රතුතොල්වැලිගොව්වා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රතුතොල්වැලිගොව්වා

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )

    වේගයෙන් ගලායන පිරිසිදු දියපහර සහිත ස්ථානයන්හි ගල්වලට ඇලී සිටින මෙම වැලිගොව්වන් හඳුන්වන්නේ රතු තොල් වැලිගොව්වා යනුවෙනි. ඉංග්‍රීසි බසින් ලිප්ස්ටික් ගෝබි Lipstick Goby ලෙසත් සිසියෝපස් ජෝන්ක්ලාසි Sicyopus jonklaasi යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව මේ මත්ස්‍යයා හදුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මත්ස්‍යයකු වන මොවුන්ට නම් දී ඇත්තේ කීර්තිමත් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවකු වූ රොඩ්නි ජෝන්ක්ලාස් මහතාට ගෞරවයක් ලෙසිනි.
    රතු තොල් වැලිගොව්වාගේ පිරිමි මසුන්ගේ තොල් වඩාත් දීප්තිමත් රතු පැහැයෙන් යුක්තය. ඉදිරිපස වරල් යුගලය චූසකර බවට පරිවර්ථනය වී ඇත. කැලණි ගඟ ආශ්‍රිත සීතාවක රක්ෂිතයේත්, කළු ගඟේ පහළ කොටසේත්, ගිං ගංඟ නිම්නයේ අතු ගංඟා කිහිපයක හා නිල්වලා ගඟේ ඕපාත රක්ෂිතයේත් දක්නට ලැබෙයි.
    අධික වර්ෂා කාලයේ දී ඇළ පත්ලේ වැලි හාරා එහි බිත්තර දැමීම සිදුකරයි. ඉන් බිහිවන පැටව් සැඩ දිය පහරත් සමග ගංඟා පහළට ගසාගෙන යයි. ගංඟා පහළ වැඩෙන මේ මසුන් පරිනත වෙත්ම දිය පහරට ප්‍රතිවිරුද්ධව ගංඟාව ඔස්සේ ඉහළට සංක්‍රමණය වෙයි.
    වන විනාශය, වැලි ගොඩදැමීම හා ගංඟා ඉවුරු විනාශ කිරීමත් කෘමි නාශක ඇතුළු අපද්‍රව්‍ය දැමීමෙන් ජලය අපිරිසිදු වීමත් මොවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වී ඇත. වඳවී යාමේ දැඩි තර්ජනයට මුහුණ දී ඇති රතු තොල් වැලිගොව්වන් තුරුලතා සහ වනසත්ත්ව ආරක්ෂණ පනත යටතේ ආර්ෂිත සත්ත්වයෙකි.
    ඡායාරූපය - සමන්ත ගුණසේකර මහතා.
    Threatened Sri Lanka's Biodiversity නමැති පොතෙන් මෙම ඡායාරූපය උපුටා ගන්නා ලදී



    DSC2473.jpg


    jonklassi.jpg


    LipstickGobyDaveWilson6.jpg



    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )
     
    • Like
    Reactions: s@dun193