 7යි කියලා සිවිල් පිටම වැඩ අල්ලන්න පුලුවන්.. 
තේරුම් ගන්න ඔන්න රූපයක් එබුවා යටින්..

1 - ඩිම්භ මෝචනයට පෙර කාලය.
2 - ඩිම්භ මෝචනයට සිදුවීම.
3 - ඩිම්භ මෝචනයට පසු කාලය.
4 - තෙත, සෙවලමය ගතිය මුලින්ම දැනෙන්න ගත් දිනය.
5 - තෙත, සෙවලමය ගතිය දැනීම අවසන් වූ දිනය.
6 - මේ කාලය තමයි ගැබ් ගැනීමේ අවධානම් කාලය.
( බලහල්ල හොඳට රූපය තෙත, සෙවලමය ගතිය දැනීම අවසන් වූ දිනයේ ඉඳන් දවස් 4 ක් යනකන් කාලයත් මේකට අයිතියි )
මතක් උනු වෙලේ කියන්නම් ගැබ් ගෙල කියන එක මගෙන් අහන්නඑපා.. තේරුනේ නැත්නම් Google search ගිහින් "Cervix of the Female Reproductive System" කියන එක ගහලා රූපයක් අරගෙන බලා ගනිල්ලා...
අනික් එක තමයි ප්රියම්භිකාවගේ එන්ජින් එකෙන් තෙල් ලීක් වෙන දවස් වල ඇඟිලි ගහන්න ගිහින් අතේ කුනු ලේ ගාගෙන ඇවිත් මට බනින්න එපා...
අහලා බලලා කරහල්ලා..
D.ඉහත ක්‍රම 3හි සමස්ථ එකතුව භාවිත කිරීම.
A, B, C කියන ක්‍රම 3න්ම කිව්ව දේවල් කරලා ලැබෙන දවස් ගණනේ 3ටම අහු වෙන ආරක්ෂිත දවස් කීපය තමයි වැඩේට කියාපුම දවස් ටික..
මොකද A ක්‍රමයේදී අහුවෙන දවස් ගණන B ක්‍රමයෙදි අහුවෙන දවස් ගණනට වඩා වැඩියි..
ඒ නිසා ඔය A, B , C කියන 3 ටම පොදු ආරක්ෂිත දවස් ටික පට්ටම ආරක්ෂිතයි...

2. සංසර්ගය අතර මගදි ආපසු ගැනිමේ ක්‍රමය.
මේක තමයි දෙවනි ප්‍රධාන ක්‍රමය.. ලොකු වැල් වටාරම් නැහැ.. සුරාන්තයට පත්වීමට ආසන්නයි කියලා තේරෙද්දිම කරන්න තියෙන්නේ ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීම තමයි..
ලේසියි, සරළයි, පහසුයි.. හැබැයි එලියට කලියෙන් ගන්න බැරි උනොත් බඩුම තමයි..
ඊට පස්සේ වෙන්නේ එලකිරි එකේ ෆේක් අකවුන්ට් එකක් හදාගෙන නාහින් අඬන්න තමයි...

3. ඔසප් චක්‍ර අක්රමික කාල පරිච්ඡෙද භාවිතය.
හෑ මේ මොකක්ද මේ හරුපය..??
මෙහෙමයි මචංලා.. කාන්තාවන්ගේ ළමයෙක් ඉපදුනාට පස්සේ පළවෙනි මාස 6 යනකන් ඔසප් චක්‍රය නැවත ඇති වෙන්නේ නැහැ.. ඒ නිසා ඒ කාලේ කිසි බයක් සැකක් නැතුව කෙලින්ම වැඩේට බහින්න තියෙන්නේ සිවිල් පිටම...

ඔන්න ඔය කිව්ව ක්‍රම ටික තමයි ස්වභාවිකව උපත් පාලනය කරගන්න තියෙන්නේ...
හැබැයි එකක් තියනවා.. හැම දේකදිම දෙපැත්තක් තියනවා.. අබුද්දස්සකාලේ ගස් ලබුත් තිත්තයි කියන්නම් වගේ
, වෙලාව හොඳනම් බඹරෙ වැල්ලේ උනත් පිණුම් ගගහා කැරකෙනවා වගේ
තමුන්ගේ වාසනාවන්ත කාලේ ආවොතින් ඔය මොන මගුල කරලා උපත් පාලනය කරගන්න හැදුවත් ගැබ් ගැනීමක් සෙට් වෙන්න පුලුවන් මචංලා...

ඒකනම් ඉතින් පතාගෙනම ආපු කරුමෙ නිසා සෙට් වෙන්න පුලුවන් දෙයක්...
එහකොට තියෙන්නේ පතාගෙන ආපු විදිහටම ඔතාගෙන යන්න තමයි..
අන්තිමට කියන්න ඕනේ.. ඇයි මම උඹලට මෙව්වා කියලා දෙන්නේ..?? රෙප් ගන්නද..?? රෙප් වලින් පුලුවන්ද බං සිනි කිලෝ එකක් ගන්න..??
දාපන් රෙප් බල්ලට කන්න...
උඹලා දන්නවාද ලංකාවේ දවසකට ගබ්සා කීයක් වෙනවද කියලා..??
ලංකාව ගබ්සා තහනම් තමයි උනාට දවසකට ලංකාවේ ගබ්සා 750 ක් - 800 ක් විතර වෙනවලු..

දවසකටහොඳේ.. එක දවසකට... ඒ නිසා අපරාධ වැඩ කොරලා ජිවිතේට පව් පුරව ගන්න එපා...

මේකෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් තිබ්බානම් වෙන කෙනෙක්ටදකින්න බම්ප් කරලා පලයල්ලා... අනික තමයි ඔන්න අදනම් තේරුනේ නැහැයි කියන්න එපා.... එහෙනම් පස්සේ හම්බවෙමු.. ඊලඟ ත්‍රෙඩ් එක ඒ කිව්වේ උපත්පාලනය කිරීමේ කෘතිම ක්‍රම ගැන කියලා දෙන්නම්..
මම දැක්කා වෙන ගොඩාක් ත්‍රෙඩ් තියනවා.. ඒත් මමත් එකක් ඒ වෙනුවෙන්ම දාන්නම්.ඒ මගෙන් ඒ ගැන අහපු අය වෙනුවෙන්.. ඒ ත්‍රෙඩ් එක දාන්න නම් සමහර විට ටික කලක් ගත්වේවි.. එහෙනම් අපි කැපුනා.. හැමෝටම ජය වේවා...
වැඩිය වැල් බයිලා ඕනේ නැහැනේ...
කලින් සතියේ මම පොරොන්දු උනා නේ ස්වභාවික උපත් පාලන ක්‍රම ගැන කට්ටියව දැනුවත් කරන්නම් කියලා....
කලින් සතියේ කියලා දුන්නනේ කට්ටියට කොහොමද කාන්තාවකගේ ඔසප් චක්‍රය කියන එක සිදුවෙන පසුබිම...
වටහා ගැනීමට අපහසුවක් තිබ්බා නම් සමාවඅයදිනවා...
ඒත් ඒක කියවලා තේරුම් ගත්තානම් ඒක ගොඩාක් වැදගත්...
ඒත් ඒක නොතේරුනත් ගනන් ගන්න එපා...
අද කියන්න යන ක්‍රම ටික පුලුවන් උපරිම සරලව කියලා දෙන්න ට්‍රයි කරන්නම්...
එහෙනම් සුපුරුදු තාලෙට පහලට කියවන් පලයල්ලා.....
ස්වභාවික උපත් පාලන ක්‍රම ගත්තාම ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියනවා...
1. ඔසප් චක්‍රයට අදාලව පාලනය කිරීම.

2. සංසර්ගය අතර මගදි ආපසු ගැනිමේ ක්‍රමය.

3. ඔසප් චක්‍ර අක්රමික කාල පරිච්ඡෙද භාවිතය.

