ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
Reply
 
Thread Tools
(#1)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 17,786
Join Date: Mar 2013
Location: EK Automobile
Oh! එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද? - 04-18-2015, 10:45 PM

එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
අපේ රටේ ඉන්නේ පුදුම බාස්ලා කොට්ටාසයක්. සමහරු හිතන්නේ සමහර කොටස් ජපනා පිස්සුවට වගේ හයි කරල කියලා. ඉතිං වාහනයක් හදන්න ගිය ගමන් දුරදිග නොබලා ඔය කොටස් අයින් කරලා දානවා. මේ වගේ දේවල් ගැන අපි ඇකි තරම් 'වාහන හින්දා කාපු කටු' ත්‍රෙඩ් එකේ වගේම 'Van modifications' ත්‍රෙඩ් එකේදිත් කථා කරලා තියනවා. අද කියන්න යන්නේ මේ වගේ බාස්ලා අයින් කරන තවත් කොටසක් ගැනයි. ඒක තමයි thermostat valve එක. අපි දන්නවනේ ඕනිම වාහනයක එන්ජින් එක ක්‍රියාත්මක වෙනකොට ඒක යම් ප්‍රමාණයකට රත් වෙනවා. ඉතිං ඔය එන්ජිම සිසිල් කරන්න සිසිලන පද්ධතිය යොදාගන්නවා.

thermostat valve එකෙන් වෙන වැඩේ සිසිලන පද්ධතියට ගොඩක් විශේෂයි. සරළව කියනව නම් මේකෙන් වෙන්නේ එන්ජින් එක රත් වෙනකන් බ්ලොක් එක ඇතුලේ තියන වතුර රේඩියේටර් එකට යෙමු කරන්නෙ නැතුව තියාගන්න එක තමයි. එතකො ඒ වතුර ටික ඉක්මනට රත්වෙනවා. මේ නිසා මුලු රේඩියේටර් එකේම තියන වතුර අවශ්‍ය උශ්නත්වයට රත්වෙන්න අවශ්‍ය නෑ. මේ නිසා වාහනේ ස්ටාට් කරපු ගමන්ම එන්ජින් එක රත්වෙලා ධාවනයට සුදුසු තත්වෙට පත්වෙනවා.

සිසිලන පද්ධතිය ගැන මූලිකව තේරුම් ගන්න මේ වීඩියෝ එක බලන්න


රේඩියේටර් එකේ හෝස් එකක් ගියොත්, ෆෑන් බෙල්ට් එක කැඩුනොත් මොකද වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතිං එන්ජිම ඕවහීට් වෙනව කියන්නේ ඔහොම සිද්දියකින් පස්සේ එන්ජිම අධික ලෙස රත්වීම විතරක්ද?
ඔය වගේ මතුපිටට ලොකුවට පේන ප්‍රශ්නයක් නොවුනත් එන්ජිමක් ප්‍රමාණයට වඩා රත්වෙන්න පුලුවන්. එහෙම දෙයක් වෙන්න නම් හේතු ගණනාවක් බලපාන්න පුලුවන්. සරලම සිද්ධියක් තමයි ෆැන් බෙල්ට් එක බුරුල් වීම හෝ කරවෙලා තියන නිසා ලිස්සා යෑම. මෙතනදී ෆෑන් එක නිවැරදි ආර්පීඑම් එකෙන් වැඩ කරන්නෙ නැනි නිසා එන්ජිම රත්වෙන්න පුලුවන්. මේ හැර රේඩියේටර් එක බ්ලොක් වුනොත්, සයිලන්සර් එක බ්ලොක් වුනොත්, බ්‍රේක් බයින්ඩ් වුනොත්, Ignition timing වෙනස් වීම, valve timing වෙනස්වීම වගේ හේතු ගොඩක් නිසා එන්ජිම රත් වෙන්න පුලුවන්. මේ වගේ සිද්ධි නිසා එන්ජින් එක වැඩිපුර රත් වෙනව නම් ඒක එකපාරටම අදුරගන්න අමාරුයි. ඉතින් වාහනේ අයිතිකාරයට දැන් තමන්ගේ වාහනේ එන්ජින් එක හීට් වෙනව වැඩී වගේ කියලා දැනුනම ඕක ගැරජ් එකකට අරං යනවා. ඒ ගෙනියපුවම මූලික පරික්ෂා වලින් දෝෂය මොකක්ද කියලා හොයාගන්න බැරිනම් බාස්ලා කරන වැඩේ තමයි thermostat valve එක ගලවන එක. දැන් හරි වැඩේ ඉවරයි. දැන් එන්ජිම එහෙම වැඩිපුර රත්වෙන්නෙ නෑ. ඉතිං හරි ෂෝක් මේ ජපන් පිස්සෝ කහනවට හයිකරල තියන thermostat valve මෙච්චරකල් මොනමගුලකට සිසිලන පද්ධතිය තුළ තිබුනද දන්නෙ නෑ.
ලෙඩේ නැවතුනා නෙවෙයි දැන් තමයි ලෙඩ දහසක් පටන්ගන්නේ. ඔන්න දැන් අපේ බුවාලට වාහනේ එපා වෙනවා. පරණ වාහන වලට බණිනවා. දැන් මොකද වෙලා තියන්නේ එන්ජින් එක රත් වෙනකන් හරියට අදින්නෙ නෑ. ටිකක් දුර යනකන් වාහනේ පිකප් නෑ, එන්ජින් එක රත් වෙනකන් පහළ ගියර් වලදි ඒසී දැම්මොත් එන්ජිම නතර වෙන්න බලනවා. වැඩිපුර තෙල් පිච්චෙනවා. එකී මෙකී නොයෙක් ලෙඩ දැන් වාහනෙන් මතුවෙනවා. ඉතිං දැන් පලයංකෝ ආයි ආයි ගැරජ් ගානේ. ඉතිං තේරෙනව නේද ගැරජ් බාස්ලට ඕනි විදිහට මේ වගේ කොටසක් ඉවත් කරොත් ඇති වෙන්න පුලුවන් ගැටලු. කවදාවත් වාහනයක ගැටලුවකට තවත් කොටසක් ගලවල ඉවත්කරන එක කරන්න එපා. ඉවත් කරන කොටසක් වෙනුවෙන් අලුත් හෝ රීකන්ඩිෂන් කොටස් දාන්න ඕනි. මොට්ට බහුබූත අති පණ්ඩිත බාස්ලට ඕනි ඕනි දේවල් කරන්න දෙන්න එපා.



එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!


කලින් මම වාහන ගැන දාපු නුල්.
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!


Last edited by Mr.Tom; 04-18-2015 at 10:47 PM.
Reply With Quote
(#2)
Old
harshana_mahesh's Avatar
harshana_mahesh harshana_mahesh is offline
Senior Member
harshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of lightharshana_mahesh is a glorious beacon of light
 
Posts: 3,180
Join Date: Nov 2007
04-18-2015, 10:46 PM

TFS
+10
Reply With Quote
(#3)
Old
<DNA's Avatar
<DNA <DNA is offline
Senior Member
<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all
 
Posts: 15,167
Join Date: Oct 2012
Location: Mathugama/Kaluthara/Sri Lanka
Send a message via Skype™ to <DNA
04-18-2015, 10:47 PM

BUMP
Reply With Quote
(#4)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nice
 
Posts: 2,115
Join Date: Nov 2013
04-18-2015, 10:53 PM

tfs
Reply With Quote
(#5)
Old
snaptjaw's Avatar
snaptjaw snaptjaw is offline
Senior Member
snaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nicesnaptjaw is just really nice
 
Posts: 1,889
Join Date: Nov 2012
Location: Bon Temps, Louisiana
Send a message via Yahoo to snaptjaw
04-18-2015, 10:57 PM

bump
Reply With Quote
(#6)
Old
Harsh7046's Avatar
Harsh7046 Harsh7046 is offline
Senior Member
Harsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of light
 
Posts: 5,418
Join Date: Dec 2009
Location: Colombo
04-18-2015, 10:57 PM

Thanks brah
Reply With Quote
(#7)
Old
Didiya's Avatar
Didiya Didiya is offline
Senior Member
Didiya has a spectacular aura aboutDidiya has a spectacular aura aboutDidiya has a spectacular aura about
 
Posts: 345
Join Date: Sep 2014
04-18-2015, 10:58 PM

TFS bump
Reply With Quote
(#8)
Old
Thor2014's Avatar
Thor2014 Thor2014 is online now
Senior Member
Thor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really nice
 
Posts: 2,289
Join Date: Nov 2013
04-18-2015, 10:59 PM

මොට්ට බහුබූත අති පණ්ඩිත බාස්ලට ඕනි ඕනි දේවල් කරන්න දෙන්න එපා
Reply With Quote
(#9)
Old
laMir's Avatar
laMir laMir is offline
Senior Member
laMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of lightlaMir is a glorious beacon of light
 
Posts: 3,968
Join Date: May 2014
Location: ගම් 5 නේ.....
04-18-2015, 11:00 PM

තවත් වෑඩිපුර දෙයක් එගෙන ගන්න මේකත් බලන්න....
මේ blog එකත් මන් හිතන්නේ elakiri එකේම කගේ හරී..!!!

http://asankaamarasinghe.blogspot.ae...blog-post.html
rep +
Reply With Quote
(#10)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 16,735
Join Date: Dec 2011
Location: 60 වත්ත
04-18-2015, 11:04 PM

ඔය ත‍ර්මෝස්ටැට් වෑල් එක සාමාන්යෙන් ගලවලා අලුතින් දාන්න ඔිනි එකක් නෙමේ කියල මන් අහල තියෙනවා... ඕවා අප්ස්ට් වෙන්නෙ බොහොම කලාදුරකින්ලු
Reply With Quote
Reply

Bookmarks

Tags
ek88, nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04502 seconds with 8 queries