ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

හරි අන්තිමට දාපු ත්‍රෙඩ් එකේ මම නූල ගැන කට්ටියට කියලා දුන්නනේ.;) කියවපු නැති උදවිය මෙතනින් ගිහින් කියවලා එන්න. අද ඉතින් කියන්න යන්නේ මේ පෙර සම පස්සට ගැනීම සම්බන්ධව පවතින ගැටලුවක් ගැන. මේක එලකිරි එකේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන ත්‍රෙඩ් එකක් වේවි කියලා හිතනවා :) මොකද මට නොසෑහෙන්න PM ගොඩක් ඇවිත් තියෙනවා ඔය සිද්ධිය ගැන අහලා :sorry:. ඒ වගේම මේ ගැන අදාලව දාපු ත්‍රෙඩ් ගොඩාක් දැක්කා :dull:. ඒ නිසා ඒ හැමෝටම වැදගත් වෙන විදිහට මේ ගැන පොඩ්ඩක් කතා කරන්න බැලුවා.;) එහෙනම් වැඩිය වැල් වටාරම් මොකටද කියවන් යමල්ලා පහලට.

පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න:P. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා.:baffled: ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ.:rolleyes: ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය.:nerd: මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක් :cool: උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා :( මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්:lol:.

නමුත් ඒ පෙර සම සාමාන්‍යය අවස්තාවකදී ශිෂ්ණ මුණ්ඩය ආවරණය කරගෙන පැවතියත් ලිංගික එක්වීක්දී යෝනි මාර්ගයේ තදින් ඇතිල්ලීමකදී පසු පසට යා යුතුයි :cool:. අන්න එහෙම පසු පසට යෑම සමහර අයගේ සිද්ද වෙන්නේ නැහැ :eek:. අන්න ඒ ගැටලුව තමයි අද පුළුල්ව කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ :oo:.

පෙර සම අඩුම තරමේ ලිංගික එක්වීමක් තියා හස්ත කර්මාන්තයේ යෙදෙද්දි උනත් පසු පසට යන්න ඕනේ :angry:. පසු පසට යන්න ඕනේ කිව්වේ ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා ශිෂ්ණයේ බඳ කොටස දක්වා පසු පසට යන්න ඕනේ :frown:. නමුත් ශිෂ්ණ මූලය දක්වා පසු පසට යන්නේ නම් නැහැ :no:. මොකද මම කලින් ත්‍රෙඩ් එකේදී කිව්ව "නූල (Frenulum)" කියන කොටසින් ගොඩාක් පහලට යෑම පාලනය කරන නිසා :(. මේ විදිහට පෙර සම පස්සට ගත්තාම මෙන්න මේ විදිහට වත් තියෙන්න ඕනේ.


Normal penis.jpg


ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඔහොම පස්සට යන එකටයි නූල කැඩෙනවා කියන්නේ කියලා :lol:. ඒක හෙන වැරදි මතයක් :rofl:. මොකද ඔහොම පස්සට යන එක බොහෝම සාමාන්‍යය දෙයක් ඒ වගේම ලිංගික එකතු වීමක් අවශ්‍යය නැහැ ඔහොම
පස්සට යන්න :oo:. නමුත් ගොඩක් අයගේ ඔය කොටස දක්වා පස්සට යන්නේ නැහැ :(. යන්නේ බොහෝම පොඩ්ඩයි හරියට මේ පහල පින්තූරේ තියෙන්නම් වගේ :lol::shocked:.


Phimosis.jpg

හරි ඔන්න ඔහොම පස්සට අදින්න බැරිවෙන තත්වයට අපි පයිමෝසිස්/ පීමෝසිස් (Phimosis) කියලා කියනවා :nerd:.මෙම තත්වය සාමාන්‍යයෙන් රෝගී තත්වයක් උනත් මේක හැම විටම රෝගී තත්වයක් වෙන්නේ නැහැ :oo:. මොකද Phimosis තත්වය ගත්තම එය සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis) සහ අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis) කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා :eek:. අපි දැන් මේ දෙක වෙන වෙනම බලමු :love:.

1. සාමාන්‍යය පයිමෝසිස් (Physiological Phimosis)

අලුතින් ඉපදෙන හැම පොඩි දරුවෙක්ටම මේ තත්වය තියෙනවා :shocked:. කොටින්ම මේක ලියන මට කියවන උඹලාට උනත් පොඩි කාලේ මේ තත්වය තිබිලා තියනවා :shocked:. නමුත් ක්‍රමයෙන් ලොකු වෙලා වයස අවුරුදු 15 - 18 පමණ වෙනකොට මේ පසු පසට අදින්න බැරි තත්වය මග හැරිලා මුලින්ම කිව්වා වගේ සාමාන්‍යය විදිහට පසු පසට අදින්න පුලුවන් වෙනවා බහුතරයකගේ :dull:. නමුත් පෙම්වතා පියයුරු වලින් මිරිකුවාම ළමයි හම්බුවෙනවද කියලා :lol: පත්තර වලට ලිපි යවලා අහන්න තරම් දියුණු ලිංගික අධ්‍යයාපනයක් තියෙන ලංකාව කියන රටේ :lol: ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඕක පස්සට යන්නේ ප්‍රථම ලිංගික එක්වීමේදි කියලයි :lol::rofl:. ඒක නිසා ඕක පස්සට යවන එක ගැන එච්චර වඳ වෙන්නේ නැහැ :oo:. ඒක නිසා පෙර සම ඇදීමට ලක්වෙලා නැති නිසා තමයි සමහරුන්ගේ ඔය පෙර සම පස්සට අදින්න බැරි වෙන්න හේතුව :(. මෙන්න මෙහෙම තමයි ඒ අයගේ ශිෂ්ණය තියෙන්නේ පෙර සමත් පස්සට ඇද්දාම :no::oo:.


Phimosis.jpg


එහෙමන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ :rolleyes:. ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම ඒ කිව්වේ වයස අවුරුදු 7 - 8 කාලේ ඉඳන්ම හුරු කරවන්න ඕනේ නාන කොට ඇඟ හෝදන කොට ඔය පෙර සම කොටස පස්සට අදින්න :oo:. නමුත් දැන් මේක කියවන උඹලට ඔහොම ගැටලුවක් තියෙනම් ඒකටත් විකල්පයක් දෙන්න ඕනෙනේ. මේ කට එක එක විකල්ප ගොඩාක් තියෙනවා :confused:. ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් ඔය ගැටලුව කිව්ව ගමන් පොර කොන කපන්න (Circumcision) ඕනයි කිව්වොතින් :lol: ඒ වෛද්‍යයවරයා යල් පැන ගිය කෙනෙක් :D. මොකද සාමාන්‍යය (Phimosis)
තත්වයට දෙන්න පුලුවන් අවසාන විසඳුම තමයි ඔය කොන කැපීම කියන්නේ :sorry:. යම් කෙනෙක් එය පළවෙනිම විසඳුම විදිහට කියනවානම් ඒ කෙනා කරන්නේ ඒ රෝගියාට අසාධාරණයක් :growl:. මොකද අවුරුදු 18 - 20 ක් වගේ කාලයක් වැහිලා තිබ්බ ශිෂ්ණ මුණ්ඩය එකපාරම එලියට විවෘත කෙරුවොතින් :lol: මාස 6 ක් වගේ යනකන් ඒ පුද්ගලයට සැනසිල්ලේ යට කලිසමක් වත් අඳින්න වෙන්නේ නැහැ :rofl:.මොකද ඉතාමත් සංවේදී කොටසක් වෙච්ච ශිෂ්ණ මුණ්ඩය සැත්කමට පස්සේ සදාකාලිකවම ඔය හම්බයන්ගේ වගේ එලියට නිරාවරණය උනාම කලිසමේ ගැවුනත් ඇඟ කිලිපොලා යනවා :oo::sorry:. නමුත් මාස 6 ක් වගේ යන කොට ඒ කොටස කෙරටිනීමය වෙලා තත්වය සමථයකට පත්වෙනවා ;). නමුත් එයින් සුරාන්තය ප්‍රමාද වීමක් වගේම ලිංගික එක්වීමකදී ලැබෙන තෘප්තිය අඩු වීමක් සිද්ධ වෙන නිසා ලොකු අවාසියක් තමයි වෙන්නේ:sorry:.

එහෙනම් මේකට මුලින්ම කරන්න පුලුවන් දේ තමයි පෙර සම පසු පසට අදින Stretchig Exercises කරන එක :). මාසයක් එකහමාරක් මේ Stretching Exercises කලොත් හරියටම මේ Physiological Phimosis තත්වය හොඳටම සුව කරගන්න පුලුවන් :yes:. Stretching Exercise කරන්න ඕනේ විදිය මම පියවරෙන් පියවර පහලින් දාන්නම් මේ පොස්ට් එකේ අන්තිම කොටසට :growl:. එතකන් පිළිවෙලකට පහලට කියවන් යමල්ලා තදියමට scroll කරලා බලන්නේ නැතිව :frown::angry:.

මීට අමතරව කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ 0.1% හෝ 0.05% Betamethasone dipropionate කියන Steroids ආලේපන ක්‍රීම් දින කිහිපයක් එක දිගට ඔය පෙර සම මත ආලේප කිරීමෙන් ඔය කොටස මෘදු ඇදෙන සුලු තත්වයට පත් කරගන්න පුලුවන් :shocked:... මොකද ඔය Steroids Cream එකෙන් පෙර සමේ තියෙන කොලේජන් කියන ප්‍රෝටීන තන්තු දුර්වල කිරීමක් සිදු කරනවා :baffled:.. මේ කොලැජන් තන්තු නිසා ඇදෙන සුලු බව සීමා කාරී වෙලා පවතින්නේ :(.. කොලැජන් තන්තු දුර්වල උනහම ඇදෙන සුලු ස්වභාවයත් වැඩි වෙන නිසා මෙම තත්වය මග හැරෙනවා ;).. හැබැයි රජෝ මෙහෙමත් සිද්ධියක් තියනවා. මේ Steroids Cream කියන්නේ එච්චර හොඳ ඖෂධයක් නෙමෙයි.. මොකද මේ ක්‍රීම් එක ගාපු ප්‍රදේශයේ ඉන්න සහජීවී බැක්ටීරියාවන් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා මෙම ක්‍රීම් එකට :no:.. සහජීවී බැක්ටීරියා නිසා තමයි දිලීර ආසාධන වැනි විෂබීජ වලින් අපිව ආරක්ෂා කරවන්නේ :cool:.. ඒක නිසා මේ ක්‍රීම් එක ගෑවොත් Candida, Yeast වගේ දිලීර ආසාධනයන් ශිෂ්ණයේ ඔය ප්‍රදේශයේ එන්න පුලුවන්.. දිලීර ආසාධන සමේ ආවොත් ක්‍රීම් එකක් ගාලා ශේප් වෙන්න පුලුවන් උනාට මෙතන ආවොත්නම් සොරිම තමයි :dull:... මොකද ඉකිලි ප්‍රදේශ තමයි මිනිහෙකුගේ වැඩිපුරම දහදිය දැමීමට ලක්වෙන ප්‍රදේශය ඒ වගේම දවස පුරා යට ඇඳුම් ඇඳගෙන ඉන්න නිසා හැදුනොත් බඩුම තමයි :oo:.. මීයට කූඩුවක් නැතුව තමයි ඉන්න වෙන්නේ මාස 6 ක් විතර :lol:.. ඒ නිසා ඔය ක්‍රීම් ගාන වැඩේ මම එතරම් අනුමත කරන්නේ නැහැ..:frown::no:

මීට අමතරව Preputioplasty කියලා :shocked: බොහෝම කුඩා සැත්කම තියෙනවා. මේකෙදි කරන්නේ පෙර සමේ විවරය උපකරණ මගින් පළල් කිරීමක්. කුඩා පෙර සම් විවරයක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි.. ඒ වගේම Dorsal slit හරි එහෙමත් නැත්නම් Ventral slit හරි කියලා තවත් කුඩා සැත්කම් දෙකක් තියෙනවා :shocked:. මේකෙදි කරන්නේ ශිෂ්ණ විවරයේ මුල ඉඳන් ශිෂ්ණ මුණ්ඩයේ පාදස්ථ කොටස වෙනකන් ශිෂ්ණයේ පෙර සමේ ඉදිරි පසින් හෝ පසු පසින් දිග අතර කුඩා කැපුමක් කරනවා පෙර සම ඇදීම පහසු වෙන්න :confused:.

ඔය උඩ කිව්ව ක්‍රම තියෙන නිසා තමයි මම කිව්වේ සුන්නත් කිරීම එහෙමත් නැත්නම් කොන කැපීම නොකලයුතු දෙයක් කියලා ඔය වගේ සාමාන්‍යය තත්වයේ Phimosis වලදී. හැබැයි ඔය ක්‍රම වලින් සාර්ථක වෙන්නෙ නැත්නම් පස්සට අදින්නත් බැරිනම් :sorry: අවසාන විසඳුම තමයි සුන්නත් කිරීම එහමත් නැත්නම් කොන කැපීම :(.

2. අසාමාන්‍යය පයිමෝසිස් (Pathological Phimosis/ True Phimosis)

මේ තත්වය නම් හැමෝටම පිහිටන්නේ නැහැ :). ඒ වගේම මේක රෝගී තත්වයක් :(. මේකෙදි වෙන්නේ පෙර සමේ කෙලවර කොටස මොකක් හරි හේතුවක් මත ඝන වීමකට ලක්වීම :baffled:. ඝන වීමකට ලක්වුනාම කොහොමත් පසු පසට අදින්න බැරිවෙනවා පෙර සම ඇදීමකට ලක් වෙන්න අපහසු නිසා :oo:. ඒ වගේම දැනටමත් පෙර සම පසු
පසට ඇදීම සිදු වෙන කෙනෙක්ට උනත් මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන් :shocked::(.

මේ තත්වය ප්‍රධාන වශයෙන් ඇතිවෙන්නේ BXO (Balanitis Xerotica Obliterans) කියන රෝගී තත්වය නිසයි :nerd:. BXO තත්වය ඇතිවෙන්න හේතු වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකදී පෙර සම මත විවිද බැක්ටීරියා, වයිරස හෝ දිලීර ආසාධන ඇතී වීමේ ප්‍රතිපලයක් හැටියට :sorry:. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තීකර්ණය අඩුවීමක් නිසා හෝ මම උඩින් කිව්ව Steroid Cream ආලේපන වගේ එකක් නිසා හෝ දිලීර ආසාධනයක් උනොත් මේ BXO තත්වය ඇති වෙන්න පුලුවන් :no:. මේ පහලින් තියෙන්නේ එහෙම ඝනවෙච්ච පෙර සමක් සහිත ශිෂ්ණයක් :shocked:.


BXO.jpg


මීට අමතරව පෙර සම හෝ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල වීමක් හෝ සැත්කමක් කිරීමෙන් ඇතිවෙන කැලැල් නිසා උනත් :oo: මේ අසාමාන්‍යය Phimosis තත්වය ඇතිවෙන්න පුලුවන්. මේ කිව්ව අසාමාන්‍යය Phimosis තත්වයට තියෙන එකම විසඳුම තමයි සුන්නත් කිරීම :sorry:. කලින් කිව්ව අනිත් ක්‍රම එකකින්වත් මේකට විකල්පයක් ලබා දෙන්න බැහැ :(.

Phimosis තත්වය හා සමගාමීව යන තවත් රෝගී තත්වයක් තියනවා. ඒ ගැනත් ටිකක් නොකියාම බැහැ. මේ තත්වයට කියන්නේ Paraphimosis කියලා :shocked:. මේකෙදි වෙන්නේ Phimosis තත්වයට ප්‍රතිවිරුද්ද එක :dull:. ඒ කිව්වේ පෙර සමේ විවරයේ තියෙන කුඩා බව නිසා පසු පසට ඇදීම අපහසුයි. නමුත් කුමන හෝ ක්‍රමයකින් පසු පසට ඇද්දොත් ආයේ ඉස්සරහට අදිනවා බොරු :eek:.ඒ වගේම ඔය පිරිසිඳු කිරීම් වලදී, සැත්කම් වලදී හෝ පසු පසට ඇදලා පැය කීපයක් තිබ්බොත් පෙර සමේ පටක ඉදිමීමකට ලක්වීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ :confused:. ගොඩක් වෙලාවට බැඳලා හනිමූන් ගිහින් ඊලඟ දවසේ පිරිමි එනවා වෛද්‍යය උපදෙස් පතාගෙන ඕක පස්සට දාගන්න බැරිවෙලා ඉදිමීමකට ලක්වෙලා :lol:.ඒකට හේතුව තමයි Phimosis තියෙන කෙනෙක් ආසාවට ලිංගිකව එකතු වෙච්ච ගමන් හනිමුන් ගිහින්, යෝනිමාර්ගයෙන් යෙදෙන පසු පස පීඩනය නිසා පෙර සම සම්පූර්ණයෙන්ම ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පසු පසට යෑම සමග ඉදීමීම් :lol:. මෙන්න මෙහෙමයි Paraphimosis උනොත් ශිෂ්ණය තියෙන්නේ :shocked:.


paraphimosis.jpg


Paraphimosis තත්ත්වය හදිසි තත්වයක් කියලා කියනවා :oo:. මොකද ඔහොම ඉදිමිලා පැය ගානක් තිබ්බොත් ශිෂ්ණ කෙලවරට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙලා තද වෙච්ච තැනින් ඉහල කොටස මිය යෑමකට ලක්වීම :shocked:. එහෙම උනොත් ඉතින් හනිමුන් නෙමෙයි මොන මුන් වත් වත් නෑ රෑට රෑට අල්ලපු ගෙදර එකාගේ පිහිට තමයි ගන්න වෙන්නේ:lol:.

හරි බයිලා ගහලා පෝස්ට් එක ගොඩක් දික් උනා Streching Exercises වෙන ත්‍රෙඩ් එකකින් දාන්නද.? ;) එක්කෝ ඔන්න මේකෙන්ම කියන්නම් :angry:. එහෙනම් මේ ටික පියවරෙන් පියවර කියවගෙන ගිහින් උත්සාහ කරලා බලහල්ලා ප්‍රශ්න තියෙන උන්. :P

Stretching Exercises

මුලින්ම කියන්න ඕනේ මම මේක වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් විදිහට දැම්මා :D. එතන දැක්ක අයත් ඇති. නොදැක්ක අයට බලාගන්න මෙතන දාන්නම් ආයේ :). මුලින්ම තමුන්ගේ ශිෂ්ණය සම්පූර්නයෙන්ම සෘජු වෙනවනම් එහෙම සෘජු උනහම වේදනාවක් නැත්නම් :baffled:, ඒ වගේම තමුන්ට කිසිම කැක්කුමක් නැතුව ස්වයං වින්දනයේ යෙදෙන්න පුලුවන් නම් :baffled: ඔය පෙර සම පස්සට යන්නේ නැති ගැටලුව මහලොකු ප්‍රශ්ණයක නෙමෙයි :frown:. නමුත් එහෙම බැහැනේ අපේ උන්ට. අනික ඔය පෙර සමේ ඇතුලෙන් එකතු වෙන එව්වා පිරිසිඳු කිරීම ශිෂ්ණයේ හා පුරස්ථි ග්‍රන්තියේ (Prostate gland) ඇතිවෙන පිලිකා තත්වයන් මග හැර ගන්න ප්‍රජෝජනවත් :shocked:. හොඳම දේ තමයි කසාද බැන්දහම පලවෙනි දවසේ ඕක ඇරුනොත් කෙල්ල යාලු උනාට වඩා වේගෙන් ගෙදර දුවයි තියෙන කුණු ගඳට :lol::rofl:. ඒක නිසා ඕක පසට අදින්න පුලුවන් කරගන්න එක හොඳයි.

1. මුලින්ම පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා බලන්න අඩුම සෙන්ටිමීටර් 1 ක් වත් ඇදෙනවත් කියලා :eek:. මම ආයේ කියනවා පසු පසට නෙමෙයි ඉදිරියට :frown:. එහෙම කරන්න කියන්නේ පෙර සම ශිෂ්ණ මුණ්ඩයට දැනටමත් ඇලිලා තියනවාද කියලා තහවුරු කරගන්න. මොකද පස්සට ඇදීම වෙලා නැති නිසා අවුරුදු 18 කින් විතර එහෙම වෙන්න පුලුවන්. එහෙම ඉදිරියට අදින්න බැරිනම් මෙතනින් එහාට මොකුත් කරන්න එපා එපා එපා :no: ගිහින් වෛද්‍යයවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න :growl:.

2. එහෙම අදින්න පුලුවන් නම් ෆාමසි එකකට ගිහින් ඔය ලිහිසි ආලේපනයක් ගන්න (Lubricant gel). Eassy Glide එක රුපියල් 50ක් ද කොහෙද ;). ලාබ එකක් ගනිල්ලා බොරුවට සල්ලි නාස්ති නොකර :).

3. ශිෂ්ණයේ පෙර සම කෙලවරින් ඇඟිලි වලින් අල්ලලා විවරය පළල් කරලා ඉදිරියට ඇදලා Lubricant gel ටිකක් ඇතුලට දමාගන්න :oo:.

4. පස්සේ එහෙමම ඇදලා අල්ලගෙන තිබියදී පෙර සමේ කෙලවර ඇඟිලි දෙකකින් මිරිකගෙන ඇතුලට දමාගත්තු ජෙල් ටික අනික් ඇඟිලි දෙකක් පෙර සමේ පිටතින් උඩු දුවමින් ඇතුලට හොඳට ජෙල් තැවරෙන සේ ආලේප කරගන්න :nerd:. ඇතුලට අත ඔබලා ඔව්ව කරන්න යන්න එපා :growl:තුවාල වෙන්න පුලුවන්. තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් :(.

5. දැන් හෙමීට පෙර සම පසු පසට කරන්න මුලදී පුලුවන් ප්‍රමාණය දක්වා ඇදලා යන්තමට කැක්කුම එනකන් පසු පසට අදින්න :cool:. ආයේ කියනවා යන්තමට කැක්කුම එනකන් විතරයි :growl:. දමලා අදින්න එපා එහෙම ඇදලා තුවාල උනොත් True Phimosis වෙන්න පුලුවන් :frown:. එහෙම යන්තම් කැක්කුම එනකන් ඇදලා ඒ ඇදපු තැන නවත්තගේ අතින් විනාඩි 5 ක් පමණ අල්ලගෙන ඉන්න. පස්සේ නැවත අත හරින්න.

6. මේ විදිහට මේ ක්‍රමය දිනකට දෙපාරක් වගේ කරන්න. ඒ හැම තිස්සේම ජෙල් ආලේප භාවිතා කරන්න :D. මේ විදිහට දිනපතා කරද්දි තමුන්ට තේරේවි ඊයේ කැක්කුමක් යන්තම් එනකන් පස්සට අදින්න පුලුවන් වෙච්ච ප්‍රමානෙට වඩා අද පස්සට ගන්න පුලුවන් බව :cool:.

