බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    අද කතා කරන්න යන්නේ වෙනස් මාතෘකාවක් ගැන. බෑලු බැල්මට මාතෘකාවේ වෙනස් බව ඕනි කෙනෙකුට තේරෙනවනේ :P ඉන්දියන් කාර් ගන්න එපා කියන ටොමා, මරුටි ඔමිනි වගේ ඉන්දියන් වෑන් ගන්න එපා කියන ටොමා, මෙන්න ඉන්දියන් ලොරි ගන්න හැටි ත්‍රෙඩ් එකක් දානවා. :cool: මේ ත්‍රෙඩ් එක දාන්නේ හේතු කීපයක් මත‍. ලොකුම හේතුව තමයි මිනිස්සුන්ගේ අවශයතාවය. ඇත්තටම කිව්වොත් ඉන්දියන් පොඩි ලොරි අගයනවා නෙවෙයි. මේවට විකල්ප දෙන්න විදිහක් නැති නිසා විස්තර කියනවා මිසක්.
    ලොකුම හේතුව තමයි මිල. ලොරියක් කියන්නේ පට්ට ගහන වාහනයක්. ඒ වගේම මුදල් උපයන වාහනයක්. ගොඩක් අය බලන්නේ පුලුවන් තරම් අඩු මිලට හොදට වැඩ ගන්න පුලුවන් ලොරියක් අරන් ඒකෙන් උපරිම වැඩ ගත්තට පස්සේ ආයි විකුන ගන්න. මේ ගන්න භාන්ඩේ පාට්ස් සුලභ වෙන්න ඕනේ, ලෙඩ අඩු වෙන්න ඕනේ, බර අදින්නත් පුලුවන් වෙන්න ඕනේ, විතරක් නෙවෙයි තෙලුත් වැඩ කරන්න ඕනේ. ඔන්න ඔය අවශ්‍යතා හැම එකක්ම සපුරන්න දෙන්න තියන්නේ ඉතිං ඉන්දියන් ලොරි බට්ටෙක් තමයි. ජපන් පොඩි ලොරි හැම අතින්ම හොදයි. හැබැයි ඔය කියපු හැම අවශ්‍යතාවයක්ම සපුර ගන්න ඒවගෙන් බැරි නිසා (අපේ ආර්තිකයේ හැටියට) පොඩි බිස්නස් එකකින් නැගිටින්න දගලන කෙනෙකුට ඒ තරම් නොගැලපෙන බවක් තියනවා‍.
    ඒජන්සියක් අරං අලුත් වැඩකට අත ගහන්න ඉන්න කෙනෙකුට, එලවලු බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙකුට වගේම තමන්ගේ නිෂ්පාදන වෙලද පොලට ගෙනියන්න ඕනි කෙනෙකුට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා.

    ඉන්දියන් පොඩි ලොරි ගත්තොත් වර්ග කීපයක්ම දකින්න පුලුවන්නේ. මුලින්ම පටන්ගන්නම් සුලබ ඩිමෝ බට්ටා ගෙන්

    1) වාහනේ TATA ACE හෙවත් ඩිමෝ බට්ටා.
    මේ පරණ එක
    20160216_110445-453x340.jpg


    මේක අලුත් එක
    DIMO-BATTA-ht1.jpg


    තෙල් වැඩකිරිල්ල හොදයි, ගත්තොත් ටිකක් අඩුවට හරි විකුණ ගන්න පුලුවන්. එන්ජින් එක පොඩි උනාට අදිනවත් හොදයි. සාමාන්‍යයෙන් බර දාලා අදින්න පුලුවන්. පාට්ස් එහෙමත් ලංකාවේ ඕනි පැත්තකින් ගන්න පුලුවන්. ඒවගේ ගානත් සාධාරන මට්ටමක තියනවා කියන්න පුලුවන්. අඩු මිලට පොඩි ලොරියක් හොයනව නම් ඉතිං මේක තමයි වාහනේ. මේකේ එන්ජින් එක 702 CC, සිලින්ඩර දෙක. සිලින්ඩර දෙක නිසා තමයි ඔය මේකෙන් ත්‍රීවීල් සද්දයක් එන්නේ.:P
    හැබැයි රජෝ සැප පහසුව නම් 0 යි. ඒ වගේම තමයි ආරක්ෂාවත්. ආරක්ෂාව අතින් ත්‍රීවිල් එකකටවඩා ටිකක් හොදයි. ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක ඇතුලෙන් ලොකු යකඩ බටයක් දාලා තියනවා ආරක්ෂාවට :P මේක සාමාන්‍යයෙන් ලග ලග බඩු ප්‍රවාහනයට තමයි හොද. ඒ කිව්වේ කිලෝමිටර් 50 ක් 75 ක් වගේ ඇතුලත.

    2) TATA ACE ZIP හෙවත් ඩිමෝ බට්ටි
    DIMO-BATTI.png

    අප්පෝ මේකනම් ගන්න එපා. උපංගෙයි මරාලයක්. බඩු ටිකක් නම් ගෙනියන්න පුලුවන් තමයි. ඒත් මේක ගත්ත එකෙක් හොදයි කියන්නෙ නම් නෑ. සැප පහසුව -1, ආරක්ෂාවත් -1, මීට වඩා හොදයි ඩීසල් ත්‍රීවිල් එක.
    මේකේ එන්ජින් එක 611 CC, ඩීසල් නම් වැඩ කරනවා නැති වෙන්න. නමුත් මේකට වාහනයක් කියන්න බෑ.

    3) ATA SUPER ACE හෙවත් ඩිමෝ ලොක්කා
    Super-Ace_1.jpg

    හොදයි කයන්න පුලුවන්. බට්ටා එකට වඩා වැඩි ඉඩක් ඕනි නම් මේක ගන්න පුලුවන්. 1405 CC ඩීසල් එන්ජින් එක තියන්නේ. හොදට තෙල් වැඩ කරනවා. ඒ වගේම A/C, POWER STEERING තියන එක ගත්තොත් දුර භාන්ඩ ප්‍රවාහනයට හොදයි.

    4) Mahendra - Maximo Truck
    maximo.png

    මේක නම් උපංගෙයි මරණයක්. ලෙඩක් ආවම හොයන්න අමාරුයි. ඩිසල් ෆිල්ටර් එක පවා තියන්නේ ප්ලාස්ටික් කවරයක් ඇතුලේ දාලා මහ අජූත විදිහට. ඒ වගේම පාට්ස් ගනන් වැඩී. නමුත් සැප පහසුව අතින් වගේම ඇතුලත පෙනුම ඩිමෝ බට්ටා එකට වඩා හොදයි.(ඒ කිව්වේ සැපයි කියන එක නෙවෙයි) තෙල් වැඩ කිරිල්ලත් ඩිමෝ බට්ටා එක තරම් ම තියනවා.

    5) Mahendra bolero
    mahindra-bolero-pickup.jpg

    හොද වාහනයක් පිකප් එහෙම හොදයි. අනිත් ඒවට සාපේක්ෂව නම් පට්ට කියන්න පුලුවන්. ආයි පඩිපෙලක උනත් යන්න පුලුවන්. ටර්බෝ එන්ජින් එකක් තියන්නේ. ඒ නිසාම ඩීසල් හොදට වැඩ කරනවා. ආරක්ෂාව අතිනුත් අනික් ඒවට වඩා හොදයි. හැබැයි POWER STEERING නැති එක එලවනවා කියන්නේ හෙන කට්ටක්. A/C, POWER STEERING තියන එක නම් සෑහේන හොදයි. අනිත් වාහන වලට සාපේක්ෂව තහඩුව සෑහෙන්න ඝණකමයි. හැබැයි නිමාව නම් ඒතරම් හොද නෑ. ඒ කියලා ඉතිං අනිත් ඒවගේ නිමාව හොදයි කියන්න යෑ. මේකේ පාට්ස් ඩිමෝ ලොක්කට සාපේක්ෂව ගනං වැඩී.

