එලකිරි අඩවිය දැනුම විනෝදය පිරුණු ස්ථානයක් බවට පත්කිරීමට දායකවෙන එළකිරිවාසීන් ඇගයීමට ලක්කෙරෙන එළකිරි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රීයේ එළකිරි රේඩියෝව තුලින් පුරා පැය දෙකක කාලයක් තිස්සේ සාර්ථකව විකාශය වීමෙන් පසුව අවසන් උනා. පසුගිය වසර එක හමාරක පමණ කාලය ඇතුලත තමන් සතු වටිනා කාලය කැපකරමින් විවිධ අංශ යටතේ දැනුම බෙදාහදාගත් එලකිරිවාසින් අතරින් තෝරාගත් 40 දෙනෙක් විවිධ අංශ යටතේ රන් රිදී ලෝකඩ සහ ප්ලැටිනම් සම්මාන වලින් සම්මානයට පාත්‍ර වුනා. සජීවීව සම්මාන උළෙල එක්ක එකතු වෙන්න බැරිවුණු එළකිරිවාසින් වෙනුවෙන් මෙන්න 2018 වසරේ එළකිරි සම්මාන උළෙලේ නිල ප්‍රතිපල.
එළකිරි වාසීන්ගේ මනාපයෙන් තෝරාගන්න ලද ජනප්‍රිය සම්මාන 5 ක් පිරිනැමුණා
විනිශ්චය මණ්ඩලය මගින් ලබාදුන් ලකුණු වලට අනුව කාණ්ඩ දොළහක් යටතේ තෝරාගත් සම්මානලාභින් 37කට සම්මාන පිරිනැමුණා
කාණ්ඩ දොළහ යටතේ යෝජනා වූ සියලුම නාමයෝජනා අතරින් තෝරාගත් දෙදෙනෙක්ට විශේෂ ප්ලැටිනම් සම්මාන දෙකක් පිරිනැමුණා.
අපේ මැඩියාගේ අදහසකට අනුව මිල කළ නොහැකි සේවයක් එලකිරිය වෙනුවන් ඉටුකළ සාමාජිකයෙක් සඳහා ජීවිත කාලයට එක්වරක් පමණක් පිදෙන එලකිරි ගෞරව ප්‍රණාම සම්මානයක් පිරිනමන්න අපි තීරණය කලා.
මේ සම්මාන උළෙල පවත්වන්න මාව උනන්දු කරපු ගියවර සම්මාන උළෙලේ සංවිධායක එක්සිකියුටර් , කාර්යබහුල ජීවිතේ එක්ක ත්‍රෙඩ් සීයකට අධික ප්‍රමාණයක් වෙන වෙනම බලල ලකුණු දාල දුන්න දත් කිඹුලා, එලිසියම්, වුල්වරින්, මල්බබා, තරිඳු, මහේෂ් සේනාධීර, ජැක්ස්පැරෝ ඇතුළු විනිශ්චය මණ්ඩලය, සෑහෙන මහන්සිවෙලා එළකිරි රේඩියෝව තුලින් සම්මාන උළෙල සජීවීව ඉදිරිපත් කරපු තරිඳු, තරිඳුට සහය වුනු හෂාන් දිස්, සංවිධාන කටයුතු වලට සහය වුනු අපේ අශාන් සහ මැඩියා, නිර්මාණ දායකත්වයෙන් සහය වුනු රොටා ඇතුළු හැමෝටම ස්තුතියි.
ජයග්‍රාහකයින්ට අවශ්‍ය නං දාගන්න අවතාර සෙට් එකක් අපේ RottenCOLT හදල දුන්න කැමති අයට දාගන්න පුළුවන්.
වැදගත් සබැඳි
සම්මාන උළෙල සඳහා නාමයෝජනා බාරගැනීම
අවසන් නාමයෝජනා ලැයිස්තුව
ජනප්‍රියම කණ්ඩායම - Poll
විනෝදාත්මක චරිතය - Poll
නැගී එන තරුව - Poll
ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - Poll
සරාගී ත්‍රෙඩ් සපයන්නා - Poll
ගෞරව ප්‍රණාම සම්මාන - නාමයෝජනා
ගෞරව ප්‍රණාම සම්මාන - Poll
එළකිරි රේඩියෝව සමග සම්මාන රාත්‍රිය
2019 වසරේ එළකිරි සම්මාන උළෙල සමග නැවත හමුවෙමු.





