වාහන පේන්ට්

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේ මාතෘකාව පොඩ්ඩක් සම්ප්‍රධයෙන් පිට ගියපු රාමුවක තියන චින්තනයෙන් බැහැරව.....මොනවද මේ ලියන්නේ??#$@#@$.:dull::dull::dull:
    කෙටියෙන් කිව්වොත් off topic. එහෙම කිව්වේ වාහන වල තියන mechanical අංගයක් නොවන නිසා. මේක ලියන්න මුලිකම හේතුව උනේ අපේ ලංකාවේ අය අතරේ වාහන පේන්ට්, නැත්නම් පාට ගැන තියන සමහර මති මතාන්තර වල ඇත්ත නැත්ත හොයල බලන එක තමයි. අවසානයේ පොල්ලකිත් දාන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ලංකාවේ වාහන වල පාට තත්වේ කියල බලාගන්න.
    වැඩේට බහිමු...:yes::yes:
    මුලින්ම දැනගෙන ඉන්න ඕන මොකද මේ පේන්ට් කොරන්නේ කියල. ප්‍රධානම දේ තමයි වාහනේ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න එක. උඹල කියයි දැන් අපේ වාහනේ ඇලුමිනියම් තම තියන්නේ, ඒවා මලකඩ කන්නේ නෑ කියල. ඔව් ඉතින් ඇලුමිනියම් මලකඩ කන්නේ නෑ. හැබැයි මල බැඳෙනවා. (බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියනවා නොව සියලු දේ අනිත්‍යයි කියල.) මල බැඳෙනවා කියන්නේ ඔක්සයිඩ් තට්ටුවක් තැන්පත් වෙනවා. යකඩ වලත් වෙන්නේ ඔක්සයිඩ් හැදෙන එක තමයි. හැබැයි යකඩ මලකඩ කන්න හේතුවක් තියනවා. හපේ අප්පේ අද මාතෘකාවෙන් පිට පනිනවා වැඩියි.
    ඔය මොක උනත් වැඩි කල් මල බැඳෙන්නේ නැතුව තියාගන්න තමයි පේන්ට් කරන එකේ මුලිකම හේතුව.
    අනෙක් කරණය තමයි ලස්සන වෙන්න. ඇයි ඉතින් ඔය තියන වෙල්ඩින් පාරවල් එහෙම වැහෙන්න මොකක් හරි කොරන්නත් එපැයි.
    මීට වඩා හේතු තියනවා නම් කියන්ඩ බලන්න.
    වාහන පේන්ට් වර්ග කිහිපයක් තියනවා. ඔය පහතින් මම ඒ ගැන වෙන වෙනම විස්තර කරලා දාන්නම්.
    1. Nitrocellulose Lacquer - මේක ලැකර් එකක් නොව. මේක කාබනික පේන්ට් එකක් (සෙලියුලෝස්) බයෝ කරන අය දන්නවා ඇති. මේක 1950- 1960 අතර වාහන වලට තමයි භාවිත කරලා තියන්නේ. පාරිසරික බලපෑම් නිසා බොහෝ රටවල මේ පේන්ට් භාවිතා කිරීම සිමා කරලා තියනවා. වේලෙන්නත් ගොඩක් වෙලා යනවා.

    2. Acrylic Lacquer - මේ පේන්ට් වර්ගේ තරමක් ඉක්මනට වේලෙනවා. මේකෙදි කරන්නේ පේන්ට් ඉතා කුඩා කැට (paint pigment) ඉක්මනින් වාෂ්ප වෙන ද්‍රාවණයක් සමග මිශ්‍ර කරලා ස්ප්‍රේ කරනවා. එතකොට අර ද්‍රාවනය වාෂ්ප වෙලා ගිහින් color pigment විතරක් ඉතිරි වෙනවා. මේ පේන්ට් එක 1950 - 1980 අතර කාලේ තමයි භාවිතා වෙලා තියන්නේ. හොඳ දිස්නයක් තිබුනත් ඉක්මනින් ඒ දිස්නය නැති වෙලා යනවලු.

    3. Acrylic Enamel - ඉතාමත් ලාබදායි පේන්ට් වර්ගයක්. ඔය කෝච්චි වල එහෙම ගානවා කියන්නේ මේවා. නමුත් දිස්නයක් ලැබෙන්නේ නැහැ. පැතලි පාටක් තමයි ලැබෙන්නේ.

    4. 2 Pack - අද තියන සියලුම වාහන වල තිබෙන්නේ මේ වර්ගය තමයි. මේක වේලෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් මගින් (ඔය එපොක්සි කියන ගම එක දැකල තියනවද? අර ටියුබ් දෙකක එන්නේ. දෙක කවලම් කරලා ගාවම තමයි වෙලෙන්නේ.). කල් පැවැත්ම අතින් ඉහලයි. දිස්නය බොහෝ කල් පවතිනවා. හීරෙනව එහෙම අඩුයි. ඒ වගේම මේකේ "අයිසෝ සයනයිඩ්" අඩංගුයි. ඒ කියන්නේ සයනයිඩ් වගේ එකක් තමයි. මේවා පේන්ට් කොරන තැන්වල ළඟින්වත් යන්න නරකයි. ගොඩක් වෙලාවට ඔය බාස් ල ඔහේ ස්ප්‍රේ කරනවා. ඒ අයගේ ආයු බොහොම අඩුයි. ඕන කම්පනියක මේක ගාන්නේ ඔටෝමැටික් රොබෝ අත් වලින්.

    වර්ග ටික නම් ඉවරයි. අනිත් කාරණේ තමයි මේ එක වර්ගයක් උඩින් අනිත් එක ගාන එක නම් කොහොමත් කරන්න බැහැ. එක්කෝ ගැලවිලා වැටෙයි. නැත්නම් වැස්සම දිය වෙයි.

    ඔය උඩින් කියපු ඔක්කොම නිකම් පැතලි පේන්ට්. දිස්න ගැහුවත් නැතත් පැතලි පාටක් කියන්න පුළුවන්. අද කාලේ එන වාහන වලට ලං වෙලා බැලුවම පෙනෙයි නිකම් වාහනේට "සිල්වර් ඩස්ට්" (ඔය පොඩි පැකට් වල එන්නේ? කුඩු කුඩු දිස්න ගහන) දාල වගේ කියල. මෙන්න මේක වෙන්නේ ක්‍රම දෙකක් නිසා. ඒ තමයි පහල තියන්නේ,

    Metallic and Pearlescent Paint

    Metallic-මේ ක්රමේදී කරන්නේ ලෝහ කුඩු පේන්ට් වලට එක් කරන එක. ඒ නිසා තමයි අට කුඩු කුඩු තියන්නේ. නමුත් මේ ලෝහ කුඩු වාතය එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හදල අර දිස්නය නැති වෙනවා. මෙන්න මේක නැති කරගන්න තවත් උඩින් "clear over base" කියල එකක් ගානවා.
    metallic paint වලට දැම්මේ ඇලුමිනියම් කුඩු. මෙටලික් පේන්ට් 1970 විතර තමයි හොයාගෙන තියන්නේ.

    Pearlescent paint-මෙන්න වැදගත්ම කොටස, වරදවා වැටහ ගන්න එපා, මේක metalic වගේ උනාට ඊට වඩා වෙනස්. එකම ක්‍රමේ තමයි. නමුත් ප්‍රතිඵලය වෙනස්. pearl white කියල තමයි ගොඩක් එන්නේ. සුදු වලට ඇරෙන්න මේක වෙන පාට වලට කරලා තියන බ්‍රෑන්ඩ් නිවු වාහන දැකල නෑ. මෙහිදී කරන්නේ "මයික" කුඩු පේන්ට් එකට එකතු කර ගන්න එක. හැබැයි metallic වගේ නෙවෙයි. මේ පේන්ට් එක ගෑවම එක එක පැත්තෙන් බැලුවම එක එක පාට පේනවා. :shocked::shocked::shocked::confused::confused: අනේ බොරු නොකිය හිටපන්....
    නෑ නෑ, ඇත්තමයි. අපි සබන් බෝල පුම්බනවා නේ? පුම්බල නැත්නම් ඉතින් මේ පොලවේ ඉඳල වැඩක් නෑ. එතකොට ඔන්න ඔහොම පාට දැකල ඇති?
    ssyf.jpg