    ඔන්න ඔහොම තමයි ඉන්දියන් පොඩි ලොරි වල කතන්දරේ. සමරි එකක් ගත්තොත් සාමාන්‍ය ලග භාන්ඩ ප්‍රවාහනයට ඒ කිව්වේ ඔය ගම්වල කඩවලට බඩු ගෙනියන ඒජන්සි වලට, එලෝලු ටිකක් පොලට අදින්න වගේ ඩිමෝ බට්ටා එක හොදයි. ටිකක් දුර බඩු ගෙනියන්න වගේම ටිකක් වැඩියෙන් බඩු ගෙනියන්න නම් ඩිමෝ ලොක්කා හෝ මහේන්ද්‍රා බොලෙරෝ එක හොදයි. බොලෙරෝ එක නම් වැඩිය පාරවල් හොද නැති ගම් පලාත් වලටත් කියාපු වාහනේ.

    හැබැයි මේ හැම හුචක්කුවම ඉන්දියන්. ආයි තහඩුවක් වත් ගැල්වනයිස් කරලා නෑ. යන්තං පේන්ට් ටිකක් හීරුනත් මලකඩ කාලා දිරලා යනවා. ඒ නිසා පේන්ට් හීරිලා දැක්කොත් එතන ටිකක් සුද්ද කරලා anticorrosive paint ටිකක් ඇගිල්ලකින් හරි ගාලා දාන්න.වාහනේ හොදට නඩත්තු කරන්න. වෙලාවට සර්විස් කරලා අවශ්‍ය අමතර කොටස් දාලා පාවිච්චි කරන්න. ඒ වගේම ලොරි බට්ටෝ තමන් එලවනව නම් මාර්ග නීති පිලිපදින්න. :sorry: ඩ්‍රයිවර් කෙනෙකුට දුන්නත් ඒ උපදෙස දෙන්න. මොකද පාරේ අඩුවෙන්ම මාර්ග නීති රකින එක කොට්ටාසයක් තමයි ලොරි බට්ටෝ එලවන අය.
    ඒ වගේම මේවා ජපන් වාහන නෙවෙයිනේ. ඒ නිසා පාවිච්චි කරපුවා ගන්නව නම් 2011 න් මෙහා වාහන ගන්න.


    කාලෙකින් තමයි එලකිරියේ ත්‍රෙඩ් එකක් දැම්මේ.

    මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ ඔටෝ මොබයිල් සෙක්ෂන් එකේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!

    තෙරුවන්සරණයි!


    කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.
    කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    වාහනවල දෝශ සෙවීමේ සටහන්
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්
    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!


    banner_zpsd6df7d37.png
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,126
    8,169
    113
    රූකඩ රාජ්ජේ
    මචන් ඔය TATA අලුත් එකේ(TATA SUPER ACE හෙවත් ඩිමෝ ලොක්කා) කොමන් රේල් ඉන්ජින් එකක් තියෙන කතාවකුත් තියෙනවා නේ? ඉන්දියන් ඒවට වඩා චයිනිස් ඒවා හොද නැද්ද?

    REP ++
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    " 4) Mahendra - Maximo Truck
    maximo.png

    මේක නම් උපංගෙයි මරණයක්. ලෙඩක් ආවම හොයන්න අමාරුයි. ඩිසල් ෆිල්ටර් එක පවා තියන්නේ ප්ලාස්ටික් කවරයක් ඇතුලේ දාලා මහ අජූත විදිහට. ඒ වගේම පාට්ස් ගනන් වැඩී. නමුත් සැප පහසුව අතින් වගේම ඇතුලත පෙනුම ඩිමෝ බට්ටා එකට වඩා හොදයි.(ඒ කිව්වේ සැපයි කියන එක නෙවෙයි) තෙල් වැඩ කිරිල්ලත් ඩිමෝ බට්ටා එක තරම් ම තියනවා. "

