මුහුදුඌරා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (
    මුහුදු ඌරා )

    ඌරකුගේ වැනි හිසක් සහිත වීම හේතුවෙන් මුහුදු ඌරායැයි නම් ලැබූ මේ සත්ත්වයා මුහුදේ සිටින ක්ෂීරපායී සත්ත්වයෙක් හෙවත් කිරි බී වැඩෙන්නෙකි. මීටර 2-3.5ත් අතර දිගකින් වැඩෙන මොවුන් රාත්තල් 300 සිට 500 දක්වා බරකින් යුක්තය.
    සත්ත්ව විද්‍යාත්මකව ඩියුගොන් ඩියුගොන් Dugong dugong ලෙස හඳුන්වයි. ඌරකු වැනි මුහුණක් ඇති මේ සත්ත්වයාට උරපත් යුගලක් ද පිහිටා තිබේ. ගෙලක් නැත. හිස ඉදිරිපස නාසික කුහරයක් ඇත. හිසෙත් නාසයේත් ඉදිරිපස රළු කෙඳි පිහිටයි. එහෙත් සිරුරේ රෝම කිසිවක් දක්නට නොලැබෙයි.
    සිරුරේ වර්ණය අළු පැහැය මිශ්‍ර රතු දුඹුරුය. පිරිමි සතුන් හා ගැහැණු සතුන් ජෝඩු වශයෙන් ජීවත්වනු දැකිය හැකි අතර ඇතැම් අවස්ථාවල දී කුඩා රංචු වශයෙන් ද දිවි ගෙවයි. කොළ පැහැති ඇල්ගී හා මුහුදු පැලෑටි ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වෙයි.
    ජලය යට විනාඩි දහයක් පමණ සිට මතුපිටට පැමිණ හිස ජලයෙන් ඉහළට ඔසවාගෙන සිටියි. වරකට එක් පැටවකු බිහිකරයි. වසර අටත් 18ත් අතර කාලයේ දී මුහුදු ඌරන් ලිංගිකව මුහුකුරා යයි. වරකට බිහිකරන්නේ එක් පැටවකු පමණි. කලාතුරකින් නිවුන් දරුවන් උපත ලබයි.
    උරපත් සිරුරට සවිවන ස්ථානයේ ඇති ස්ථන ග්‍රන්ථිවලින් පැටවා මවගෙන් කිරි උරාබොයි. පැටවකු උපත ලැබිමේ දී අඩි හතරකට ආසන්න දිගකින් යුක්තය. අවුරුදු 55-60ක් පමණ කාලයක් ජීවත් වේ.
    මස් ලබා ගැනීම සඳහා මිනිසුන් විසින් දඩයම් කිරීම මුහුදු ඌරන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.



    Dugongs.jpg


    dugong_640800a.jpg


    YEAH-EAT-IT.jpg


    dugong_518_600x450.jpg


    dugong_philippines@large.JPG


    4.jpg


    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් හිතුවා title එක දැක්කම උඹ ධිවර අමාත්‍ය ට බයිනවා කියලා! :lol: