නිවන්_මඟ_මෙන්න-(Part 10/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(10/20)

    6.5 ලෝභ පටිච්චසමුප්පාදය

    ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය යටතේ අකුසලමූල පටිච්චසමුප්පාද තියනවා කියලා කලින් කිව්වනේ ලෝභ, ද්වේෂ මෝහ, විචිකිච්චා, උද්දච්ච කියන අකුසල වලට. ඒකෙන් ලෝභය හටගන්නේ එක මෙහෙමයි

    ලෝභ පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන වෙන්න ඔය කිව්ව අකුසල් සිත් වලින් මුලින් තියන සිත් 4 න් එකක් හටගත්තමයි

    ඔය මුල් හිත් දෙක (1, 2) යටතේ ලෝභ පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

    "අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිතව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.”
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 256 පිටුව)

    ඔය කියන්නේ ලෝභමූල පටිච්චසමුප්පාදය ගැනයි

    "වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි,
    තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි,
    අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි"


    අධිමොක්ෂය කියන්නේ මුදුන්පත් වෙනවා
    "තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි" කියන්නේ තන්හාව නිසා ලෝභය නැවත නැවත මුදුන්පත් වෙනවා

    එතකොට පටිච්චසමුප්පාදය මෙහෙමයි

    (අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > තන්හා > අධිමොක්ෂය > භව > ජාති > ජරා මරණ)

    මේ පටිච්චසමුප්පාදයේ වචන 12ටම "තෘෂ්ණා" කියලා මුලට දාන්න ඕනේ. (තෘෂ්ණා අවිද්‍යා > තෘෂ්ණා සංඛාර.. ඔය වගේ )

    කලින් කිව්ව 3, 4 දෙක හිත් දෙක යටතේ ලෝභ පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

    "අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද … උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.”
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 289 පිටුව)

    "වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි,
    තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි,
    අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි
    "

    අධිමොක්ෂය කියන්නේ මුදුන්පත් වෙනවා
    "තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි" කියන්නේ තන්හාව නිසා ලෝභය නැවත නැවත මුදුන්පත් වෙනවා

    6.6 රාග රාග පටිච්චසමුප්පාදය

    රාගයේ කියන්නේ පංචකාම ආශ්වාද විඳින්න තියන කැමැත්ත
    දෙවියන්ටත් පංචකාමය, රාගය තියනවා
    රාගය කියන්නේ කාම ලෝක ,රූප ලෝක, අරූප ලෝක වල ඉපදෙන්න (භව ගමනට) හේතු වන සංඛාරයක්

    ලෝභය කියන්නේ සතර අපාගත වෙන සංඛාරයක්
    රාගයෙන් මත් වෙලා කරගන්න විෂමතාවක් තමයි ලෝභය
    තමන්ගේ සම්පත්තිය අනිත් අයට දෙන්නේ නැති එක
    අන්සතු සැපතක් එයාට එපා මට වේව්වා කියන එකයි ලෝභය
    ලෝභය නිසයි ප්‍රේත ලෝකයේ යන්නේ

    රාග පටිච්චසමුප්පාදයේ "වේදනා" ව තමයි "රාග සම්ඵස්සජාවේදනා" කියන්නේ
    ආශ්වාදය කියන්නෙත් ඕකටමයි

    (අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාම > සලායතන > ඵස්ස > වේදනා > තන්හා > උපාධාන > භව > ජාති > ජරා මරණ)

    මේ පටිච්චසමුප්පාදයේ වචන 12ටම "රාග" කියලා මුලට දාන්න ඕනේ. (රාග අවිද්‍යා > රාග සංඛාර.. ඔය වගේ )

    රාග අවිද්‍යා
    රාග අභිසංඛාර
    රාග අභි විඥ්ඥාණ
    රාග අභිනාමරූප
    රාග සලායතන
    රාග ඵස්ස
    රාග සම්ඵස්සජාවේදනා (ආශ්වාද )
    රූප තන්හා (ඇහෙන් අභිසංඛාර කරපු රූපයත් එක්ක තන්හා වෙනාඅ )
    රූප උපාධාන
    රුප භව
    රූප ජාති (ඒ රූපය අයිති ජාතිකයෙක් බවට පත් වෙනවා )

    "චක්ඛුංච රූපේච පටිච්ච උප්පජ්ජති චක්ඛු විඥ්ඥානං" කියන්නේ
    මුල් 3න් කියනෙන ඇහැයි, රූපයයි රාගයෙන් පටිච්ච වෙලා විඥ්ඥාණය හදාගත්තා කියන එකයි
    රාග අභිනාමරූප කියන්නේ ඇඟෙන් පිටවන කහ පාට ඕරා අංශු

    වේදනා > තන්හා
    ඔය තියෙන්නේ විපරිනාම දුක්ඛය හදාගන්න විදිහයි
    රූපයේ නැති ආශ්වාද වේදනාවක් හදාගන, ඒකත් එක්ක තන්හා වෙලා විපරිනාම දුක්ක හදාගන්නවා

    6.7 ද්වේෂ පටිච්චසමුප්පාදය

    ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය යටතේ අකුසලමූල පටිච්චසමුප්පාද තියනවා කියලා කලින් කිව්වනේ ලෝභ, ද්වේෂ මෝහ, විචිකිච්චා, උද්දච්ච කියන අකුසල වලට. ඒකේන් ලෝභය හටගන්නේ එක මෙහෙමයි. ඒකේන් ද්වේෂය හටගන්නේ එක මෙහෙමයි

    "අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ (අකුසල්සිත) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රතිඝය වෙයි, ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ."
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 291 පිටුව)

    ඔතන නාම කියන්නේ "වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි"

    වේදනා ප්‍රත්‍යයන් "තන්හා" නෙවෙයි මේකේ තියෙන්නේ
    වේදනාප්‍රත්‍යයෙන් "ප්‍රතිඝය" වෙයි කියලයි තියෙන්නේ

    තන්හා ප්‍රත්යයෙන් "උපාධානත්" නෙවෙයි
    ප්‍රතිඝප්‍රත්‍යයෙන් "අධිමොක්ෂය" වෙයි කියලයි තියෙන්නේ

    අධිමොක්ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි කියලයි තියෙන්නේ

    (අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > ප්‍රතිඝය > අධිමොක්ෂය > භව > ජාති > ජරා මරණ)

    මේ ද්වේෂය හදාගත්තේ රූපයක් එක්ක නම්, පටිච්චසමුප්පාදය මෙහෙමයි

    ද්වේෂ අවිද්‍යා
    ද්වේෂ අභිසංඛාර
    ද්වේෂ අභිවිඥ්ඥාන
    ද්වේෂ අභිනාමරූප
    ද්වේෂ අභිසලායතන
    ද්වේෂ අභිසංඵස්ස (මේ වේදනාව පිච්චෙන එකක් )
    රූප පටිඝ (රූපයත් එක්ක ගැටෙනවා, සංඛාර දුක්ඛ හදාගන්නවා)
    රූප අධිමොක්ක
    රූප භව
    ද්වේෂ භව (ද්වේෂ බව )
    ද්වේශ ජාති (ද්වේෂ ජාතිකයෙක් වෙනවා )

    වේදනා > ප්‍රතිඝය >
    ඔය තියෙන්නේ දුක්ඛ දුක්ඛ හදාගන්න විදිහයි
    වේදනා කියනෙන පිච්චෙන වේදනාවක්. එකත් එක්ක ගැටිකා ප්‍රතිඝය හෙවත් දුක්ඛදුක්කය හදාගන්නවා

    අධිමොක්ෂය කියන්නේ මුදුන්පත් වෙනවා
    "ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි" කියන්නේ ප්‍රතිඝය නැවත නැවත මුදුන්පත් වෙනවා

