rajitha.wijayaratne ගේ අව ජාතක කථාව

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
rajitha.wijayaratne ගේ අව ජාතක කථාව

rajitha.wijayaratne ගේ අව ජාතක කථාව

--

ගෙන ඒම



පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589

--

දැන් මේකයි. බොහෝ ජාතක කතා හදපු ඒවා.

ජාතක කතා හදලා තියෙන්නේ පොඩි ළමයිට ආදර්ශයක් දෙන්න. ඕක පෙන්නන ඔයාගේ යාලුවන්ට.



--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ පඨම පණ්ණාසකයේ භණ්‌ඩගාමවග්ගයේ අප්පස්සුත සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp13/36 ] කොටසක්:


මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසි යම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟසසුන් මඳක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්‍රැතයාගේ අර්ථය නො දැන පෙළ දහම නො දැන ධර්‍මානුධර්‍ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාවට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වෙයි.


ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ දුතිය පණ්ණාසකයේ අනාගතභයවග්ගයේ දුතියධම්‌මවිහාරී සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp14/162 ] කොටසක්:

මහණ, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය , උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වෙදල්ල ය යන (පර්‍ය්‍යාප්ති) ධර්‍මය ප්‍රගුණ කරයි. මතුයෙහි දු ප්‍රඥායෙන් ඒ ධර්‍මයාගේ අර්‍ථය දැන ගන්නේ ය. මහණ, මෙසෙයින් මහණ ධර්‍මවිහාරී වෙයි.


ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්‌මිකවග්ගයේ ආනන්‌ද සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp15/152 ] කොටසක්:

ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය ය, ඇවැත්නි, අද්භුත ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් විසින් මෙය සුභාෂිත මැ යි. ඇවැත්නි, අපි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් මේ සදහමින් සමන්වාගතයකු කොට දරම්හ. (1) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භුතධර්‍මය, වෙදල්ල ය යන ධර්‍ම පිරිවහත්. (2) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි විස්තර විසින් ධර්‍මය පරනට දෙසත්. (3) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විස්තර විසින් මෙරමා කියවත්. (4) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විස්තර විසින් සජ්ඣායනා කෙරෙත්. (5) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙත්, අනුවිචාරණ කෙරෙත්, මනසින් සිතා විමසා බලත්. (6) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රැත ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතිකාධර තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙත්. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කලින් කල ඔවුන් කරා එළඹ පරිපෘච්ඡා කෙරෙත්, පරිප්‍රශ්න කෙරෙත්: “වහන්ස, මෙ කිසේ ය? මෙ භාෂිතයාගේ අර්‍ථය කවරේ දැ?”යි. එ ආයුෂ්මත්හු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට අවිවෘතය ද විවෘත කරත්, නො පාළ වූ දැය ද පාළ කෙරෙත්, සැකයට කරුණු වූ නන් වැදෑරුම් දහම්හි සැක ද දුරු කෙරෙත් ය යි.


ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ වේරඤ්ජකාණ්ඩයේ සාරිපුත්තස්ස සික්ඛාපඤ්ඤත්තියාවනං [ http://thripitaka.org/view/bjts/vp1/42 ] විස්තරයෙන් කොටසක්:

24. “වහන්ස, මෙහි කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?”

“ශාරීපුත්‍රයිනි, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවැතුනෙක් නො වී ය. ශාරීපුත්‍රයිනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ ද කෝනාගමන භාග්‍යවතුන් වහන්සේගේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ද, ශාසනය වූ කලී බොහෝ කල් පැවැතුනෙක් වී” යැ යි වදාළ සේක.

25. “වහන්ස, යම් හේතුවෙකින් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවතුනෙක් නො වී නම්, එයට හේතු කවරේ ද? එයට ප්‍රත්‍යය කවරේ ද?”

26. “ශාරීපුත්‍රයෙනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තරවශයෙන් ධර්‍මය දේශනා කරන්නට උත්සාහ රහිත වූහ. ඒ බුදුවරුන්ගේ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වේදල්ල ය යන නවාංග ශාස්තෘශාසනය ස්වල්ප ද විය. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද ද නො පණවන ලදී. ආණාපාතිමොක්ඛය නො උදෙසන ලදී.

27. ඒ භාග්‍යවත් වූ බුදුවරුන්ගේ පරිනිර්‍වාණයෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්‍වාණයෙන් නානානාම ඇති, නානාගොත්‍ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළාහු ය. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන් වැදෑරුම් පුෂ්පජාතීහු මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් නොගොතන ලද්දාහු ද, යම් සේ ඒ මල් වාතය තෙමේ විසුරුවා ද, අන් තැනකට යවා ද, තුබූ තැනින් පහ කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් නොගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම, ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ ශ්‍රාවකයන්ගේ අතැවැසි වූ නානානාමගෝත්‍ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළහ.

28. වැලි දු ඒ භාග්‍යවත් බුදුවරු තමන්ගේ සිතින් ශ්‍රාවකයන් සිත පිරිසිඳ දැන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට උත්සාහ සහිත වූහ. ශාරීපුත්‍රයෙනි, පෙර වූවක් කියමි: අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ බිහිසුණු වූ එක්තරා වනලැහැබක දී තමන්ගේ සිතින් ඒ මහණුන්ගේ සිත පිරිසිඳ දැන දහසක් මහණුන්ට ‘මෙසේ (නෙක්ඛම්මාදි) විතර්‍ක කරවු. (කාමාදි) විතර්‍ක නො කරවු. මෙසේ අනිත්‍යාදිවශයෙන් මෙනෙහි කරවු. නිත්‍යාදිවශයෙන් මෙනෙහි නො කරවු. අකුසල් වූ මෙය දුරු කරවු. කුසල් වූ මෙයට පැමිණ වාසය කරවු’යි අවවාද කරණ සේක, අනුශාසනා කරණ සේක. ඉක්බිති ශාරීපුත්‍රයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නා වූ මෙසේ අනුශාසනා කරණු ලබන්නා වූ ඒ දහසක් මහණුන්ගේ සිත් උපාදාන රහිත ව කාමාදි ආස්‍රවයන්ගෙන් මිදුනේය. - ශාරීපුත්‍රයෙනි, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ බිහිසුණු බව වෙයි: අවීතරාග වූ යමෙක් ඒ වන ලැහැබට පිවිසේ ද, බෙහෙවින් ඔහුගේ ලොමුදහගණී.-

29. යමක් හේතු කොට ගෙණ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පවත්නේ නො වී ද, ශාරීපුත්‍රයෙනි, මේ එයට හේතුව යි. මේ එයට ප්‍රත්‍යය යි.”

30. “වහන්ස, යමක් කරණ කොට ගෙණ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත් කෝනාගමන භාග්‍යවතුන් වහන්සේගේත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය බොහෝ කල් පවත්නක් වී නම්, එයට හේතුව කිම? ප්‍රත්‍යය කිම?”

31. “ශාරීපුත්‍රයෙනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ද කොනාගමන භාග්‍යවතුන් වහන්සේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් දහම් දෙසන්නට උත්සාහවත් වූහ. ඒ බුදුවරුන්ගේ සූත්‍රදේශනා ද, ගාථා සහිත සූත්‍ර දේශනා ද, අභිධර්‍මපිටකය හා අන්‍ය අඞ්ග අටට අයත් නුවූ බුද්ධවචන ද, ගාථා දේශනා ද, සොම්නස්මුවා නුවණින් වදාළ දේශනා ද, ‘භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේකැ’යි දැක්වූ සූත්‍රාන්ත ද, ජාතකදේශනා ද, ආශ්චර්‍ය්‍යාද්භූතධර්‍මප්‍රතිසංයුක්ත සූත්‍රාන්ත ද, ප්‍රීතිය හා ඥානය ඇසුරු කළ සූත්‍රාන්ත ද යන නවාංග ශාස්තෘශාසනය බොහෝ විය. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන ලදී. පාමොක් උදෙසන ලදී.

32. ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පරිනිර්‍වාණයෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පරිනිර්‍වාණයෙන්, ඒ සම්බුද්ධසම්මුඛ ශ්‍රාවකවරයන්ගේ අතැවැසි වූ, නන් වැදෑරුම් නම් ගොත් ඇති, නන් වැදෑරුම් ජාතියෙන් නන් කුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය ඉතා දීර්‍ඝ කාලයක් තැබූහ. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් මනා ව බඳනා ලද්දාහු ද, වාතය තෙමේ ඔවුන් නො විසුරුවා ද, අන් තැනකට නො යවා ද, තුබූ තැනින් පහ නො කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් ගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවීමෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන්, ඒ සම්මුඛශ්‍රාවකයන්ගේ අතැවැසි වූ, නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය බොහෝ දිගු කලක් තැබූහ.

33. ශාරීපුත්‍රයෙනි, යම් කරුණෙකින් කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත්, කොනාගමන භාග්‍යවතුන් වහන්සේගේත්, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය දිගු කලක් පවත්නේ වී ද, මේ එයට හේතුව ය, මේ එයට ප්‍රත්‍යය ය” යි වදාළ සේක.

--

ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

--

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1826504

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825691

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1825092

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824922

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1824688

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1805721

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575

කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671

මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

Skylark
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
දැන් මේකයි. බොහෝ ජාතක කතා හදපු ඒවා.

ජාතක කතා හදලා තියෙන්නේ පොඩි ළමයිට ආදර්ශයක් දෙන්න. ඕක පෙන්නන ඔයාගේ යාලුවන්ට.

අැත්ත, හඳේ හාවෙක්ව අැන්දා කියන සස ජාතකය එ්කට හොඳ උදාහරණයක්.
එවිට සක්‍රයා මා හු තිරිසනුන්ට පවා කළා වූ අරුමය මේ භද්‍ර කල්පය මුළුල්ලෙහි සියලු දෙනාට ප්‍රකාශව පෙනුනු සඳහා තම ආනුභාවයෙන් අංජන කූට පර්වතය මිරිකා රසය ගෙන චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය ඇඳ සස පණ්ඩිතයන් වඩා ගෙනවුත් ඒ වනයේ අලුත් හීතණ ඇතිරියක් පිට තබා ගිය හ.
http://dhamma.ifbcnet.org/308-සස-ජාතකය/
bump
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

දැන් මේකයි. බොහෝ ජාතක කතා හදපු ඒවා.

ජාතක කතා හදලා තියෙන්නේ පොඩි ළමයිට ආදර්ශයක් දෙන්න. ඕක පෙන්නන ඔයාගේ යාලුවන්ට.




අැත්ත, හඳේ හාවෙක්ව අැන්දා කියන සස ජාතකය එ්කට හොඳ උදාහරණයක්.




සොරි අදහම් ආශ්‍රමය
http://www.elakiri.com/forum/showthread.php?t=1810463

Skylark
 
Last edited: