සීලයේ ප්‍රභේද හා සීලය භාවනාවක් ලෙසින්
සිල් පදයක් කොටස් 4කට බෙදෙන අයුරු හා සීලයම භාවනාවක් ලෙසින්....
.
හුඟක් දෙනා පන්සිල්, අටසිල් නැත්තන් දසසිල් ගද්දි වැඩිපුර අවධානෙ යොමුකරන්නෙ, වැළකෙන පැත්ත ගැන විතරයි...ඒත් පන්සිල් ගත්ත කෙනෙක්,පන්සිල් වල වැළකෙන කොටස වගේම තමන් අතින් ඉටුවෙන්න ඕන කොටසත් කරන්න ඕන.....මේ විදිහට පන්සිල් වල හරි ඕනම සීලයක කොටස් 2ක් තියෙනව මූලිකව....
.
1. සමාදාන සීලය (ඉටුකරන කොටස )
2. විරති සීලය (වැලකෙන කොටස )
.
අපි පන්සිල් ගද්දි කියන ගාථාවම ගමුකො, එතන කියන්නෙ,.."වේරමණී සික්ඛාපදං සමාදියාමි"....ඔය වේරමණී කියන්නෙ විරතිය, ඒ කියන්නෙ වැලකෙන කොටස, සමාදියාමි කියන්නෙ සමාදන් වෙන කොටස........මේ විරති කියන කොටසත් ත්‍රිකෝටික ශීලයක් විදිහට, ඒ කියන්නෙ කොටස් 3කට බෙදල අංගුත්තර නියායෙ, එක නිපාතෙ, කම්මපථ පෙය්‍යාල වර්ගෙ පානාතිපාතති ධම්ම,අදින්නාදානති ධම්ම ,....විදිහට තියෙන සූත්‍ර 5ක විස්තර කරල තියෙනව...එතකොට එක සිල් පදයක් සමාදාන කොටසකුයි,විරති කොටස් 3කුයි විදිහට බෙදිල තියෙනව.......
උදාහරණයක් විදිහට පළවෙනි සිල් පදේ, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරන් බලමු,...එතකොට..
.
1. සත්වයන්ට අභයදානය දීම, ඔවුන්ට මෛත්‍රී කිරීම,ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම (සමාදාන කොටස,මේ ගැන වැඩි විස්තර අංගුත්තර නිකායෙ,අඨක නිපාතෙ අඨපුඤ්ඤාභි සන්ද සූත්‍රෙ තියෙනව )
2. තමන් සතුන් මැරීමෙන් වැලකීම(විරති කොටස)
3. අනුන් හට සතුන් මැරීමට අනුබල නොදීම(විරති කොටස)
4. අනුන් කරන සත්ව ඝාතන අනුමත නොකිරීම(විරති කොටස)
.
ඔය යට කොටස් 3 ගැන ඉස්සෙල්ල කියපු පානාතිපාතති ධම්ම සූත්‍රෙ විස්තර කරල තියෙනව...
ඔය විදිහටම අනිත් සිල් පද වලටත්,මේ කොටස් 4 එනව..දෙවෙනි සිල් පදේට, අනුන් සතු දේ ආරක්ෂා කිරීම, අන්සතු දේ නොගැනීම, සොරකම් කිරීමට අන් අයට උදව් නොකිරීම,අන් අය සොරකම් කරන විට අනුමත නොකිරීම...ඔය විදිහට.....
ඉතින් මේ විදිහට සිල් රකින එකෙන් පරලොව වගේම මෙලොව ආනිසංසත් සෑහෙනට තියෙනව... මහා පරිනිබ්බාන සූත්‍රේ මේ වගේ ආනිසංස 5ක් ගැන සඳහන් වෙන්නෙ මෙහෙම....
.
1.සිල් රකින කෙනාට අප්‍රමාදීව කටයුතු කරන්ඩ ඉඩසැලසෙන හින්ද, වස්තුව භව බෝග රැස්කරගන්න හම්බෙනව
2. හොඳ නම හැම තැනම පැතිරෙනව
3. බය නැතිව තැනකට යන්ඩ පුලුහන්කම ලැබෙනව
4. මරණයට බිය නැතිවෙනව
5. මරණින් පස්සෙ සුගතියක උපත ලබනව,....
.
ත්‍රිපිටකේ තියෙන ඒව විස්තර කරල, පස්සෙ ලියවුණු අටුවාවෙ පන්සිල් රකින එකේ ආනිසංස 97ක් ගැනත් සඳහන් වෙනව(පළවෙනි කොමෙන්ට් එකේ ඒ ටික ඇති.. )
.
<h> සීලය භාවනාවක් ලෙසින් - සීලානුස්සති භාවනාව.... </h>
.
අපි රකින සීලයම අපිට භාවනාවක් විදිහටත් කරන්ඩ පුලුහන්...මේ ගැන සීලානුස්සති සූත්‍රෙත් සඳහන්වෙලා තියෙනව..ඉස්සෙල්ලාම පටන්ගද්දි තමන් රකින ,කාලෙකට ඉස්සරින් ආරක්ෂා කරපු, කරගෙන එන....ඕනම සීලයක්,නැත්තන් සිල් පදයක් මතක් කරගෙන සීලානුස්සති භාවනාව ආරම්භ කරන්ඩ පුලුහන්...ඊළඟට ක්‍රමෙන් ක්‍රමේ,තමන් රකින සීලය හින්ද, තමන්ටත් අනිත් අයටත් වෙන යහපත ගැන සිහි කරහැකි....ටිකෙන් ටික භාවනාව දියුණුවේගෙන එද්දි, තමන් රකින සීලයේ ආනිසංසයෙන්, බලයෙන් තමන්ටත් අනිත් අයටත් මෙලොව පරලොව වශයෙන් යහපත උදාවෙන්න කියල ප්‍රාර්ථනා කරහැකි......ඉතින් මේ විදිහට සීලය කියන්නෙ, හුඟක් දුරට විහිදිලා යන මෙලොව පරලොව ආනිසංස හුඟක් රැස්වෙන වටින ගුණාංගයක්....නිතර පුරුදුකරන තරමට,සිහිකරන තරමට ආනිසංසත් වැඩියි..