Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
Thread Tools
(#
1
)
sherlock
Senior Member
Posts: 17,585
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ -
12-23-2014, 10:57 PM
දවසින් දවසට කාලයෙන් කාලයට මහා පුදුමාකාර ඇබ්බැහි කිරීම් සහිත නොහිතන දේවල් ඇවිත් තරුණ පරපුර වෙළාගන්නේ වසංගතයක් ආකාරයට. සමස්ත සමාජයටම පිළිලයක් වන ඒ සමහර දේවල් කරන කරවන අය දන්නෙත් නෑ ඇයි මෙහෙම කරන්නේ කියල කියන්න. ඒ දේවලින් බලාපොරොත්තු වන දේ එම සමහර මෙහෙයවන්නන්, රුකුල් දෙන්නන්, උපකාර කරන්නන්ගේ යටි හිතවත් දන්නෙ නෑ කියල තමයි එයාල සමඟ කතා කරනකොට අවබෝධ වෙන්නේ.මේ විදියට පැතිරෙන්න පටන් අරගෙන තියෙන තවත් සමාජ විරෝධී වසංගතයක් වන් ක්‍රියාවක් ගැන හෙළි කිරීමටයි මේ සූදානම් වෙන්නේ.අප බහුතරයක් දෙනා පානය කරන තේ කෝප්පයක් හදා ගන්නා ආකාරයට පිළියෙල කර ගන්නා බීමක් ගැනයි මේ කරුණු හෙළි වෙන්නේ. ඒ විදියට හදා ගන්නා කෝලා විශේෂයකට ඕනම ගේරාසරියකින් මිලදී ගන්න පුළුවන්කම තියෙන වෙනම දෙයක් සඳහා නිපදවා තියෙන දෙයක් කලවම් කර තරුණ පරපුරට අමුතුම වින්දනයක් ලබා දීමට උත්සාහ කරමින් තම මඩිය තර කර ගන්න උත්සාහ කරගන්නා පිරිසක් ගැනයි මේ කතා කරන්න උත්සාහ කරන්නේ.
දවසින් දවසට කාලයෙන් කාලයට මහා පුදුමාකාර ඇබ්බැහි කිරීම් සහිත නොහිතන දේවල් ඇවිත් තරුණ පරපුර වෙළාගන්නේ වසංගතයක් ආකාරයට. සමස්ත සමාජයටම පිළිලයක් වන ඒ සමහර දේවල් කරන කරවන අය දන්නෙත් නෑ ඇයි මෙහෙම කරන්නේ කියල කියන්න. ඒ දේවලින් බලාපොරොත්තු වන දේ එම සමහර මෙහෙයවන්නන්, රුකුල් දෙන්නන්, උපකාර කරන්නන්ගේ යටි හිතවත් දන්නෙ නෑ කියල තමයි එයාල සමඟ කතා කරනකොට අවබෝධ වෙන්නේ.
මේ විදියට පැතිරෙන්න පටන් අරගෙන තියෙන තවත් සමාජ විරෝධී වසංගතයක් වන් ක්‍රියාවක් ගැන හෙළි කිරීමටයි මේ සූදානම් වෙන්නේ.
අප බහුතරයක් දෙනා පානය කරන තේ කෝප්පයක් හදා ගන්නා ආකාරයට පිළියෙල කර ගන්නා බීමක් ගැනයි මේ කරුණු හෙළි වෙන්නේ. ඒ විදියට හදා ගන්නා කෝලා විශේෂයකට ඕනම ගේරාසරියකින් මිලදී ගන්න පුළුවන්කම තියෙන වෙනම දෙයක් සඳහා නිපදවා තියෙන දෙයක් කලවම් කර තරුණ පරපුරට අමුතුම වින්දනයක් ලබා දීමට උත්සාහ කරමින් තම මඩිය තර කර ගන්න උත්සාහ කරගන්නා පිරිසක් ගැනයි මේ කතා කරන්න උත්සාහ කරන්නේ.
ඒ ගැන එකවරම කිව්වොත් ඔබ විශ්වාස නොකරාවි. නැතහොත් පුදුම වේවි. ඒ නිසාම ඒ ගැන කියන්නට පෙර තවත් පැහැදිලි කිරීම් කීපයක් කරන්න වෙනව මේ අන්දමට.
අර්ධ නාගරික ප්‍රදේශවල පාසල් ආසන්නයේ තියෙන, පාසල නිසාම යැපෙන සමහර වෙළෙඳසල්වලින් තරම් පාසල් දරුවන්ට අහිතකර වූ දේවල් අලෙවි කරන තැන් තවත් නැතිව ඇති.
මත් කුඩු, හෙරොයින් වගේ දේවල් විකුණමින් මහා පරිමාණ මුදල් ගැරීමක්, ඉපැයීමක් සිදු නොවුණත් මුලින් සඳහන් කළ ආකාරයටම එයාලවත් දන්නේ නැති මොකක් දෝ හේතුවකට එයාල සමාජ විරෝධී පොඩි පොඩි බිස්නස්වලට හුරුවෙලා. පාසල් දරුවෝ එනව. ඉගෙන ගන්නව. කාලෙකින් ඉවත් වෙලා යනව. ඒත් දැන් දිගු කලෙක ඉඳල සිදුවන මේ කඩේ මාමලාගේ කඩේ නැන්දලාගේ ක්‍රියාවලිය තාමත් එහෙමමයි. එය විවිධ පැතිකඩවල් සහ අලුත් දේවල් හොය හොයා ගමන් කරන්නටත් පටන් අරගෙන.
එවැනි ක්‍රියාවන් ගැන පසුගිය දවසක මේ විදියේ අත්දැකීමක් ලබන්නට හැකිවුණා.
පාසලක් ඉස්සරහ තියෙන කුඩා සිල්ලර කඩයක් ඉස්සරහට දුවගෙන ආවේ ළමයි තුන් දෙනෙක්. අවුරුදු 15, 17 විතර වයස්වල හිටිය එයාල මාරු කාසි වගයක් මුදලාලිගේ අතේ තියල ඉල්ලුව දෙයක් නැති වුණත් මුදලාලිගේ අත ගියේ දුම්කොළ මිටිය වෙත.
එයා ඒ මිටියම දෙතුන් සැරයක් ඒ මේ අතට පෙරළමින් කීපයක් නහයට ළං කරල ඉඹීමෙන් අනතුරුව එකක් එළියට ඇදල ගත්තා. හරිමැදින් නාරටිය දිගේ දෙකට ඉරල භාගයක් ඒ දරුවන් අතට දුන්නා. එයාල දුම්කොළ ඉරුව අරගෙන යන ගමන් මගේ දිහා හොඳට බලාගෙන කුටු කුටු ගාමින් තමයි ගියේ.
අඩි කීපයක් ඒ විදියට ගිහින් ආයෙත් හැරිල ආවා කඩේට. තවත් මාරු කාසි ටිකක් මුදලාලි අතේ තියල පුවක් රුපියල් විස්සක ඉල්ලුවා. ඊට පස්සේ තමයි මුදලාලිගේ කට හයියෙන් ඇරුණේ.
'බොරුවටනේ මේ පුවක් ඉල්ලන්නේ. වෙනද ගෙනියන්නෙත් දුම්කොළේ විතරනේ.'
මුදලාලි එහෙම කියනවාත් එක්කම කොල්ලො තුන්දෙනා කොලුකාලෙ කොයි කවුරුත් නඟන කිසිම බරක් පතලක් නැති කොලු හිනාවකුත් පිටතට ඇහෙන විදියට දාගෙන දිවගියා.
ඒ සිදුවීම මට ලොකු කුතුහලයක් සහිත දෙයක් වුණ නිසාම මුදලාලිගෙන් කරුණු කාරණා ගැන විමසල දැන ගන්නකල් ඉස්පාසුවක් තිබුණෙ නෑ.
'ඔයා මෙතෙන්ට පිට කෙනෙක්නේ. එයාල දුම්කොළ ඉරුව අරගෙන යනව ඔයා දැක්ක හින්ද තමයි බොරුවට ආපහු ඇවිත් පුවක් ඉල්ලුවේ. එයාලට ඕන කරන්නේ දුම්කොළේ විතරයි. ඕක අරගෙන ගිහින් ඉස්තිරික්කයක් යට තියල හොඳට අයන් කරල රත් කර ගන්නවලු. ඊට පස්සේ පොඩි පොඩි හතරැස් කෑලිවලට කපා ගන්නව කියල තමයි කියන්නේ. ඒ කපා ගත්තු කෑලි මැද්දෙන් ඉරටුවකින් හුනු බින්දුව බින්දුව තියාගෙන ගිහින් එක එක රෝල් කරල පොඩි පොඩි දුම්කොළ ගුළි හදා ගන්නව. ඒ හදාගෙන සාක්කුවේ දාගෙන ඉන්නකෙනා ළඟට තමයි එක් එක්කෙනා හොරෙන් හොරෙන් කිට්ටු වෙන්නේ.'
ඊට පස්සේ එයාල එකතුවෙලා කරන දේ මුදලාලි කියාගෙන ගියත් මගේ මතකය දිව ගියේ මීට සති කීපයකට කලින් අනූ මේ පාරදිගේ අතිරේකයටම ලියල තිබුණ ලිපියක් වෙත. දෙවියනේ එදාත් ලිපියෙන් මවුපියන් දැනුම්වත් කරල තිබුණෙත් පාසල් දරු දැරියන් අතර වසංගතයක් වෙමින් යන මේ කාරණය ගැන නේද?
මේ දරු පැටව් ලොකු මහත්වෙලා සමාජගත වූ දවසක ඔවුන් යම් යම් පුරුදුවලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්පොත්ද මේ කියලත් හිතෙනව. මත්කුඩු, හෙරොයින් වැනිදේ නොවුණත් වෙනත් මොනවා හරි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි කරවීමේ පහසුව පිණිස කවුරුන් හෝ යක්ෂයෙක් මේ පිටුපස ඇති.
හරිහැටි ජීවන අත්දැකීමක් නැති ගැටව් එවැනි දේවලින් පොඩි පොඩි වින්දනයක් ලැබුවත් ඔවුන්ට ඒකෙ හරි වැරැද්දක් තේරෙන්නෙ නෑ කියන එක තමයි ඇත්තම ඇත්ත.
ඒත් දුම්කොළේ දරුවන්ට විකුණපු කඩකාරයා. එයා දැනගෙන හිටියනේ දුම්කොළේ අරගෙන යන්නේ දරුවෝ මොකටද කියල. ඒ දැනගෙනත් දිගටම එය කරගෙන යන්නට අවශ්‍ය දෑ සපයල දෙනව.
මේ පුරුදුවලින් දරුවන්ට වෙන හානිය කියල තේරුම් කරලා දෙන්න යන්නේ නැත්තේ දරුවෝ තරහ වුණොත් පොතක් පතක්, පැන්සලක් වගේ කඩේ අනෙක් බඩුවක්වත් ගන්න දරුවෝ එන්නෙ නැතිවෙයි කියන බයටද? එහෙම නැත්තන් දුම්කොළ ඉරුව විකුණලා ලබන සොච්චම් ලාබයට වඩා මල් වගේ දරුවන්ගේ අනාගතයේ වටිනාකමක් පේන්නෙ නැති හින්දද?
පාසල ඉස්සරහ තියෙන කඩේ ගැන ඒ විදියට කතාව නිම කරන ගමන් දැන් කතා කරන්නට යන්නේ මුලින්ම සඳහන් කළ කාරණාව ගැන. ඒකෙන් ඉලක්ක වෙලා තියෙන්නේ වයස් සීමාවකින් තොරව ගැහැනු පිරිමි භේදයකින් තොරව සිදු කරන දෙයක් ගැන.
අපේ ගම්වල උපාසක මහත්තුරු ළඟ ඒ කාලයේ භාවිත වුණා පින්පොත කියල දෙයක්. පින්පොත කියන්නේ ලියන්න පුළුවන් පොඩි පොතක්. බොහෝ වෙලාවට කඩවල මුදලාලිලා ගණන් හිලව් ලියලා තියා ගන්න එක වගේ එකක්. එහෙම නැත්නම් ඇක්සයිස් පොතක්.
උපාසක මහත්තයා හරි උපාසක හාමිනේ හරි එහෙම නැත්නම් එයාලගේ පවුලේ අය එකතුවෙලා සල්ලි යොදවල කරපු පින් අතේ වැඩක් ගැන සඳහන් කරල තියෙන පොතක්. ඒ පින් වැඩේට කොච්චර මුදලක් වැය කළාද කියලත් ඒකෙ ලියල තියෙනව හුඟක් වෙලාවට.
සමහරු ජීවිතයේ අන්තිම කාලෙදි ඒ දේවල් කියවල බලල හුඟක් සන්තෝෂ වෙනව. වයසට යනකොට හුඟක් දේවල් අමතක වෙන හින්දා හුඟ දෙනෙක්ට තමන් කරපු පින් මතක් වෙන්න මේ පින් පොත මහත් පිටිවහලක් වෙන එක ඇත්ත.
'අනේ මම කොයි තරම් මුදලක්, ධනයක් ආගම දහම වෙනුවෙන් පරිත්‍යාග කරල තියෙනවද කියල ප්‍රීතියෙන් හදවත පුරවා ගන්න පින්වතුන් කොච්චර ඉන්නවද?
'ඒ වගේම මගෙ දෙයියනේ මම මෙච්චර සල්ලියක් පිනට කියල නිකම් දීල තියෙනවද' කියල අන්තිම මොහොතේ ගණන් බලල හූල්ලන අයත් ඒ අතර ඉන්නව. ඒ විදිහේ හිතා ගන්න බැරි විවිධ වූ මිනිස් සිතිවිලිවලින් සැදුණු සමාජයක් මේක.
ඒ විදියේ තේරුම් ගන්නට බැරි සිතිවිල්ලක් හිතේ පුරවගෙන තමයි මම මේ හෝටලයේ තේ ගහන කොල්ලා දිහා බලාගෙන හිටියේ. මට ඕන මේ ඇවිත් තියෙන ආරංචියේ හරි වැරැද්ද තහවුරු කර ගන්න.
ඇත්ත. පැය දෙකක් තුනක් යනකොට සියල්ල පැහැදිලියි. හුඟ දෙනෙක් මේ තැනට එන්නේ තේ එකක් බොන්න විතරයි. වැඩිම පිරිසක් තරුණවිය ඉක්මවා නැති අය. මැදිවියේ කෙනෙක් වේ නම් හොඳට මහන්සිවෙලා වැඩ කරන අය.
එකම කඩේ හෝටලේ පුරුදු කරගෙන දවස් දෙක තුනක් එතෙන්ට ගිහින් එතැන සිදුවන සියලු දේ දැන ගන්නා විට මුදලාලිටත් වඩා තේ ගහන ගෝලයා යාළුවෙලා ඉවරයි.
බොන්න දෙන තේ එකට ඇයි මෙහෙම දෙයක් දාල දෙන්නේ කියල හරි පැහැදිලි උත්තරයක් දෙන්න එයාලවත් දන්නෙ නෑ. මුදලාලිට කවුරු හරි තවත් බිස්නස්කාරයෙක් කියපු දෙයක් තේ ගහන කොල්ල ලවා අත්හදා බලපු එක තමයි මුලින්ම වෙලා තියෙන්නේ.
ඊට පස්සේ එහි පොඩි සාර්ථකත්වයක් දැකල තමයි මේ විදියට දිගටම කරගෙන යනව කියල කියන්නේ. මහා පරිමාණ මුදලක් ලාභයක් හොයා ගන්ඩ නෙවෙයි, දවසකට තේ පනහක් හැටක් සීයක් විතර වැඩියෙන් විකුණලා ලබා ගන්නා අමතර ලාභයක් වෙනුවෙන්.
'අපේ මුදලාලිටත් පිට පළාතක හෝටලයක් කරන මුදලාලි කෙනෙක්ම තමයි කියල තියෙන්නේ. ඔය ඕනම පොඩි සිල්ලර කඩේක ගේරාසරියක විකුණන්න තියෙන රුපියල් විස්සේ පැකට් එකක් තමයි අපි ඒකට දාල කලවම් කරල දෙන්නේ. හරියට කලවම් වුණාට පස්සේ කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. තනිකරම තේ එක තමයි. තේ එක කියන්නේ අපි කිරි පිටි දාලා හදන ටී එක නෙවේ. මේක අපේ. අපි මේ කැෆේ බොන්නේ. කොහෙ යනවද නෑනෙ දන්නේ. කඩවල හෝටල්වලින් ඉල්ලන කැෆේ කෝප්පෙට තමයි හරියට හරියන්නේ. මුලින් මුලින්ම මේ මොකක්ද කරන්නේ කියල අපිටත් බය හිතුණා. ඕන් වැඩේ දවසින් දවස සාර්ථක වෙනකොට අපිට වගේම බොන කෙනාටත් තියෙන්නේ හොඳ සතුටක්.
හැම කෙනාටම දෙන්න යන්නෙ නෑ. ඒ වුණාට පුළු පුළුවන් විදියට අලුත් කස්ටර්මස්ලා එකතු කර ගන්න උත්සාහ කරනවා. එතකොටනේ රුපියල් විස්ස තිහ ගාණේ හරි වැඩියෙන් ලාච්චුවට වැටෙන්නේ.
අපි දන්නවනේ මේ පළාතේ ඉන්න කොල්ලන්ගෙන් කවුද අලුත්ම වගේම අමුතුම තාලෙ වින්දනයක් හොයන්නේ කියල. එයාල තමයි ඉස්සරවෙලාම අල්ල ගන්නේ.
සමහර අයට පුරුදු කරවන්න ඕන නෑ. රට පුරාම තැන් තැන්වල ඇවිදින අය අපේ තේ පැන්ටි්‍රය ළඟට ඇවිත් කනට කරල අහනව... එකක් හදල දෙන්න බැරිද කියලා. ඒ විදියට කටින්ම ඉල්ලන අය දෙතුන් දෙනෙක් හිටියම ඇති දවසට කොල්ලෝ දෙතුන් සීයක් එක්කගෙන එන විදියට පුරුදු කර ගන්න. ඒ අයට බිස්නස් එක කරන ගමන් තමයි අලුත් අය පුරුදු කර ගන්නේ.
ටී එකක් ඉල්ලන කෙනාටත් අපි කියන්නේ මල්ලි කැෆේ එකක් බොමු නේද කියල. එයා හා කිව්ව ගමන් ඉතිරි වැඩ ටික මගේ කැෆේ කෝප්පෙන් උගුරක් බීපු ගමන් මූණ දිහා බලනව. මමත් ඉතින් කිසිම අමුත්තක් නැති විදියට නොදැක්කා වගේ බොයිලේරුව පිහනව. නැත්නම් තේ කෝප්ප ටික හෝදනව.
කැෆේ එක බීල ගිය කෙනා හවසට ඇවිල්ල එහෙම නැත්නම් පහුවදා ඇවිල්ල ආයෙත් ඉල්ලන්නේ ටී එකක් නොවේ කැෆේ එකක්. ඇයි කියල එයා කියන්නෙ නෑ. ඒ වුණාට ඇයි කියල අපි දන්නව.
මුලින් මුලින් කැෆේ එකේ ගාණ මිසක් ඒකට දාන අපේ රහස් පැකට් එකේ රුපියල් විස්සවත් ගන්නෙ නෑ. ඒක අතේ පාඩුවට තමයි යන්නේ. ඒත් කට්ටිය පුරුදු වෙනකොට ටික ටික ගණන් උස්සනව. හොඳ ෆන් එකක් ලැබෙනවා නම් රුපියල් තිහක් හතළිහක් වැඩි වුණාට මොකද කියල තමයි එයාලගේ භාෂාවෙන්ම කියනව නම් කියන්න තියෙන්නේ.'
ඉතින් ඔබ තාමත් කල්පනා කරනව ඇති මොනවා ගැනද මේ කතා කරන්නේ කියල. තේ පැන්ටි්‍රයේ කැකෑරෙමින් තියෙන උණු වතුර දාලා හදල දෙන කැෆේ එකට දාන රහස් බෙහෙත එහෙම නැත්නම් රහස් පැකට් එක මොකක්ද කියල ඔබ දහ අතේ කල්පනා කරනව ඇති.
වෙන මොනාවත් නොවේ. කැෆේ කෝප්පයට එකතු කරන්නේ ජෙල් පැකට් එකක්. හිසකෙස් තමන් අවශ්‍ය විදියට සකස් කර ගන්නට භාවිත කරන රුපියල් විස්සෙ ජෙල් පැකට්.
'ජෙල් පැකට් කීපයක් කඩල වෙනමම භාජනයකට දාලා ටී පැන්ටි්‍රය යටින් තියා ගන්නව. ඒ හැම වැඩක්ම තියෙන්නේ තේ ගහන කොල්ලා අතේ. එන කස්ටමර් අලුත් කෙනෙක්ද පරණ කෙනෙක්ද කියලා හඳුනා ගන්න එයාට පුළුවන්කම තියෙන්න ඕන. ඒ ක්‍ෂණිකවම තමයි කැෆේ එකට ජෙල් හැඳි භාගයද හැන්දක්ද එකතු කරන්නේ කියල එයා තීරණය කරන්නේ.
අනෙක් එක කලවම් කරන ක්‍රමය. ඒකටත් දක්ෂකම තියෙන්න ඕන. හොඳට දියවෙන්න හදා ගත්තේ නැත්නම් එතනත් අවුල්.'
තේ ගහන්නා ඒ විදියට රස කරමින් තමන්ගේ කෙරුවාව කියන්න ගත්තා. ඒත් දෙවියනේ මොකක්ද මේ වෙන දේවල්.
ඉන්දියන් හමුදාව ලංකාවට ඇවිත් සබන් කැට කෑව වගේ දෙයක් නෙවෙයි. ඉන් එහාට කවුරු කවුරුත් හිතන්න ඕන දෙයක්. කොන්ඩෙට ස්ටයිල් දාන්න නිෂ්පාදනය කරල තියෙන දෙයක් දිය කරලා බොන්න පුරුදුවෙලා ඉන්නව කිව්වම.
එයාල කියන විදියට දවසට කැෆේ කෝප්ප තුන හතරක් බොන්න පුරුදු වෙච්ච අයත් ඉන්නවලු. ඉල්ලුමේ හැටියට තමයි සැපයුම. සැපයුමේ හැටියට තමයි දවසෙ ලාබය. ඒ හින්ද මොන මොන විදියෙන් හරි දවසකට අලුතෙන් දෙන්නෙක්වත් පුරුදු කරවගන්න තමයි අපේ බලාපොරොත්තුව කියන එකත් මහ පාපතර විදියට එයාලගේ කටින්ම කියැවුණේ ඒ විදියට සිදු කරන තවත් කඩේකින්.
මේ මොන විදියේ කතාවල් කාගේ කටින් අහන්න ලැබුණත් මේ දේවල්වල මූලික අරමුණ අපිට මේ පෙනෙන ආකාරයේ සුළු ලාභය නොවෙන්න පුළුවන්. සමහර විට දවස් ගාණෙ ලාච්චුවට වැටෙන මුදල හින්දම වෙන්නත් පුළුවන්.
ඒ මොනව වුණත් පින්පොත බලල ජීවිතේ අන්තිම කාලේ පපුකැනැත්ත ඇතුළේ පිපෙන මල් සිතිවිල්ල වගේම අහම්බෙන් හරි ඔය කඩ මුදලාලිලාත් දවසේ ගණන් ලියල තියෙන පොතක් කොහේ හරි තිබිල අහම්බෙන් හරි අතට අහුවෙලා පෙරළා බලන්න සිදුවුණොත් එදාට ඔබේ හිත ඔබට කියාදේවි මේ තරුණ පරපුරට ඔබ විකුණුවේ මොනවද කියන එක.
කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක
හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම
Mawbima
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
අනතුර අතලග
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස්
![/URL]
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
පට්ට පටපට
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
Other threads
Natasha Belle Images collection 1
2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
sherlock
View Public Profile
Send a private message to sherlock
Find all posts by sherlock
(#
2
)
tnnera
Senior Member
Posts: 5,692
Join Date: Sep 2007
Location: Angoda
12-23-2014, 11:04 PM
ane kaale wanee wasee...
tnnera
View Public Profile
Send a private message to tnnera
Find all posts by tnnera
(#
3
)
sherlock
Senior Member
Posts: 17,585
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
12-24-2014, 06:31 PM
bump
sherlock
View Public Profile
Send a private message to sherlock
Find all posts by sherlock
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05854
seconds with
8
queries