වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
තෙරුවන්සරණයි!
කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.
කාර් එක සුමටව ධාවනය කරමු
බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
ඉදලා ඉදලා ඩ්‍රයිවිං ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුනේ අද හවස මම එද්දි දැකපු පොඩි සිද්ධියක් නිසා.
මේ දවස්වල ඉතිං වැස්සනේ.. ආයි ඒක ටොමා අමුතුවෙන් කියන්න දෙයක්ද. මේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි ඉතිං කොහොමත් වහින්න එපැයි. වැස්සේ රිය පැදවීම කියන්නේ වෙනමම කළාවක්. හොද රියදුරෙක් නම් වැස්ස තිබ්බත් සාර්ථක විදිහට වාහනය එලවන්න පුලුවන් වෙන්න ඕනේ.
මොකද්ද මේ වැස්සෙන් ඇතිවෙන බලපෑම
වාහනයක් ඩ්‍රයිව් කරන මනුස්සයෙකුට වැස්සෙන් ඇතිවෙන ලොකුම බලපෑම තමයි අවට තත්වයන්ට තමන්ගේ තියන අවධානය 50% ක් විතර අඩුවීම. මේ තත්වය ඇති වෙන්නේ ඉබේම. එහෙන් වින්ඩ්ස්ක්‍රීන් එකට වතුර වැටෙනවා. වයිපර්ස් වැඩ කරනවා,වින්ඩ්ස්ක්‍රීන් එකෙන් එලිය පේන ප්‍රමාණය අඩු වෙනවා, එහෙන් වැස්ස සද්දේ වගේ හේතු ගොඩක් නිසා. ඉතිං ඔය තත්වෙන් අවධානය 50% ක් විතර අඩු වුනා කියන්නේ රිය අනතුරක් විමේ සම්භාවිතාවය වැඩි වෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. එහෙනම් මොකද කරන්න ඕනේ?
ඔය නැති උන අවධානය යම්තාක් දුරකට නැවත ලබාගන්න ඕනේ. ඒ වගේම අවධානය තව දුරටත් අඩුවෙන එක වලක්ව ගන්න ඕනේ. හිතපල්ලකෝ වැස්සෙන් 50% ක් විතර අඩු වුන අවධානය 25% ක් දක්වා බැස්සොත් සොරි නේද?
එහෙනම් වැස්සේ එලවනකොට මොනවද කරන්න ඕනේ.
1) වැහි කාලෙට පුළුවන් තරම් වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදුව තියාගන්න ඕනේ. (පිට පැත්ත වගේම ඇතුල් පැත්තත්) වින්ඩ්ස්ක්‍රීන් එකේ පිට පැත්තේ තෙල් වගේ තිබුනොත් නම් විනාසයි. ඒ නිසා වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එකක් පාවිච්චි කරලා වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදු කරලා තියාගන්න ඕනේ. එතනදි ෂැම්පෝ ටිකක් වින්ඩ්ස්ක්‍රීන් එකට වතුර විදින කෑන් එකට දාලා තියාගත්තනම් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම වයිපර් බ්ලේඩ් හොද තත්වයෙන් තියෙන්න ඕනේ. (හැම තිස්සෙම පොඩි ලාභය ගැන හිතන්නේ නැතුව තත්වයෙන් උසස් වයිපර් බ්ලේඩ් පාවිච්චි කරන්න)
ඒ වගේම වාහනේ එලවද්දි ග්ලාස් වල ඇතුලේ බැදෙන මීදුම ඉවත් කරන්න ඒසී එක පාවිච්චි කරන්න. සමහරු රෙදිකෑලි වලින් දාගන අතුල්ලනවා මම දැකලා තියනවා. නමුත් ඒ වැඩේ යන ගමන් ඩ්‍රයිවර්ම කරන එක සෑහෙන්න අවධානම්. ඒසී නැත්තං ඉතිං මොනවා කරන්නද ශටර්ස් පොඩ්ඩක් පහත් කරගන යන්න වෙනවා.
2) සිංදු අහන්න එපා. සාමානයයෙන් සිංදු අහගන ඩ්‍රයිව් කරන්න පුරුදු වෙලා තියනව නම් වැස්ස වෙලාවට වහාම සෙටප් එක ඔෆ් කරන්න. ඒකෙන් සිංදුවට යන අපේ අවධානය ඩ්‍රයිවිං වලට ආපහු ගන්න පුලුවන්. ඒ විතර නෙවෙයි වාහෙන් ඇතුලේ ඇති ගෝෂාව නවත්ත ගන්නත් පුලුවන්. ඒ නිසා වැස්සේ ඩ්‍රයිව් කරන්න වාහනේට නැග්ග ගමන් සෙටප් එක ඕෆ් කරලා දාන්න. පොඩි වෙලාවකට සිංදුවක් අහනවා වගේ නෙවෙයිනේ, තමන්ට තියන වගකීම කියන දේ. වාහනෙයි, තමන්ගෙයි, පාරේ යන අනිත් වාහන, මිනිස්සුන්ගෙන් පටන්ගත්තම සත්තු දක්වාම ආරක්ෂාව රැදිලා තියන්නේ තමන්ගේ අතේ කියලා එක මොහොතකටවත් අමතක කරන්න එපා. ඒ වෙනුවෙන් සිංදුවක් ඇහුවේ නෑ කියලා පාඩුවක් වෙන්නෙ නෑනේ. ඒ වගේම ෆෝන් භාවිතය සම්පූර්ණයෙන් නතර කරන්න.
3) වහාම වාහනේ වේගය අඩු කරන්න. වැස්සෙදි වැඩි වේගය ගැන හිතන්නම එපා. මොකද වැස්ස වෙලාවෙදි එක අතකින් අපේ අවධානය අඩුයි, පාර ලිස්සන සුලුයි. බ්‍රේක් එකට උනත් වාහනේ නවතින්නේ වෙනදා වගේ නෙවෙයි. ඒ නිසා කල්පනාවෙන් අඩු වේගයකින් වාහනය ධාවනය කරන්න. පාරේ වතුර පිරුන තැන් වලින් යනකොට පාර අයිනෙන් ඇවිදගන යන මිනිස්සු ගැනත් හිතන්න. පුළුවන් කමක් තියනව නම් වතුර වල මග අරින්න නැත්තං මිනිස්සුන්ගේ ඇගට වතුර විසි වෙන්නේ නැති ගානට වාහනේ ස්ලෝ කරන්න. වැස්ස දවස් වලට වංගු ගනිද්දි හිමින් ගන්න. මොකද මේක ලංකාව. එහාපැත්තෙන් එකෙක් රෝන්සයිඩ් එන්න පුලුවන් කියන එක වෙන්නඩ බැරි වැඩක් නෙවෙයි පුළුවන් වැඩක්.

(පාරෙදි එකිනෙකා පරයා රේස් යන්න තියන මන්දමානසික ආසාව නම් වැස්සෙදි විතරක් නෙවෙයි අව්වෙදිත් නැති කර ගන්න ඕනේ.)
4) වාහනේ ටයර් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ටයර් ගෙවිලනම් ටයර් දාගන්න. ටයර් දාන්න සල්ලිම නැත්තං ටිකක් හොයලා බලපල්ලා ටයර්වල කට්ට කපන තැන් තියනවා. එහෙම තැනකින් හොදට කට්ටවත් කපා ගනිල්ලා. හැබැයි ඉතිං වාහනයක් පාවිච්චි කරනවා කියන්නෙ නම් ටයර් දාන්න, සර්විස් කරන්න වගේ වැඩවලට සල්ලි වෙන් කරන්නම ඕනි කියන එක.
5) වැස්සේ ඩ්‍රයිව් කරද්දි වාහනේ හෙඩ් ලයිට් එක ඩිම් (රෑට නම් උචිත පරිදි) කියන අවස්තාවට දාගන යන්න. ඔව් දවල්ටත් ලයිට් දාගන ගියාට කමක් නෑ. ඒකෙන් තමන්ගේ වගේම අනිත් අයගේ ආරක්ෂාවත් වැඩි වෙනවා. ඒ වගේම වාහනේ බ්‍රේක් ලයිට් හරියට වැඩ කරනවද, සිග්නල් ලයිට් වැඩද (වැඩනම් ඒවා දාපල්ලා) කියලා මේ වස්සානයට වැඩි අවදානයක් තියෙන්නම ඕනේ.
6) හැම තිස්සෙම පාරට තියන අවධානය වැඩි කරන්න. පාර දිහා හොදට බලාගන එලවන්න. (අනිත් වෙලාවටත් එසේමයි) වාහනේ යන අනිත් එව්න් එක්ක කදේ දාගන ගිහින් අවධානය අඩු කර ගන්න එපා. වාහනේ තව අය ඉන්නව නම් රියදුරා ඒ අයත් එක්ක කතා කරන එක වගේම ඒ අයගේ කතාවලට සවන්දෙන එකත් හැකිතාක් අඩු කරන්න ඕනේ.
7) වාහන අතර පරතරය වෙනදට වඩා තියාගන්න. මොකද ඉස්සරහින් යන වාහන නවතිනව කියලා වැස්ස වෙලාවට පේනවා අඩුයි. නිකං ගිහින් තවත් එකක පස්ස ඉබින්න ඕනි නෑනේ. ඒ නිසා පරතරය ටිකක් වැඩි පුර තියාගන්න.
8) බයික් ත්‍රීවිල් ගැන වැඩි අවධානයක් යොමු කරනන්. වැස්ස කියලා නෑ බයික්, ත්‍රීවිල් රෝං සයිඩ් එකෙන් ඉස්සර කරනවා. කෙලින් පාරේ කොච්චර ගෑටුවත් ත්‍රීවිල් මල්ලිලා වාහන වැඩි වෙලාවට පුළුවන් තරම් හයියෙන් යන්න ආසයි. ඒකට රෝංසයිඩ් විතරක් නෙවෙයි පුලුවන් නම් උඩින් ඉගිලිලා යයි, නැත්තං යටින් රිංගලා යයි. ඒ නම් ත්‍රීවිල් එකක් ගත්තම ජානවල වෙන වෙනසක් වෙන්න ඕනේ.
නැත්තං ත්‍රීවිල් එකෙන් මොනවහරි හෝමෝන් එකක් නිකුත් වෙනවා. ඒ ගැනත් හිතන්න. පාරේ යන උන් හදන්න අපිට බෑනේ. උන්ට බැන බැන ලේ පුච්චගන ඇස් ලොකු කරනෙ ඉදලා වැඩක් නෑ. ඒකෙන් වෙන්නෙත් අවධානය අඩු වෙන එක. ඒ නිසා අනිත් උන් ගැන හිත හිත තමං මඤ්ඤං වෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ එලවන එකයි තියන්නේ.