පින් අනුමෝදන් කළයුත්තේ ජීවත්ව සිටියදීද
යමෙකුට පින් අනුමෝදන් කිරීමට වඩාත් සුදුසු මිය ගිය පසුද ජීවත්ව සිටිනා කාලයේද..
හුඟක් දෙනා මේ කාලෙ පින්දෙන්න පුරුදුවෙලා ඉන්නෙ තමන්ගෙ ඥාතියෙක් මිය ගියාට පස්සෙ, එවුනාට ඇත්තටම එහෙම දෙන පින් ඒ පින් දෙන ඥාතියට හම්බෙන්න තියෙන්නෙ බොහොම පොඩි ඉඩක්...එක පාරක් ජාණුස්සෝනි කියන බ්‍රාහ්මණය බුදු හාමුදුරුවන්ගෙන් අහනව, අපි මේ විදිහට මිය ගිය නෑදෑයින්ට අනුමෝදන් කරන පින් හැම වෙලේම ඒ අයට හම්බෙණවද කියල...
එවෙලෙ බුදු හාමුදුරුවො කියනව, අපි පින් දෙනව වගේම පින් ගන්න අයත් අපෙන් පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තුවෙන් හිටියොත් විතරයි ඒ අයට ඒ පින් හම්බෙන්නෙ කියල.........
............................................
ඉතින් මේ විදිහට බැලුහම අපි පින් දෙන මියගිය ඥාතියෝ මිය ගිහිල්ල තිරිසන්,නරකාදී අපාගත උපතක් ලබල තිබුණොත් ඒ අයට ඒ පින් හම්බෙන්නෙ නෑ...මොකද ඒ අයට ගිය ආත්ම භවවල ඥාතියෝ ගැන මතකෙකුත් නෑ,ඒක හින්ද ඒ ඥාතීන්ගෙන් පින් ගන්ඩ බලාපොරොත්තුවකුත් නෑ...මනුස්සයෙක් විදිහට ඉපදුණත් එහෙම්මමයි ගොඩක් දුරට පහුගිය ආත්ම ගැන මතකයක් නෑනෙ...දිව්‍ය ලෝක වල දෙවි කෙනෙක් විදිහට ඉපදුණ නෑයෙක් ගැන හිතමුකෝ, එයාටත් දිව්‍ය ලෝකෙ තියෙන සැප සම්පත් එක්ක පරණ ඥාතීන් ගැන අමතකවෙලා යනව...ඉතින් මෙහෙම මියගිහිල්ල ඉපදුණ නෑයො අතරෙන් එකම එක කොටසක් විතරක් ඉන්නව තමන්ගෙ පෙර ආත්මවල නෑයින්ගෙන් පින් ගන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්න,පරදත්තූපජීවී කියන ප්‍රේත කොටස තමා මේ විදියට පින් බලාපොරොත්තුවෙන් ඉන්නෙ...ඉතින් ඒ අයට නන් අනිවාර්යෙන්ම මෙහෙම නෑයො අනුමෝදන් කරන පින් හම්බෙනව කියල කියන්න පුලුවන්....ඉතින් දැන් පේනවනෙ කෙනෙක් මියගියාට පස්සෙ එයාට පිනක් අනුමෝදන් කරන එක ගොඩක් දුරට සාර්ථක නෑ කියල....ඒක හින්ද කෙනෙක්ට පින් දෙනව නන් කරන්න තියෙන හොඳම දේ එයා ජීවත්වෙලා ඉන්න කාලෙම පින්දෙන එක....
.
එත්තාවචාච අම්හේහි- සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු -සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්හි සිද්ධියා
(අප රැස් කර ගත් මේ පින සියලු දෙවියෝද, සියලු භූතයෝ ද, සියලු සත්වයෝද අනුමෝදන්ව සියලු සැප ළගා කර ගනිත්වා.)
.
මෙහෙම ඔය ගාථාවෙන් සියලුම සත්වයින්ට පින්දෙන ගමන් අපිට පුලුහන් හිතින් අපිට ඕන ජීවත්වෙලා ඉන්න නෑයින්ව, යාලුවන්ව මතක්කරල එයාලට පින් අනුමෝදන් කරන්න...එතකොට ඔක්කොම එකපාර මතක්කරල පින්දෙද්දි අපිට ඕන අයව මඟ ඇරෙන එක වලක්ව ගන්ඩත් පුලුහන්, හරියට මෛත්‍රී භාවනාව කරද්දි, හැම දෙනාටම එක පාර මෛත්‍රී කරල, අයෙ වෙන් වෙන් විදිහටත් මෛත්‍රී කරනව වගේ....මෙහෙම පින්දෙද්දි අදාල පින ලැබෙන කෙනාට විතරක් නෙවේ පින් අනුමෝදන් කරවන කෙනාටත් කුසල් රැස්වෙනව.. පත්තිදාන කියල දස පින් වල තියෙන්නෙ මෙහෙම පින් අනුමෝදන් කරවන එක......ඒ වගේම දෙවියන්ට පින් අනුමෝදන් කරාම ඒ අය සතුටුවෙලා පින් දුන්න අයට උදව්කරන්න වැඩි උනන්දුවක් දක්වනව......ඔය විදිහට පින්ගත්ත දෙවිවරු මිනිස්සුන්ට උදව්කරපු හැටි මච්ඡද්වාර ජාතකේ, දම්පියාටුවාවේ , කුමුදුප්පලානීත දුග්ගතවත්ථුව වගේ කතා වලිනුත් දැනගන්න පුලුවන්...
.
ආකාසට්ඨාච භුම්මට්ඨා - දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං
චිරං රක්ඛන්තු සම්බුද්ධ දේසනං
චිරං රක්ඛන්තු සම්බුද්ධ සාවකං . චිරං රක්ඛන්තු මං පරං
(අහසෙහි විමන් හිද පොළොවෙහි පර්වතාදියෙහි අධිගෘහිත වුද , මහත් සෘද්ධි ඇති දෙවියෝද , බ්‍රහ්මයෝද පින් අනුමෝදන්ව සාසනයද , ධර්මයද , ශ්‍රාවකයන්ද , මාද අන්‍යයන්ද යහතින් බොහෝ කල් රකිත්වා.)