වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    RX-BeforeAfter-HeadlightRestore.png
    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඊයේ වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එකෙත්දි අපි මේ ගැන කතා කරපු නිසා. :yes: මම කාලෙකට කලින් ලයිට් එකක් සුද්ද කරද්දී ෆොටෝ ටිකක් අරං තිබුනා. ඉතිං මම හිතුවා කටු ත්‍රෙඩ් එකේ ඉන්න අයගේ හිත සුව පිණිස මේ ටික දාන්න ඕනෙ කියලා.:yes: එහෙම හිතලා රූප ටික අප්ලෝඩ් කරාටත් පස්සේ තමයි හිතුනේ වාහන පාවිච්චි කරන වැඩි පිරිසකට දකින්නත් එක්ක මේ ගැන වෙනමම දැම්මනම් හොදයි කියලා. :D :cool: මොකද ගොඩදවසකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි වුනානේ.

    ප්ලාස්ටික් ලයිට් කාළයක් පාවිච්චි කරද්දි අපාටක් ගහනවා කියලා වාහන පාවිච්චි කරන හැමෝම දන්නවනේ. අපාට ගහන්නේ නැතුව තියාගන්න නම් කරන වැඩේ තමයි අර උඩිං ස්ටිකර් එකක් අලවන එක. නමුත් ඉතිං හැමෝම ඔහොම කරන්නේ නෑනේ. ඉතිං ලයිට් කහ පාට වුනාම මුලු වාහනේම ලස්සන එතතින් නැති වෙලා යනවා. කහ වීම විතරක් නෙවෙයි ලයිට්වල මතුපිට දිස්නය නැති වුනහමත් කැතයි. අද කියන්න යන්නේ ඔය ගැටලු විසද ගන්න විදිහ තමයි.

    ඔය වැඩේට ඕනි වෙන්නේ පිත්තල බඩු පොලිෂ් කරන්න ගන්න බ්‍රාසෝ පොඩි බෝතලයක් සහ 2000 සෑන්ඩ් පේපර් එකක්. මේ දෙකටම යන්නේ ඉතාම අඩු මුදලක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඕනිම හාඩ්වෙයා එකකින් ගන්න පුලුවන්.
    3085326359.jpg
    41kwUJkqe4L._SX300_.jpg


    දැන් වැඩේ පටන්ගන්නයි තියන්නේ. වතුර බාල්දියක් අරගෙන පුටුවක් තියලා ලයිට් එක ලගින් ඉදගන්න.
    picture.php

    දැන් සෑන්ඩ් පේපර් එකෙන් කෑල්ලක් ඉරාගෙන වතුරේ ඔබ ඔබ ලයිට් එක මත අතුල්ලන්න. ඔයාලට පෙනෙයි කහපාට ගතිය කැපිලා යන විදිහ. මේ වගේ මුලු ලයිට් එකේම කහපාට ගතිය යනකල් අතුල්ලන්න.

    ඔය තියන්නේ ටොමා ඒවගේ ලයිට් එකක් සෑන්ඩ් පේපර් එකෙන් කපපු දුර්ලභ නැති අවස්ථාවක්. :P
    picture.php


    දැන් ලයිට් එක වතුර ටිකක් දාලා හෝදලා පිහදාන්න. මේ තියන්නේ එතකොට පේන විදිහ
    picture.php

    කාලා වරෙංකෝ.. කෝ ලයිට් එකේ දිස්නේ.

    අන්න ඒදිස්නේ ගන්න තමයි බ්‍රාසෝ පාවිච්චි කරන්නේ. දැන් බ්‍රාසෝ බෝතලේ හොදට හොල්ලලා මූඩිය අරින්න.
    දැන් ඒකේ ප්‍රසන්න සුවද මොහොතක් අත්විදින්න.

    article-1052174-026B907800000578-589_306x327.jpg

    ඇති ඇති සුවද බැලුවා ඇති.

    දැන් ගන්න රෙදිකෑල්ලක්. අරං මුලු ලයිට් එකේම බ්‍රාසෝ ගාන්න. (ලයිට් එක වේලිලා තියෙන්න ඕනේ බොලව්.) නිකං මල්පෙත්තක් අතගානවා වගේ ගාන්නේ නැතුව ටිකක් තදේට රව්මට රව්මට අතුල්ලන්න. (වැඩිය තද කරන්න අවශ්‍ය නැ.)
    ඊටපස්සේ ඒටික වේලෙන්න ඇරලා. වෙන රෙදි කෑල්ලකින් අත තද කරලා පිහදාන්න. දැන් බලන්නකෝ ලයිට් එක.
    picture.php

    වැඩේ ඔච්චරයි. සරළයි පහසුයි.

    ලයිට් එක කහ ගැහිල නැත්තං. දිස්නෙ විතරනම් නැති වෙලා තියන්නේ 2000 කොලෙන් කපන්න යන්න ඕනෙ නෑ. කෙලින්ම බ්‍රාසෝ දාලා පොලිෂ් කර ගත්තම ඇති. :cool:

    සැලකිය යුතුයි - මා අත්හදා බලා ඇත්තේ ජපන් වාහන වල ලයිට් වලට පමණක් බව සලකන්න.




    එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!


    කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    වාහනවල දෝශ සෙවීමේ සටහන්
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්
    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    banner_zpsd6df7d37.png