හරි විදිහට අත් සෝදමුද..???

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
හරි විදිහට අත් සෝදමුද..???

ඔන්න අද ඉඳන් මම වෙනස් විදිහක ත්‍රෙඩ් සෙට් එකක් දාන්න බලා පොරොත්තු වෙනවා.. :yes: මේ ඒකේ පළවෙනි පියවර...:D මෙච්චර කාලයක් තිස්සේ මම දාපු ත්‍රෙඩ් වලින් 95 % ක් ම වැඩිහිටියන්ට පමණයි ඒවා...:no: ඒ නිසාම මට දැන් Sexy Doca කියලා අන්වර්ථ නාමෙකුත් බැඳිලා ඉවරයි..:frown: කියන්න දුකයි ඒ ගොනා විකිනුවා..;) ආයේ Sex ත්‍රෙඩ් දාන්න හිතක් නැහැ විශේෂ ඉල්ලීමක් නැතුව....:oo: ඒක නිසා අද ඉඳන් Health Threads බලා පොරොත්තු වෙන්න.. :P

Health හෙවත් සෞඛ්‍යය ගත්තාම ඒක පිරිහිම නිසයි ඔය එක එක අසනීප ඇති වෙන්නේ...:rolleyes: ඔය අසනීප ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හරියට පිරිසිඳු කමක් නොතිබීම....:( විශේෂයෙන්ම අත් දෙකේ විෂබීජ පොදි පොදි තියනවා.. :baffled: ඒකට හේතුව තමයි හැම මගුලම අල්ල අල්ල ඒ අල්ලපු අත් නොසෝදා ඇස්, නහය කහන්න යෑමත්, අනම් මනම් කටට ඔබා ගැනීමත්...:growl: සමහරු පස්ස කහනවා :lol:, තවත් සමහරු ඇ# කහනවා :rofl: එහෙම කහපු අතින්ම ඊට පස්සේ වෙන මොකක් හරි බිස්කට් එකක් වගේ අරගෙන කටෙත් ඔබා ගන්නවා...:angry: එහෙම උනහම විසබීජ අපේ පෙනහළු, ඇස්, අහාර මාර්ගය ඔස්සේ රුධිරයට එකතු වෙලා විවිද වූ ලෙඩ රෝග ඇති කරනවා.. :oo:

ඒක නිසා Health Threads දාන්න කලියෙන් මුලින්ම හරියට අත හෝද ගන්න හැටි උඹලට කියලා දෙන්න කියලා හිතුවා...:cool::eek: මොකද උඹලා හෝදන අත හරියකට හේදෙන්නේ නැහැ...:confused: අනික තමයි විෂබීජ පැතිරීම අවම කරන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි ක්‍රමවත් අත හේදීම...;) එහෙනම් පුරුදු විදිහටම කියවගෙන යමල්ලා.....:love:

ඇයි දැන් අත් දෙක හරියට හෝදන එක මෙච්චර වැදගත්...??? :oo:


ලෝකයේ දහස් ගානක් මිනිස්සු මැරෙනවා :( විෂබීජ ශරීර ගත වෙලා.. කොළරාව, පාචනය වගේ එව්ව විතරක් නෙමෙයි හෙම්බිරිස්සවක් වගේ එකක් උනත් හරියකට අත නොසේදීම නිසා වෙන්න පුලුවන්...:no: ඒ වගේම මේ කියන අත මනා ලේස සේදීම රෝහල් වල අනිවාර්‍යයෙන් අවශ්‍යය කරන දෙයක්..:dull: මොකද රෝගියෙක්ගෙන් තවත් රෝගියෙක්ට මාරු වෙද්දි දෙවනියට බලන රෝගියාට පළවෙනියට බලපු කෙනාගේ විෂබීජ පැතිරී යන්න පුලුවන්...:yes: ඒ බයිලා උඹලට වැඩක් නැහැනේ...:rofl: අත හෝදන එක උඹලට වැදගත් වෙන්නේ අසනීප වීම් අඩු කරගෙන, බඩේ අමාරු සෙට් කරගෙන ටොයිලට් එකේ පදින්චි වීම අවම කරගෙන :lol: මනා වූ යහපත් දිවිපෙවෙතක් ගත කරන්නටයි....:)

ඇයි මෙච්චර කාලයක් හෝදපු විදිහ වැරදිද...??? :frown:


ඔව් උඹලා නම් කියාවි ඉස්කෝලෙ යන කාලේ අතවත් හෝදුවේ නෑ, අදටත් ටොයිලට් එකට ගිහින් ඇවිත් අත තියා පස්සවත් හෝදන්නේ නැහැ :lol: ඒත් මට ඉහෙන් බහින ලෙඩක් නැහැනේ කියලා..:frown: ඒත් මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලාට නොදන්න දෙයක් කියලා දෙන්නයි..:angry: එදිනෙදා අත වතුරින් ටිකක් පොඟවාගෙනසබන් කෑල්ල අතුල්ලලා සබන් ටික හෝදලා යැව්වට ඒක අත සේදීමක් වෙන්නේ නැහැ..:no: එහෙම අත හෝදදි හරියට නොසේදෙන තැන් ගොඩාක් තියනවා..:yes: මේ පහල පින්තූරය බලන්නකෝ...


Missing.jpg

  • කොළ පාටින් තියෙන්නේ සාමාන්‍යය අත සේදීමකදී පිරිසිඳු වෙන, විෂ බීජ තියනවා නම් ඉවත් වෙලා යන ප්‍රදේශ.. :yes:
  • ඒතකොට නිල් පාටින් පෙන්නලා තියෙන්නේ හෝදද්දි හේදිලා යන නමුත් මග හැරී යන්නත් පුලුවන් නමුත් එහෙම මග හැරීමේ අඩු අවදානමක් තියෙන ප්‍රදේශ.. :oo:
  • එතකොට රතු පාටින් පෙන්නලා තියෙන්නේ අත සෝද්ද්දි බොහෝ වෙලාවට මග හැරිලා යන විෂ බීජ ඉතිරි වෙන ප්‍රදේශ ටික.... :angry: ඒ නිසා ක්‍රමවත් පරිදි අත් හෝදන එක වැදගත් දෙයක්...

දැන් ඔය අත් නොසේදීම නිසා කොහොමද විෂබීජ පැතිරී යන්නේ...???

කහිද්දි කටින් අතට, කිවිසුවම් යවද්දි නාසයෙන් අතට, ඇස් කසද්දි ඇස් දෙකෙන් අතට විෂබීජ එනවා..:P ඒ විෂබීජ ඔබෙන් ඔබේ පවුලේ සාමාජිකයෙක්ට, නෑදැයෙක්ට, යාලුවෙක්ට පැතිරිලා යන්න පුලුවන්...:baffled: ඒ අපිරිසිඳු අතින් කෑම උයන පිහන කොට ඒ කෑම වලට පැතිරිලා යන්න පුලුවන් :dull:, ඒ වගේම අමු මස්, මාලු වගේ දෙයක් අල්ලලා හරියකට අත හෝදන්නේ නැතුව ගො‍ටු කොළ මැල්ලුමක්, කැරට් සලාදයක් වගේ එකක් හැදුවොත් ඒ මස් වල තියෙන විෂබීජ පැතිරිලා යන්න පුලුවන් :rolleyes:, ඒ වගෙම පුසෝ බල්ලෝ හුරතල් කරලා හරියට අත නොසෝදා හිටියොත් ඒත් විෂබීජ ශරීර ගත වෙලා අසනීප වෙන්න පුලුවන්..:no: හිතුවට වඩා
තත්වය ඒ නිසා බරපතලයි.. ඒ නිසා මේක දැනගෙන පුරුදු පුහුණු කරගෙන තියෙන එක ගොඩාක් වැදගත්... :yes:

එතකොට මොකක්ද ඔය කියන හරියට අත හෝදන ක්‍රමය...???


හරියටම අත හෝදන ක්‍රමය ගත්තාම ඕකට සබන් සහ අයිසෝ ප්‍රොපිල් මධ්‍යයසාරය ( ඒ කිව්වේ බන් අරක්කු නෙමෙයි ස'ජිකල් ස්ප්‍රීතු කියන්නේ අන්න ඒක :rofl: ) හෝ බෙටඩීන් දියර ඕනේ වෙනවා..:oo: ඒ බං ඉස්පිරිතාලේ.. උඹලට ඒ මගුල් වැඩක් නැහැ..:angry: සබන් කැටයක් තිබ්බාම හොඳටම ඇති...:frown: ඉස්සෙල්ලාම කරන්න ඕනේ අත හොඳින් වතුරින් පොඟවන එක..:yes: පොඟවලා ඇති පමණට අතේ සබන් කැටය අතුල්ලලා ගන්න එක...:D දැන් තමයි අත හෝදන්න යන්නේ අපි... මේ අත
හෝදද්දි අත අතුල්ලන්න ඕනේ හරියට..:oo: ඒ අත් දෙක ඇතිල්ලීමේ පියවර 7ක් තියෙනවා..:D තේරුම් ගන්න පහසු වෙන්න මම ඉස්සේලලා පහලින් රූපයක් දාන්නම්... :shocked:


8_steps_hands new.jpg

1 - ඉස්සෙල්ලාම අත් දෙකේ අල්ලවල් දෙක එකිනෙක හොඳට අතුල්ලමින් පිරි මදින්න ඕනේ.මේක අඩුම තත්පර 5ක් වත් කරන්න ඕනේ.. ඊට පස්සේ දෙවනි පියවර. :P

2 - මේකේදි කරන්නේ අල්ලවල් දෙක මුනට මුන තිබෙද්දීම අත් දෙකේ ඇඟිලි අතර එකිනෙක හොඳට අතුල්ලනවා.. මේකත් අවම තත්පර 5ක් වත් කරන්න ඕනේ... ඊට පස්සේ තුන්වෙනි පියවර.:confused:

3 - මේකෙදි කරන්නේ එක අතක අල්ලක් මගින් අනික් අතේ පිටි අල්ල හොන්දට පිරි මදින එක. එක අතකට අවම තත්පර 5ක් වගේ අත් දෙකටම මේ පියවර කරන්න ඕනේ.. කරලා 4 වෙනි පියවරට යන්න ඕනේ...:rolleyes:

4 - ඔය 1,2,3 පියවර තුනෙන් එකකින්වත් මහපට ඇඟිල්ල පිරිසිඳු උනේ නැහැනේ... මෙන්න මේ පියවරේදී තමයි මහපට ඇඟිල්ල පිරිසිඳු කරන්නේ... එක අතක මාපට ඇඟිල්ල එක පැත්තකටත් අනික් ඇඟිලි 4 ම ප්‍රතිවිරුද්ධ පැත්තටත් යන විදිහට අනික් අතේ මහපට ඇඟිල්ල ආවරණය කරලා අතුල්ලන්න තියෙන්නේ... මේකත් එක අතකට අවම තත්පර 5 ගානේ අත් දෙකටම කරගන්න ඕනේ... :baffled:

5 - මේකේදි කරනේ අර හෑන්ඩ් ලොක් දානවා කියලා කියන්නේ.. අන්න එ වගේ එක අතක ඇඟිලි වලින් අනිකේ ඇඟිලි පටලවාගෙන තද කරලා දෙපැත්තට අතුල්ලන එක.. මේකෙන් වෙන්නේ 3 න් වෙනි පියවරේදී අතුල්ලන්න බැරි වෙච්ච අත් දෙකේම ඇඟිලි වල පිටි පැත්ත පිරිසිඳු කිරීමයි...:yes:

6 - 5 වෙනි පියවරත් තත්පර 5ක් වගේ සුලු කාලයක් කලාට පස්සේ 6 වෙනි පියවර කරන්න තියෙන්නේ.. මේකෙදි කරන්නේ එක අතක ඇඟිලි තුඩු අනික් අතේ අල්ලේ අතුල්ලන එක.. ඒක මඟින් පිරිසිඳු නොවුනු ඇඟිලි තුඩු පවා පිරිසිඳු වෙනවා.. මේකත් තත්පර 5 බැඟින් අත් දෙකටම කරන්න ඕනේ.. :D

7 - මේ තමයි අත් සේදීමේ අවසාන පියවර.. මේකෙදි කරන්නේ අතේ Wrist එක එහෙමත් නැත්නම් මැණික් ක‍ටුව ප්‍රදේශය අතුල්ලා ගැනීම.. මේකත් එක අතකට තත්පර 5 බැඟින් අත් දෙකටම කරගන්න ඕනේ :confused:

8 - මේ පියවර සියල්ල අවසාන උනාට පස්සේ සබන් ටික ගලා යන ජලයෙන් හෝදලා පිරිසිඳු රෙදි කඩකින් පිහදාගන්නයි තියෙන්නේ...:cool:

ඔච්චර දෙයක් කලාට පස්සේ ඇඳන් ඉන්න ඇඳුමේ පිහුවොත් අයියෝ සල්ලි වගේ වැඩක් තමයි වෙන්නේ අයේ විෂබිජ තැවරෙන නිසා...:rofl: ඔන්න ඔහොමයි හරියට අත හෝදන්නේ..:yes: මේ පියවර ටික අනුගමනය කරන්න විනාඩියක් යන්නේ නැහැ.. නමුත් එයින් ලැබෙන ප්‍රතිලාභ මිල කල නොහැකියි... මොකද නීරෝගී කම මේ ලෝකේ තියෙන උතුම්ම සැපත නිසා...:D

එහෙනම් මෙයිට වැඩිය කොටන්න බලාපොරොත්තු වෙන්නේ නෑ... කිව්වත් වගේ එන සතියේ ඉඳන් පුලු පුලුවන් වෙලාවට Health Thread දාන්නම්... එන සතියේ කියනවා කුරුලෑ ගැන සහ පාලනය කරගන්න උපදෙස් මාලාවක්..:oo: එහෙනම් අපි ගිය වෙන කෙනෙක්ට දකින්න බම්ප් පාරක් දාලා යන්න....
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මෙන්න මගේ කලින් ත්‍රෙඩ් වල ලින්කුව..
http://www.elakiri.com/forum/search....&starteronly=1

බැරි වෙලාවත් ලින්ක් එක වැඩ කරන්නේ නැත්නම් මගේ public ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒකේ තියෙන statistics tab එකට ගිහින් Find all threads started by luckuluke111 කියන එක click කරන්න.. මගේ ත්‍රෙඩ් සෙට් එකම ලැබෙයි එතකොට. :D

බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III
කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )
ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )
කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??
වඳ භාවය (+18 නොවේ)
ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)
කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප (++ 21)
බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&#
ස්වයං වින්දනය....
සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )
සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...
පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 පම
කර්ණපටහා පටලය ( +18 )
හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්......
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
එල එල,
හැබැයි ඉතින් කොහොම කිව්වත් පුරුද්ද වෙනස් කරගන්න පුළුවන් වෙයිද මන්දා
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
එල එල,
හැබැයි ඉතින් කොහොම කිව්වත් පුරුද්ද වෙනස් කරගන්න පුළුවන් වෙයිද මන්දා

Eka nam aththa itin.. Tnx 4 d comment..
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මෙච්චර කල් අත් හෝදනකොට කලේ.....

1,2 පි‍යවරවල් විතර‍යි.....
:oo::oo::oo:

සෙක්සි ඩොකා හිකිස් ..
එළ මචන් ..කොටන්න වෙච්චි මහන්සියට හරියන්න එකෙක් දෙකෙක් වත් ප්‍රයෝජන ගනිනේ ..ලොකු පිනක්
+10 rep

Watina adahas walata Tnx Machanla..
 

Super_Mario

Active member
  • Apr 8, 2013
    154
    30
    28
    Castle Calamity
    සැබෑවටම වටිනවා දොස්තර මහත්තයෝ! තව හොද සෞක්‍ය පුරුදු ටිකක් කියාදෙන්න...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උය ස්ටෙප් ටික මතක තියාගන්න මොනිටරේ සින්ක් එක ලගට ගෙනියන්න ඕනද සින්ක් එක මොනිටරේ ලගට ගේන්න ඕනද..
    2.gif


    කාන්තාවන් ගෙ අධි සංවේදී රෙද්ද කියවන්න ඕනෙ.. :yes::yes:
    මේ වගේ thread හෙලා දකිනව :dull:
     
    • Like
    Reactions: luckyluke111

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උය ස්ටෙප් ටික මතක තියාගන්න මොනිටරේ සින්ක් එක ලගට ගෙනියන්න ඕනද සින්ක් එක මොනිටරේ ලගට ගේන්න ඕනද..
    2.gif


    කාන්තාවන් ගෙ අධි සංවේදී රෙද්ද කියවන්න ඕනෙ.. :yes::yes:
    මේ වගේ thread හෙලා දකිනව :dull:
    :rofl: