බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ

    බුදු දහමේ ආහාරයට ගැනීමට අනුමත කර ඇති මාංශ (මස්, මාලු )

    බුදු හාමුදුරුවෝ ජීවක සූත්‍රෙ සඳහන් කරනව, තමන් උදෙසා මරපු නැති සතෙකුගෙ මස් කෑවට පව් නෑ කියල...මෙතන තමන් උදෙසා නොමරපු කියන එක සම්පූර්ණ වෙන්ඩ මේ කරුණු 3ම තියෙන්ඩ ඕන...තමන් මස් කන සතා, මරල තියෙන්නෙ තමන් වෙනුවෙන් කියල..

    1. දැකපු නැති
    2. අහපු නැති
    3. සැක නැති...
    මේ කරුණු 3ට අදාල මස් අයිති නැත්තන් ( ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ ) ඒ මස් කෑවට පවක් නෑ...
    ..............................................
    ඔය 3 වෙනි කාරණාව ඒ කියන්නෙ අදාල මස් කන සතා මරල තියෙන්නෙ තමන් වෙනුවෙන් නෙමේ කියල සැකයක් නැතිවීම, ඒකත් තව කොටස් 3කට බෙදෙනව...මේ සැකය ඇතිවෙන්ඩ පුලුවන් විදි 3කට....
    අහපු දේකින්
    දැකපු දේකින් නැත්තන්
    අහලත් නැතුව දකින්නෙත් නැතුව තමන්ගෙ හිතේම සිතුවිලි වලින් ....
    ඕක විස්තර කරහැකි මෙහෙම උදාහරණෙකින්...හාමුදුරු කෙනෙක් පාරෙ වඩිද්දි දකිනව මනුස්සයෙක් දඩයමේ යනව, පහුවෙදා ඒ මනුස්සය හාමුදුරුවන්ට දානෙට මස් පූජා කරනව...එතන හාමුදුරුවන්ට ඊයෙ අර මනුස්සය දඩයමේ යනව දැකපු හින්ද සැකයක් ඇතිවෙන්ඩ පුලුහන්, තමන්වහන්සෙ වෙනුවෙන් දානෙ දෙන්ඩයි දඩයමේ ගියේ කියල...එතන දැකීමෙන් සැකය ඇතිවෙනව...ඔය වගේම කෙනෙක් හාමුදුරුවන්ට කියනව දානෙ ගෙනාපු කෙනා ඊයෙ දඩයමේ ගියා කියල එතනත් ඒක අහල සැකයක් එන්ඩ පුලුහන් ,මෙයා දානෙට සතෙක් මරන්නද ගියේ කියල, එහෙමත් නැත්තන් හාමුදුරුවගෙ හිතේම සැකයක් ඇතිවෙන්ඩ පුලුහන් මොකවත් අහන්නෙත් දකින්නෙවත් නැතුව, මෙයා දානෙටම සතෙක් මරන්ඩ ඇති කියල........
    ................................................
    කෙනෙක්ට දැන් හිතෙන්න පුලුහන් කඩේක විකුනන්න තියෙන මසුත් ඔය 3 වෙනි කාරණාවෙ 3 වෙනි කොටසට අයිතිවෙනවද කියල...මොකද ඒ විකුණන්ඩ තියෙන මස් ,මස් කන පිරිසක් වෙනුවෙන් මරාපු සත්තුන්ගෙ කියල හිතේ සිතුවිල්ලක් ඇතිවෙලා...ඒ වුණාට ඔතනදි එච්චරම අන්තෙට හිතන්ඩ ඕන නෑ...මොකද කඩේකට විකුණන්ඩ තියෙන මස් එන එක විශාල සංකීර්ණ සිද්ධි ප්‍රමාණයක්...එක්කෙනෙක් වෙනුවෙන්, කීප දෙනෙක් වෙනුවෙන් සතෙක් මරනවට වඩා සිද්ධිදාමයක් වෙලා...එහෙම බැලුවොත් පාරක බැහැල ඇවිදින්ඩත් බෑ, මොකද පාරෙ ඉන්න පොඩි සත්තු පෑගිලා මැරෙනව, සතෙක් මැරෙන්ඩ අනුබල දීමක් වෙනව කියල හිතෙනවනෙ....එවුනාට එහෙම හිතන්ඩ ගියොත් ඒක අන්තවාදි වීමක්, එච්චරටම හිතන්ඩ යන්ඩ හොඳ නෑ ඒක හින්ද....කඩේකින් ගත්ත මස් කන එකත් ඒ වගේ....බුදු හාමුදුරුවෝ මෙහෙම කඩේකින් ගත්ත මස් කන එක අනුමත කරන්නෙත් ඒ හින්දයි...උන්වහන්සෙත් මේ විදිහට සීහ සේනාපති කියන කෙනා කඩේකින් අරන් පිළියෙල කරල දුන්න මාංශ වර්ගයක් වැළඳුවා කියල ''සීහසේනාපති සූත්‍රෙ'' සඳහන් වෙලා තියෙනව....ඒක හින්ද කඩේකින් ගන්න ඕනම මසක් කෑවට පවක් වෙනවද කියල සැකයක් තියාගන්ඩ ඕනෙත් නෑ...
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     
    • Like
    Reactions: 2osama

