කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
පහුගිය කාලේ නිව්ස් වලින් මෝටර් රථ ගිණි ගැනීම් කීපයක්ම අහන්න දකින්න ලැබුනා.
ඇයි මෙහෙම ගිණි ගන්නේ? මේ වගේ දේවල් නොවෙන්න නම් අපි මොනවද කළ යුත්තේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනාට ඇති වෙනව ඇති. මේ ත්‍රඩ් එක ඵල කරන්න හිතුවේ ඔය ගැන සාකඡ්චා කරන්න තමයි.
මේ ප්‍රශ්නේ සුලු පටු නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් පැයකට වාහන 33 ක් ගිනි ගන්නවා. ඒවයින් දවසකට එක්කෙනක් ජීවිතයෙන් සමු ගන්නවා. හැබැයි ටොමා මේ ඉදිරිපත් කරපු වාර්ථාව නම් අව්රුදු 10 ක් විතර පරණ එකක්. නමුත් වාර්ථාව පරණයි කියලා අවධානම අඩු වෙන්නේ නෑනේ. මේ දේවල් වලින් 99% ක්ම ආරක්ෂිත රිය පැදවීම සහ නඩත්තු යන කාරණා දෙක අනුව වලක්වා ගන්න පුලුවන්. මේ විස්තරය මම කරුණු කිපයක් යටතේ ඉදිරිපත් කරන්නම්කෝ..
1) ඉන්දන කාන්දු
විෂේශයෙන් පැට්‍රල් වාහන වල බොනට් එක ලගින් පැට්‍රල් සුවදක් එනවනම් කල් දාන්නේ නැතිව ඒ දැනුනු මොහොතේම ඒ ගැන හොයලා බලන්න. රත් වුනු එන්ජින් එක මතට පැට්‍රල් වැටීම අන්තිම භයානක වෙන්න පුලුවන්. මෙහෙම පැට්‍රල් ලීක් එකක් වෙන්න බලපාන කරුනු කීපයක්ම තියනවා. ඒවායින් සරලම සිද්ධිය තමයි පැට්‍රල් බටයක් ගැලවිලා හෝ පැලිලා එතනින් පැට්‍රල් ලීක් වෙන්න පුලුවන් විම. මේක බොනට් එක ඇරලා පැට්‍රල් බට හොදින් නිරීක්ෂණය කරාම පහසුවෙන් අදුන ගන්න පුලුවන්. ඒ වගේම පැට්‍රල් බට කර වෙලා නම් අලුතින් දාන්න ඕනේ.
බට වලට අමතරව එන්ජින් එක ලගට හයිවෙන යාන්ත්‍රික පැට්‍රල් පොම්ප වල දෝශ නිසාත් එතනින් පැට්‍රල් ලීක් වෙන්න පුලුවන්. මේ තත්වේ හරිම භයානකයි. මොකද කාර් එක නවත්තලා තියද්දි පැට්‍රල් ලික් වෙන්නෙ නෑ. එන්ජින් එක ස්ටාට් කරහම යාන්ත්‍රික පැට්‍රල් පොම්පේ වැඩ කරන්න පටන් ගන්න නිසා ස්ටාට් එකේදි තමයි මේ ලීක් එක වෙන්නේ. අනිත් එක ඒ ලීක් වෙන පැට්‍රල් කෙලින්ම විදින්නේ එන්ජින් එක පැත්තට. එන්ජින් එක ඕෆ් කරාට පස්සෙත් මේ පැට්‍රල් එන්ජින් එක මත රැදිලා තියන නිසා මේ ගැන අවබෝදයක් තියනව නම් අදුන ගන්න අමාරු නෑ. ඒ වගේම ස්ටාට් එකේදි මේක අපිට බලාගන්න පුලුවන්. මේ ප්‍රශ්නෙදි පරණ පැට්‍රල් පොම්පේ වෙනුවට අලුත් එකක් හයි කරන්න ඕනේ.
