කාර් එක සුමටව ධාවනය කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් එක සුමටව ධාවනය කරමු

    ඩ්‍රයිවිං සහ කරත්ත දැක්වීම අතර පැහැදිලි වෙනසක් තියනවා. :P කරත්ත, තිරික්කල් දක්කනකොට ඒකේ සැප පහසුවක් සුමට බවක් මගින් අපේක්ෂා කරන්නෙ නෑ. හරකට එකක් දීපු ගමන් පිකප් වෙනවා ලනුව ඇදපු ගමන් ස්ලෝ වෙනවා.
    494486438_8ae71eef88_z.jpg

    ඒත් ඔයාලා වාහනය ඩ්‍රයිව් කරනකොට එහා සීට් එකේ ඉන්න කෙනාගේ බෙල්ල දෙපැත්තට ටක ටක ගාලා වැනෙනව නම් එතන මොකක් හරි අව්ලක් තියනවා. :P

    වාහනයක් එලවන එක පුරුදු වුනාම ඕනි කෙනෙකුට කරන්න පුලුවන්. නමුත් සුමට රිය ධාවනය කියන එක ප්‍රගුණ කරන්න ඕනේ කලාවක්. හොද ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න නම් විනයානුකුලව වාහනය පැදවීම වගේම සුමට රිය ධාවනය කියන එකත් ප්‍රගුණ කරන්න ඕනේ. මේ ත්‍රෙඩ් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ සුමට රිය ධාවනය කියන දේ ගැන කතා කරන්න. :D

    සුමට රිය ධාවනයෙන් ඇතිවෙන එකම ප්‍රයෝජනය මගීන්ගේ සැප පහසුව විතරක් නෙවෙයි. ඒක වාහනයේ තත්වයට, අනතුරු වලක්වා ගැනිමට වගේම හොද ඉන්දන පරිභෝජනයටත් වැදගත් වෙනවා. හරි එහෙනම් බලමු මොනවද අවධානය යොමු කරන්න ඕනෙ දේවල් කියලා.

    1) නිවැරදි ඉරියව්
    driving-1.jpg

    මුල්ම දේ තමයි වාහනේ පදවන කෙනා නිවැරදි ඉරියව්වෙන් ඉන්න එක. ඔයාලා ස්ටීරියන් එක ඉස්සරහා ඉද ගත්තට පස්සේ සිට් එක හරි විදිහට සීරු මාරු කරගන්න. එතනදි සීට් එකට හේත්තු උනාම අතේ අල්ල ස්ටීරියන් කේ උඩම කොටසේ හොදින් ගෑවෙන තරමට තියෙන්න ඕනේ. සීට් එකේ හොදට හේත්තු වෙන්න. ගෙම්බා මාක් එකේ ඉස්සරහට නැවිලා ඉන්න එපා.

    මොකද සීට් එකක පසු පස කොටසක් හදන්නේ හොදට හේත්තු වෙන්නනේ. නැත්තං ඉතිං සිට් එක වෙනුවට බංකුවක් ඇනදාල තිබුනත් මොකද. ඒ වගේම හෙඩ්රෙස්ට් එක උස්සලා හිස කෙලින් තියාගන්න. ඒක ඉස්සරහට පස්සට ගන්න පුලුවන් වර්ගයේ එකක් නම් හිස හේත්තු කර ගන්න පුලුවන් වෙන්න ඉස්සරහට ගන්න.
    ඔයාලා ස්ටීරියන් එක අල්ලන්න ඕනේ ඔරලෝසුවේ 10 සහ 2 අංක තියන තැනින්. ඒක තමයි හෝම් පොසිශන් එක.
    images

    හරවද්දි අත් ගැට ගැහෙන්නේ නැති වෙන්න හරවන්න :P
    c6d340a393fb2cd3359aa0840dbbf773.jpg


    කකුල් තියාගන්න ඕනේ විදිහ
    images

    දකුණු කකුල තියෙන්න ඕනේ බ්‍රේක් එක කෙලින්, කකුල ඇල කරලා තමයි ඇක්සලරේටර් එකට ගෙනියන්න ඕනේ. එතකොට හදිස්සියකදි එකපාරම නැවත බ්‍රේක් එකට ගන්න ලේසි. ඒ පැඩ්ල් සුමටව පාගන්නත් මේ පොසිෂන් එක හොදයි. මෙතනති විලුඹ ඉස්සිලා තියෙන්නත් බෑ.