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    කෙනෙක්ට දැන් හිතෙන්න පුලුහන් කඩේක විකුනන්න තියෙන මසුත් ඔය 3 වෙනි කාරණාවෙ 3 වෙනි කොටසට අයිතිවෙනවද කියල...මොකද ඒ විකුණන්ඩ තියෙන මස් ,මස් කන පිරිසක් වෙනුවෙන් මරාපු සත්තුන්ගෙ කියල හිතේ සිතුවිල්ලක් ඇතිවෙලා...ඒ වුණාට ඔතනදි එච්චරම අන්තෙට හිතන්ඩ ඕන නෑ...මොකද කඩේකට විකුණන්ඩ තියෙන මස් එන එක විශාල සංකීර්ණ සිද්ධි ප්‍රමාණයක්...එක්කෙනෙක් වෙනුවෙන්, කීප දෙනෙක් වෙනුවෙන් සතෙක් මරනවට වඩා සිද්ධිදාමයක් වෙලා...එහෙම බැලුවොත් පාරක බැහැල ඇවිදින්ඩත් බෑ, මොකද පාරෙ ඉන්න පොඩි සත්තු පෑගිලා මැරෙනව, සතෙක් මැරෙන්ඩ අනුබල දීමක් වෙනව කියල හිතෙනවනෙ....එවුනාට එහෙම හිතන්ඩ ගියොත් ඒක අන්තවාදි වීමක්, එච්චරටම හිතන්ඩ යන්ඩ හොඳ නෑ ඒක හින්ද....කඩේකින් ගත්ත මස් කන එකත් ඒ වගේ....බුදු හාමුදුරුවෝ මෙහෙම කඩේකින් ගත්ත මස් කන එක අනුමත කරන්නෙත් ඒ හින්දයි...උන්වහන්සෙත් මේ විදිහට සීහ සේනාපති කියන කෙනා කඩේකින් අරන් පිළියෙල කරල දුන්න මාංශ වර්ගයක් වැළඳුවා කියල ''සීහසේනාපති සූත්‍රෙ'' සඳහන් වෙලා තියෙනව....ඒක හින්ද කඩේකින් ගන්න ඕනම මසක් කෑවට පවක් වෙනවද කියල සැකයක් තියාගන්ඩ ඕනෙත් නෑ...

    mas kanna ona nam kapan bn.logics hadagena paw na kiyala hitha sanasaganna hadanne nathuwa.tharka kara kiyala pin paw wenas wenne na.oluwen hithala blpn.kade satha marena sathage madadwavishge nama nothibbata kade satha marenne madawavish athulu pirisak mas ganna nisa.ithin e pawa e hamotama aithi.
    swabawika widihata marichcha ekek arenna wena mokek kawath paw thama.
    math mas kanawa.paw sidda wenawa kiyala danagena.hitha hadaganna mehema karata paw na arama karata paw na kiyala hitha hadagaththata wadak na;)
     
    Pilot_007

    Junior member
  • Aug 20, 2020
    20
    30
    13
    Russia, Moscow.
    ''Discord channel to share Buddhism'', for Sri Lankans ( local and living in foreign countries) to bring them together so we all can learn Dhamma from each other. you all are welcome !

    Sever invitation link / බෞද්ධ සමූහයට ඇතුලුවීම සඳහා - https://discord.gg/UJrnvS8

    Thank You!

    Namo Buddhaya 🙏