පැට්‍රල් ලීක් එකක් අදුන ගන්න තව ක්‍රමයක් තියනවා. රෑට වාහනේ යටින් පත්තර පිටු කීපයක් එලලා තියන්න. එතකොට උදේට ඒවා නිරික්ෂණය කරනකොට පැට්‍රල් වැටුනු පැල්ලම් තියනව නම් අදුන ගන්න පුලුවන්. හැබැයි රෑට බල්ලෙක් ඇවිත් සුලු දිය පහ කරලා තිබුනොත් සුවද බලන්න ගිහින් ලබන අත්දැකිම් වලට මම වග කියන්නෙ නෑ ඕං.
2) කාර් එකේ ෆියුස් යනවද
වාහනේ ෆියුස් නිතර යනවනම් ඒ ගැන හොයලා බලන්න ඕනේ. ෆියුස් යනවට සමහරු කම්බි ඔතලා ෆියුස් දානවා. හදිස්සියකට එහෙම කරත් ෆියුස් එකට දිගටම කම්බි ඔතලා තියන්න එපා. හදිස්සියකට වුනත් ෆියුස් එකට ගැලපෙන තරමට විතරක් කම්බි කෑල්ලක් දාන්න මතක තියාගන්න ඕනේ. සමහරු ෆියුස් එක යන නිසා ඔතන්නේ අලි තඩි කම්බි. නැත්තං කම්බි පොටවල් ගාන වැඩි කරනවා. මේ වගේ වැඩ වලින් අන්තිමට වයරි එකට කෙලවෙලා හැමතැනම ෂෝට් වෙනකන් හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම නිතරම එක තැනක තියන, ඇම්පියර් ප්‍රමාණයෙන්ම ෆියුස් එක දාන්න මතක තියාගන්න. මතක තියාගන්න ඔබේ වාහනයේ වයරිං එකෙ දෝශ වැඩි හරියක් එලියට පෙන්න කැඩපත තමයි ෆියුස් බොක්ස් එක කියන්නේ. කොන්ඩේ අව්ල් වෙලා කියලා කණ්නාඩිය කැඩුවට හරියන්නෙ නෑනේ.
3) වයර් ටික යන්තං මූට්ටු කර ගත්තද
වාහනේ වයරිං එකේ යම් වෙනසක් කරනව නම් ඒක නිවැරදි දැනුමක් ඇති අයෙක් ලවා කරගන්න. ඒ කර ගත්තත් ඒ මනුස්සයා කරන දේ ගැන ටිකක් ඇහැ ගහගෙන ඉනන්. සමහරු කාර් එකේ සෙටප් එකක් හයි කරගන්නවා විංකල් බාස්ට දීලා.
එහෙන් මෙහෙන් වයර් ඇදලා එල්ඊඩි ගොඩ අටවන්න එපා. වයරිං එකේ කරන දෙයක් පිරිසිදුව කරන්න.
4) බැටරිය ඕවර් චාර්ජ් වෙනවද
මේක බැටරියට හානි වෙන්න පුලුවන් අවදානම් අවස්තාවක්. ඒ වගේම විදුලි පරිපත වලට හානි වෙන්න පුලුවන්. සීල් බැටරියක් නම් බැටරිය පිපිරෙන්නත් ඉඩ තියනවා. මූලිකව ෂෙල් ඉක්මනින් වියලීම, ෂෙල්වල උඩ කවරයේ ඇසිඩ් පින්න වගේ තිබීම වගේ දේවල් වලින් බැටරියක් ඕවර් ඡාජ් වෙනවද කියලා සැක කරන්න පුලුවන්. ඒ වගේම මල්ටිමීටර් එකක් තියනව නම් ඒක පාවිච්චි කරලා බැටරියේ ආරෝපිත මට්ටම පරීක්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන්. ගමනක් ගිහින් ඇවිත් එන්ජින් එක ඕෆ් කරලා බැටරියේ ආරෝපණ මට්ටම පරික්ෂා කරලා බලනකොට ඒක 12.6 v කට ආසන්න අගයක තියෙන්න ඕනේ. තව වාහනේ ස්ටාට් කරලා හෙඩ්ලයිට්, ඒසී වගේ විදුලිය වැය වෙන ඒවා අක්‍රිය කරලා තියද්දි මල්ටි මීටර් එකෙන් ආරෝපණ මට්ටම පරික්ෂා කරලා බලනකොට ඒක 14.8 v ට වැඩිනම් බැටරිය ඕවඡාජ් වෙනවා කියන එකයි කියන්නේ. ඕවර්ඡාජ් වෙනවනම් ඉක්මනින්ම වාහන විදුලි කාර්මික ශිල්පියෙකු ලවා නිවැරදි කරගන්න ඕනේ.
5) ආරක්ෂා කාරී ධාවනය - මේක ගැන නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. වාහනේ එලවනකොට ඉතිං ඩ්‍රයිවිං සිහියේ ඉන්න ඕනේ. මොකද ඇක්සිඩන්ට් එකකින් පස්සෙත් වාහනයක් ගිනි ගන්න පුලුවන්නේ.
6) සුවද - වාහනේ එලවගෙන යනකොට ප්ලාස්ටික් පිච්චෙන ගදක් රබර් පිච්චෙන ගදක් දැනෙනව නම් වහාම වාහනේ නවත්තලා ඒ ගැන හොයලා බලන්න.
ඔන්න ඔය කරුනු ගැන අවධානය යොමු කරනව නම් හොදයි. සමහරු ඉන්නවා වාහනේ බොනට් එක ඇරලා බලන්නෙවත් නැති මිනිස්සු. ඒවා සර්විස් එකෙන් බලන්න ඕනේ තැන් කියලයි හිතන්නේ.
තමන්ගේ වාහනේ ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ තමන්. මොකද සර්විස් එකකට, ගැරජ් එකකට ඔයාලගේ ඔය වාහනේ තවත් එක වාහනයක් විතරයි. ඒකේ කිසිම විශේෂත්වයක් එයාලට නෑ. 
එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ ඔටෝ මොබයිල් සෙක්ෂන් එකේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!
පහුගිය කාලේ නිව්ස් වලින් මෝටර් රථ ගිණි ගැනීම් කීපයක්ම අහන්න දකින්න ලැබුනා.
ඇයි මෙහෙම ගිණි ගන්නේ? මේ වගේ දේවල් නොවෙන්න නම් අපි මොනවද කළ යුත්තේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනාට ඇති වෙනව ඇති. මේ ත්‍රඩ් එක ඵල කරන්න හිතුවේ ඔය ගැන සාකඡ්චා කරන්න තමයි.මේ ප්‍රශ්නේ සුලු පටු නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් පැයකට වාහන 33 ක් ගිනි ගන්නවා. ඒවයින් දවසකට එක්කෙනක් ජීවිතයෙන් සමු ගන්නවා. හැබැයි ටොමා මේ ඉදිරිපත් කරපු වාර්ථාව නම් අව්රුදු 10 ක් විතර පරණ එකක්. නමුත් වාර්ථාව පරණයි කියලා අවධානම අඩු වෙන්නේ නෑනේ. මේ දේවල් වලින් 99% ක්ම ආරක්ෂිත රිය පැදවීම සහ නඩත්තු යන කාරණා දෙක අනුව වලක්වා ගන්න පුලුවන්. මේ විස්තරය මම කරුණු කිපයක් යටතේ ඉදිරිපත් කරන්නම්කෝ..
1) ඉන්දන කාන්දු
විෂේශයෙන් පැට්‍රල් වාහන වල බොනට් එක ලගින් පැට්‍රල් සුවදක් එනවනම් කල් දාන්නේ නැතිව ඒ දැනුනු මොහොතේම ඒ ගැන හොයලා බලන්න. රත් වුනු එන්ජින් එක මතට පැට්‍රල් වැටීම අන්තිම භයානක වෙන්න පුලුවන්. මෙහෙම පැට්‍රල් ලීක් එකක් වෙන්න බලපාන කරුනු කීපයක්ම තියනවා. ඒවායින් සරලම සිද්ධිය තමයි පැට්‍රල් බටයක් ගැලවිලා හෝ පැලිලා එතනින් පැට්‍රල් ලීක් වෙන්න පුලුවන් විම. මේක බොනට් එක ඇරලා පැට්‍රල් බට හොදින් නිරීක්ෂණය කරාම පහසුවෙන් අදුන ගන්න පුලුවන්. ඒ වගේම පැට්‍රල් බට කර වෙලා නම් අලුතින් දාන්න ඕනේ.
බට වලට අමතරව එන්ජින් එක ලගට හයිවෙන යාන්ත්‍රික පැට්‍රල් පොම්ප වල දෝශ නිසාත් එතනින් පැට්‍රල් ලීක් වෙන්න පුලුවන්. මේ තත්වේ හරිම භයානකයි. මොකද කාර් එක නවත්තලා තියද්දි පැට්‍රල් ලික් වෙන්නෙ නෑ. එන්ජින් එක ස්ටාට් කරහම යාන්ත්‍රික පැට්‍රල් පොම්පේ වැඩ කරන්න පටන් ගන්න නිසා ස්ටාට් එකේදි තමයි මේ ලීක් එක වෙන්නේ. අනිත් එක ඒ ලීක් වෙන පැට්‍රල් කෙලින්ම විදින්නේ එන්ජින් එක පැත්තට. එන්ජින් එක ඕෆ් කරාට පස්සෙත් මේ පැට්‍රල් එන්ජින් එක මත රැදිලා තියන නිසා මේ ගැන අවබෝදයක් තියනව නම් අදුන ගන්න අමාරු නෑ. ඒ වගේම ස්ටාට් එකේදි මේක අපිට බලාගන්න පුලුවන්. මේ ප්‍රශ්නෙදි පරණ පැට්‍රල් පොම්පේ වෙනුවට අලුත් එකක් හයි කරන්න ඕනේ.
පැට්‍රල් ලීක් එකක් අදුන ගන්න තව ක්‍රමයක් තියනවා. රෑට වාහනේ යටින් පත්තර පිටු කීපයක් එලලා තියන්න. එතකොට උදේට ඒවා නිරික්ෂණය කරනකොට පැට්‍රල් වැටුනු පැල්ලම් තියනව නම් අදුන ගන්න පුලුවන්. හැබැයි රෑට බල්ලෙක් ඇවිත් සුලු දිය පහ කරලා තිබුනොත් සුවද බලන්න ගිහින් ලබන අත්දැකිම් වලට මම වග කියන්නෙ නෑ ඕං.
2) කාර් එකේ ෆියුස් යනවද
වාහනේ ෆියුස් නිතර යනවනම් ඒ ගැන හොයලා බලන්න ඕනේ. ෆියුස් යනවට සමහරු කම්බි ඔතලා ෆියුස් දානවා. හදිස්සියකට එහෙම කරත් ෆියුස් එකට දිගටම කම්බි ඔතලා තියන්න එපා. හදිස්සියකට වුනත් ෆියුස් එකට ගැලපෙන තරමට විතරක් කම්බි කෑල්ලක් දාන්න මතක තියාගන්න ඕනේ. සමහරු ෆියුස් එක යන නිසා ඔතන්නේ අලි තඩි කම්බි. නැත්තං කම්බි පොටවල් ගාන වැඩි කරනවා. මේ වගේ වැඩ වලින් අන්තිමට වයරි එකට කෙලවෙලා හැමතැනම ෂෝට් වෙනකන් හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම නිතරම එක තැනක තියන, ඇම්පියර් ප්‍රමාණයෙන්ම ෆියුස් එක දාන්න මතක තියාගන්න. මතක තියාගන්න ඔබේ වාහනයේ වයරිං එකෙ දෝශ වැඩි හරියක් එලියට පෙන්න කැඩපත තමයි ෆියුස් බොක්ස් එක කියන්නේ. කොන්ඩේ අව්ල් වෙලා කියලා කණ්නාඩිය කැඩුවට හරියන්නෙ නෑනේ.

3) වයර් ටික යන්තං මූට්ටු කර ගත්තද
වාහනේ වයරිං එකේ යම් වෙනසක් කරනව නම් ඒක නිවැරදි දැනුමක් ඇති අයෙක් ලවා කරගන්න. ඒ කර ගත්තත් ඒ මනුස්සයා කරන දේ ගැන ටිකක් ඇහැ ගහගෙන ඉනන්. සමහරු කාර් එකේ සෙටප් එකක් හයි කරගන්නවා විංකල් බාස්ට දීලා.
එහෙන් මෙහෙන් වයර් ඇදලා එල්ඊඩි ගොඩ අටවන්න එපා. වයරිං එකේ කරන දෙයක් පිරිසිදුව කරන්න. 4) බැටරිය ඕවර් චාර්ජ් වෙනවද

මේක බැටරියට හානි වෙන්න පුලුවන් අවදානම් අවස්තාවක්. ඒ වගේම විදුලි පරිපත වලට හානි වෙන්න පුලුවන්. සීල් බැටරියක් නම් බැටරිය පිපිරෙන්නත් ඉඩ තියනවා. මූලිකව ෂෙල් ඉක්මනින් වියලීම, ෂෙල්වල උඩ කවරයේ ඇසිඩ් පින්න වගේ තිබීම වගේ දේවල් වලින් බැටරියක් ඕවර් ඡාජ් වෙනවද කියලා සැක කරන්න පුලුවන්. ඒ වගේම මල්ටිමීටර් එකක් තියනව නම් ඒක පාවිච්චි කරලා බැටරියේ ආරෝපිත මට්ටම පරීක්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන්. ගමනක් ගිහින් ඇවිත් එන්ජින් එක ඕෆ් කරලා බැටරියේ ආරෝපණ මට්ටම පරික්ෂා කරලා බලනකොට ඒක 12.6 v කට ආසන්න අගයක තියෙන්න ඕනේ. තව වාහනේ ස්ටාට් කරලා හෙඩ්ලයිට්, ඒසී වගේ විදුලිය වැය වෙන ඒවා අක්‍රිය කරලා තියද්දි මල්ටි මීටර් එකෙන් ආරෝපණ මට්ටම පරික්ෂා කරලා බලනකොට ඒක 14.8 v ට වැඩිනම් බැටරිය ඕවඡාජ් වෙනවා කියන එකයි කියන්නේ. ඕවර්ඡාජ් වෙනවනම් ඉක්මනින්ම වාහන විදුලි කාර්මික ශිල්පියෙකු ලවා නිවැරදි කරගන්න ඕනේ.
5) ආරක්ෂා කාරී ධාවනය - මේක ගැන නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. වාහනේ එලවනකොට ඉතිං ඩ්‍රයිවිං සිහියේ ඉන්න ඕනේ. මොකද ඇක්සිඩන්ට් එකකින් පස්සෙත් වාහනයක් ගිනි ගන්න පුලුවන්නේ.
6) සුවද - වාහනේ එලවගෙන යනකොට ප්ලාස්ටික් පිච්චෙන ගදක් රබර් පිච්චෙන ගදක් දැනෙනව නම් වහාම වාහනේ නවත්තලා ඒ ගැන හොයලා බලන්න.
ඔන්න ඔය කරුනු ගැන අවධානය යොමු කරනව නම් හොදයි. සමහරු ඉන්නවා වාහනේ බොනට් එක ඇරලා බලන්නෙවත් නැති මිනිස්සු. ඒවා සර්විස් එකෙන් බලන්න ඕනේ තැන් කියලයි හිතන්නේ.
තමන්ගේ වාහනේ ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ තමන්. මොකද සර්විස් එකකට, ගැරජ් එකකට ඔයාලගේ ඔය වාහනේ තවත් එක වාහනයක් විතරයි. ඒකේ කිසිම විශේෂත්වයක් එයාලට නෑ. 
එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ ඔටෝ මොබයිල් සෙක්ෂන් එකේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

niyamai
අපේ නිසාන් හොමිය තිබ්බ කාලේ..... වරකපොලදි එන්ජිම අස්සෙන් දුමක් ආවා කියහන්කෝ..... යන්තම් නිවාගෙන තිබ්බා......