බබා හම්බුවෙන්නද..?
කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හම්බුනේ නෑ ගොඩක් වැඩ තිබ්බ නිසා...
අනික මේ ටිකේ නම් පට්ටම බිසී..
සතියකින් විතර තමයි එලකිරියට එබුනේ.
. අද කියන්න යන්නේ තමුන්ගේ ප්‍රිය භාර්‍යයාවට බබෙක් ලැබෙන්නද නැද්ද කියලා අඳුන ගන්න පුලුවන් පරීක්ෂණ ක්‍රම ගැනයි..
මෙන්න කලියෙන්ම කිව්වා මෙතන කියන්න යන්නේ පරීක්ෂණ 3ක් ගැනයි ප්‍රධාන වශයෙන්.. ඒකෙන් එකයි ගෙදර අත්හදා බලන්න පුලුවන්.. අනික් එව්වා දාන්නේ කසාදයක් බැඳලා ළමයි බලාපොරොත්තුවෙන්න ඉන්න කාලෙක දැනගෙන ඉන්න ඕනේ දැනුමට පමණයි...
නැත්නම් මෝල් අමාරුවට කෙල්ලෝ එක්ක ගුබ්බෑයම් අස්සේ රිංගලා අහවල් වැඩේ කරලා කෙල්ලට බබෙක් ලැබෙන්නද කියලා චෙක් කරගන්න නෙමෙයි..
එහෙනම් පුරුදු විදියටම කියවන් යමල්ලා..
මෙතන හැමෝම රූපවාහිනිය කියන අට මගුල බලනවා ඇතිනේ..
බලන්නේ නැත්නම් බලපු කාලයක් හරි ඇතිනේ.. එව්වා වල ටෙලි නාට්‍යය වල ගෑණු කෙනෙක්ට බබෙක් ලැබෙන්න තියෙනම් එයා දැනගන්නේ වමනේ යන්න ගන්න එකෙන් එක පාරටම..
හරියට TV එකේ පෙන්නන්නේ ඊයේ මනුස්සයා එක්ක ලිංගිකව එකතු උනොත් අද බබෙක් ලැබෙන්න සෙට් වෙලා වමනෙ යන්නම් වගේ..
යකෝ මැගී නූඩ්ල්ස් එකක්වත් එච්චර ඉක්මනට හදාගන්න බෑ..
මුන් කරන්නේ තනිකරම මිනිස්සු රවට්ටන එකක්නේ..
ගැහැණියක් මුලින්ම තමුන්ට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්නේ ඔය වමනේ මගුලෙන් නෙමෙයි බං...
මුලින්ම තමුන්ට බබෙක් ලැබෙන්නදෝ හෝයි කියලා සැකයක් මතු කරගන්නේ තමුන්ගේ ඔසප් චක්‍රය නියමිත දිනයට උනේ නැත්නම් තමයි..
ඒ කිව්වේ ප්‍රමාද නම්.. තවත් සරලව කියනවා නම්.. කාන්තාවකගේ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දවස් 28 කට සැරයක් නේ එන්නේ..
සමහරුන්ගේ ඕක දවස් 21 සිට 35 දක්වා කාල පරිච්චේදය තුල ක්‍රමවත්ව නිසි පරතරයකින් සිදුවෙනවා..
ඒ කිව්වේ කලින් මාසේ ඔසප් වෙලා හරියටම දවස් 28 කින් තමයි ගොඩකගේ ආයේ ඔසප් වීම සිදුවන්නේ..
අන්න ඒ නියමිත දිනයට නොවුනොත් තමයි බබෙක් ලැබෙන්නද මංදා කියන එක හිතෙන්නේ..
එහෙම හිතුනට පස්සේ වෛද්‍යයවරයෙක් හමුවෙන්න ගියොත් ගර්භණීභාවය අඳුනගන්න කරන්න පුලුවන් පරීක්ෂණ 3 ක් තියෙනවා..
1. මුත්‍රා සාම්පල පරීක්ෂාව
මුත්‍රා සාම්පලයක් අරගෙන මොනාද බලන්නේ.?
මෙහෙමයි කාන්තාවක් ගැබ් අරගෙන කළලයක් වර්දනය වෙන්න ගත්තාම ගර්භෂ බිත්තිය මත කළල බන්ධය (Placenta) කියලා එකක් හදාගන්නවා..