    ඒ දුක් වේදනාවට අපි ගැටෙනවා. ඇයි ඒ? අවිද්යාව තියන නිසා
    ඒ වෙලේ භවය මොකක්ද? ද්වේෂසහගත සත්ත්වයෙක්
    සතර අපාගත සතෙකුගේ ලක්ෂණ අපේ තියෙනෙන ඒ වෙලේ
    මේ අවස්ථාවේ මැරුනොත් ඊට අදාලව සතෙක් වෙනවා

    මැරෙන මොහොතේ එන කර්ම නිමිති ගති නිමිති කියන්නේ මොනවද?
    හදලා හදලා දාන ඒවගේ කර්මයේ ගතිය බලුගතියක් නම් බල්ලෙක් වෙනවා, යක්ෂ ගතිය, ප්‍රේත ගතිය,,,, දේවගතියක් නම් දෙවියෙක් වෙනවා
    ගතියට අනුව උත්පත්තියක් ලැබෙනවා

    තරහා ගිහාම යකෙක් වගේ. ඒ වෙලේ එයාගේ පටිච්චසමුප්පාදය යක්ෂ භවයක්

    විචිකිච්ජාව සෝවාන් වුන කෙනාටත් තියනවා. විචිකිච්ජාව ඇතිවුනාම ඒක ගැන හිත හිත ඉන්නවා මිසක් 1 වන දැහැනට වත් යාගන්න බෑ

    නමුත් කුසල් ද්විහේතුක වෙන්නත් පුළුවන්, ත්‍රිහේතුක වෙන්නත් පුළුවන්
    (අද්වේෂ, අලෝභ, අමෝහ )

    "ත්‍රිහේතුක උද්කෘෂ්ට" කුසලයකින් උපන් කෙනාට සෝවාන් වෙන්නත් පුළුවන්අ

    කුසල් සිත් හැම වෙලේම ද්විහේතුකයි. ලෝභ, ද්වේෂ, මෝහ 3ම එක පාර යෙදෙන්නේ නෑ. 2යි යෙදෙන්නේ. ඒ හැම වෙලේම "මෝහ" හිත නම් තියනවා. (මෝහ ලෝභ, මෝහ ද්වේෂ තමයි යෙදෙන්නේ )

    6.8 විචිකිච්චා පටිච්චසමුප්පාදය

    ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය යටතේ අකුසලමූල පටිච්චසමුප්පාද තියනවා කියලා කලින් කිව්වනේ ලෝභ, ද්වේෂ මෝහ, විචිකිච්චා, උද්දච්ච කියන අකුසල වලට. ඒකේන් ලෝභය හටගන්නේ එක මෙහෙමයි. ඒකේන් විචිකිච්චා පටිච්චසමුප්පාදය මෙහෙමයි

    දවසේ බොහෝ වෙලාවක් සමහරු ඉන්නේ මේ විචිකිච්චා පටිච්චසමුප්පාදයේ. හාවෝ, මුවෝ එහෙම ඉන්නේම මේ විචිකිච්චා පටිච්චසමුප්පාදයේ (වෙන ස්ඩතෙක් තමන්ව ගොදුරු කරගනිද කියලා )

    "අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ විචිකිත්සා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයන් විචිකිත්සාව වෙයි, චිචිකිත්සාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ."
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 293 පිටුව)

    වේදනා ප්‍රත්‍යයන් තන්හා නෙවෙයි මේකේ තියෙන්නේ
    "වේදනා ප්‍රත්‍යයන් විචිකිත්සාව වෙයි"

    (අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > විචිකිච්චා > භව > ජාති > ජරා මරණ)

    මේ විචිකිච්චා පටිච්චසමුප්පාදයේ වචන 11ටම "විචිකිච්චා" කියලා මුලට දාන්න ඕනේ. (විචිකිච්චා අවිද්‍යා > විචිකිච්චා සංඛාර.. ඔය වගේ )

    6.9 උද්දච්ච පටිච්චසමුප්පාදය

    "අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ ඖද්ධත්‍ය සම්ප්‍රයුක්ත වූ අකුසල්සිතෙක් උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය වෙයි, ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ."
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 295 පිටුව)

    නාම විතරයි තියෙන්නේ (නාම රූප දෙකම නෑ )
    "වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය වෙයි,
    ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි,
    අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි
    "

    සංකෘත වලින් ඖද්ධත්‍ය කියන්නේ "උද්දච්ච" හෙවත් උඩඟු බව

    හමර් වගේ වාහනයක් ගන්නෙම උද්දච්චය නිසා.

    (අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > උද්දච්ච (ඖද්ධත්‍ය) > අධිමොක්ෂය > භව > ජාති > ජරා මරණ)

    මේ විචිකිච්චා පටිච්චසමුප්පාදයේ වචන 12ටම "උද්දච්ච" කියලා මුලට දාන්න ඕනේ. (විචිකිච්චා අවිද්‍යා > විචිකිච්චා සංඛාර.. ඔය වගේ )

    6.10 ලෞකික කුසල මූල පටිච්චසමුප්පාදය
    (අලෝභ ය, අද්වේෂ ය, අමෝහ)

    ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය යටතේ කුසලමූල පටිච්චසමුප්පාද තියනවා කියලා කලින් කිව්වනේ අලෝභ, අද්වේෂ අමෝහ කියන කුසල වලට. ඒකේන් ඒ මේවයි

    අවිද්‍යා, තෘෂ්නා ප්‍රහීන කිරීම කියන්නේ කුසලයයි
    ඒක ක්‍රම 2කට කරනවා. එකක් ලෞකික, අනික ලෝකෝත්තර

    ලෞකික කුසල කියන්නේ අලෝභ ය, අද්වේෂ ය, අමෝහයෙන් කරන ලෞකික පින්කම්
    ඒකෙන් තමයි මනුෂ්‍ය, දිව්‍ය කියන කාම ලෝකයේ යන්නේ

    සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර වූ කුශලචිත්තය ඉපදුනාමයි මේ පටිච්චසමුප්පාදය වෙන්නේ

    "කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වෙවයි … ධර්මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර වූ කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ දුඃඛරාශිහුගේ සමුදය වේ."
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 295 පිටුව)

    (කුශලමූල > සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > "ප්‍රසාදය" > අධිමොක්ෂය > භව > ජාති > ජරා මරණ)

    "වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි,
    ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි,
    අධිමොක්ෂ ප්‍රත්‍යයෙන් භවය"


    එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය, අද්වේෂ ය, අමෝහ යි.

    "එහි අමෝහ කවරෙ යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ."

    ලෞකික සම්මාදිට්ඨිය ගැන මේ කියන්නේ
    අලෝභ ය, අද්වේෂ ය, අමෝහයෙන් කරන ලෞකික පින්කම්

    "යම් කලෙක රූපාලම්භන වෙවයි, ශබ්ධාලම්භ වෙවයි,.....යලි යම් අරමුණක් ඇරඹේ සොම්නස්සහගත වූ ඥාණසප්‍රයුත්තවූ කාමාවචරවූ කුසල චිත්තය උපදනේවේද, ඒසමයෙහි..." කියන්නේ මොකක්ද? ආශ්වාදය

    ආශ්වාදය එකක්, ආදීනවය තව එකක්
    ඕවගේ ආදීඅන්වය දකින්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි

    දැන් ඔය කියන රූපාලම්භන, එක කොහොමද කුසලචිත්තයක් කරන්නේ?
    යම් කෙනෙක් උදව්වක් ඉල්ලුවා කියමුකෝ. එයාට ඉල්ලපු උදව්ව කරන එක

    ශබ්ධාලභ්න, එක කොහොමද කුසලමූලයක් අරගන්නේ
    යම් කෙනෙකුට හොඳ වචනයක් කතා කරන්න පුළුවන්.

