මන්දා තල්මහ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )

    විශාල හිසක් සහිත මන්දා තල්මසා තල්මසුන් අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි සත්ත්ව විශේෂයකි. පයිසිටර් මැක්‍රොසෙපාලුස් Physeter macrocephalus යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මන්දා තල්මසුන් ලොව සෑම සාගර කලාපයකම ජීවත්වෙයි.
    ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ද ජීවත්වන මන්දා තල්මසුනගේ හිස විශාල පෙට්ටි ආකාරයක් ගනී. සිරුර මද අළු පැහැයට හුරු දුඹුරු පැහැයකි. පිරිමි සතුන් මීටර 18ක් පමණ දිගට වැඩෙන අතර ගැහැනු සතකුගේ දිග මීටර 12ක් පමණ වෙයි.
    මහ මුහුදේ තනි තනිව මෙන් ම රංචු වශයෙන් ද දක්නට ලැබෙන මන්දා තල්මසුන් දැල්ලන් හා මුල්ලන් ද නොයෙක් වර්ගයේ මසුන් ද ආහාරයට ගනී. මේ තල්මසාගේ තෙල් සහ මේදය විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා බැවින් ආර්ථික අරමුණු වෙනුවෙන් විශාල වශයෙන් මරා දැමීම සිදුවේ. මේ හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂයක් ලෙස නම්කැර ඇත.

    3863997813_85dbaf0c08.jpg


    echeng100202_0251202.jpg


    P-macrocephalus_wurtz.jpg


    echeng100130_0249186-M.jpg


    spermwhaleencyclo27612.jpg


    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )
     
    • Like
    Reactions: Diya Rakus

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එලකිරි...
    මූට කියන්නේ spurm whaleකියල ලොකේ ඉන්නා ලොකුම විලොපිකයා තමයි මූ....නිලතල්මහ එහෙම කූනිස්සො එහෙමෙ කෑවට ඌව විලොපිකයෙක් කියල ගනන් ගැනෙන්නේ නෑ..දඩයම් කර සතුන් ආහාරයට ගන්නා ලොකුම සතා තමයි මේ
    spurm whale නැත්නම් මන්දා තල්මසා...
    මම අහල තියෙන විදිහට largest predator ever on earth නුත් මූ තමයි සුවර් නෑ හරියටම..එතකොට ටී-රෙක්ස්,
    Spinosauru,අනම් මනම් ඩයිනොසරයො පරාදයි මූට
     
    • Like
    Reactions: djjaya