ඒකෙන් කරන්නේ ළමයයි අම්මයි අතරේ සම්බන්ධයක් ඇති කරලා ළමයාට පෝෂණය ලබාදීමයි කියලා ලාවට තේරුම් ගනින්කෝ..
අන්න ඒ කළල බන්ධය මඟින් hCG - Human chorionic gonadotropin කියලා හෝර්මෝනයක් ස්‍රාවය කරනවා
සති 16ක් විතර යනකන්.. අන්න ඒ හෝමෝනය මුත්‍රා වල දියවෙලා බහිස්‍රාවී වෙනවද කියලා බලන එක තමයි මේ පරීක්ෂණයෙන් කරන්නේ..
මේ පරීක්ෂණය කරන්න ඉතාම පහසුයි ඒ වගේම ගෙදර ඉඳන් උනත් තමුන්ටම බලාගන්න පුලුවන්..
කරන්න තියෙන්නේ ගර්භණීභාවය පරීක්ෂා කරන පටියක් (Pregnancy Test Strip) ෆාමසියකින් මිලට ගරගෙන මුත්‍රා සාම්පලයක ගිල්වලා විනාඩි 3 - 5 ක් අතර කාලයක් තියෙන්න හැරලා පරීක්ෂාකරන එක විතරයි.. 
මේ පටියේ රතු පාට ඉරි දෙකක් තියනවා හරහට නමුත් ඇසට පේන්නේ නෑ.. මුත්‍රා සාම්පලයේ ගිල්වලා තියලා අරගෙන බැලුවම තමයි මේ රතුපාට පටි පේන්න ගන්නේ..
පටි දෙකම පැහැදිලිව පේනවා නම් හරි තමුන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ කියලා දැනගන්න පුලුවන්..
නමුත් එක පටියක් විතරනම් මතුවෙලා පේන්නේ ප්‍රශ්නයක් නෑ..
කෙනෙක් ඇහුවොතින් ඇයි එක පටියක් පේන්නේ කියලා ශරීරයේ සාමානයය hCG හෝමෝන අගයක් තියෙනවා.. අන්න ඒකයි හේතුව.. පරීක්ෂණය Possitive නම් මෙන්න මෙහෙමයි පේන්නේ රතු පාට පටි දෙක..
මේ පරීක්ෂණය ගෙදර කරන්න බලාපොරොත්තු වෙන අයට දැනගන්න ඕනේ කරුණු වගයක් තියෙනවා..
ඒ මේකට ප්‍රමාණවත් පරිදි මුත්‍රා ස්වල්පයක් තිබ්බාම හොඳටම ඇති.. මොකද මම දැකලා තියනවා මිනිස්සු චූ බවුසර් උස්සගෙන ඉස්පිරිතාලෙට දුවගෙන එනවා..
මුත්‍රා පටිය ගිල්වන්න පොඩි කුප්පියකට මුත්‍රා එකතු කරගත්තාම හොඳටම ප්‍රමාණවත්..
මේ සඳහා ගන්න මුත්‍රා සාම්පලය උදේම නැගිට්ට ගමන් මුත්‍රා කරන්න කලියෙන් ගන්න සාම්පලයක් නම් වඩාත් පරීක්ෂණය සාර්ථකයි..
මොකද රාත්‍රී කාලයේ පැය 6 -8 ක් පමණ මුත්‍රා සාන්ද්‍රණය වෙලා පවතින නිසා hCG මට්ටමත් සාන්ද්‍රණය වෙලා තියෙන නිසා පරීක්ෂණයෙන් සිදුවෙන දෝෂය නම් ගොඩක් අඩුයි.. 
මෙන්න දැනගන්න ඕනේ වැදගත්ම දේ.. අපි බබෙක් හම්බුවෙන්න ඉන්න අම්ම කෙනෙක්ගේ ගර්භණී අවදිය ගණනය කරන්න, නැත්නම් පරීක්ෂන හැම ඉටිගෙඩියකටම කාලය හදන්නේ අම්මා අන්තිමට ඔසප් වෙච්ච දවස අල්ලලා..
ඒ දවසේ ඉඳන් දවස් 14 කින් තමයි ඩිම්භ නිකුත්වීම්ක් වෙන්නේ ඩිම්භ කෝෂ වලින්.. ( ඒ දවස් 28 ක චක්‍රයක් තියෙන ගෑණු කෙනෙකුගේ..) ඔය දවස් 14 වටේ දෙපැත්තේ දවස් 4 ගානේ ඒ කිව්වේ 10 වෙනි දවසේ ඉඳන් 18 වෙනි දවස දක්වා කාලේ තමයි ගැබ් ගැනීමේ අවධානම වැඩි..
ඔය කිව්ව ටික තේරුනේ නැත්නම් මගේ පරණ ඔසප් චක්‍රය ත්‍රෙඩ් එක කියවපන් එතකොට තේරේවි..
හරි හරි මට මේකයි කියන්න ඕනේ උනේ.. ඔය කිව්ව මුත්‍රා පරීක්ෂණය Possitive වෙන්නේ අම්මගේ අන්තිමට ඔසප් වෙච්ච දවසේ ඉඳන් සති 6 ක් ගියාට පස්සෙයි...
මොකක් සති 6..?
ඔව් සති 6ක්..
ලංකාවේ තියෙන මුත්‍රා පටි සංවේදී බවින් අඩුයි
නමුත් විදෙශ් රට වල නම් ඕක සති 4න් හොයා ගන්න පුලුවන්...
පටලවා ගන්න එපා අන්තිම ඔසප් දවසේ ඉඳන් සති 6 කින්.. ඕක ගැබ් අරගෙන නම් දළ වශයෙන් සති 4 කින්.. අන්න ඒක පැහැදිලි කරන්නයි මම ඔය උඩ දවස් 14 න් ඩිම්භ නිකුත්වෙන බයිලාවක් ආයේ මතක් කලේ..
2. රුධිර සාම්පල පරීක්ෂාව
මේක තමයි දෙවනි ක්‍රමය.. ඒ වගේම ඉක්මනින් ප්‍රතිපල දැනගන්න පුලුවන් ක්‍රමය..
මේකෙදි කරන්නේ රුධිර සාම්පලයක් අරගෙන ඒ රුධිර සාම්පලයේ තියෙන Serum Beta hCG මට්ටම හොයන එක..
අපි මුත්‍රා වල බලපු එකම තමයි හොයන්නේ රුධිරයේ තියෙද කියලා..
මේ ක්‍රමයේ වාසිය ගත්තාම මේක කාන්තාවක් ගැබ් අරගෙන පැය 48 ක් යද්දි රුධිරයේ Positive වෙනවා.
ඒ වගේම පසුවෙන සෑම පැය 48 කට සැරයක්ම තිබෙන ප්‍රමාණය මෙන් දෙගුණයක් බවට පත්වෙනවා සති 12ක් තිස්සේ උපරිමයට එනකන්ම...
ඒ නිසා පැය 48 කට පස්සේ පරීක්ෂා කලත් ගැබ් අරගෙනද කියලා හොයාගන්න පුලුවන්..
නමුත් මේක පරීක්ෂාකරලා බලලා පරීක්ෂණය Positive නම් මේ වෙද්දි කළලය තැන්පත් වෙලත් ඉවරයි කියන එක හොඳට මතක තියාගනිල්ලා..
මොකද මේක Positive වෙලා කියලා දැනගත්තු ගමන් අපේ කොටු පනින අයියලා Prostinor2 දුන්නයි කියලා ඒකට කරන්න පුලුවන් ලබ්බක් නෑ.. 

3. අති ධ්වනි තරංග පරිලෝකන ප්‍රතිබිම්භ පරීක්ෂණය - Ultrasound Scan
මේකෙදි කරන්නේ අති ධ්වනි තරංග මාලාවක් යවනවා ගර්භාෂය ඇතුලට.. ඒ මඟින් හොයාගන්න පුලුවන් ගැබ් අරගෙනද කියලා.. මේක කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා..
A - යෝනි මාර්ගයට ඇතුල් කරන ලද සම්ප්‍රේෂක උපකරණයක් (Transducer Probe) මඟින්
මේකෙදි කරන්නේ දිග සම්ප්‍රේෂක උපකරණය අරගෙන ඒකට කොන්ඩම් එකක් දාලා ඒ කැමරාව යෝනි මාර්ගයෙන් ඇතුලට යවනවා..
( දැන් තොපි හිතයි ඩොක්ටර් කෙනෙක් කොච්චරක්නම් වාසනාවන්තද කියලා..
ඒ වෙලාවට ඒ වල් හැඟීම් එන්නේ නෑ බොලව්
) මේ පහල පින්තූරේ බලලා හිටපල්ලකෝ..
මෙන්න මේ උපකරණය මඟින් බලන්න පුලුවන් ගැබ් අරගෙනද නැද්ද කියලා.. නමුත් ඒ කාන්තාවගේ අන්තිමට ඔසප් වූ දිනයේ ඉඳන් සති 5 කට පස්සේ තමයි.. ගැබ් අරගෙනද නැද්ද කියලා හරියටම කියන්න පුලුවන්..
ඒයිට කලියෙන් කියන්න බැහැ...
අනික මේ ක්‍රමය තමයි අති ධ්වනි තරංග පරිලෝකන ප්‍රතිබිම්භ පරීක්ෂණය ක්‍රමයේ සාර්ථකම ක්‍රමය...
B - උදරය මත සම්ප්‍රේෂක උපකරණය තැබීම මඟින්
මෙතනදි කරන්නේ සම්ප්‍රේෂක ජෙලි හෙම ආලේප කරලා Probe එක බඩ උඩ තියලා ගර්භාෂය පරීක්ෂා කරලා බලනවා..
නමුත් මේ පරීක්ෂණය මඟින් කාන්තාවක් ගැබ් අරගෙනද කියලා හරියටම දැනගන්න පුලුවන් අන්තිමට ඔසප් වෙච්ච දිනයේ ඉඳන් සති 6 කට පස්සේ..
ඒ කිව්වේ උඩ A ක්‍රමයටත් වඩා සතියක් ගියහම තමයි.. 
ඔය විදිහට පරීක්ෂා කලහම අපිට බලාගන්න පුලුවන් මේ විදිහේ රූප පෙළක් තමයි...
හරි ඔය ටික ගැන තමයි කියන්න ඕනේ උනේ..
ඔය ක්‍රම කරලා බලලා තමයි තීරණය කරන්න වෙන්නේ මාස 10 ක් යනකන් ආයේ අතට හදිසි වැඩ සඳහා කැඳවනවද
නිවාඩු ඔක්කොම අවලංගු කරලා
නැත්නම් තව ටික කලක් නිවාඩු දීලා තියනවද කියලා..
ඒක අදාල වෙන්නේ බැඳපු උන්ට.. මෝල් අමාරුව තියෙන, ඒත් කමක්නෑ හරියට බාධක ක්‍රමයක් භාවිතා නොකරපු කෙනෙක්ට හරි කල වයස එන්න කලියෙන් මරාලයක් කර ගහගෙන ජීවිතේම කාලකණ්ණි කරගන්නවද කියලා... මොකද මේ වෙද්දි Prostinor වලට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නෑ.. බබා කොටලා තියෙන්නේ නලලේ.. බාරගන්නවා ඇරෙන්න වෙන විකල්ප නැහැ..
හරි අදට මේ ඇති.. බලලා ඉවර වෙලා සද්ද නැතුව යන්නේ නැතුව අනික් උන්ට දකින්න හරි ත්‍රෙඩ් එක උඩ දාලා පලයල්ලා.. 
පසුව ලියමි : මම මගේ කන්ටැක්ට්ස් වලට විතරයි මට PM හෝ VM දාන්න සලස්වලා තියෙන්නේ.. ඒ එක එකා ෆේක් වලින් ලොග් වෙලා කෙල්ල ප්‍රෙග්නන්ට් ඇබෝර්ට් කරන්න දන්න තැනක් සෙට් කරලා දෙන්න, Abort වෙන්න දෙන්න පුලුවන් බෙහෙතක් දෙන්න කිය කියා අනුන්ගේ පව් වැඩත් මගේ කරේ ගහන්න එනවා...
මේ අහපල්ලා මම තවම ජීවිතේ පටන් ගත්තා විතරයි.. ගොඩක් සල්ලි අතේ නෑ තමයි.. ඒ උනාට ඔය වගේ තිරිසන් වැඩ කවදාවත් කරන්නේ නෑ කන්න නැතුව බඩගින්නේ මැරෙන්න උනත්..
ඒ නිසා එව්වා අහන්න එපා කන්ටැක්ට්ස් වල ඉන්න එකෙක් උනත්.. අනික තමයි මගෙන් ප්‍රශ්නයක් තියෙනම් ඔරිජිනල් එකෙන්ම අහපන් පුලුවන් විදිහට උදව් කරන්නම්..
ඒත් ඒක අහන්න කොන්ද පණ නැතුව ෆේක් හදන් ඇවිත් රික්වෙස්ට් දාන්නත් එපා බං Accept වෙන එකක නෑ..
අවසාන වශයෙන් කියන්නම ඕනේ එකක් තියෙනවා.. මගෙන් ගොඩාක් අය PM දදා එක එක උදව් ඉල්ලලා තියෙනවා..
මම ඒ බොහෝ අවස්ථාවලදී කරන්න පුලුවන් දෙයක් නම් අනිවා කරලා තියෙනවා හිතේ බොහෝම කැමැත්තෙන්..
ඒත් ඒවලට ප්‍රතිකාරයක් අරගෙන හොඳ උනා කියලා හරි නැත්නම් Update එකක් හරි ආයේමත් PM එකකින් දන්වන්න තරම් ගුණය තිබ්බේ එළකිරි එකේ දෙන්නෙක්ට විතරයි මේ වෙනකන්..
ඒ එකෙක් "crazybuddy" අනිත් එකා "gayendra9*9".. ගොඩක් උන් මම PM එකක් දැම්මම ඒකට රිප්ලයි එකක් එවන්න තරම්වත් ගුණයක් නැති උන්..
මොකද මට කිසි කැහිල්ලක් නැහැ දැන් හොඳද කිය කියා බලෙන් අහන්න මට කියන්නේ නැතිනම්... එහෙම කරන කොට ඇතිවෙන්නේ කළකිරීමක් විතරයි...
කාගේ හරි හිත රිදුනා නම් සමාවෙන්න.. එහෙනම් වෙලාවක් සෙට් උනාම ආයේ වෙන ත්‍රෙඩ් එකකින් හම්බවෙමු.. හැමෝටම බුදු සරණයි...
අනික මේ ටිකේ නම් පට්ටම බිසී..
සතියකින් විතර තමයි එලකිරියට එබුනේ.
. අද කියන්න යන්නේ තමුන්ගේ ප්‍රිය භාර්‍යයාවට බබෙක් ලැබෙන්නද නැද්ද කියලා අඳුන ගන්න පුලුවන් පරීක්ෂණ ක්‍රම ගැනයි..
මෙන්න කලියෙන්ම කිව්වා මෙතන කියන්න යන්නේ පරීක්ෂණ 3ක් ගැනයි ප්‍රධාන වශයෙන්.. ඒකෙන් එකයි ගෙදර අත්හදා බලන්න පුලුවන්.. අනික් එව්වා දාන්නේ කසාදයක් බැඳලා ළමයි බලාපොරොත්තුවෙන්න ඉන්න කාලෙක දැනගෙන ඉන්න ඕනේ දැනුමට පමණයි...
නැත්නම් මෝල් අමාරුවට කෙල්ලෝ එක්ක ගුබ්බෑයම් අස්සේ රිංගලා අහවල් වැඩේ කරලා කෙල්ලට බබෙක් ලැබෙන්නද කියලා චෙක් කරගන්න නෙමෙයි..
එහෙනම් පුරුදු විදියටම කියවන් යමල්ලා..
මෙතන හැමෝම රූපවාහිනිය කියන අට මගුල බලනවා ඇතිනේ..
බලන්නේ නැත්නම් බලපු කාලයක් හරි ඇතිනේ.. එව්වා වල ටෙලි නාට්‍යය වල ගෑණු කෙනෙක්ට බබෙක් ලැබෙන්න තියෙනම් එයා දැනගන්නේ වමනේ යන්න ගන්න එකෙන් එක පාරටම..
හරියට TV එකේ පෙන්නන්නේ ඊයේ මනුස්සයා එක්ක ලිංගිකව එකතු උනොත් අද බබෙක් ලැබෙන්න සෙට් වෙලා වමනෙ යන්නම් වගේ..
යකෝ මැගී නූඩ්ල්ස් එකක්වත් එච්චර ඉක්මනට හදාගන්න බෑ..
මුන් කරන්නේ තනිකරම මිනිස්සු රවට්ටන එකක්නේ.. ගැහැණියක් මුලින්ම තමුන්ට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්නේ ඔය වමනේ මගුලෙන් නෙමෙයි බං...