    ගන්ධාලම්භන,
    ගෙදරකට ගිහාම හරිම සුවඳයි කියමුකෝ. කොහෙන්ද ඒක ගත්තේ කියලා අහලා අපිත් ඒක ගන්න දිව්වොත් එතන ජන්දරාගයක් ගොඩනැඟෙන්නේ. ඒක අකුසල්
    හිතනවා "අනේ කොච්චර හොඳද ඔහොම තියාගන්න එක" කියලා හිතනවා
    අලෝභයෙන් අද්වේෂයෙන්, අමෝහයක් එතන එතකොට තියෙන්නේ

    රසාලම්භන,
    අපිට ලැබෙන කෑමක් කටේ තියන්න බැරි නම් ඒක විපාකයක් (අපි ප්‍රනීතයෙන් දන් දීලා නෑ )
    ඒක රසයි නම් ඒකත් විපාකයක්
    ඒක මම විතරක් කනවා කියල හිතුවා නම් ජන්ද රාගයක්
    ඒක දන් දෙනවා කියලා හිතුවා නම් කුසලයක්
    ඒකට ඇලෙන්නේ නැතුව කනවා නම් කුසලයක්

    ඔය විදිහට හිටියම අකුසල් චිත්ත හදාගන්නේ නැතුව ඉන්න පුළුවන්

    6.11 ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුප්පාදය

    "කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද … දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලොකොත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපත් ඇති දන්ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්මයන්ගේ සමුදය වේ."
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරණය-1, පටිච්චසමුප්පාද විභංගය, 301 පිටුව)

    (කුශලමූල > සංඛාර > විඥ්ඥාන > නාම > ෂෂ්ඨායතන > ඵස්ස > වේදනා > "ප්‍රසාදය" > අධිමොක්ෂය > භව > ජාති > ජරා මරණ)

    "දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලොකොත්තරධ්‍යානය වඩා ද" කියලයි "ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි" කියලයි පටන්ගන්නේ

    ඒ කියන්නේ ලෝකෝත්තර කුසලමූල පටිච්චසමුප්පාදයයි මේ.

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් නෙවෙයි "කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි" කියලයි තියෙන්නේ

    "මෙසේ මේ දුඃඛරාශිහුගේ සමුදය වේ" කියලා නෙවෙයි මේකේ තියෙන්නේ
    "මෙසේ මේ ධර්මයන්ගේ සමුදය වේ" කියලයි තියෙන්නේ

    එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදොස ය අමෝහ යි.

    එහි අලෝභ කවරෙ යත්: … අදෝෂ … එහි අමෝහ කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් … අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්මවිචයසම්බොධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.

    කුශලමූල වඩනවා කියලා ධම්මවිජය සම්බොජ්ජංගයයි වඩන්න තියෙන්නේ

    6.12 පටිච්චසමුප්පාද චක්‍ර වල සාරාංශය

    දැන් ඔය කිව්ව පටිච්චසමුප්පාද ගැන ආපහු බලමු,

    හැම පටිච්චසමුප්පාදයක්ම අවිද්‍යාවෙන් නෙවෙයි පටන්ගන්නේ
    සමහර එවවා සංඛාර වලින් පටන්ගන්නේ
    සමහර ඒවා කුසලමූලයෙන් පටන් ගන්නේ

    එතකොට ඔය 3න් අවිද්‍යා, සංඛාර දෙකෙන් පටන්ගන්න ඒවා නිරෝධ පටිච්චසමුප්පාදයකුත් තියනවා
    අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ
    සංඛාර නිරෝධා විඥ්ඥාන නිරෝධෝ...කියලා

    සංඛාර නිරෝධ වුනාම විඥ්ඥ්ඥා නිරෝධයි කියන්නේ විඥ්ඥාන නෑ කියන එක නෙවෙයි
    විඥ්ඥාන නිරෝධා නාමරූප නිරෝධෝ කියන්නේ නාමරූපත් නෑ කියන එක නෙවෙයි
    නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ කියන්නේ ඇස්, නහය, දිවත් නෑ කියන එකත් නෙවෙයි

    රහත් වෙනකොට උපාධානස්කන්ධය නැති වෙනවා. විපාක ටික තියනවා.
    අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි ගොඩනඟාගන්න ඔන්න ඔය උපාධානස්කන්ධ 5යි එතකොට නැතිවෙන්නේ