    මැනුවල් වාහනයක නම් වම් කකුල සාමාන්‍ය අවස්ථාවේ තියෙන්න ඕනේ වම් පැත්තේ තියන ඩෙඩ් පැට්ල් එක මත. ඕනි වෙලාවට විතරක් ක්ලච් එකට ගන්න පුලුවන්, ක්ලච් එක නිදහස් කරාට පස්සේ ඒ කකුල තව දුරටත් ආතල් එක සදහා ක්ලච් එක මත තියාගන ඉන්න එපා. ඔටෝ ජියර් වාහනයක නම් වම් කකුල එලවිම් කාර්යෙනස් සම්පූර්ණයෙන් නිදහස්.

    2) ස්ටීරියන් එක කන්ටෝල් කිරීම
    හැම තිස්සෙම ස්ටීරියන් එක හැරවීම පාලනයක් ඇතුව කරන්න ඕනේ. වෙට්ටු දානවා වගේ ලගට ගිහින් ජක් බක් ගාලා කපන්නෙ නැතුව දුර ඉදලා සුමටව වාහනේ හරවන්න. ඒ වගේම වංගුව ගත්තට පස්සේ ස්ටීරියන් එකට ඉබේ කැකෙන්න වැඩි නිදහසක් දෙන්න එපා. එතනදිත් හැකි තරම් වාහනය පාළනය තමන්ගේ අතේ තියා ගන්න.

    3) මැනුවල් නම් පුළුවන් හැම වෙලාවකදිම ගියර් වලින් වාහනයේ වේගය පාලනය කරන්න.
    බ්‍රේක් වලින් වේගය පාළනය කරනවට වඩා ඒක සුමටයි වගේම ආරක්ෂා කාරි. විශේෂයෙන් වංගු වලදි අඩු ගියර් වලට යන්න. ටොප් එකේ ලොකු වංගු බ්‍රේක් එකත් එක්ක ගන්න එපා. ඔටෝ ගියර් වාහනයක නම් ඇක්සලරේටර් එක අත අරිනකොටම වේගය පාලනය වෙනවා.
    වංගුව ගන්නකොට තමන්ගේ වාහනය පාළනය වෙන වේගය ගැන තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්තං අනතුරක් වෙන්නත් ඉඩ තියනවා. ඒ නැතත් එහා පැත්තේ සීට් එකේ යන එකා ඩ්‍රයිවිං සීට් එකට එන විදිහට වංගුව ගන්න එපා. ඒක වාහනේ විදිහට වෙනස් වෙන නිසා හරියටම වේගය ගැන කියන්න බෑ. ඒක ඉතිං අදාළ වාහනය එලවනකොට ඩ්‍රයිවර්ට දැනෙන්න ඕනේ.
    ඒ වගේම මැනුවල් කදු බස්සනකොට ගියර් එකේ බස්සන්න. ඒක සුමටයි වගේම ආරක්ෂා කාරි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අපේ මහේෂ් මලයා ඉස්සර මේ ගැන ත්‍රෙඩ් එකකුත් දාලා තිබුනා.

    4) බ්‍රේක්
    බ්‍රේක් තිබුන පලියට චක් බක් ගාලා ඔබන්න එපා. හදිස්සි අවස්ථාවක් ඇරුනම අවශ්‍ය පරතරය තියලා වාහනය නවත්ත ගන්න හෙමින් බ්‍රේක් යොදන්න. බ්‍රේක් එක දමලා පාගන එකේ අපහසුව ඩ්‍රයිවර්ට දැනෙන්නෙ නෑ. නමුත් අනිත් අයට ඒක එපාම කරපු වැඩක්.

    5) ක්ලච්
    මැනුවල් වාහනයක නම් නියමිත තැනදී ගියර් මාරු කරන්න. ඒ කිව්වේ ත්‍රිවිල් කාරයෝ වගේ කන්දක අන්තිම ස්ලෝ වෙනකන් බර අඩු ගියර් එකේ ගිහින් හොදටම ස්ලෝ උනාම බර වැඩි ගියර් එකට දාලා බකාස් ගාලා පිකප් කරන්න එපා. 4 ට දාලා කන්දේ දමාගෙන පෑගුවා කියලා වෙන පැට්‍රල් ඉතිරියකුත් නෑ. නිකං ආර්පීඑම් එක නැගලා පැට්‍රල් පිච්චෙන එක තමයි වෙන්නේ.

    ඒ වගේම ක්ලච් එක පාගද්දි එකපාරම අඩියට පාගන්න එපා. එතකොටත් වාහනය ගැස්සෙන නිසා ක්ලච් එක බැලන්ස් කරනවා වගේ මැද ඉදලා හෙමින් පහලට යන්න. ඒ වගේමයි ක්ලච් එක රිලිස් කරද්දිත්. වාහනේ යන අතරතුරේ කියලා යක් බක් ගාලා අත අරින්න එපා. බැලන්ස් එකේ රිලිස් කරන්න.

    වාහනේ එලවද්දි ක්ලච් එක පාගන්න කලින් ඇක්සලරේටර් එකෙන් කකුල ඉවත් කරන්න. ගියර් එකට දාලා ක්ලච් එක බැලන්ස් මට්ටමට ආවට පස්සේ ඇක්සලරේටර් කරන්න.

    මැනුවල් එලවනව නම් ක්ලච් බැලන්ස් අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව හෑන්ඩ්බ්‍රේක් සෙල්ලං දැමිලි, ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි අතරට කකුල හරහට තියලා පිකප් කරන ඒවා පුරුදු වෙන්න එපා.:eek:

    6) මැනුවල් වාහනය නවත්තද්දි හා නැවත පටන්ගැනිමේදී
    මුලින් අඩු ගියර් එකට දාලා බ්‍රේක් එකෙන් වාහනය ස්ලෝ කරන ගමන් පාළනයක් ඇතිව ක්ලච් එක බැලන්ස් ස්තානයේ සිට පහළට පාගන්න. (හැබැයි ඉතිං ඉතා හදිස්සියකදී බ්‍රේක් එක විතරක් පාගන්න.)

    වාහනය සම්පූර්ණයෙන් ඉදිරියට යෑම නැවතිලා නම් නැවත ගමන අරඹද්දි අනිවාර්යෙන් 1 ඉදලා යන්න. නවතින්නෙ නැතුව ස්ලෝ වෙලා නම් 2 ඉදලා පටන් ගත්තට කමක් නෑ.

    තව මේ කාරනය ගැන නම් කතා කරන්න දේවල් තියනවා. නමුත් මට මේ වෙලාවේ මතක් වෙන්නේ මේ ටික තමයි. ත්‍රෙඩ් එක යනකොට මටත්, අපේ සෙට් එකේ අනිත් අයටත් මතක් වෙන කරුණු මේක පෝස්ට් විදිහට එකතු වෙයි. ඒ නිසා බලන අය පෝස්ට් එක්ක බලන්න.

    මෙය හුදෙක් එලකිරි වාසීන් වෙනුවෙන් පල කරන ලද්දකි. මේ නිසා බ්ලොග් කරුවනි! උස්සනවා නම් අඩුම තරමේ එලකිරියේ නම වත් සදහන් කිරීමට කාරුණික වන්න.





    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    කලින් මම වාහන ගැන දාපු ත්‍රෙඩ්.
    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
    කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    වාහනවල දෝශ සෙවීමේ සටහන්
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මරු මචං.... දැන් ඔය අළුත් වාහන බොහෝමයක හෑන්ඩ් බ්රේක් තියෙන්නෙ ක්ලච් එක තියෙන තැන ආසන්නයේ..... මැනුවල් පැදපු එවුන්ට අමතක වෙලා ක්ලච් එක කියල පාගනවා ඒක...මටත් වෙලා තියෙනවා...
    තව එකක් උඹ ආයේ ලියන්න ගත්ත එක ගැන සතුටුයි... ජයවේවා ඔහොම යං......
     
    • Like
    Reactions: Mr.Tom

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මරු මචං.... දැන් ඔය අළුත් වාහන බොහෝමයක හෑන්ඩ් බ්රේක් තියෙන්නෙ ක්ලච් එක තියෙන තැන ආසන්නයේ..... මැනුවල් පැදපු එවුන්ට අමතක වෙලා ක්ලච් එක කියල පාගනවා ඒක...මටත් වෙලා තියෙනවා...
    තව එකක් උඹ ආයේ ලියන්න ගත්ත එක ගැන සතුටුයි... ජයවේවා ඔහොම යං......

    :baffled::baffled: ඕක මට මේ ටිකේ නිතරම වෙනවා...... :baffled::baffled:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පට්ට මචං.

    දැන් ඔය ඉන්දියන් කැබ් වල එහෙම යනකොට ගොඩක් වෙලාවට නවත්තල පිකප් කරනකොට ගැස්සෙනවා. ඇයි එහෙම වෙන්නේ? එක පාරටම ක්ලච් එක දෙන නිසාද?

    බොරු කියන්න ඕනේ නැහැනේ, මැනුවල් වැඩිය සෙට් වෙලා නැහැ.

    රේප් +++++
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ මේ‍කේ ඩ්රියිව් කරන කොට පාරේ වලවල් බේරන හැ‍ටි. ගැටි වල ස්ලෝ කරන හැටි එහෙමත් කියල නෑ....