නිල්නීලරාජයා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වීසා නැති සංචාරකයෝ -14 (නිල් නීලරාජයා )

    දිලිසෙන නිල් පැහැති උඩු කයක් හා දිලිසෙන කළු පැහැති යටි කයක් සහිත මේ අලංකාර පක්ෂියා හඳුන්වන්නේ නීල රාජයා නමිනි. නීල රාජ විශේෂ දෙකක් ලෝකයේ දක්නට ලැබෙයි. පිට නිල් පැහැති හා පිට කළු පැහැති යනුවෙන් මේ විශේෂ දෙක හඳුන්වන අතර ශීත සෘතුවත් සමග මෙරටට පැමිණෙන්නේ පිට නිල් නීලරාජයාය.
    ඉංග්‍රීසි බසින් ඒසියා ෆෙයිරි බ්ලූබර්ඩ් Asia Fairy bluebird ලෙසත් සත්ත්ව විද්‍යාත්මකව ඉරෙනා පුඑල්ලා Irena puella ලෙසත් හඳුන්වන පිට නිල් නීලරාජයා නීලරාජ විශේෂ දෙක අතරින් පුළුල් පැතිරීමක් ඇති විශේෂයයි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයේත් දකුණු, නැගෙනහිර හා ඊසාන දිග ඉන්දියාවේ කඳුවැටි ආශ්‍රිතවත් ගිණිකොන දිග ආසියාව දක්වා වූ සදාහරිත සහ තෙත් පතනශීල වනාන්තරවලත් දැකිය හැකි පිට නිල් නීලරාජයා කුඩා කණ්ඩායම් වශයෙන් ආහාර සොයා සැරිසරන පක්ෂියකි.
    ඝන කැලෑවල මෙන් ම කෝපි ආදී වගාබිම් ආශ්‍රිතව ද දක්නට ලැබෙයි. ගස්වල ගෙඩි ආහාරයට ගන්නා මොවුන් මල් පැණි හා කුඩා කෘමි සතුන් ද ආහාරයට එක්කර ගනී. පෙබරවාරි සහ අප්‍රේල් කාලයේ දී කැදලි තනා බිත්තර දමති. ගස් කරුවක රළු කෝටුවලින් සාදන කූඩුවට පාසි, පත්‍ර කොටස් හා මුල් කැබලි අතුරා වඩාත් මට සිළුටු බවක් එක්කර ගනී.


    asianbfmale.jpg


    bluebirdasianfairy0011_fcw.jpg


    asian_fairy_bluebiry-2345.jpg



    වීසා නැති සංචාරකයෝ - 1 (නිල් පෙඳ බිඟුහරයා)

    වීසා නැති සංචාරකයෝ - 2 (අටු වැහිලිහිණියා)


    වීසා නැති සංචාරකයෝ - 3(රජ සියක්කාරයා)

    වීසා නැති සංචාරකයෝ - 4(වන හැලපෙන්දා)

    වීසා නැති සංචාරකයෝ - 5(අවිච්චියා)

    වීසා නැති සංචාරකයෝ -6 (සුදු රෙදි හොරා)


    වීසා නැති සංචාරකයෝ -7 (කොළ ගස්රැවියා)

    වීසා නැති සංචාරකයෝ -8 (පන් මැටි කොකා)

    වීසා නැති සංචාරකයෝ -9 (කොණ්ඩකොහා)

    වීසා නැති සංචාරකයෝ -10 (අළු කවුඩා)

    වීසා නැති සංචාරකයෝ -11 (දම් පිළිහුඩුවා)


    වීසා නැති සංචාරකයෝ -12 (ලොවිච්චියා)


    වීසා නැති සංචාරකයෝ -13 (කළු සරටකුස්සා)
     
    • Like
    Reactions: Sry.com and Tarzon