    පහනේ උපමාව ගමු,
    අපි සසරේ යනවා කියන්නේ තිරෙත් වැටියත් තියනවා නම් සිළුව තියනවා වගේ වැඩක්
    සිළුව තමයි අපේ ස්කන්ධ 5
    තෙල් තිරය කියන්නේ අවිද්‍යාවයි, තෘෂ්ණාවයි

    තෙල් දමමින්, වැටි දමමින් තියන තාක් සිළුවක් තියනවා

    කෙනෙක් රහත් වුනාට තව කල් ජීවත් වෙනෙන කලින් දාපු තෙල්, තිර තියන නිසයි
    (විපාක, පෙර කර්ම වලින්)
    පිරිණිවන්පානවා කියන්නේ සිළුව නිවිලා යනවා වගේ

    අවිද්‍යා නිරෝධ වුන වෙලාවට ගොඩනැඟෙන පටිච්චසමුප්පාදය තමයි රහතන්වහන්සේගේ පටිච්චසමුප්පාදය. ඒක මේ වගේ කුසලමූල පටිච්චසමුප්පාදයක්

    කුසලමූල පච්චයා සංඛාරා
    සංඛාර පච්චයා විඥ්ඥාන
    විඥ්ඥාන පච්චයා නාම රූප
    නාම රූප පච්චයා සලායතන
    සලායතන පච්චයා ඵස්සෝ
    පස්ස පච්චයා වේදනා
    *වේදනා පච්චයා ප්‍රසාදෝ
    *ප්‍රසාද පච්චයා අධිමොක්කෝ
    *අධිමොක්ඛ පච්චයා භවෝ (භවෝ කියනෙන අරිහත් භවය)
    භව පච්චයා ජාති
    *ජාති පච්චයා ජරා මරණං තියනවා හැබැයි සෝක පරිදේව දුක්ක දෝමනස්ස නෑ

    මොකද රහතන්වහන්සේ තවම ජීවත් වෙනවනේ. පිරිණිවන්පානකම් ජරා මරණ තියනවා

    "ඒවමේතස්ස ධම්මානං සමුදයෝ හෝති" කියලයි ඉවර වෙන්නේ

    (රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ටිකත් අපේ කැමැත්තට පවත්වන්න බැරි දේවල් නිසා රහතන්වහන්සේට විපාක දුක් තියනවා. හැබැයි දුක්ඛදුක්ඛ, විපරිනාමදුක්ඛ හදාගන්නේ නෑ )

    පොතෙන් අරගන ඔය කිව්ව විස්තර ටික යෙදෙන ප්‍රායෝගික උදාහරණයක් බලමු

    පිරිමි ළමයෙක් පාරේ යනවා. ඒක ගෙදරක ඉන්න ගැහැණු ළමයෙක්ට පේනවා කියලා ගමුකෝ
    ඒ යන පිරිමි ළමයව දැක්කට පස්සේ ගෑණූ ළමයගේ චක්ඛු විඥ්ඥානයක් ඇති වෙනවා

    නාමරූප පච්චයා සලායතන
    මෙතන සලායතන කියන්නේ එතකොට ඇහැ

    ඒ යන ළමයා දිගා මේ ගෑණු ලමයගේ කැමැත්තක් ඇති වුනා නම් මෙතන සලායතන විදිහට දැන් හැදෙන්නේ "රාගික ඇසක්"
    දැන් ඒ පාරේ යන එකනා පේන්නෙම රාගිකවයි
    (රාගික නාම රූප වලින් සැදුනු ඇස රාගයට ආයතනයක්)

    "දැන් ඒ පාරේ යන එකනා පේන්නෙම රාගිකවයි කියන එක තේරෙන්න වෙන උදාහරණයක් ගමු. තාත්තා පුතත් එක්ක හොඳට TV බල බල ඉන්නවා. තාත්තට කෝල් එකක් ඇවිත් හොඳටම තරහා ගියාට පස්සෙ TV එකත් පේන්නේ ද්වේෂයෙන්. වහපල්ලා ඔය TV එක කියලා කියන්නේ ඒකයි. අතට අහු වෙන අහු වෙන ඒවත් පොලවේ ගහනවා. ඒවා පේන්නේත් ද්වේෂයෙන් යුක්තවයි )

    රාග නාම රූපයෙන් හැදුන ඇස රාග ආයතනය වුනාම ඊට පස්සේ "හිතේ" ඇතිවෙන්නේ
    රූප රාග සංඵස්ස
    රූප රාග සම්ඵස්සජා වේදනා
    රූප රාග තන්හා
    රූප රාග උපාධාන
    රාගිකව පෙනෙන බව (හෙවත් විපරිනාමදුක්ඛය)

    පාරේ ගිය පිරිමි ළමයා දන්නෙත් නෑ. දැන් එයාව බලපු ගෑණු ළමයා අර පිරිමි ළමයව උපාධානය කරගන ආස්වාදත් විඳිනවා
    ඒ ආශ්වාදය පාරේ ගිය කෙනාගේ තිබුණු එකක් නෙවෙයි, බලන කෙනා හිතේ හදාගත්ත එකක්

    පාරේ යන කෙනා සින්දුවක් කිය කිය යනවා නම් ඒක රාගසම්ඵස්සජාවේදනා
    එයාගේ ෆර්ෆියුම් එකක සුවඳ එහෙම දැනුනොත් ඒකත් රාගසම්ඵස්සජාවේදනා
    ඔය විදිහට අර පිරිමි ළමයගේ හැම එකක්ම රාගසම්ඵස්සජාවේදනාවක් විදිහටයි එයාට දැනෙන්නේ.

    ටිකක් වෙලා ගිහාම එයාගේ අම්මා අර ගෑණු ළමයට කියනවා ගේ අතුගාපන් කියලා
    දැන් රාග පටිච්චය ඉවරයි. ආශ්වාදය ඉවරයි. ගේ ඇතුලට ගිහින් පොල් ගානවා, කුස්සිය අතුගානවා

    ඔය ආශ්වාද උදාවෙන චක්‍රය හැදුනේ කොහෙද? හිතේ

    අම්මා කෑගැහුවට පස්සේ ආයේ ක්‍රියාත්මක වෙන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය

    ඊලඟ දවසේ යාළුවෙක් ගෙදරට ඇවිත් කියනවා පාරේ ගිය එකා නරක මනුස්සයෙක් ඌට ගෑණු 10ක් විතර වටේ ඉන්නවා කියලා. එදායින් පස්සේ පාරේ ගිය එකාව අර ගෑණු ළමය පේන්න බෑ

    දැන් එතනින් එහාට අර ගෑණු ලමයට මේ පිරිමි ළමයා ගැන තියෙන්නේ ද්වේෂ පටිච්චයක්

    පහුවදා පාරේ යනව දකිද්දී ක්‍රියාත්මක වෙන්නේ මීට කලින් "රාග" කියපු සේරගේම "ද්වේෂ" වෙලා

    ද්වේෂ චිත්ත, ද්වේෂ මනෝ, ද්වේෂ මානසං, ............ඔය වගේ

    ද්වේෂ නාම රූපයෙන් හැදුන ඇස ද්වේෂ ආයතනය වුනාම ඊට පස්සේ "හිතේ" ඇතිවෙන්නේ
    රාග නාම රූපයෙන් හැදුන ඇස රාග ආයතනය වුනාම ඊට පස්සේ "හිතේ" ඇතිවෙන්නේ
    රූප ද්වේෂ සංඵස්ස
    රූප ද්වේෂ සම්ඵස්සජා වේදනා
    රූප ද්වේෂ තන්හා
    රූප ද්වේෂ අධිමොක්ක (උපාධාන නෙවෙයි )*******
    ද්වේෂයෙන් පෙනෙන බව (හෙවත් දුක්ඛදුක්ඛ)


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න


    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:
    • Love
    Reactions: hodakolla