ඔන්න ඔය ක්‍රම 3 තමයි ප්‍රධාන ක්‍රම 3... අද ඉතින් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔය ක්‍රම 3 ගැන තමයි.. එහෙම නම් මුල ඉඳන්ම පටන් ගමුකෝ..
1. ඔසප් චක්‍රයට අදාලව පාලනය කිරීම.
මේ හරුපේ ගැන කියනවා නම් කාන්තාවකගේ ඔසප් චක්‍රය සිද්ද වෙන්නේ දවස් 28 කට සැරයක්නේ කට්ටිය ඒක ගැන දන්නවානේ...
ඉතින් ඔය දවස් 28 න් ඔසප් වීම. ඒ කිව්වේ සරලව කියනවා නම් යෝනි මාර්ගය හරහා රුධිරය කාන්දු වීම පටන් ගන්න දවස පළවෙනි දවස කියලා සැලකුවොත්; දවස් 5ක් විතර යනකන් ඔය කාන්දු වීම සිද්ද වෙනවා....
ඔය චක්‍රයේ 14 වෙනි දවස වට පිටාවේ තමයි ඩිම්භ කෝෂ වලින් ඩිම්භ මෝචනය වෙලා ඩිම්භයක් පිට වෙන්නේ සංසේචනයක් සිදුකිරීමේ බලා පොරොත්තුවෙන්....
ඉතින් ඔය දවස් 28 චක්‍රයේ ඇතුලේදී ලිංගිකව එකතු වීමක් උනොත් ගැබ් ගැනීමේ අවධානමක් තියෙනකාල පරිච්ඡේදක්
වගේම ගැබ් ගැනීමේ අවධානමක් නැති කාල පරිච්ඡේදයක්
කියලා එකකුත් තියනවා... මේ ක්‍රමයේදී කරන්නේ අන්න ඒ අවධානමක් නොමැති කාල පරිච්ඡේදයක් බලලා ලිංගිකව ඒකතු වීමක් සිදු කිරීමයි...
මේ ක්‍රමය ගත්තාම කරන්න පුලුවන් ක්‍රම කීපයක්ම තියනවා..A.පාදස්ථ දේහ උෂ්ණත්ව මිතික ක්‍රමය.

B.දින දර්ශන භාවිත කිරීමේ ක්‍රමය.

C.ගැබ් ගෙල අභ්‍යයන්තර බිත්ති පිරික්සුම් ක්‍රමය.

D.ඉහත ක්‍රම 3හි සමස්ථ එකතුව භාවිත කිරීම.
A.පාදස්ථ දේහ උෂ්ණත්ව මිතික ක්‍රමය.
කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන කියපු කලින් ත්‍රෙඩ් එකේදී මම දැම්මානේ ඩිම්භ මෝචනය; ඒ කිව්වේ ඩිම්භය පිටවීමත් සමඟ සෑදෙන පීත දේහය කියලා එකකින් ප්‍රොජෙස්ටරෝන් කියලා හෝමෝනයක් නිකුත් වීම නිසාත්
; ඒ හෝමෝනය තාප ජනක හෝමෝනයක් නිසා ඒ කාල පරිච්ඡේදය තුල දේහ උෂ්ණත්වය වැඩි වීමක් සිද්ද වෙනවයි කියලත්... 
මෙන්න මේ උෂ්ණත්වය වැඩිවීමේ වාසිය තමයි අපි මෙතනදී ගන්නේ..
මෙහෙමයි මේක කරන්න ඕනේ..,- උදේම අවදි වෙච්ච ගමන් තමුන්ගේ ප්‍රිය බිරිඳගේ කට ඇතුලට උෂ්ණත්වමානේ ඔබලා විනාඩි දෙකක් පමණ දිව යට උෂ්ණත්වමානේ තියාගෙන ඉන්න කියලා අදාල කියවීම ගන්න ඕනේ.

- ඔය වැඩේ හැමදාම උදෑසන එකම වෙලාවක කරන්න ඕනේ.

- තේ, කිරි තියා වතුර එකක්වත් බොන්න බැහැ මේක කරනකන්.
- ඇඳෙන් බිමට බහින්න කලියෙන් කරන එක තමයි හොඳම.

