විල්පිටදණ්ඩියා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    විල්පිටදණ්ඩියා

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා )

    අකුරැස්ස හා කඹුරුපිටිය අතර ඇති විල්පිට වනාන්තරය ආශ්‍රිත දොළකින් සොයාගත් දණ්ඩියා විල්පිට දණ්ඩියා ලෙස නම් කැරිණි. සත්ත්ව විද්‍යාත්මකව රැස්බොරා විල්පිට Rasbora wilpita යනුවෙන් හඳුන්වන විල්පිට දණ්ඩියා ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ මත්ස්‍ය විශේෂයකි.
    නිල්වලා ගඟ, ගිං ගඟ හා කළු ගඟ යන ගංඟා නිම්නවල ස්ථාන කිහිපයකින් හමුවන විල්පිට දණ්ඩියා මෑතකාලීනව විල්පිට වනයේ දොළ මාර්ගවලින් වාර්තා නොවූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය සමග එක්ව ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකට පසු ඔවුන් මේ බව පවසයි.
    පිරිසිදු ජලය සෙමෙන් ගලා යන ඇළ මාර්ගයන්හි ශාක කොළ පැතිරුණු පත්ලේ අධික ලෙස සෙවණ සහිත ස්ථානයන්හි විල්පිට දණ්ඩියා දක්නට ලැබෙයි. ගංඟා ඉවුරු දෙපස වන වැස්ම ඉවත්කිරීම, වැලි ගොඩ දැමීම, කෘමි නාශක භාවිතය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මොවුන්ගේ පැවැත්ම අන්තරායකාරී තත්ත්වයට පත්ව ඇත. විල්පිට දණ්ඩියා ද විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට යොදා ගැනීම හේතුවෙන් ගහණ ඝනත්වය අඩුවූ සත්ත්වයෙකි.
    තුරුලතා හා වන සත්ත්ව ආඥා පනත යටතේ විල්පිට දණ්ඩියා ඇල්ලීම, ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය තහනම් කැර ඇත. ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව විල්පිට දණ්ඩියා යනු වඳවීයාමේ අධික තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයකි.



    DSC_1010.jpg



    2010%20SOUTHEND%20J.JPG



    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

    ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )

    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )


    ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )
     
    Last edited:
    • Like
    Reactions: Juwanis_Baas