මිතුරන් නොමිතුරන් හඳුනාගන්නා ආකාරය

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මිතුරන් නොමිතුරන් හඳුනාගන්නා ආකාරය

    හොඳ මිතුරෙකු හඳුනාගත හැකි ලක්ෂණ 16....(මිත්තාමිත්ත ජාතකය ඇසුරෙන් )
    වෙන්ව ඉන්නා විටත් මතක් කරයි
    හමුවීමට පැමිණි විට සතුටු වෙයි
    ඉන් පසු ආදරය දක්වයි
    ප්‍රිය වචනයෙන් පිළිසඳර කතා කරයි
    අනෙක් මිතුරාගේ යහලුවන්ම ඇසුරු කරයි
    ඔහුගේ සතුරන් ඇසුරු නොකරයි
    මිතුරාට බැන වදින්නන් වලක්වයි
    මිතුරාගේ ගුණ කියන අයට ප්‍රශංසා කරයි
    මිතුරාට තම රහස් කියයි
    ඔහුගේ රහස් සඟවයි
    මිතුරාගේ යහපත් ගුණ ගැන පවසයි
    ඔහුගේ බුද්ධිය ගැන ප්‍රශංසා කරයි
    මිතුරාගේ දියුණුව දැකීමට කැමති වෙයි
    පිරිහීම දැකීමට අකමැති වෙයි
    ප්‍රනීත ආහරයක් ලද විට මිතුරා සිහිවෙයි
    ඔහුටත් මෙයින් දිය හැකි නම් හොඳැයි අනුකම්පා සහගතව සිතයි


    මිත්‍ර ප්‍රතිරූපකයන් (මිතුරන් නොවන අය ) හඳුනාගත හැකි ලක්ෂණ 16(මිත්තාමිත්ත ජාතකය ඇසුරෙන් )
    අනෙකා දැක සතුටු බවක් නොපෙන්වයි
    අනෙකාගේ පැත්තට කතා නොකරයි
    අනෙකා තමා දෙස බලන කල්හි නොබලයි
    අනෙකා යමක් කියන විට එයට විරුද්ධව කතා කරයි
    අනෙකාගේ සතුරන් ආශ්‍රය කරයි
    අනෙකාගේ මිතුරන් ආශ්‍රය නොකරයි
    යමෙක් අනෙකාගේ හොඳ කීවොත් එය නවත්වයි
    යමෙක් අනෙකාට බැන වැදුනොත් එය හොඳ යැයි පවසයි
    තමාගේ රහස් අනෙකාට නොපවසයි
    අනෙකාගේ රහස් වෙනත් අයට පවසයි
    අනෙකාගේ කරන හොඳ වැඩ ගැන කතා නොකරයි
    අනෙකා බුද්ධිය ගැන ප්‍රශංසා නොකරයි
    අනෙකා පිරිහෙනු දැකීමට කැමති වෙයි
    දියුණු වෙනු දැකීමට අකැමති වෙයි
    ප්‍රනීත කෑමක් ලදහොත් අනෙකා මතක් නොවෙයි
    අනේ එයාටත් මේකෙන් දෙන්ඩ පුලුහන් නන් යැයි අනුකම්පාවෙන් නොසිතයි...