    මචන් Maxximo Plus Vx එකේ එච්චර අවුලක් නෑ. . බට්ටා එකට වඩා මේක සෑහෙන්න හොදයි. .
    Maxximo පරන එකනම් මරනයක් තමයි. . ඒත් මේක අලුත් එක Vx මේකේ අවුලක් නෑ. . ඕකෙන් නිතරම අනුරාදපුර, නුවර, කුරුනෑගල, ගාල්ල වගේ හයර් යැවෙනවා. .
    හරි වෙලාවට සර්විස් එක කරනවනම් කිසි අවුලක් නෑ. .


    Mahindra-Maxximo-Plus-front-three-quarter-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka-1024x682.jpg
     
    • Like
    Reactions: Mr.Tom

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මචන් ඔය TATA අලුත් එකේ(TATA SUPER ACE හෙවත් ඩිමෝ ලොක්කා) කොමන් රේල් ඉන්ජින් එකක් තියෙන කතාවකුත් තියෙනවා නේ? ඉන්දියන් ඒවට වඩා චයිනිස් ඒවා හොද නැද්ද?

    REP ++

    චයිනිස්? මතක් කරන්න එපා බන්. . ලෙඩ ගොඩවල්. .
    ඉන්දියන් ඒවට කැමති නැත්තන් ජපන් එකක් ගන්නත් බැරිනම් කොරියන් KIA වගේ එකක් ගන්න. .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් ඔය TATA අලුත් එකේ(TATA SUPER ACE හෙවත් ඩිමෝ ලොක්කා) කොමන් රේල් ඉන්ජින් එකක් තියෙන කතාවකුත් තියෙනවා නේ? ඉන්දියන් ඒවට වඩා චයිනිස් ඒවා හොද නැද්ද?

    REP ++

    ඒ Tata Ace Mega කියන එකේ මචං.ඒකේ දිග පලල ටිකක් අඩුයි.
    චයිනිස් ඒවා නම් හොදයි කියන්න බෑ‍. මතකනේ චයිනීස් බයික් ටික. :dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,126
    8,169
    113
    රූකඩ රාජ්ජේ
    ඒ Tata Ace Mega කියන එකේ මචං.ඒකේ දිග පලල ටිකක් අඩුයි.
    චයිනිස් ඒවා නම් හොදයි කියන්න බෑ‍. මතකනේ චයිනීස් බයික් ටික. :dull:

    :yes::yes::yes::yes:

    චයිනිස් බයික් නම් දැන් ලොවෙත් නෑ. කෘ කැබ් හොයපු කාලයක් තිබුනා. කට්ටිය කිව්වා චයිනිස් ගන්න කියලා.බ්‍රෑන්ඩ් නිව්. කොහොමහරි වැඩේ කෙරුනේ නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    මචන් Maxximo Plus Vx එකේ එච්චර අවුලක් නෑ. . බට්ටා එකට වඩා මේක සෑහෙන්න හොදයි. .
    Maxximo පරන එකනම් මරනයක් තමයි. . ඒත් මේක අලුත් එක Vx මේකේ අවුලක් නෑ. . ඕකෙන් නිතරම අනුරාදපුර, නුවර, කුරුනෑගල, ගාල්ල වගේ හයර් යැවෙනවා. .
    හරි වෙලාවට සර්විස් එක කරනවනම් කිසි අවුලක් නෑ. .

    එල එල අලුත් එක කලින් එකට වඩා හොදයි කියලා අහලා තිබුනා. නමුත් හරියටම දැනගන හිටියෙ නෑ. ඕකේ පාට්ස් වල මිල කොහොම වෙයිද? ඩීසල් ෆිල්ටර් එක කලින් වගේම කාලකන්නි විදිහටද දන්නෙ නෑ තියන්නේ. :nerd: කලින් එකේ නම් ඩීසල් සිස්ටම් එකේම උපංගෙයි අව්ලක් තිබුනා. ඒක කොයි වෙලේහරි මතු වෙනවා.