කොළගඩයා
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )
සමස්ථ ලෝකයෙන් ම මහවැලි නදියේ පොල්ගොල්ලේ හා වික්ටෝරියා වේල්ලේ සිට විදුලි බලාගාරය දක්වා ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන කොළ ගඩයා ලෝකයෙන් වඳවි යන්නට ඇතැයි සිතා සිටි මත්ස්‍ය විශේෂයකි. ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රීන් ලෙබියෝ (Green Lebeo) ලෙසත් සත්ත්ව විද්‍යාත්මක ව ලෙබියෝ ෆිෂර්රි Lebeo fisheri ලෙසත් හඳුන්වන මොවුන් ගල් මතින් වේගයෙන් ජලය ගලා බස්නා ස්ථානයන්හි ගංඟා පතුල සිය වාස්සථානය කරගෙන සිටියි.
ලෙබියෝ යන ලතින් වචනයේ අර්ථය වන්නේ විශාල තොල් යන්නයි. මේ මාළුවාගේ විශේෂත්වය වන්නේ ද එයයි. සෙන්ටිමීටර 40ක් 60ක් පමණ දිගට වැඩෙන කොළ ගඩයාගේ තොල් පැහැදිලිව විශාලව දක්නට ලැබෙයි. වේගයෙන් ජලය ගලා බස්නා සෙවණ සහිත මඩ නොමැති පිරිසිදු ජලයේ දිවි ගෙවන කොළ ගඩයාගේ ඇල්ගී වර්ග සිය ප්‍රධාන ආහාරය කරගෙන ඇත.
පොල්ගොල්ල ජලාශය ඉදිකිරිම හේතුවෙන් ගඩයාගේ වාසස්ථාන අහිමිවිය. ඉන් පසුව 2011 දී මහවැලි ගඟේ පේරාදෙණිය හා පොල්ගොල්ල අතර වරාතැන්නේ දී ගඩයා යළි සොයාගත හැකිවිය. ලොව ඉතා දුර්ලභ මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති කොළ ගඩයා වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂයකි.
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )
:lankadeepa

Last edited: