සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!
ඔන්න එහෙනම් ආයෙත් වාහන නූලක් අරං ආවා. මේක දාන්න මුල් වුනේ HONDA HORNET සහෝදරයා කටු ත්‍රෙඩ් එකේදි කරපු ඉල්ලීමක්.
වර්ථමානයේ ඔටෝ ගියර් කිව්වම කව්රුත් කතාකරන එහෙන් මෙහෙන් ඇහෙන මාතෘකාවක් නේ CVT හෙවත් continuously variable transmission කියන්නේ. සාමාන්‍ය ඕටෝ ගියර් වාහන වල අපි කව්රුත් දකින අවාසි කීපයක් තියනව කියලා අමුතුවෙන් කියන්නඕනෙ නෑනේ.
ලොකුම කතා තමයි මැනුවල් වාහන වලට සාපේක්ෂව තෙල් වැඩ කරන්නේ නැතිවීම
, ස්ලෝ වුන ගමන් ත්‍රීවීල් කාරයොත් ඉස්සරකරගෙන
බායි කියලා යනවා කියන එක. ඒත් මේ වගේ ගැටලු සීවීටී ගියර්බොක්ස් එකත් එකක් විසදෙනවා. මේකේ ගියර් ප්‍රමාණය 4, 5 ක් එහෙම නෙවෙයි. අතිවිෂාල ගියර් ප්‍රමාණයක් සීවීටී ගියර්බොක්ස් එකකින් ලබාදෙනවා. මේ නිසා වාහනේ ගමන් කරනකොට ගියර් අනුපාත වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම වෙනවා.
ඒ නිසාම ඉන්දන පිරිමැස්ම අතින් මැනුවල් වාහනේකටත් වඩා ඉදිරියෙන් ඉන්නවා කිව්වොත් නිවැරදී. මොකද රේඩියෝ එකේ වොලියුම් එක වැඩි කරද්දි වගේ අඩු එකේ ඉදන් වැඩි එකටත් වැඩි එකේ ඉදන් අඩු එකටත් ඉතාම සියුම්ව මේ ගියර් මාරුව සිද්ධවීම තමයි මේකේ විශේෂත්වය. ඒ නිසා ගියර් මාරු වෙන එක වාහනේ යන අයට දැනෙන්නේ නෑ. 
බලමු මේ සීවීටී ගියර්බොක්ස් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා
මේකෙදී මුලිකව කප්පි හෙවත් Pulley දෙකක් පාවිච්චි කරනවා. මේ එක කප්පියක් කරකවන ගමන් බෙල්ට් එකකින් අනිත් කප්පිය කැරකෙන්න සලස්වනවා. ඒ අතරවාරයේ මේ කප්පි වල විශ්කම්භය වෙනස් කිරිම මගින් තමයි ගියර් වලට යොමු කරන්නේ.
ඉතිං ඔය කප්පි දෙකෙන් එකක් ඔටෝ ගියර් වාහන වල තියනවා වගේ torque converter එකට සම්බන්ධ වෙනවා. අනිත් එකෙන් තමයි රෝද කරකවන්නේ.
අපි දන්නවනේ ඕනිම ගියර් පද්ධතියක මූලධර්මයේ තියන්නේ විශ්කම්භය වෙනස් රෝද එකිනෙක සම්බන්ධ කරලා එක එක ගියර අනුපාත සකස් කරගන්න එක කියලා. සෙල්ලං කාර් එකක මෝටර් එක වැඩ කරලා කාර් එක ඉස්සරහට යන්නෙත් මේ වගේ ක්‍රමේකින්.
වාහනේක පවර් මිරර් වැඩ කරන්නෙත් මේවගේ ක්‍රමේකින් කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඉතිං මෙතන තියන වෙනස තමයි ඒ වැඩේට වෙන වෙනම දැති රෝද යොදා ගන්නවා වෙනුව රෝද දෙකක් විතර යොදාගෙන ඒවගේ විශ්කම්භය වෙනස් කිරිම. ඔය විශ්කම්භ වෙනස් කරන්න යොදා ගන්නේ ද්‍රව පීඩනය තමයි. හරියට බ්‍රෙක් පාගද්දි ද්‍රව පිඩනයෙන් බ්‍රෙක් වදිනවා වගේ මෙතනදි වාහනේ ගමන් කරද්දි ද්‍රව පීඩනයෙන් ගියර් වැටෙනවා. ඉතිං මෙතනදි මේ ද්‍රව පීඩනය පරිගණක පද්ධතියකින් තමයි පාලනය වෙන්නේ.
මේකේ කප්පි දෙක අතර තියන බෙල්ට් එකත් තරමක් විශේෂයි. මේක හදලා තියන්නේ ලෝහ වලින්. හැබැයි සාමාන්‍ය බයිසිකල් චේන් එකක් වගේ නෙවෙයි.
මේ ලෝහ පටිය සිහින් කුඩා ලෝහ කොටස් සිය ගණනක එකතුවෙන් තමයි හැදලා තියන්නේ. මේ කොටස් එකිනෙක සම්බන්ධිව තියෙන්නේ සිහින් ලෝහමය පටි පටියකින්. මේ සියුම් ලෝහ කොටස්වල හැඩය අර කප්පි වල විශ්කම්භය වෙනස් වෙද්දි බෙල්ට් එක හිමින් සීරුමාරු වෙන්න වැදගත් වෙනවා.
මම කලින් කිව්වනේ මේක වැඩ කරන්නේ ද්‍රව පීඩනයෙන් කියලා ඉතිං ඒ වැඩේට ඔයිල් පම්ප් එකක්, ඔයිල් කූලර් එකක් අවශ්‍ය වෙනවා, ඒවත් මේ ගියර් බොක්ස් එකට සම්බන්ධ ප්‍රධාන කොටස් තමයි. දැන් වැඩේ පැහැදිලි ඇතිනේ.