ත්‍රිලක්ෂණය, පංච උපාදානස්කන්ධය ,විදර්ශනා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ත්‍රිලක්ෂණය, පංච උපාදානස්කන්ධය ,විදර්ශනා

    ත්‍රිලක්ෂණය, පංච උපාදානස්කන්ධය හා විදර්ශනාව....
    බුදු හාමුදුරුවො අනත්තලක්ඛණ සූත්‍රෙ දේශනා කරනව මේ ලෝකෙ තියෙන හැමදේම, ඒ කියන්නෙ පංච උපාදානස්කන්ධයම ලක්ෂණ 3කින් යුක්තයි කියල
    .
    ✔️අනිත්‍ය - මොහොතක් මොහොතක් පාසා වෙනස්වෙන සුලු බව
    ✔️දුක්ඛ - මේ ආකාරයෙන් උපාදානයන්ගේ වෙනස්වීම නිසා,ලෙඩවීම, වයසට යාම,මිතුරන්ගෙන් වෙන්වන්නට වීම,අකමැති අය හා එක්වන්නට වීම ආදී සිතට දුක ගෙන දේවලට මුහුණදීමට සිදුවීම
    ✔️අනාත්ම - නිරන්තරව වෙනස්ව වී තමා ප්‍රිය ආකාරයට නොපවතින දේ මම ය, මාගේය කියා සැලකීමට නොහැකිවීම..
    .
    මේ විදිහට ලෝකෙ තියෙන පංච උපාදානස්කධයම ත්‍රිලක්ෂණයට අයිතිවෙනව.....පංච උපාදානස්කධය කියන්නෙ, රූප,වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන කොටස් 5ට.....ලෝකෙ තියෙන හැමදේම මේ කොටස් 5ට අයිතිවෙනව....මේ ගැන තවත් පැහැදිලි කරොත්....
    .
    ✔️සංස්කාර - පටිච්චසමුප්පාද සූත්‍රෙ සඳහන්වෙනව,දුක ,දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය නොදැනීම නැත්තන් අවිද්‍යාව නිසා හිතේ සංස්කාර එහෙම නැත්තන් කුසල අකුසල සිතුවිලි ඇතිවෙනව කියල....මේ විදිහට පුඤ්ඤාභි සංඛාර, අපුඤාභි සංඛාර කියන, කුසලාකුසල සිතුවිලි කය, වචනය , හිත එක්ක එකතුවෙලා හැදෙන තවත් සංඛාර කොටස් වලට මේ මූලික කොටස් 2 බෙදෙනව..කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර මේ විදිහට...උදාහරණයක් විදිහට කෙනෙක් තමන්ට බොහෝ ආහාර පාන ලැබේවා,කියල හිතල දන්දෙනව, එතකොට එතන ඇතිවෙන්නෙ කුසල සිතිවිල්ලක්, ඒ කියන්නෙ සංස්කාරයක්...

    ✔️විඤ්ඤාන - විඤ්ඤානය නැත්තන් සිත හටගන්නේ, සංස්කාර නැත්තන් සිතුවිලි නිසා, ඉන්ද්‍රියන් 6ට අදාලව, චක්ඛු විඤ්ඤාන, සෝත විඤ්ඤාන විදිහට....විඤ්ඤාන කොටස් 6ක් හටගන්නව...දානයක් දීල කුසල සිතිවිලි ඇතිවුණාම ඒ කුසල සිතිවිලි වලට අදාලව කුසල සිතක් ඇතිවෙන්නෙ මෙහෙමයි..

    ✔️රූප - පඨවි, ආපෝ, තේජෝ, වායෝ, රස, වර්ණ, ඕජා.....ඔය විදිහට රූප කොටස් 28ක් තියෙනව.....ඇස, කන , නාසය....ආදී ඉන්ද්‍රියන්ට හඳුනාගන්ඩ පුලුවන්, තද බව,රස්නය,ගලාගෙන යන බව, විසිරෙන බව කියන සතර මහා භූත රූප හා ඒව නිසා ඇතිවුණ අනිත් රූප කොටස් 24ක් මේවට අයිතිවෙනව....කෙනෙක් දානයක් දීල ඇතිවුණ කුසල සිතට අදාලව පස්සෙ කාලෙක ඒකෙ විපාක විදිහට එයාට ආපහු ආහාර පාන ලැබෙනව....එතකොට ඒ ආහාර පාන කියන රූප කොටස් පහලවෙලා තියෙන්නෙ එයාගෙ කුසල සිත හින්ද....

    ✔️සංඥා - සංඥා කියන්නෙ ඉස්සෙල්ල කියපු රූප කොටස් ඇස,කන,නාසය ආදී ඉන්ද්‍රිය වලට අඳුරගන්න පුලුවන්වෙන විදිහට ඒ රූප කොටස් වල තියෙන අනන්‍ය ලක්ෂණ,එක එක ඉන්ද්‍රියට අදාලව රූප සංඥා, ශබ්ධ සංඥා......විදිහට ආකාර 6ක් තියෙනව....අපි ගත්ත උදාහරණෙ විදිහට බැලුවොත් දන් දීපු කෙනෙක්ට ඒකෙ කුසල විපාකෙන් ලැබුණු ආහාර පාන දැකල, සුවඳින් අඳුර ගන්න පුලුවන් විදිහට ඒවයෙ තියෙන ලක්ෂණ එතකොට සංඥා කියල හඳුන්වන්න පුලුවන්..

    ✔️වේදනා - සිතට දැනෙන දැනීම් තමා කෙටියෙන් කියනව නන් වේදනා කියන්නෙ...සැප, දුක සහ මැදහත් වේදනා කියල මේක කොටස් 3කට බෙදෙනව....දැන් අර දන් දීපු කෙනාට කුසල විපාකෙන් ලැබුණ ආහාර දැකල සතුටක් හිතට දැනෙනව, ඒක සැප වේදනාවක් එතකොට......
    .
    ඉතින් දන්දෙන එක වුණත් කරන්න ඕන නිවන අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරල මිසක් සැප බලාපොරොත්තුවෙන්ම නෙමේ..නිවන ප්‍රාර්ථනා කරල දුන්නත් ඒකෙන් සැප විපාකයක් ලැබෙන්න තියෙනව නන් ඒක කොහොමත් ලැබෙණව......පින් හෝ පව් රැස්වෙනව කියන්නෙ සසර දිගටම යන්ඩ ඒක හේතුවක් වෙනව කියන එකයි...සංස්කාර ඇතුලු ඔය කියපු පංච උපාදානස්කන්ධයම ත්‍රිලක්ෂණයට අයිතිවෙනව, එහෙම නැතුව,සදාකල් තියෙන, පරම සැපදායි, අයිතියක් කියන්ඩ පුලුවන් එකම දේ නිවන විතරයි..
    .
    ත්‍රිලක්ෂණය ඇසුරෙන් විදර්ශනාව....
    .
    සමථ විදර්ශනා කියන භාවනා ක්‍රම 2න් බුදු හාමුදුරුවො විතරක්ම දේශනා කරල භාවනා ක්‍රමය වෙන්නෙ විදර්ශනා භාවනාව, විදර්ශනාව වඩන එක තමා කෙනෙක්ව නිවන කරා ගෙනියන්නෙ...නැත්තන් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන්න තියෙන හොඳම විදිහ විදර්ශනා භාවනාව....පංච උපාදානස්කන්ධ භාවනාව, ඒ කියන්නෙ පංච උපාදානස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට දකින එක, මරණානුස්සතිය ,ඒ කියන්නෙ ජීවිතය අනිත්‍ය විදිහට දකින එක.......මේ භාවනා ක්‍රම අපි නිතර කරන භාවනා වලින්, ත්‍රිලක්ෂණය වැඩි වශයෙන් මෙනෙහි කෙරෙන භාවනා ක්‍රම 2ක්....ඊට අමතරව අපිට පුලුවන් අපි දන්න කියන බොහොමයක් භාවනා ක්‍රම වලින් ත්‍රිලක්ෂණයත් මෙනෙහි කරන්න..උදාහරණයක් විදිහට, ආනාපානසතිය වඩද්දි, අපි ගන්න හෙලන හුස්මෙ අනිත්‍ය,දුක්ඛ, අනාත්ම බව සිහිකරල, ආනාපානසතිය වඩන ගමන් ත්‍රිලක්ෂණයත් මෙනෙහි කරන්න පුලුවන්, එතකොට ආනාපානසතියත් විදර්ශනා භාවනාවක් වෙලා........ඉතින් මේ විදිහට ත්‍රිලක්ෂණය මෙනෙහි කරන එක මහත් ඵල,මහානිසංස දෙන පුණ්‍යකර්මයක් කියල බුදු හාමුදුරුවො වේලාම සූත්‍රෙ දේශනා කරනව... අනිත්‍ය සඥාව විතරක් ඇඟිලි දෙකක් එකතුකරල අසුරු ගහන්ඩ යන තරමේ කාලයක් ඒ කියන්නෙ තප්පර 2,3ක් වඩනව නන්, මෙනෙහි කරනව නන් ඒ පින බුදු හාමුදුරුවන්ට,මහා සංඝරත්නයට දෙන දානයකටත් වඩා, පන්සිල් රකිනවටත් වඩා, අනෙක් සියලු භාවනා කරනවටත් වඩා වැඩියි කියල මේ විදිහට වේලාම සූත්‍රෙ සඳහන් වෙනව....ඉතින් සසරෙන් එතෙරවෙන්න, නිවන් දකින්න තියෙන එකම විදිහ ත්‍රිලක්ෂණේ මෙනෙහි කරන එක, බෞද්ධයෝ වුණ හැමදෙනාටම ඒ වටින අවස්ථාව ලැබිල තියෙනව, මොකද ත්‍රිලක්ෂණේ ඇසුරෙන් විදර්ශනාවට යන හැටි තියෙන එකම ආගම බුදු දහම හින්ද..
     
    Last edited:
    • Like
    Reactions: nnccbb

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ✔️අනිත්‍ය - මොහොතක් මොහොතක් පාසා වෙනස්වෙන සුලු බව
    ✔️දුක්ඛ - මේ ආකාරයෙන් උපාදානයන්ගේ වෙනස්වීම නිසා,ලෙඩවීම, වයසට යාම,මිතුරන්ගෙන් වෙන්වන්නට වීම,අකමැති අය හා එක්වන්නට වීම ආදී සිතට දුක ගෙන දේවලට මුහුණදීමට සිදුවීම


    අනිත්‍ය යනු මොහොතක් මොහොතක් පාසා වෙනස්විම සහ වෙනස්වීම දුකක් බව මෙයින් පැහැදිලි වේ , හිතන්න ඔබට ලෙඩක් තියනවා , එක දැන් අඩුවෙනවා , ඒ කියන්නේ වෙනස්වෙනවා , එක දුකක්ද ?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ✔️අනිත්‍ය - මොහොතක් මොහොතක් පාසා වෙනස්වෙන සුලු බව
    ✔️දුක්ඛ - මේ ආකාරයෙන් උපාදානයන්ගේ වෙනස්වීම නිසා,ලෙඩවීම, වයසට යාම,මිතුරන්ගෙන් වෙන්වන්නට වීම,අකමැති අය හා එක්වන්නට වීම ආදී සිතට දුක ගෙන දේවලට මුහුණදීමට සිදුවීම


    අනිත්‍ය යනු මොහොතක් මොහොතක් පාසා වෙනස්විම සහ වෙනස්වීම දුකක් බව මෙයින් පැහැදිලි වේ , හිතන්න ඔබට ලෙඩක් තියනවා , එක දැන් අඩුවෙනවා , ඒ කියන්නේ වෙනස්වෙනවා , එක දුකක්ද ?

    Wiparinama dukka kiyala hadinnwenne wenasweema nisa hataganna dukata...othana ledak hoda wunama sapaya kiyala api hadunwana deth paliyen dukka kiyana wachanayata ayath wenawa...සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව (මැදහත් වේදනාව) ,ethakota ledak hodawunama danenne suka wedanawak...ee kiyanne suka dukka...wachane bawitha wena widihe wenasak thiyenne...pali ha sinhala