- එක චක්‍රයකට (දවස් 28 ක ඔසප් චක්‍රයක් ගැන බං කිව්වේ) එකම උෂ්ණත්වමානේ යොදාගන්න එක හොඳයි. මොකද නැත්නම් උෂ්ණත්වමාන වෙනස් වෙද්දි පාඨාංකය වෙනස් වෙන්න පුලුවන්.

- කටේ ඔබන්න කලියෙන් උෂ්ණත්වමානට පොඩ්ඩක් ගසලා රසදිය කඳ පහළට බස්ස ගන්න ඕනේ...

ඒතකොට දෙන්නා දෙමහල්ලො අතර තවත් ආදරය, සෙනෙහස වැඩි වෙනවා එකට සෙට් වෙලා අයේ O/L කාලේ ඇඳපු ප්‍රස්තාර අඳිද්දි..
තේරුම් ගන්න පහසු වෙන්න මෙන්න යටින් එබුවා ප්‍රස්ථාරයක්....
1 - ආරක්ෂිත අවධානමක් නොමැති කාලපරිච්ඡේදය.
2 - ඔසප් චර්ක්රයේ දින ගණන
3 - ඔසප් වීම (රුධිර වහනය)
මේකේදි කරන්න ඕනේ උෂ්ණත්වමානයේ කියවීම ප්‍රස්ථාර ගත කරලා බලන්න ඕනේ උෂ්ණත්වය එක වරම ඉහළ ගිය පළවෙනි දවස මොකක්ද කියලා...
( උඩ රූපය බලනවානම් තේරුම් ගැනීම පිණිස 15 වෙනි දවසේ) ඒ දවසට කලියෙන් දවස් 6 ක් යනකන් උෂ්ණත්වය පාදස්ථ මට්ටමේ තියෙන්නේ ඕනේ..
(උඩ රූපයේ 9 ඉඳන් 14 වෙනි දවස දක්වා බලන්නකෝ) ඔහොම උෂ්ණත්වය එකපාරම වැඩි උනු පළවෙනි දවසේ ඉඳලා දවස් 3ක් අයින් කලාම එන 4 වෙනි දවසේඉඳන්
( ඒ කිව්වේ උඩ රූපයේ 15,16,17 යන දවස් 3 අත ඇරියම එන 18 වෙනි දවසේ ඉඳන්) ඊලඟ ඔසප් වීම වෙනකන් ලිංගිකව එකතු වෙලා ඇතුලේ ගියා තියා මොකක් උනත් අවධානමක් නැහැයි කියලා තමයි සළකන්නේ..
( උඩ රූපයේ 18 ඉඳන් 28 වෙනි දවස වෙනකන් අවුලක් නෑ. කුනු ගඳ ඉවසන්න පුලුවන්නම් 1- 5 දක්වා දවසුත් අවුලක් නෑ
) B.දින දර්ශන භාවිත කිරීමේ ක්‍රමය.
මේ ක්‍රමය ටිකක් බැරෑරුම් ක්‍රමයක්..
මේකට ඕනේ තමුන්ගේ ප්රියම්භිකාවගේ කලින් මාස 6ක ඔසප් වීම් ඇති උනු කාල පරාසයන්...
ඒ කිව්වේ පලවෙනි මාසේ ඔසප් උනේ කලින් මාසේ හැදිච්ච දවසේ ඉඳන් ආයේ දවස් කීයකට පස්සෙද, දෙවනි මාසේ ආවේ පළවෙනි මාසේ ඔසප් වෙච්ච දවසේ ඉඳන් දවස් කීයකට පස්සේද කියලා එක ලඟ මාස 6 ක කාල පරතර ඕනේ...
ඊට පස්සේ ගැබ් ගන්න පුලුවන් කාලේ පහත විදිහට ගණනය කරගන්න පුලුවන්.. මේකෙදි මතක තියාගන්න ඕනේ දෙයක් තියනවා.
කාන්තාවකගේ ඔසප් වීම දවස් 28 ක පරතරයෙන්ම සිදුවෙන්නේ නැහැයි කියන එක..
ඒ කිව්වේ ඔසප් චක්‍රයක් පටන් අරගෙන ආයේ ඔසප් වීම දවස් 28 ක් කියලා සාමන්‍යයෙන් කිව්වට..
කලින් මාසේ ඔසප් වෙලා දවස් 21 ක් වගේ කෙටි කාලෙකින් ( ඒ කිව්වේ ආයේ හැදෙන්න අපේක්ෂිත දවසට දවස් 7 කට කලියෙන්) හෝ දවස් 35 ක් දක්වා දීර්ඝ කාලෙකින් ( ඒ කිව්වේ ආයේ හැදෙන්න අපේක්ෂිත දවසට දවස් 7 ක් පහුවෙලා) ඔසප් වීම සිදු වෙන්න පුලුවන්..
එහෙනම් ගැබ් ගැනීම් කාලය පහත විදිහට ගණනය කරන්න පුලුවන්...
I. ඔය මාස 6 යේ ඔසප් ඇතිවෙච්ච චක්‍ර 6න් කෙටිම දවස් ගණනින් යුක්ත චක්‍රය අරගෙන ඒ දවස් ගණනින් 18 ක් අඩු කලාම එන දවස ගන්න ඕනේ.. ඕකතමයි ගැබ් ගැනීමේ අවධානම් කාලපරිච්ඡේදයේ ආරම්හක දවස.

II. ඔය මාස 6 යේ ඔසප් ඇතිවෙච්ච චක්‍ර 6 න් දීර්ඝම දවස් ගණනින් යුක්ත චක්‍රය අරගෙන ඒ දවස් ගණනින් 10 ක් අඩු කලාම එන දවස ගන්න ඕනේ.. ඕකතමයි ගැබ් ගැනීමේ අවධානම් කාලපරිච්ඡේදයේ අවසාන දවස.

එහෙනම් ඔය ආරම්භක දවසයි අවසාන දවසයි අත ඇරලා අනික් දවස් ටික අවධානමින් තොරයි කියලා සළකන්න පුලුවන්..
කිව්ව එක තේරුනේ නැද්ද..??
මෙන්න මොන්ටි සොරි මට්ටමෙන් උදාහරණයක් එක්ක පැහැදිලි කිරීමක්..
උදාහරණය: හිතන්න කාන්තාවකගේ ඔසප් චක්‍රයේ පහුගිය මාස 6 තිස්සේ ඔසප් උනේ මෙහෙම කාල පරතරයන්ගේන් කියලා;
1 මාසය - දවස් 28 න්
2 මාසය - දවස් 32 න්
3 මාසය - දවස් 26 න්
4 මාසය - දවස් 28 න්
5 මාසය - දවස් 30 න්
6 මාසය - දවස් 28 න්

එහෙම නම් ඔය චක්‍ර 6න් අඩුම දවස් ගණනක් තියෙන චක්‍රය තමයි දවස් 26. ඕකෙන් අඩු කරනවා 18 ක්.. ඒතකොට 26 - 18 = 8.. ඒ කිව්වේ ඔසප් චක්‍රයේ 8 වෙනි දවස.. ඕක තමයි ගැබ් ගැනීමක් පටන් ගන්න පුලුවන් පළවෙනි දවස...
ඔය චක්‍ර 6න් වැඩිම දවස් ගණනක් තියෙන චක්‍රය තමයි දවස් 32.
ඕකෙන් අඩු කරනවා 10 ක්.. ඒතකොට 32 - 10 = 22...ඒ කිව්වේ ඔසප් චක්‍රයේ 22 වෙනි දවස.. ඕක තමයි ගැබ් ගැනීමක් පටන් ගන්න පුලුවන්අවසාන දවස...
එහෙනම් ඔසප් චක්‍රයේ 8 වෙනි දවසේ ඉඳන් 22 වෙනි දවස වෙනකන් වැඩ අල්ලනවානම් ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීම ඇඟට ගුනයි කියලයි කියන්න ඕනේ..
දැන් බය වෙන්න එපා එතකොට ඔය අහවල් එක කොරන්න දවසක් නැහැනේ කියලා...
අයියණ්ඩිය බය නොවන්න... බොහෝවෙලාවට ඔය චක්‍ර 6 ම දවස් 28 වගේ තමයි ගොඩකගේ වෙන්නේ.
වෙලාවට තමයි උඩ වගේ ලොකු වෙනස් කම් වෙන්නේ.. එතකොට 28 - 18 =10 සහ 28 - 10 = 18 කියන්; ඒ කිව්වේ 10 වෙනි දවසේ ඉඳලා 18 වෙනි දවස වගේ වෙනකන් තමයි කරොත් බඩු බනිස් වෙන්නේ...

C.ගැබ් ගෙල අභ්‍යයන්තර බිත්ති පිරික්සුම් ක්‍රමය.
මේකෙදි යෝනි මාර්ගයෙන් ඇතුලට පොඩ්ඩක් ඇඟිල්ල දාලා චෙක් කොරන්න වෙනවා...
ගැබ් ගෙල වටා තියෙන ශ්ලේෂ්මල පටක වල ස්වභාවය තමයි මෙතනදි චෙක් කොරන්නේ..
ගැබ් ගෙල කියන එක තියෙන්නේ යෝනි මාර්ගයේ මුල් සෙන්ටිමීටර් කීපය පහු උනාට පස්සේ ඇඟිල්ලට අහුවෙන කොටස...
මේ කොටසේ බිත්ති වල ස්වභාවය ඔසප් චක්‍රය සමඟ වෙනස් වෙනවා.. කලින් ත්‍රෙඩ් එකේදී මම කිව්වනේ ඔසප් චක්‍රයට සියුනිකාමය අවදියයි (දවස් 28 චක්‍රයේ මුල් දවස් 14 ) ලුටීය අවදියයි ( දවස් 28 චක්‍රයේ අවසාන දවස් 14 ) කියලා කොටස් දෙකකට බෙදනවා කියලා..
එහෙනම් ඔය කිව්ව මුල් දවස් 14 ඇතුලත ගැබ්ගෙල බිත්තිය ඝනකමින් අඩු, තෙත , සෙවලමය නානු වගේ ඇලෙන ස්වභාවයක් ගන්නවා..
ඒ ශුක්‍රාණු ගමන් කිරීමට භාෂ්මික මාධ්‍යයක් සපයන්න හිතාගෙන..
එහෙම වෙන්නේ ඊස්ට්රාඩිඕල් කියන කලින් ත්‍රෙඩ් එකේ කිව්ව හෝමෝනය නිසා...
ඊලඟට එන දවස් 14 ඇතුලේ ගැබ්ගෙල බිත්ති ඝනකමින් වැඩි,වියළි ස්වභාවයක් ගන්නවා..
ඒ කිව්වේ මුල් දවස් 14 තියෙන තෙත, සෙවල නානු ගතිය නැහැ... ඒක වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනයේබලපෑම නිසයි..
එහෙනම් මේ ක්රමයෙදී කරන්න ඕනේ ඔය කිව්ව තෙත සෙවල නානු ගතිය
මුලින්ම නැති වෙච්ච දවස මතක තියාගෙන ඊට පස්සේ දවස් 4ක් යනකන් ඔය කිව්ව අහවල් වැඩේ සිවිල් පිට නොකිරීම තමයි... 
දවස් 4 පැන්නට පස්සේ ඕන පු@#ක් පනම් 7යි කියලා සිවිල් පිටම වැඩ අල්ලන්න පුලුවන්.. 
තේරුම් ගන්න ඔන්න රූපයක් එබුවා යටින්..

1 - ඩිම්භ මෝචනයට පෙර කාලය.
2 - ඩිම්භ මෝචනයට සිදුවීම.
3 - ඩිම්භ මෝචනයට පසු කාලය.
4 - තෙත, සෙවලමය ගතිය මුලින්ම දැනෙන්න ගත් දිනය.
5 - තෙත, සෙවලමය ගතිය දැනීම අවසන් වූ දිනය.
6 - මේ කාලය තමයි ගැබ් ගැනීමේ අවධානම් කාලය.