මේකට ඉවසීම තියෙන්න ඕනේ :frown:. අනික මේක මාසයක් විතර හෙමි හෙමීට කරන්න ඕනේ. අනික මුලින් කරද්දි ශිෂ්ණය උත්ක්‍රමණය වෙලා නැති අප්‍රාණික අවස්ථාවේදි කරන්න :eek:. හෙමින් හෙමින් පස්සට යද්දි සති 2-3 කින් ශිෂ්ණ මුණ්ඩය ඉක්මවා පස්සය යාවි :cool:. එතකොට ටිකෙන් ටික ජෙල් භාවිතය අඩු කරලා නිකනුත් කරන්න පුලුවන් තත්වෙට පත් වේවි :D. අනික තමයි පස්සේ ප්‍රාණවත් අවස්තාවේදී ජෙල් ටිකක් ගාගෙන ට්‍රයි කරන්න පස්සට ඇදගන්න පුලුවන් ;). මේකෙදි කරන්නේ අපි මෙච්චර කාලයක් ඇදිලා නැති පෙර සම හෙමි හෙමීට ඇදීමකට ලක් කරන එක :oo:. එහෙම ඇදීමකට ලක්වෙන්න දවසින් දෙකෙන් බැහැ මාසයක් වගේ යනවා. අවසානයේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන් ;). ඔව්වා කරන්න ගිහින් ගෙදර අයට මාට්‍ටු වෙලා කොසු පාර කන්න උනොත් වගකියන්නේ නැහැ පු‍තෝ :lol:.

හරි ත්‍රෙඩ් එක ගොඩක් දික් උනා අදට මේ ඇති. අනික් කට්ටියට කියවන් යන්න කැමතිනම් බම්ප් එකක් දාපල්ලා. ප්‍රශ්න තියෙනම් ත්‍රෙඩ් එකේම අහන්න. මොකද මම PM Block කරලා තියෙන්නේ. VM විතරයි දාන්න පුලුවන් :sorry::sorry:. සුන්නත් කිරීම ගැන ත්‍රෙඩ් එකකින් ලඟදිම හම්බවෙමු :cool:..

එහෙනම් හැමෝටම බුදු සරණයි...!!!
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මෙන්න මගේ කලින් ත්‍රෙඩ් වල Links


සංගීත රස වින්දනය සඳහා දැම්ම ත්‍රෙඩ්

හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්......
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2


රෝගී තත්ත්ව යටතේ දැම්ම ත්‍රෙඩ්

Fever - මොකක්ද මේ උණ කියන්නේ...???
Acne - කුරුලෑ කුරුලෑ
හරි විදිහට අත් සෝදමුද..???
වඳ භාවය (+18 නොවේ)



ලිංගික අධ්‍යයාපනය යටතේ දැම්ම ත්‍රෙඩ්

මොකක්ද මේ නූල හෙවත් Frenulum..??
ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )
කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )
බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III
කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??
ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)
කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප (++ 21)
ස්වයං වින්දනය....
සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )
සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )
පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 පමණයි )



විහිලු කතා යටතේ දැම්ම ත්‍රෙඩ්


කටට ගත්තොට් 500 යි...
කර්ණපටහා පටලය ( +18 )
 
Last edited:

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    පට්ට මචං ...:yes::yes: දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා.. මගෙ නම් ඔය අවුල නැ..;) බබා වගේ යනවා එනවා.. ගොඩාක් වටිනවා මචෝ උබ මේ කරන වැඩේ...:):) එල එල ඉදිරියටම යමු...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ලැජ්ජයි ඕයි මේව කියවන්න ;) කරන්න හොඳයි :lol:
    පට්ට මචං හුඟක් වටිනව දෙයියන්ගෙ පිහිටෙන් මුකුත් අවුලක් නෑ :shocked::lol:

    කොන කපා ගත්තු උන්ට හුගක් වටිනව ඇති :lol:
    රෙප් ++
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් සෑහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්.උබට එලකිරියෙ ඉන්න එවුන්ගෙන් ගානක් එකතු කරලා හරිනම් ගෙවන්න ඕන.
     
    • Like
    Reactions: diazkolla

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩ් එකක් ...බොහොම ස්තුතියි මචන් .....
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111