කළුසරටකුස්සා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ -13 (කළු සරටකුස්සා)

    සරටකුස්සා යනුවෙන් හැඳින්වෙන උකුස්සන් විශේෂ පහක් ලෝකයේ දක්නට ලැබෙයි. ඉන් ශ්‍රී ලංකාවේ දී දැකිය හැකිවන්නේ විශේෂ දෙකක් පමණි. දුඹුරු සරටකුස්සා මෙරට වාසීය. කළු සරකුස්සා නිහැරි හෙවත් සංචාරක පක්ෂියෙකි.
    ඉන්දියාව, හිමාල කඳු ආශ්‍රිත පෙදෙස්, චීනය හා ගිනිකොණ දිග ආසියාවේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තවී සිටින සරටකුස්සන් අතරින් පිරිසක් ශීත සෘතුව එළඹීමත් සමග මෙරටට පියඹා එති.
    ඉංග්‍රීසි බසින් බ්ලැක් බසා Black Baza ලෙස හඳුන්වන කළු සරටකුස්සා සත්ත්ව විද්‍යාත්මකව ඇවිසෙඩා ලෙවුෆොටෙස් Aviceda leuphotes ලෙස නම්කැර ඇත.
    ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් අතරින් දුලබ නිහැරියකු ලෙස පිළිගැනේ. දක්නට අපහසුය. පහතරට වියළි කලාපීය වනාන්තරවලට පැමිණෙන කළු සරටකුස්සා තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් දක්නට ලැබෙයි. කසක සෘජු ඉරියව්වෙන් ලැග සිට වරින් වර පියඹා කෘමි සතුන් හෝ කුඩා උරගයන් අල්ලා කා දමයි. වරින් වර පියාපත් සැලීම් කිහිපයක් සහිතව ගස් මුදුන් වලට ඉතා ආසන්නයෙන් පියඹා යන පක්ෂියෙකි. ගසක ලැග සිටිමින් වැඩි කාලයක් ගත කරන මොවුන් සවස් කාලයේ බොහෝ ඇඳිරිවැටෙන තුරු ක්‍රියාශීලීව සිටියි.
    සරටකුස්සන්ගේ විශේෂය වන්නේ හිස මත සිහින් සිළුවක් දක්නට ලැබීමයි. කළු සරකුස්සාගේ හිස කළු පැහැතිය. උඩු කය ද කළු පැහැති පිහාටුවලින් ආවරණය වී තිබේ. යටි කයෙහි රතුවන් දුඹුරු පැහැති ඉරි ඇති අතර ළයෙහි උඩු කොටස සුදු පැහැතිය. පියාසරණ විට මොවුන්ගේ කළු සහ අළු පැහැති පිහාටු සහ යටි කයෙහි ඇති රේඛා ඉතා අලංකාර රටාවක් මෙන් පෙනෙයි. මොවුන් පරිනත වනවිට හොටයේ උඩ හනුවේ දාර දෙකෙහි දත් වැනි ප්‍රසර දෙකක් දක්නට ලැබීම ද විශේෂ ලක්ෂණයකි.

    black_baza_copy1.jpg


    black_baza_copy3.jpg


    blackbaza_web_8328_copy1.jpg


    hathikhira_birds562a.jpg


    black_baza_1_copy2.jpg


    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)


    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා)

    වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා)

    වීසා නැති සංචාරකයෝ -11 (දම් පිළිහුඩුවා)


    වීසා නැති සංචාරකයෝ -12 (ලොවිච්චියා)
     
    • Like
    Reactions: Jagoris