( බලහල්ල හොඳට රූපය තෙත, සෙවලමය ගතිය දැනීම අවසන් වූ දිනයේ ඉඳන් දවස් 4 ක් යනකන් කාලයත් මේකට අයිතියි )
මතක් උනු වෙලේ කියන්නම් ගැබ් ගෙල කියන එක මගෙන් අහන්නඑපා.. තේරුනේ නැත්නම් Google search ගිහින් "Cervix of the Female Reproductive System" කියන එක ගහලා රූපයක් අරගෙන බලා ගනිල්ලා...

අනික් එක තමයි ප්රියම්භිකාවගේ එන්ජින් එකෙන් තෙල් ලීක් වෙන දවස් වල ඇඟිලි ගහන්න ගිහින් අතේ කුනු ලේ ගාගෙන ඇවිත් මට බනින්න එපා...

අහලා බලලා කරහල්ලා..
D.ඉහත ක්‍රම 3හි සමස්ථ එකතුව භාවිත කිරීම.
A, B, C කියන ක්‍රම 3න්ම කිව්ව දේවල් කරලා ලැබෙන දවස් ගණනේ 3ටම අහු වෙන ආරක්ෂිත දවස් කීපය තමයි වැඩේට කියාපුම දවස් ටික..
මොකද A ක්‍රමයේදී අහුවෙන දවස් ගණන B ක්‍රමයෙදි අහුවෙන දවස් ගණනට වඩා වැඩියි..
ඒ නිසා ඔය A, B , C කියන 3 ටම පොදු ආරක්ෂිත දවස් ටික පට්ටම ආරක්ෂිතයි...

2. සංසර්ගය අතර මගදි ආපසු ගැනිමේ ක්‍රමය.
මේක තමයි දෙවනි ප්‍රධාන ක්‍රමය.. ලොකු වැල් වටාරම් නැහැ.. සුරාන්තයට පත්වීමට ආසන්නයි කියලා තේරෙද්දිම කරන්න තියෙන්නේ ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීම තමයි..
ලේසියි, සරළයි, පහසුයි.. හැබැයි එලියට කලියෙන් ගන්න බැරි උනොත් බඩුම තමයි..
ඊට පස්සේ වෙන්නේ එලකිරි එකේ ෆේක් අකවුන්ට් එකක් හදාගෙන නාහින් අඬන්න තමයි...

3. ඔසප් චක්‍ර අක්රමික කාල පරිච්ඡෙද භාවිතය.
හෑ මේ මොකක්ද මේ හරුපය..??
මෙහෙමයි මචංලා.. කාන්තාවන්ගේ ළමයෙක් ඉපදුනාට පස්සේ පළවෙනි මාස 6 යනකන් ඔසප් චක්‍රය නැවත ඇති වෙන්නේ නැහැ.. ඒ නිසා ඒ කාලේ කිසි බයක් සැකක් නැතුව කෙලින්ම වැඩේට බහින්න තියෙන්නේ සිවිල් පිටම...

ඔන්න ඔය කිව්ව ක්‍රම ටික තමයි ස්වභාවිකව උපත් පාලනය කරගන්න තියෙන්නේ...
හැබැයි එකක් තියනවා.. හැම දේකදිම දෙපැත්තක් තියනවා.. අබුද්දස්සකාලේ ගස් ලබුත් තිත්තයි කියන්නම් වගේ
, වෙලාව හොඳනම් බඹරෙ වැල්ලේ උනත් පිණුම් ගගහා කැරකෙනවා වගේ
තමුන්ගේ වාසනාවන්ත කාලේ ආවොතින් ඔය මොන මගුල කරලා උපත් පාලනය කරගන්න හැදුවත් ගැබ් ගැනීමක් සෙට් වෙන්න පුලුවන් මචංලා...

ඒකනම් ඉතින් පතාගෙනම ආපු කරුමෙ නිසා සෙට් වෙන්න පුලුවන් දෙයක්...
එහකොට තියෙන්නේ පතාගෙන ආපු විදිහටම ඔතාගෙන යන්න තමයි.. අන්තිමට කියන්න ඕනේ.. ඇයි මම උඹලට මෙව්වා කියලා දෙන්නේ..?? රෙප් ගන්නද..?? රෙප් වලින් පුලුවන්ද බං සිනි කිලෝ එකක් ගන්න..??