    එක දැකල නැත්නම් DVD/CD වල මෙහෙම දැකල තියනවද?
    4yd2.png

    නැත්නම් CD එකක් කාපං.
    මෙන්න මේ හේතුව නිසා සහ මයිකා යෙදීමට යන වියදම වැඩි නිසා pearl white වාහන වල මිල සාමාන්‍ය පාට වාහන වල මිලට වඩා වැඩියි. අපේ ලංකාවේ නම් ඉතින් කළු පාට උනොත් තමයි ගාන වැඩි. නමුත් නිෂ්පාදකයාට මේ පාට ඇර වෙන ඕන පාටක් එකයි. බොරු නම් ඔය ජපානේ වාහන සයිට් එකකට ගිහින් බලන්න. හැබැයි නිකම්ම නිකම් white නෙවෙයි හොඳේ. එහෙම ගණන් වැඩි නැත්නම් ඉතින් ඒ පාට බොරුවක් කියල හිතාගත්තට කමක් නෑ.

    මතක තියාගන්න වාහන සේල් කාරයෝ කළු කියල හෙන මාකට් කරනවා. ඒවාට අහු වෙන්න එපා. ජපනෙන්ම වහනයක් ගෙන්වාගන්න පුළුවන් කළු වලට අමතර ගානක් ගෙවන්නේ නැතුව. අනිත් දේ තමයි මේ Metallic/Pearlescent මොක උනත් එක පාරක් වැදුනොත් ඉතින් අපහු කලින් වගේ හදනවා සුම්ම. කොච්චර දක්ෂයෙක් පේන්ට් කරත් කලින් ඒකත් එක්ක වෙනසක් පේනවා. ඒ නිසා හප්පා ගන්නේ නැතුව මාර්ග නීති වලට අනුව වාහන එලවනවා නම් අපි කාටත් අපේ පේන්ට් එක බේරගන්න පුළුවන්.
    අදට ඇති......මම යනෝ...!!! කලින් ඒවා බැලුවේ නැත්නම් ඒවත් බලන්නෝ...බම්ප් දාන්නෝ..!!

    වාහන බ්‍රේක්
    වාහන බ්‍රේක් 2
    වාහන ටයර්/රෝද
    වාහන ක්ලච්
    වාහන ක්ලච් 2
    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු
    මොනවද මේ වාහන පර්මිට්?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    adooo mageth car eke door eka me lagadi ekek awith wedduwa :( pear white thibbe,company demmath thibba quality eka ganna bari wei wage,
    Duka thamai :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් උඹට ස්තූත්යි මේවගේ ත්‍රෙඩ් දානවට. :yes:දිගටම කරන්න අම්බානක වටිනවා.:yes::yes:

    පේන්ට් බාස් කාරයෙක්ට මං බලෙන් මාස්ක් එකක් දාන හදුවා ඒත් ඕන්නෑම කියනවා.:sorry: වැන් එක ඇතුලේ ඉඳන් ස්ප්‍රේ කරනවා ඇතුල ඔක්කොම ස්ප්‍රේ එක පිරිල. ඒත් ඔහේ ඉන්නව. පව් ඇත්තටම.:(
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    adooo mageth car eke door eka me lagadi ekek awith wedduwa :( pear white thibbe,company demmath thibba quality eka ganna bari wei wage,
    Duka thamai :(

    දුක තමා..!!

    මචන් උඹට ස්තූත්යි මේවගේ ත්‍රෙඩ් දානවට. :yes:දිගටම කරන්න අම්බානක වටිනවා.:yes::yes:

    බොහොම ස්තුතියි මචං...!!

    පේන්ට් බාස් කාරයෙක්ට මං බලෙන් මාස්ක් එකක් දාන හදුවා ඒත් ඕන්නෑම කියනවා.:sorry: වැන් එක ඇතුලේ ඉඳන් ස්ප්‍රේ කරනවා ඇතුල ඔක්කොම ස්ප්‍රේ එක පිරිල. ඒත් ඔහේ ඉන්නව. පව් ඇත්තටම.:(

    කියල වැඩක් නෑ...උන්ට තේරෙන්නේ පරක්කු වෙලා..!!
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    2zyftpg.png

    Kolla uba nam elakiri ah!!!
    Me thawa deyak podi podi sirim walata monawada bn thiyenwa piliyam??
    Rep added +10 !!!

    ..................................................​

    පොඩි ඒවාට නම් අර පෑනක් වගේ අයිටම් එකක් තියනවා නේ? මම හොයල කියන්නම්. එලකිරියෙමද කොහේදෝ තමයි දැක්කේ..!!